යෙදුමෙන් කියවන්න

නන්‍දකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

නන්‍දකත්‍ථෙරගාථාවණ‍්ණනා

නන්‍දක ස්ථවිරගාථා වර්ණනාව

යථාපි භද‍්දො ආජඤ‍්ඤොති ආයස‍්මතො නන්‍දකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ පච‍්චන‍්තදෙසෙ උප‍්පජ‍්ජිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො වනචාරිකො හුත්‍වා විචරන‍්තො එකදිවසං සත්‍ථු චඞ‍්කමනට‍්ඨානං දිස‍්වා පසන‍්නචිත‍්තො වාලුකා ඔකිරි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ චම‍්පායං ගහපතිකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස නන්‍දකොති නාමං අකංසු. ජෙට‍්ඨකභාතා පනස‍්ස භරතො නාම. තස‍්ස පුබ‍්බයොගො අනන‍්තරවත්‍ථුස‍්මිං ආවිභවිස‍්සති. තෙ උභොපි විඤ‍්ඤුතං පත්‍වා ආයස‍්මන‍්තං සොණං කොළිවිසං පබ‍්බජිතං සුත්‍වා “සොණොපි නාම තථාසුඛුමාලො පබ‍්බජි, කිමඞ‍්ගං පන මය”න‍්ති පබ‍්බජිංසු. තෙසු භරතො නචිරස‍්සෙව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. නන්‍දකො පන කිලෙසානං බලවභාවෙන තාව විපස‍්සනං උස‍්සුක‍්කාපෙතුං නාසක‍්ඛි, විපස‍්සනාය කම‍්මං කරොති එව. අථස‍්ස භරතත්‍ථෙරො ආසයං ඤත්‍වා අවස‍්සයො භවිතුකාමො තං පච‍්ඡාසමණං කත්‍වා විහාරතො නික‍්ඛමිත්‍වා මග‍්ගසමීපෙ නිසින‍්නො විපස‍්සනාකථං කථෙසි.

“යථාපි භද්දො ආජඤ්ඤො” යනාදී ගාථා ආයුෂ්මත් නන්දක තෙරුන් වහන්සේ විසින් වදාරණ ලදි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් සිදු කරමින් අවුත්, සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී ප්‍රත්‍යන්ත ප්‍රදේශයක ඉපිද වැඩිවියට පත් වූ වැද්දෙක් වූහ. ඒ වැදිතෙම දිනක් ශාස්තෲන් වහන්සේගේ සක්මන් කරන මළුව දැක පහන් සිතින් එහි වැලි විසුරුවීය. ඒ පින්කම නිසා දෙව් මිනිසුන් අතර සැරිසැරූ ඔහු මේ බුද්ධෝත්පාද කාලයේ දී චම්පාවේ ගහපත් පවුලක උපන්නේ ය. නන්දක නමින් ඔහු ප්‍රකට විය. නන්දකගේ වැඩිමල් සෝයුරා භරත නම් විය. ඔහු පිළිබඳව ඊළඟ කථාවේදී විස්තර කෙරේ. මේ දෙදෙනාම වැඩිවියට පත්ව සෝණ කෝළි වීස පුත්‍රයාගේ පැවිදිවීම අසා, “මේ ඉතා සියුමැලි වූ සෝණ කුමරුද පැවිදි වීය. අපි කුමක් නිසා ගිහිව සිටිමු ද?” යි පැවිදි වූහ. ඒ දෙනමගෙන් භරත තෙරුන් වහන්සේ නොබෝ දිනකින්ම විදසුන් වඩා ෂඩ් අභිඥා උපදවා ගත්හ. නන්දක තෙරුන්ගේ සිතේ කෙලෙස් බලවත් වූ බැවින් විදසුනට සිත යොමුකිරීම අපහසු විය. විදසුන් භාවනාව සඳහා පුහුණුවීම පමණක් කළේය. මේ බව දුටු භරත තෙරණුවෝ “මොහුට උපකාර කළ යුතුය” යි උන්වහන්සේ සමග විහාරයෙන් නික්ම මහා මාර්ගය අසලින් වැඩහිඳ විදර්ශනාව පිළිබඳ සාකච්ඡා කළහ.

