වල්ලියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
වල්ලියත්ථෙරගාථාවණ්ණනා
වල්ලිය ස්ථවිරගාථා වර්ණනාව
යං කිච්චං දළ්හවීරියෙනාතිආදිකා ආයස්මතො වල්ලියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො සුමෙධස්ස භගවතො කාලෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො විජ්ජාසිප්පෙසු නිප්ඵත්තිං ගතො අසීතිකොටිවිභවං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා පබ්බතපාදෙ අරඤ්ඤායතනෙ එකිස්සා නදියා තීරෙ අස්සමං කාරෙත්වා විහරන්තො අත්තනො අනුග්ගණ්හනත්ථං උපගතං සත්ථාරං දිස්වා පසන්නමානසො අජිනචම්මං පත්ථරිත්වා අදාසි . තත්ථ නිසින්නං භගවන්තං පුප්ඵෙහි ච චන්දනෙන ච පූජෙත්වා අම්බඵලානි දත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දි. තස්ස භගවා නිසින්නාසනසම්පත්තිං පකාසෙන්තො අනුමොදනං වත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා “කණ්හමිත්තො”ති ලද්ධනාමො වයප්පත්තො සත්ථු වෙසාලිගමනෙ බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො මහාකච්චානත්ථෙරස්ස සන්තිකෙ පබ්බජි. සො මන්දපඤ්ඤො දන්ධපරක්කමො ච හුත්වා චිරං කාලං විඤ්ඤුං සබ්රහ්මචාරිං නිස්සායෙව වසති. භික්ඛූ “යථා නාම වල්ලි රුක්ඛාදීසු කිඤ්චි අනිස්සාය වඩ්ඪිතුං න සක්කොති, එවමයම්පි කඤ්චි පණ්ඩිතං අනිස්සාය වඩ්ඪිතුං න සක්කොතී”ති වල්ලියොත්වෙව සමුදාචරිංසු. අපරභාගෙ පන වෙණුදත්තත්ථෙරං උපසඞ්කමිත්වා තස්ස ඔවාදෙ ඨත්වා සතො සම්පජානො හුත්වා විහරන්තො ඤාණස්ස පරිපාකං ගතත්තා පටිපත්තික්කමං ථෙරං පුච්ඡන්තො –
“යං කිච්චං දළ්හවිරියෙන” ආයුෂ්මත් “වල්ලිය” තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි පින් රැස් කරමින් අවුත්, සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බමුණු කුලයක ඉපිද වැඩිවියට පත්වූහ. බමුණු සිප් සතරෙහි නිෂ්පත්තියට ගිය හෙතෙම අසූ කෙළක් වූ ධන සම්පත් හැර දමා තවුස් පැවිද්දෙන් පැවිදි වී පර්වත පාදයක වූ අරණ්යායතනයක් වූ එක් ගං ඉවුරක අසපුවක් සාදාගෙන වාසය කළේය. දිනක් තමාට අනුග්‍රහ පිණිස වැඩම කළ ශාස්තෲන් වහන්සේ දැක, පැහැදුණු සිතින් අඳුන් දිවි සම අතුරා දුන්නේය. එහි වැඩ හිඳි භාග්‍යවතුන් වහන්සේට මලින් ද