යෙදුමෙන් කියවන්න

වීතසොකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වීතසොකත්‍ථෙරගාථාවණ‍්ණනා

වීතසෝක ස්ථවිරගාථා වර්ණනාව

කෙසෙ මෙ ඔලිඛිස‍්සන‍්තීතිආදිකා ආයස‍්මතො වීතසොකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා බ්‍රාහ‍්මණානං විජ‍්ජාසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො කාමෙ පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා මහතා ඉසිගණෙන පරිවුතො අරඤ‍්ඤෙ වසන‍්තො බුද‍්ධුප‍්පාදං සුත්‍වා හට‍්ඨතුට‍්ඨො “උදුම‍්බරපුප‍්ඵසදිසා දුල‍්ලභදස‍්සනා බුද‍්ධා භගවන‍්තො, ඉදානෙව උපගන‍්තබ‍්බා”ති මහතියා පරිසාය සද‍්ධිං සත්‍ථාරං දට‍්ඨුං ගච‍්ඡන‍්තො දියඩ‍්ඪයොජනෙ සෙසෙ බ්‍යාධිකො හුත්‍වා බුද‍්ධගතාය සඤ‍්ඤාය කාලඞ‍්කතො දෙවෙසු උප‍්පජ‍්ජිත්‍වා අපරාපරං දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අට‍්ඨාරසවස‍්සාධිකානං ද‍්වින‍්නං වස‍්සසතානං මත්‍ථකෙ ධම‍්මාසොකරඤ‍්ඤො කනිට‍්ඨභාතා හුත්‍වා නිබ‍්බත‍්ති, තස‍්ස වීතසොකොති නාම අහොසි. සො වයප‍්පත‍්තො ඛත‍්තියකුමාරෙහි සික‍්ඛිතබ‍්බවිජ‍්ජාසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො ගිරිදත‍්තත්‍ථෙරං නිස‍්සාය ගිහිභූතො සුත‍්තන‍්තපිටකෙ අභිධම‍්මපිටකෙ ච විසාරදො හුත්‍වා එකදිවසං මස‍්සුකම‍්මසමයෙ කප‍්පකස‍්ස හත්‍ථතො ආදාසං ගහෙත්‍වා කායං ඔලොකෙන‍්තො වලිතපලිතාදීනි දිස‍්වා සඤ‍්ජාතසංවෙගො විපස‍්සනාය චිත‍්තං ඔතාරෙත්‍වා භාවනං උස‍්සුක‍්කාපෙත්‍වා තස‍්මිංයෙව ආසනෙ සොතාපන‍්නො හුත්‍වා ගිරිදත‍්තත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.49.9-26) –

“කෙසෙ මෙ ඔලිචිස්සන්තී” යනාදී ගාථා වීතසෝක තෙරුන් විසින් වදාරන ලදි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින්දහම් රැස් කරගෙන අවුත් සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බමුණු කුලයක ඉපිද බමුණු විද්‍යා ශිල්පයන්හි පරතෙරට ගිය බමුණෙක් වූහ. කාමයන් හැර දමා සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වූ ඔහු මහත් සෘෂි සමූහයක් පිරිවරාගෙන අරණ්‍යයෙහි විසීය. බුදු උපත අසා තුටු පහටුව, බුදුවරු නම් දිඹුල් මල් මෙන් දුලභ දසුනකි. ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් පහළ වී සිටිති” යි මහත් පිරිවරක් සමග ශාස්තෲන් වහන්සේ වෙත යන අතරමගදී යොදුන් එකහමාරක් තිබියදී රෝගාතුර වූ තාපසතුමා බුදු ගුණ මෙනෙහි කරමින්ම කළුරිය කළේය. දෙව්ලොව උපන් හෙතෙම තව තවත් පින් දහම් සිදුකරමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේදී බුදු පිරිණිවනින් වසර දෙසිය දහ අටකට පසුව ධර්මාශෝක රජුගේ බාල සහෝදරයාව උපන්නේ ය. ඔහු වීතසෝක නමින් ප්‍රකට විය. වැඩිවිය පත් ඔහු ක්‍ෂත්‍රිය කුමරුන් විසින් උගත යුතු සිප් සතර හදාරා එහි කෙළවරට ගොස් ගිරිදත්ත තෙරුන් ඇසුරෙහි සිටිමින්, සූත්‍රාන්ත පිටකයේ දී අභිධර්ම පිටකයේ ද විශාරද බවට ගිහිව සිටියදී ම පත් විය. එක් දිනක් රැවුල කපන අවස්ථාවේ දී කපුවාගේ අතින් කැටපත ගෙන තම රුව බැලූ වීතසෝක සිය සිරුර රැළි ගැසීම හා ඉදුණු කෙස් දැක හටගත් සංවේගයෙන් විදසුනට සිත යොමු කළේය. අනිත්‍යාදී ධර්ම මෙනෙහි කළ ඔහු, එම අසුනෙහි හිඳගෙනම සෝවාන් වී ගිරිදත්ත තෙරුන් සමීපයේ පැවිදිව නොබෝ දිනකින් රහත් ඵලයට පැමිණියේ ය. වීතසෝක තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; ලක‍්ඛණෙ ඉතිහාසෙ ච, සනිඝණ‍්ඩුසකෙටුභෙ.

