පුණ්ණමාසත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
පුණ්ණමාසත්ථෙරගාථාවණ්ණනා
පුණ්ණමාස ස්ථවිරගාථා වර්ණනාව
පඤ්ච නීවරණෙ හිත්වාතිආදිකා ආයස්මතො පුණ්ණමාසත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො තිස්සස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථරි අරඤ්ඤෙ විහරන්තෙ පංසුකූලචීවරං දුමසාඛාය ලග්ගෙත්වා ගන්ධකුටිං පවිට්ඨෙ ධනුහත්ථො ගහනං පවිට්ඨො සත්ථු පංසුකූලං දිස්වා පසන්නමානසො ධනුං නික්ඛිපිත්වා බුද්ධගුණෙ අනුස්සරිත්වා පංසුකූලං වන්දි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං කුටුම්බියකුලෙ නිබ්බත්ති. තස්ස කිර ජාතදිවසෙ තස්මිං ගෙහෙ සබ්බභාජනානි සුවණ්ණරතනමයෙහි මාසෙහි පරිපුණ්ණානෙව අහෙසුං. තෙනස්ස පුණ්ණමාසොත්වෙව නාමං අකංසු. සො වයප්පත්තො දාරපරිග්ගහං කත්වා එකස්මිං පුත්තෙ උප්පන්නෙ ඝරාවාසං පහාය පබ්බජිත්වා ගාමකාවාසෙ වසන්තො ඝටෙන්තො වායමන්තො ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.49.1-8) –
“පඤ්ච නීවරණෙ හිත්වා” යන ගාථා ආයුෂ්මත් පුණ්ණමාස තෙරුන්ගේය. ඒවායේ උපත කෙසේ සිදුවීද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි ඉපිද පින් රැස් කරමින් අවුත්, තිස්ස නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද වැඩිවිය පත්වූහ. එක් දිනක් ශාස්තෲන් වහන්සේ ආරණ්‍යයෙහි වසන සමයෙහි පාංශුකූල චීවරයක් ගසක අත්තක එල්ලා ගඳ කිළියට වැඩියහ. දුනුගෙන විහාරයට පිවිසි සිටු කුමරු ශාස්තෲන් වහන්සේගේ පාංශුකූල සිවුර දැක පහන් සිත් අතිව, දුනුදිය බැහැරලා බුදු ගුණ මෙනෙහි කරමින් ඊට වැන්දේය. ඒ පින්කමේ විපාක ලෙස දෙව් මිනිසුන් අතර සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේ දී සැවැත් නුවර කෙළෙඹි පවුලක උපන්නේය. ඔහු උපන් දින ඒ ගෙදර සියළු භාජන රන්මය මසුවලින් පිරී ගියේය. එනිසා පුතුට “පුණ්ණමාස” යන නම තබන ලදි. වැඩිවියට පත් එකුමරු විවාහ වී එක් පුතෙකු උපන් කල්හි ගිහි ගේ අත්හැර පැවිදි වී ගම් සෙනසුනක වසමින් උත්සාහවත්ව වැර වෑයම් කොට කොට ෂඩ් අභිඥාලාභී මහතෙරනමක් බවට පත් විය. අපදාන පාළියේදී පුණ්ණමාස තෙරණුවෝ මෙසේ වදාළහ.
“තිස්සො නාමාසි භගවා, සයම්භූ අග්ගපුග්ගලො; පංසුකූලං ඨපෙත්වාන, විහාරං පාවිසී ජිනො.
“සියල්ල තමාම දත් අග්‍ර පුද්ගල වූ තිස්ස නම් බුදුරජාණන් වහන්සේ සිය පංශුකූල සිවුර ගසක තබා විහාරයට පිවිසි සේක.
“විනතං ධනුමාදාය, භක්ඛත්ථාය චරිං අහං; මණ්ඩලග්ගං ගහෙත්වාන, කානනං පාවිසිං අහං.
නමන ලද දුන්න ගෙන අහර පිණිස වනයේ හැසිරුණු මම කඩුව ද ගෙන වනයට පිවිසියෙමි.
“තත්ථද්දසං පංසුකූලං, දුමග්ගෙ ලග්ගිතං තදා; චාපං තත්ථෙව නික්ඛිප්ප, සිරෙ කත්වාන අඤ්ජලිං.
එකල එක් ගසක එල්ලූ පාංශුකූල සිවුර දුටු මම එතැන දුන්න දමා හිසෙහි ඇඳිලි බැඳගෙන පහන් සිතින් සතුටට පත්ව, ප්‍රීතියෙන් යුතුව බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පාංශුකූල චීවරයට වැන්දෙමි.