සඳුන්වලින් ද පූජා කර, අඹ ඵල පිළිගන්වා පසඟ පිහිටුවා වැන්දේය. භාග්‍යවතුන් වහන්සේ ඒ තාපසතුමාට ආසන පූජාවේ විපාක දක්වමින් පුණ්‍යානුමෝදනා පවත්වා වැඩි සේක. ඒ පින්කම නිසා දෙව් මිනිසුන් අතර සැරිසරා පැමිණි හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී විශාලාවෙහි බමුණු කුලයක ඉපිද “ගණ්ඩමිත්ත” නමින් ප්‍රකට විය. තරුණ වියට පත් වූ ගණ්ඩමිත්ත බමුණා විශාලාවට වැඩම වූ ශාස්තෲන් වහන්සේගේ උතුම් බුදුසිරි දැක ලැබූ ශ්‍රද්ධාවෙන් මහා කච්චායන තෙරුන් සමීපයේ පැවිදි විය. මඳ නුවණැති උන්වහන්සේ දැඩි වීර්යයෙන් යුක්තව නුවණැති සබ්‍රහ්මචාරීන්ගේ ඇසුරෙහි බොහෝ කාලයක් විසූහ. භික්ෂූහු “යම් සේ වැල්, ගස් ආදී ස්ථිර දෙයක් නොමැතිව වැඩීමට අසමත් වේද එසේම පඬිවරු, නුවණැත්තන් නොමැතිව මොහුට විසිය නොහැක”යි වල්ලිය නමින් ඇමතූහ. ඊට පසු කාලයෙහි වේනුදත්ත තෙරුන් වෙත එළඹුණු වල්ලිය තෙරණුවෝ, උන්වහන්සේගේ අවවාද අනුව සිටිමින් සිහි ඇතිව, විමසන නුවණැතිව වාසය කළහ. වල්ලිය තෙරුන්ගේ නුවණ මුහුකුරා ගිය අවස්ථාවෙහි උන්වහන්සේ නිවන් මඟ විමසමින් වේනුදත්ත තෙරුන්ට මේ ගාථා දෙකෙන් ආරාධනා කළ සේක.
“යං කිච්චං දළ්හවීරියෙන, යං කිච්චං බොද්ධුමිච්ඡතා; කරිස්සං නාවරජ්ඣිස්සං, පස්ස වීරියං පරක්කමං.
“යං කිච්චං දළ්හවිරියෙන යං කිච්චං බොද්ධුමිච්ඡතා, කරිස්සං නාවරුජ්ඣිස්සං පස්සවිරියං පරක්කමං”
“ත්වඤ්ච මෙ මග්ගමක්ඛාහි, අඤ්ජසං අමතොගධං; අහං මොනෙන මොනිස්සං, ගඞ්ගාසොතොව සාගර”න්ති. – ගාථාද්වයං අභාසි;
“ත්වංච මෙ මග්ගමක්ඛාහි අඤ්ජසං අමතොගධං, අහං මොනෙන මොනිස්සං ගංගාසොතොව සාගරං”
තත්ථ යං කිච්චං දළ්හවීරියෙනාති දළ්හෙන වීරියෙන ථිරෙන පරක්කමෙන, දළ්හවීරියෙන වා පුරිසධොරය්හෙන යං කිච්චං කාතබ්බං පටිපජ්ජිතබ්බං. යං කිච්චං බොද්ධුමිච්ඡතාති චත්තාරි අරියසච්චානි නිබ්බානමෙව වා බොද්ධුං බුජ්ඣිතුං ඉච්ඡන්තෙන පටිවිජ්ඣිතුකාමෙන යං කිච්චං කරණීයං. කරිස්සං නාවරජ්ඣිස්සන්ති තමහං දානි කරිස්සං න විරාධෙස්සං, යථානුසිට්ඨං පටිපජ්ජිස්සාමි. පස්ස වීරියං පරක්කමන්ති යථා පටිපජ්ජමානෙ ධම්මෙ විධිනා ඊරණතො “වීරියං”, පරං පරං ඨානං අක්කමනතො “පරක්කමො”ති ච ලද්ධනාමං සම්මාවායාමං පස්ස න සද්ධමෙවාති අත්තනො කත්තුකාමතං දස්සෙති.