“එකල මම ලක්‍ෂණ ශාස්ත්‍රය, ඉතිහාසය, නිඝණ්ඩු - කෙටුභ සහිත ත්‍රිවේදයෙහි පාරගතව මන්ත්‍ර හදාරන මන්ත්‍රධරයෙක් වීමි.

“නදීසොතපටිභාගා, සිස‍්සා ආයන‍්ති මෙ තදා; තෙසාහං මන‍්තෙ වාචෙමි, රත‍්තින්‍දිවමතන්‍දිතො.

එකල ගඟ සැඩවතුරක් මෙන් ශිෂ්‍යයෝ මා වෙත පැමිණෙයි. දිවා රෑ දෙක්හි අනලස් වූ මම ඔවුන්ට මන්ත්‍ර ඉගැන්වූයෙමි.

“සිද‍්ධත්‍ථො නාම සම‍්බුද‍්ධො, ලොකෙ උප‍්පජ‍්ජි තාවදෙ; තමන්‍ධකාරං නාසෙත්‍වා, ඤාණාලොකං පවත‍්තයි.

එකල සිද්ධත්‍ථ නම් සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ මෝහ ගනදුර නසා ඥානාලෝකය පැතිරවූහ.

“මම අඤ‍්ඤතරො සිස‍්සො, සිස‍්සානං සො කථෙසි මෙ; සුත්‍වාන තෙ එතමත්‍ථං, ආරොචෙසුං මමං තදා.

එකල මාගේ එක් ශිෂ්‍යයකු සෙසු ශිෂ්‍යයන් පැවසූ පුවතක්, ඔවුහු පැමිණ මා හට මෙසේ දැන්වූහ.

“බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො, සබ‍්බඤ‍්ඤූ ලොකනායකො; තස‍්සානුවත‍්තති ජනො, ලාභො අම‍්හං න විජ‍්ජති.

“සර්වඥ වූ ලෝකනායක වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූහ. ජනයා උන්වහන්සේ වෙත ඇදී යති. අපට වන්නා වූ ලාභයක් නැත.”

“අධිච‍්චුප‍්පත‍්තිකා බුද‍්ධා, චක‍්ඛුමන‍්තො මහායසා; යංනූනාහං බුද‍්ධසෙට‍්ඨං, පස‍්සෙය්‍යං ලොකනායකං.

මහත් යසස් ඇති බුදුවරයෝ දිව්‍ය බ්‍රහ්මාදීන්ගේ උපදේශයක් නොමැතිව ලොව පහළ වෙති. ඒ උතුම් ලෝක නායකයන් වහන්සේ දකින්නෙම් නම් මැනවැයි මම සිතුවෙමි.

“අජිනං මෙ ගහෙත්‍වාන, වාකචීරං කමණ‍්ඩලුං; අස‍්සමා අභිනික‍්ඛම‍්ම, සිස‍්සෙ ආමන‍්තයිං අහං.

එසේ සිතූ මම අඳුන් දිවි සමද වැහැරී සිවුරු ද පැන්කෙණ්ඩිය ද ගෙන අසපුවෙන් නික්ම සිසුන් ඇමතුවෙමි.

“ඔදුම‍්බරිකපුප‍්ඵංව, චන්‍දම‍්හි සසකං යථා; වායසානං යථා ඛීරං, දුල‍්ලභො ලොකනායකො.

“දිඹුල් මල් මෙන් ද සඳෙහි හාවා මෙන් ද කපුටන්ගේ කිරි මෙන් ද බුදුවරයෝ දුර්ලභ වෙති.

“බුද‍්ධො ලොකම‍්හි උප‍්පන‍්නො, මනුස‍්සත‍්තම‍්පි දුල‍්ලභං; උභොසු විජ‍්ජමානෙසු, සවනඤ‍්ච සුදුල‍්ලභං.

එබඳු දුර්වල බුදුරදහු දැන් පහළව සිටිති. මිනිසත් බව ද දුලබය. ඒ දෙකම ඇති කල්හි සද්ධර්ම ශ්‍රවණය අතිශයින් දුර්ලභය.

“බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො, චක‍්ඛුං ලච‍්ඡාම නො භවං; එථ සබ‍්බෙ ගමිස‍්සාම, සම‍්මාසම‍්බුද‍්ධසන‍්තිකං.