“පසන්නචිත්තො සුමනො, විපුලාය ච පීතියා; බුද්ධසෙට්ඨං සරිත්වාන, පංසුකූලං අවන්දහං.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, පංසුකූලමවන්දහං; දුග්ගතිං නාභිජානාමි, වන්දනාය ඉදං ඵලං.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර පාංශුකූල සිවුරට වැඳීමේ පිනෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි. වන්දනාවේ විපාකය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා සාවත්ථිං උපගන්ත්වා සත්ථාරං වන්දිත්වා සුසානෙ වසති, තස්ස ච අචිරාගතස්සෙව සතො පුත්තො කාලමකාසි. දාරකමාතා ථෙරස්ස ආගතභාවං සුත්වා, “මා ඉදං අපුත්තකං සාපතෙය්යං රාජානො හරෙය්යු”න්ති තං උප්පබ්බාජෙතුකාමා මහතා පරිවාරෙන ථෙරස්ස සන්තිකං ගන්ත්වා පටිසන්ථාරං කත්වා පලොභෙතුං ආරභි. ථෙරො අත්තනො වීතරාගභාවජානාපනත්ථං ආකාසෙ ඨත්වා අත්තනො පටිපත්තිකිත්තනමුඛෙන තස්සා ධම්මං දෙසෙන්තො –
ෂඩ් අභිඥා උපදවා ගත් පුණ්ණමාස තෙරණුවෝ සැවැත් නුවරට පැමිණ ශාස්තෲන් වහන්සේට වැඳ සොහොනෙහි විසූහ. උන්වහන්සේ පැමිණ නොබෝ කලකින්ම ගිහි කල ලැබුණු පුතු මළේය. දරුවාගේ මව තෙරුන්ගේ පැමිණීම අසා “මා දැන් අස්වාමිකය. අපුත්රකය. අපුත්‍රක වූ මගේ ධනය රජු ගෙනයන්නේ ය”යි කියමින් තෙරුන් වහන්සේ සිවුරු හරවා ගැනීමට මහත් පිරිවරක් රැගෙන උන්වහන්සේ වසන තැනට පැමිණියාය. නානාවිධ ක්රමෝපායන් මගින් තෙරුන් පොළඹවා ගැනීමට උත්සාහ කළ ඇගේ ක්‍රියාව දුටු පුණ්ණමාස තෙරණුවෝ තමන් වහන්සේගේ වීතරාගී බව දක්වමින් අහසෙහි සිට තම පිළිවෙත ප්‍රකාශ කරන සේක්; ඇයට ධර්ම දේශනා කරමින් මේ ගාථා දෙක වදාළහ.
“පඤ්ච නීවරණෙ හිත්වා, යොගක්ඛෙමස්ස පත්තියා; ධම්මාදාසං ගහෙත්වාන, ඤාණදස්සනමත්තනො.
“පඤ්චනීවරණෙ හිත්වා යොගක්ඛෙමස්ස පත්තියා, ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සන මත්තනො”
“පච්චවෙක්ඛිං ඉමං කායං, සබ්බං සන්තරබාහිරං; අජ්ඣත්තඤ්ච බහිද්ධා ච, තුච්ඡො කායො අදිස්සථා”ති. – ගාථාද්වයං අභාසි.
“පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සත්තරබාහිරං, අජ්ඣත්තං ච බහිද්ධා ච, තුච්ඡො කායො අදිස්සථ”
තත්ථ පඤ්ච නීවරණෙ හිත්වාති කාමච්ඡන්දාදිකෙ පඤ්ච නීවරණෙ පහාය ඣානාධිගමෙන විද්ධංසෙත්වා. යොගක්ඛෙමස්ස පත්තියාති කාමයොගාදීහි චතූහි යොගෙහි ඛෙමස්ස අනුපද්දුතස්ස නිබ්බානස්ස අධිගමාය. ධම්මාදාසන්ති ධම්මභූතං ආදාසං. යථා හි ආදාසො ඔලොකෙන්තස්ස රූපකායෙ ගුණාගුණං ආදංසෙති, එවං විපස්සනාසඞ්ඛාතො ධම්මානං සාමඤ්ඤවිසෙසාවබොධනතො ඤාණදස්සනභූතො ධම්මාදාසො විපස්සන්තස්ස වොදානසංකිලෙසධම්මවිභාවනෙන තප්පහානසාධනෙන ච විසෙසතො නාමකායෙ ගුණං ආදංසෙති. තෙනාහ –
එහි “පඤ්චනීවරණෙ හිත්වා” කාමච්ඡන්දාදී පඤ්ච නීවරණයන් අත්හැර, ඤාණාධිගමනයෙන් විධ්වංසනය කර “යොගක්ඛෙමස්ස පත්තියා” කාමාදී සතර යෝගයන් ක්ෂය කරන, ඉන් පීඩානොවන නිවණට, යෝගක්ෂේම නම් නිවණට පැමිණීම සඳහා “ධම්මාදාසං” ධර්මය නම් කැඩපත. යම් සේ කැඩපතින් බලන්නාගේ රූපකායෙහි ගුණාගුණ පෙන්වා දෙයි ද එලෙසින්ම විදර්ශනා නම් ධර්මයන්හි ශ්රමණබවට අදාළ විශේෂාවබෝධයෙන් ද ඤාණදර්ශනයට උපකාරී වූ ධර්ම නම් කැඩපතින් බලන්නාගේ කෙලෙස් වලින් කිලිටි, නොකිලිටි බව ප්‍රකට කිරීමෙන් ද කෙලෙසුන් ප්‍රහාණයට විශේෂයෙන් උපකාර කිරීමෙන් ද නාම කයෙහි (සිතේ) ගුණ ප්‍රකට කරයි. එනිසා කියන ලදි.