එහි “යං කිච්චං දළ්හවිරියෙන” දැඩි වීර්යයෙන්, ස්ථිර වූ දැඩි වීර්යයෙන් හෝ පුරුෂ වීර්යයෙන් යම් කිසිවක් කළ යුතු ද පිළිපැදිය යුතු ද එය “යං කිච්චං බොද්ධුමිච්ඡතා” නිර්වාණය සඳහාම වූ හෝ සත්‍යාවබෝධය සඳහා වූ චතුරාර්ය සත්‍ය දැන ගැනීමට, අවබෝධ කර ගැනීමට කැමැත්තා විසින් යමක් කළ යුතු වේද එය “කරිස්සං නාවරුජ්ඣිස්සං” එය මම දැන් කරන්නෙමි. ධර්ම මාර්ගය වළකන්නා වූ පිළිවෙතක නො යෙදෛන්නෙමි. “පස්ස විරියං පරක්කමං” එසේ පිළිපදින්නා වූ ක්‍රමය දැක්වීම් වශයෙන්. වීර්ය විදහා දක්වන බැවින් “පරාක්‍රමය” යැයි ලැබූ නම් ඇති සම්මා වායාමය බලව. මෙයින් තමාගේ ආර්‍ය්‍ය මාර්ගයෙහි හැසිරීමේ කැමැත්ත දක්වන ලදි.
ත්වඤ්චාති කම්මට්ඨානදායකං කල්යාණමිත්තං ආලපති. මෙති මය්හං. මග්ගමක්ඛාහීති අරියමග්ගං කථෙහි, ලොකුත්තරමග්ගසම්පාපකං චතුසච්චකම්මට්ඨානං කථෙහීති අත්ථො. අඤ්ජසන්ති උජුකං මජ්ඣිමපටිපදාභාවෙන අන්තද්වයස්ස අනුපගමනතො. අමතෙ නිබ්බානෙ සම්පාපකභාවෙන පතිට්ඨිතත්තා අමතොගධං. මොනෙනාති ඤාණෙන මග්ගපඤ්ඤාය. මොනිස්සන්ති ජානිස්සං නිබ්බානං පටිවිජ්ඣිස්සං පාපුණිස්සං. ගඞ්ගාසොතොව සාගරන්ති යථා ගඞ්ගාය සොතො සාගරං සමුද්දං අවිරජ්ඣන්තො එකංසතො ඔගාහති, එවං “අහං කම්මට්ඨානං අනුයුඤ්ජන්තො මග්ගඤාණෙන නිබ්බානං අධිගමිස්සාමි, තස්මා තං කම්මට්ඨානං මෙ ආචික්ඛථා”ති ථෙරං කම්මට්ඨානං යාචි.
“ත්වං ච” කමටහන් දෙන කලණ මිතුරාට ආමන්ත්‍රණය කරයි. “මෙ” මාහට. “මග්ගක්ඛාහි” ආර්‍ය්‍ය මාර්ගය කියන්න. ලෝකෝත්තර මාර්ගයට යන චතු සත්‍ය කමටහන පවසන්න. “අඤ්ජසං” සෘජු වූ මාර්ගය. මධ්‍යම ප්‍රතිපදාව වැඩීමෙන් අන්ත දෙකට නොවැටීමෙන් අමෘතය වූ නිවණම අවබෝධ කරවන බැවින් “අමතොගධං” නම් වූ නිවන් මාවත. “මොනෙන” මාර්ග ප්‍රඥාවෙන්. “මොනිස්සං” දැන ගන්නෙමි. නිර්වාණය අවබෝධ කර ගැනීමට පැමිණෙන්නෙමි. “ගංගාසොතොව සාගරං” යම් සේ ගං දිය පහර සාගරය, සමුද්‍රය නොඉක්මවා ඒ වෙතම යන්නේ ද එලෙසින්ම කමටහනෙහි යෙදෙන්නා වූ මම මාර්ග ඤාණයෙන් නිවණ අවබෝධ කර ගන්නෙමි.” එනිසා මා හට ඊට යෝග්‍ය කමටහන වදාළ මැනව’යි වේනුදත්ත තෙරුන්ගෙන් ඉල්ලීය.