බුදු රජ ලොව පහළ වූ සේක. පින්වතුනි! අපගේ දහම් ඇස ලබමු. එවු. සියලු දෙනම උන්වහන්සේ වෙත යමු.”

“කමණ‍්ඩලුධරා සබ‍්බෙ, ඛරාජිනනිවාසිනො; තෙ ජටාභාරභරිතා, නික‍්ඛමුං විපිනා තදා.

එකල්හි සියලු දෙනම පැන්කෙන්ඩි ගෙන, කුර සහිත අඳුන් දිවි සම් දරමින් දළමඩුලු බරින් බර වූවාහු වනයෙන් නික්මුණහ.

“යුගමත‍්තං පෙක‍්ඛමානා, උත‍්තමත්‍ථං ගවෙසිනො; ආසත‍්තිදොසරහිතා, අසම‍්භීතාව කෙසරී.

ඒ මගේ සිසුවෝ වියදඬු පමණ දුර බලන්නාහු, උත්තමාර්ථය සොයන්නාහු ඇලීමේ දෝෂ රහිතවූවාහු නිර්භය කේශර සිංහයන් සේ වූවාහු, අල්ප කටයුතු ඇත්තාහු, ලොල් නොවූවාහු ප්‍රඥා ඇත්තාහු සන්සුන් පැවතුම් ඇත්තාහු පිණ්ඩපාත චර්යාවෙහි හැසිරෙන්නාහු බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියහ.

“අප‍්පකිච‍්චා අලොලුප‍්පා, නිපකා සන‍්තවුත‍්තිනො; උඤ‍්ඡාය චරමානා තෙ, බුද‍්ධසෙට‍්ඨමුපාගමුං.

“දියඩ‍්ඪයොජනෙ සෙසෙ, බ්‍යාධි මෙ උපපජ‍්ජථ; බුද‍්ධසෙට‍්ඨං සරිත්‍වාන, තත්‍ථ කාලඞ‍්කතො අහං.

එසේ යන අතරමගදී යොදුන් එකහමාරක් තිබියදී මට රෝගයක් වැළඳුණි. බුදු පියාණන් සිහිපත් කරමින් ම මම කළුරිය කළෙමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං සඤ‍්ඤමලභිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධසඤ‍්ඤායිදං ඵලං.

මෙයින් කල්ප අනූහතරකට පෙර යම් බුද්ධ සංඥාවක් උපදවා ගත්තෙම් ද එදා මෙදා තුර දුගතියක නූපන්නෙමි. බුද්ධ සංඥාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.

අරහත‍්තං පන පත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත්ව ඒ බව පළකරන වීතසෝක තෙරණුවෝ මේ ගාථා දෙක වදාළ සේක.

“කෙසෙ මෙ ඔලිඛිස‍්සන‍්ති, කප‍්පකො උපසඞ‍්කමි; තතො ආදාසමාදාය, සරීරං පච‍්චවෙක‍්ඛිසං.

“කෙසෙ මෙ ඔලිඛිස්සන්ති කප්පකො උපසංකමි, තතො ආදාසමාදාය සරීරං පච්චවෙක්ඛිසං”

“තුච‍්ඡො කායො අදිස‍්සිත්‍ථ, අන්‍ධකාරෙ තමො බ්‍යගා; සබ‍්බෙ චොළා සමුච‍්ඡින‍්නා, නත්‍ථි දානි පුනබ‍්භවො”ති. – ගාථාද‍්වයං අභාසි;

“කුච්ඡො කායො අදිස්සිත්‍ථ, අන්‍ධකාරො තමො බ්‍යගො, සබ්බෙ චොළා සමුච්ඡින්නා නත්‍ථිදානි පුනබ්භවො” තී.