“ධම්මාදාසං ගහෙත්වාන, ඤාණදස්සනමත්තනො; පච්චවෙක්ඛිං ඉමං කායං, සබ්බං සන්තරබාහිර”න්ති. –
“ධම්මාදාසං ගහෙත්වාන ඤාණදස්සන මත්තනො, පච්චවෙක්ඛිං ඉමං කායං සබ්බං සන්තරබාහිරං”
“ධර්මය නැමති කැඩපත ගෙන තමාගේ ඥාන දර්ශනයෙන් සිය සිරුරේ සියලුම අභ්‍යන්තර බාහිර කෙලෙස් ධර්ම පිළිබඳව විමසා බැලිය යුතුයි.”
ඉමං කායං ධම්මසමූහං මම අත්තභාවං අජ්ඣත්තිකබාහිරායතනභාවතො සන්තරබාහිරං සබ්බං අනවසෙසං ධම්මාදාසං ගහෙත්වා “අනිච්ච”න්තිපි “දුක්ඛ”න්තිපි “අනත්තා”තිපි පතිඅවෙක්ඛිං ඤාණචක්ඛුනා පස්සිං. එවං පස්සතා ච මයා අජ්ඣත්තඤ්ච බහිද්ධා චාති අත්තනො සන්තානෙ පරසන්තානෙ ච තුච්ඡො කායො අදිස්සථ නිච්චසාරාදිවිරහිතො තුච්ඡො ඛන්ධපඤ්චකසඞ්ඛාතො අත්තභාවකායො ඤාණචක්ඛුනා යාථාවතො අපස්සිත්ථ. සකලම්පි හි ඛන්ධපඤ්චකං “අවිජ්ජානිවුතස්ස, භික්ඛවෙ, බාලස්ස තණ්හාසංයුත්තස්ස එවමයං කායො සමුදාගතො”තිආදීසු (සං· නි· 2.19) “කායො”ති වුච්චති. “අදිස්සථා”ති ච ඉමිනා යදෙව කායෙ දට්ඨබ්බං, තං දිට්ඨං, න දානිස්ස කිඤ්චි මයා පස්සිතබ්බං අත්ථීති කතකිච්චතං දස්සෙන්තො අඤ්ඤං බ්යාකාසි. එවං ථෙරො ඉමාහි ගාථාහි පුරාණදුතියිකාය ධම්මං දෙසෙත්වා තං සරණෙසු ච සීලෙසු ච සම්පතිට්ඨාපෙත්වා උය්යොජෙසි.
මේ නාමකයේ ධර්ම සමූහය, මගේ ආත්මභාවයේ ආධ්‍යාත්මික බාහිරායතන වැඩීමෙන් ඇතුලත පිටත වූ සියලුම කෙලෙස් ධර්ම පිළිබඳව ධර්මය නම් කැඩපතින් බලා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සිහිපත් කර බැලුවෙමි. නුවණැසින් දුටුවෙමි. මෙසේ දකින්නා වූ මවිසින් “අජ්ඣත්තං ච බහිද්ධා ච” ස්ව සන්තානයෙහි ද පර සන්තානයෙහි ද තුච්ඡ වූ (හිස් වූ) කය දුටුවෙමි. දක්නා ලද්දෙමි. නිත්‍ය, සාර නොවූ හිස් වූ ස්කන්ධ පඤ්චකය නම් වූ ආත්ම භාවය නුවණැසින් තත්ත්වාකාරයෙන්ම දුටුවෙමි. මේ සියලුම පඤ්චස්කන්ධය, “මහණෙනි, අවිද්‍යාවෙන් වෙලුණු මෝඩයාගේ තණ්හාවෙන් යුක්ත වූ කය මේ ආකාරයෙන් හටගනියි” ආදි වශයෙන් “කය” නමින් හඳුන්වයි. “අදිස්සථ” යන මෙයින් යම් අයුරකින් කය දෙස බැලිය යුතු ද එසේම බලා යථාර්ථය දුටුවෙමි. “දැන් මවිසින් නුඹගේ කයෙහි බැලිය යුත්තක් නැත. මා කළයුතු කටයුතු නිමවන ලදි.” යැයි රහත් වූ බව ප්‍රකාශ කරන ලදි. මෙසේ පුණ්ණමාස තෙරණුවෝ තම ගිහිකළ භාර්යාවට මේ ගාථාවලින් ධර්මදේශනා කොට ඇය තිසරණයෙහි ද පංචශීලයෙහි ද පිහිටවූ සේක්. ආර්ය මාර්ගයෙහි ගමන් කිරීමට උත්සාහවත් කළ සේක.
පුණ්ණමාසත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
පුණ්ණමාස ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.