තං සුත්වා වෙණුදත්තත්ථෙරො තස්ස කම්මට්ඨානං අදාසි. සොපි කම්මට්ඨානං අනුයුඤ්ජන්තො නචිරස්සෙව විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.49.75-105) –
එය ඇසූ උන්වහන්සේ කමටහන් දුන් සේක. වල්ලිය තෙරුන් ද ඒ කමටහන වඩන්නේ නොබෝ දිනකින්ම විදසුනෙහි සිත පිහිටුවා රහත් බවට පත්වූයේය. අපදාන පාළියේ දී වල්ලිය තෙරණුවෝ මෙසේ පවසති.
“පඤ්ච කාමගුණෙ හිත්වා, පියරූපෙ මනොරමෙ; අසීති කොටියො හිත්වා, පබ්බජිං අනගාරියං.
“ප්‍රිය ස්වරූප වූ මනරම් පස්කම් ගුණයන් ද අසූ කෙළක් ධනය හැර දමා පැවිදි වූයෙමි.
“පබ්බජිත්වාන කායෙන, පාපකම්මං විවජ්ජයිං; වචීදුච්චරිතං හිත්වා, නදීකූලෙ වසාමහං.
පැවිදි වූ මම කයින්, වචනයෙන් පව්කම් වළකා ගං ඉවුරෙහි විසූයෙමි.
“එකකං මං විහරන්තං, බුද්ධසෙට්ඨො උපාගමි; නාහං ජානාමි බුද්ධොති, අකාසිං පටිසන්ථාරං.
හුදකලාව වසන මා වෙත බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ එළඹි සේක. “බුදු රජ” යැයි නොදත් මම පිළිසඳර කථා කළෙමි.
“කරිත්වා පටිසන්ථාරං, නාමගොත්තමපුච්ඡහං; දෙවතානුසි ගන්ධබ්බො, අදු සක්කො පුරින්දදො.
පිළිසඳර කතා කොට නම් ගොත් විචාළෙමි. “ඔබ වහන්සේ දෙවියෙක් ද? නැතිනම් ශක්‍රයෙක් වේද?
“කො වා ත්වං කස්ස වා පුත්තො, මහාබ්රහ්මා ඉධාගතො; විරොචෙසි දිසා සබ්බා, උදයං සූරියො යථා.
ඔබ කවුද? කාගේ පුත්‍රයෙක් ද? මහා බ්‍රහ්මයා මෙහි පැමිණියේ ද? උදාවන හිරු මෙන් සියලු දිශා බබුළුවන්නෙහිය.
“සහස්සාරානි චක්කානි, පාදෙ දිස්සන්ති මාරිස; කො වා ත්වං කස්ස වා පුත්තො, කථං ජානෙමු තං මයං.
නිදුකාණෙනි! ඔබ පාදයේ දැවි දහසක් අති චක්‍රයෝ වෙති. ඔබ කවුද? කාගේ පුතෙක් ද? එය අපි කෙසේ දැනගත්තෙමුද? නම් ගොත් පවසා මාගේ සැකය දුරු කරන්න.”
“නාමගොත්තං පවෙදෙහි, සංසයං අපනෙහි මෙ; නම්හි දෙවා න ගන්ධබ්බො, නම්හි සක්කො පුරින්දදො.
“මම දෙවි නොවෙමි. ගාන්ධර්වයෙක් ද නොවෙමි. පුරින්දද නම් ශක්‍රයා ද නොවෙමි.
“බ්රහ්මභාවො ච මෙ නත්ථි, එතෙසං උත්තමො අහං; අතීතො විසයං තෙසං, දාලයිං කාමබන්ධනං.
මට බ්‍රහ්මත්වයක් ද නැත. ඔවුනට වඩා මම ශ්‍රේෂ්ඨ වෙමි. ඔවුන්ගේ විෂය ඉක්මවූයෙමි. කාම බන්ධනය ප්රදානය කළෙමි.
“සබ්බෙ කිලෙසෙ ඣාපෙත්වා, පත්තො සම්බොධිමුත්තමං; තස්ස වාචං සුණිත්වාහං, ඉදං වචනමබ්රවිං.