තත්‍ථ කෙසෙ මෙ ඔලිඛිස‍්සන‍්ති, කප‍්පකො උපසඞ‍්කමීති ගිහිකාලෙ මස‍්සුකම‍්මසමයෙ “මම කෙසෙ ඔලිඛිස‍්සං කප‍්පෙමී”ති කෙසාදීනං ඡෙදනාදිවසෙන කප‍්පනතො කප‍්පකො න‍්හාපිතො මං උපගච‍්ඡි. තතොති කප‍්පකතො. සරීරං පච‍්චවෙක‍්ඛිසන‍්ති සබ‍්බකායිකෙ ආදාසෙ පලිතවලිතමුඛනිමිත‍්තාදිදස‍්සනමුඛෙන “අභිභූතො වත ජරාය මෙ කායො”ති ජරාභිභූතං අත‍්තනො සරීරං පච‍්චවෙක‍්ඛිං. එවං පච‍්චවෙක‍්ඛතො ච තුච‍්ඡො කායො අදිස‍්සිත්‍ථ නිච‍්චධුවසුඛසභාවාදීහි රිත‍්තො හුත්‍වා මෙ කායො අදිස‍්සථ පඤ‍්ඤායි. කස‍්මා? අන්‍ධකාරෙ තමො බ්‍යගා යෙන අයොනිසොමනසිකාරසඞ‍්ඛාතෙන තමසා අත‍්තනො කායෙ අන්‍ධගතා විජ‍්ජමානම‍්පි අසුභාදිසභාවං අපස‍්සන‍්තා අවිජ‍්ජමානං සුභාදිආකාරං ගණ‍්හන‍්ති, තස‍්මිං අන්‍ධකාරෙ අන්‍ධකරණට‍්ඨානෙ කායෙ යොනිසොමනසිකාරසඞ‍්ඛාතෙන ඤාණාලොකෙන අවිජ‍්ජාතමො විගතො, තතො එව සබ‍්බෙ චොළා සමුච‍්ඡින‍්නා චොරා විය කුසලභණ‍්ඩච‍්ඡෙදනතො, සාධූහි අලාතබ‍්බතො අසඞ‍්ගහෙතබ‍්බතො සඞ‍්කාරකූටාදීසු ඡඩ‍්ඩිතපිලොතිකඛණ‍්ඩං විය ඉස‍්සරජනෙන අරියජනෙන ජිගුච‍්ඡිතබ‍්බතාය චොළා වියාති වා “චොළා”ති ලද‍්ධනාමා කිලෙසා සමුච‍්ඡින‍්නා. අග‍්ගමග‍්ගෙන සමුග‍්ඝාටිතත‍්තා එව ච නෙසං නත්‍ථි දානි පුනබ‍්භවො ආයතිං පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති නත්‍ථීති.

එහි “කෙසෙ මෙ ඔලිඛිස්සන්ති කප්පකො උපසංකමී” යනු ගිහි කාලයේ දී රැවුල් කපන අවස්ථාවේ “මගේ කෙස් කපන්නෙමි”යි, කෙස් ආදිය සිඳින කපන අරුතින් කරණවෑමියා නම් වූ හිස රැවුල් කපන්නා මා වෙත පැමිණියේය. රැවුල් කැපූ කල්හි “සරීරංපච්චවෙක්ඛිය” කැඩපතින් සියලු ම කයෙහි වූ රැළිවැටීම්, කෙස් ඉදීම් ආදි නිමිති දැක “මගේ කය දිරායෑමෙන් මඬනා ලදි” යැයි තමාගේ ශරීරය ජරාවට පත්වූවක් මෙන් විමසා බලා, එසේ විමසන විට මේ කය හිස්ය. නිත්‍ය, සදාකාලික, සුවදායි බවින් මිදුණු හිස්වූවක් මෙන් මේ කය වැටහේ. කුමක් නිසා එසේ වැටහේ ද? “අන්‍ධකාරො තමො බ්‍යගො” අවිද්‍යාව නම් අඳුර පලවා හැරි බැවිණි. යම් හෙයකින් අනුවණින් මෙනෙහි කිරීම නම් වූ අඳුරෙන් තම කය බැලීමේදී අඳුරු සහගත බැවින්, කයේ සත්‍ය වශයෙන්ම ඇති අසුභ බව නොපෙනේ. කයේ නොමැති සුබ-යහපත් ආකාර පෙනේ. අඳුරෙහිදී නුවණ අඳුරු කරන බැවිනි. නුවණින් කය පිළිබඳව මෙනෙහි කර බැලීමේදී පහළ වූ ඤාණ නම් ආලෝකයෙන් අවිද්‍යාව නම් අඳුර දුරුකරන ලදි. එවිට ම සියලුම කෙලෙස් නම් කඩමාලු සිඳ දමන ලදි. “සබ්බෙ චොළා සමුච්ඡින්නා” ක්ලේශයෝ නම් සොරු මෙන් කුසල් නම් බඩු සිඳ දමති. වනසති. සාධූන්, සත්පුරුෂයන් විසින් නොගතයුතු, රැස් නොකළයුතු වූ සසර නමැති කුණුගොඩෙහි දැමූ රෙදි කඩක් වැනි වෙති. ඉසුරුමත් ආර්ය ජනයා විසින් පිළිකුල් කටයුතු බැවින් “චෝළ” නම ලද රෙදි කඩක් බඳු වූ කෙලෙස් මුලුමනින් සිඳ දමන ලදි. ආර්යමාර්ගයෙන් නැසූ කෙලෙස් ඇති රහතුන්ට නැවත ඉපදීමක් නැත. අනාගත ඉපදීමක් නැත.

වීතසොකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වීතසෝක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.