සියලු කෙලෙස් දමා උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.” උන්වහන්සේගේ මේ වදන් ඇසූ මම මෙසේ පැවසුවෙමි.
“යදි බුද්ධොසි සබ්බඤ්ඤූ, නිසීද ත්වං මහාමුනෙ; තමහං පූජයිස්සාමි, දුක්ඛස්සන්තකරො තුවං.
“ඉදින් ඔබවහන්සේ සර්වඥ බුද්ධ නම් වෙහි. මහාමුනිවරය! වැඩහිඳිනු මැනවි. ඔබ වහන්සේ පුදන්නෙමි. ඔබ දුක් කෙළවර කරන්නෙහිය.”
“පත්ථරිත්වාජිනචම්මං, අදාසි සත්ථුනො අහං; නිසීදි තත්ථ භගවා, සීහොව ගිරිගබ්භරෙ.
අඳුන් දිවිසම ඇතිරූ මම එය ශාස්තෲන් වහන්සේට දුන්නෙමි. ගිරිගුහාවක සිංහයකු මෙන් උන්වහන්සේ එහි වැඩ සිටි සේක.
“ඛිප්පං පබ්බතමාරුය්හ, අම්බස්ස ඵලමග්ගහිං; සාලකල්යාණිකං පුප්ඵං, චන්දනඤ්ච මහාරහං.
පර්වතයට වහා නැගි මම අඹ සමූහයක් ද සල් කලණමල් ද මා හැඟි සඳුන් ද ගෙන ලෝකනායක වහන්සේ වෙත එළඹ පූජා කළෙමි. පහන් සිතැති මම සතුටු සිතින් මහත් වූ ප්‍රීතියෙන් සඳුන් අලෙව් කොට බුදුපියාණන් වැන්දෙමි.
“ඛිප්පං පග්ගය්හ තං සබ්බං, උපෙත්වා ලොකනායකං; ඵලං බුද්ධස්ස දත්වාන, සාලපුප්ඵමපූජයිං.
“චන්දනං අනුලිම්පිත්වා, අවන්දිං සත්ථුනො අහං; පසන්නචිත්තො සුමනො, විපුලාය ච පීතියා.
“අජිනම්හි නිසීදිත්වා, සුමෙධො ලොකනායකො; මම කම්මං පකිත්තෙසි, හාසයන්තො මමං තදා.
එකල්හි අඳුන් දිවිසමෙහි වැඩ හුන් බුදුපියාණන් වහන්සේ මාගේ කුසල කර්මයේ විපාක මෙසේ වදාළහ;
“ඉමිනා ඵලදානෙන, ගන්ධමාලෙහි චූභයං; පඤ්චවීසෙ කප්පසතෙ, දෙවලොකෙ රමිස්සති.
“සුවඳ මල් දෙවර්ගයක් සහිත වූ මේ අඹ ඵල පූජාව නිසා නුඹ කල්ප එකසිය විස්සක් දෙව්ලොව සිත් අලවා වසන්නෙහි ය.
“අනූනමනසඞ්කප්පො, වසවත්තී භවිස්සති; ඡබ්බීසතිකප්පසතෙ, මනුස්සත්තං ගමිස්සති.
සම්පූර්ණ වූ චිත්ත සංකල්පනා ඇති වසවත් දෙවියකු වන්නේය. කල්ප එකසිය විස්සක් මිනිසත් බව ලබන්නේ ය.
“භවිස්සති චක්කවත්තී, චාතුරන්තො මහිද්ධිකො; වෙභාරං නාම නගරං, විස්සකම්මෙන මාපිතං.
සිවු සයුරු හා සිවුමහා දිවයින් කෙළවර කර ඇති, පෘථිවියට අධිපති වූ මහත් සෘද්ධි ඇති සක්විති රජෙකු වන්නේය. විස්කම් විසුන් මැවූ වේහාර නම් නගරයක් ඇති වේ.
“හෙස්සති සබ්බසොවණ්ණං, නානාරතනභූසිතං; එතෙනෙව උපායෙන, සංසරිස්සති සො භවෙ.
නන් රුවනින් සැරසුණු එනුවර මුලුමනින් ම රන්වන් වේ. මෙසේ සැප විඳිමින් සැරිසරන මෙතෙම දිව්‍ය අත්බව ද යළි මිනිසත් බව ද ලබා සෑම තැන්හි පූජිතව පශ්චිම භාවයට පැමිණ බමුණෙක්ව උපදින්නේය.
“සබ්බත්ථ පූජිතො හුත්වා, දෙවත්තෙ අථ මානුසෙ; පච්ඡිමෙ භවෙ සම්පත්තෙ, බ්රහ්මබන්ධු භවිස්සති.
“අගාරා අභිනික්ඛම්ම, අනගාරී භවිස්සති; අභිඤ්ඤාපාරගූ හුත්වා, නිබ්බායිස්සතිනාසවො.
ගිහිගෙයින් නික්ම පැවිදි වන මෙම අභිඥාවන්හි පරතෙරට පැමිණ, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය.”
“ඉදං වත්වාන සම්බුද්ධො, සුමෙධො ලොකනායකො; මම නිජ්ඣායමානස්ස, පක්කාමි අනිලඤ්ජසෙ.
මෙසේ වදාළා වූ සුමේධ බුදුරජාණන් වහන්සේ මා බලා සිටියදීම අහසින් වැඩම කළහ.
“තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච; ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
මැනවින් කළ ඒ කුසල කර්මයේ දී චිත්ත ප්‍රණිධිය නිසා ද මිනිස් සිරුර හැර දැමූ මම තව්තිසා දෙව්ලොව උපන්නෙමි.
“තුසිතතො චවිත්වාන, නිබ්බත්තිං මාතුකුච්ඡියං; භොගෙ මෙ ඌනතා නත්ථි, යම්හි ගබ්භෙ වසාමහං.
තුසිතයෙන් චුතව මවුකුස උපන් මාගේ භෝගයෙහි අඩුවක් නැත. මවුකුස හොත් මාගේ සිතැඟි අනුව මගේ මවුට කැමතිතාක් ආහාර පාන භෝජනාදිය පහළ විය.
“මාතුකුච්ඡිගතෙ මයි, අන්නපානඤ්ච භොජනං; මාතුයා මම ඡන්දෙන, නිබ්බත්තති යදිච්ඡකං.
“ජාතියා පඤ්චවස්සෙන, පබ්බජිං අනගාරියං; ඔරොපිතම්හි කෙසම්හි, අරහත්තමපාපුණිං.
උපතින් පස්වියේදී සසුනේ පැවිදි වූ මම කෙස් බාද්දීම රහත් ඵලයට පත් වීමි.
“පුබ්බකම්මං ගවෙසන්තො, ඔරෙන නාද්දසං අහං; තිංසකප්පසහස්සම්හි, මම කම්මමනුස්සරිං.
පූර්ව කර්මය පිරික්සා බැලූ මම එය ලඝු සේ නොදුටුවෙමි. මීට කල්ප තිස් දාහකට පෙර කළ කර්මය දුටුවෙමි.
“නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම; තව සාසනමාගම්ම, පත්තොම්හි අචලං පදං.
පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස! නුඹ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සසුනට පැමිණ අචල පදය වූ නිවන ලැබුයෙමි.
“තිංසකප්පසහස්සම්හි, යං බුද්ධමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් කල්ප තිස් දහසකට පෙර යම් බුදුවරයකු පිදුවෙම්ද එතැන් සිට දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් දැන් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තො ථෙරො ඉමායෙව ගාථා අභාසීති.
රහත් බවට පත් වල්ලිය තෙරණුවෝ සිය රහත් බව ප්‍රකාශ කරන සේක්, මුලින් වදාළ ගාථා දෙකම නැවත වදාළ සේක.
වල්ලියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
වල්ලිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.