තෙන ච සමයෙන සකටසත්‍ථෙ ගච‍්ඡන‍්තෙ එකො සකටෙ යුත‍්තො ගොණො චික‍්ඛල‍්ලට‍්ඨානෙ සකටං උද‍්ධරිතුං අසක‍්කොන‍්තො පරිපති. තතො නං සත්‍ථවාහො සකටා මොචෙත්‍වා තිණඤ‍්ච පානීයඤ‍්ච දත්‍වා පරිස‍්සමං අපනෙත්‍වා පුන ධුරෙ යොජෙසි. තතො ගොණො වූපසන‍්තපරිස‍්සමො ලද‍්ධබලො තං සකටං චික‍්ඛල‍්ලට‍්ඨානතො උද‍්ධරිත්‍වා ථලෙ පතිට‍්ඨාපෙසි. අථ භරතත්‍ථෙරො නන්‍දකස‍්ස “පස‍්සසි නො ත්‍වං, ආවුසො නන්‍දක, ඉමස‍්ස කම‍්ම”න‍්ති තං නිදස‍්සෙත්‍වා තෙන “පස‍්සාමී”ති වුත‍්තෙ “ඉමමත්‍ථං සුට‍්ඨු උපධාරෙහී”ති ආහ. ඉතරො “යථායං ගොණො වූපසන‍්තපරිස‍්සමො පඞ‍්කට‍්ඨානතො භාරං උබ‍්බහති, එවං මයාපි සංසාරපඞ‍්කතො අත‍්තා උද‍්ධරිතබ‍්බො”ති තමෙවාරම‍්මණං කත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.48.90-95) –

එවිට එම මාවතින් ගැල් සාත්තුවක් පැමිණියේය. එහි එක් ගැලක යෙදූ ගොනෙකු මඩ වගුරකින් ගැල ගෙන යා නොහැකිව වැටුණේය. එවිට ගැල් කරුවා ඌ ගැලෙන් මුදා තණ ද දිය ද දී වෙහෙස නිවා නැවත ගැලෙහි යෙදවීය. එවිට ඒ ගොනා වෙහෙස සන්සිඳීමෙන් ලැබූ බලයෙන් ඒ ගැල මඩවගුරෙන් උඩට ගෙන ගොඩබිම පිහිටුවීය. ඉක්බිති භරත තෙරණුවෝ නන්ද හිමිගෙන්, “ඇවැත්නි! නන්දකය! නුඹ මේ ගොනාගේ ක්‍රියාව දුටුවෙහි ද?” ඇසූහ. එම සිදුවීම දුටු නන්දක තෙරණුවෝ “දැක්කෙමි”යි පැවසූහ. භරත හිමියෝ, “එසේ නම් එය මනාව හිතට ගනුව”යි වදාළහ. එවිට නන්දක තෙරණුවෝ, “යම් සේ මේ ගොනා වෙහෙස සන්සිඳුනු පසුව මඩවලින් ගැල එගොඩ කරවූවේ ද එලෙසින් ම මම ද සසර නම් මඩවලින් තමා ඔසවා තැබිය යුතුයි” යනුවෙන් එම සිදුවීම ම අරමුණු කොට විදසුන් කමටහන වඩන්නේ නොබෝ දිනකින්ම රහත් බවට පත්වූහ. නන්දක තෙරණුවෝ අපදාන පාලියේදී මෙසේ වදාළහ.

“මිගලුද‍්දො පුරෙ ආසිං, අරඤ‍්ඤෙ කානනෙ අහං; වාතමිගං ගවෙසන‍්තො, චඞ‍්කමං අද‍්දසං අහං.

“පෙර මම මහ වනයෙහි මුව වැද්දෙක් වූයෙමි. වාත මුවෙකු සොයමින් ගිය මම සක්මන් මළුවක් දුටිමි.

“උච‍්ඡඞ‍්ගෙන පුලිනං ගය‍්හ, චඞ‍්කමෙ ඔකිරිං අහං; පසන‍්නචිත‍්තො සුමනො, සුගතස‍්ස සිරීමතො.

ඇකයෙන් (ඔඩොක්කුවෙන්) වැලි රැගෙන පැමිණි මම පහන් සිතින් සතුටු වූයෙම් සිරිමත් වූ සුගතයන් වහන්සේගේ සක්මනෙහි විසුරුවීමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, පුලිනං ඔකිරිං අහං; දුග‍්ගතිං නාභිජානාමි, පුලිනස‍්ස ඉදං ඵලං.

මීට කල්ප තිස් එකකට පෙර කරන ලද වැලි විසිරවීමේ පින හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. වැලි දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනො ජෙට‍්ඨභාතිකස‍්ස භරතත්‍ථෙරස‍්ස සන‍්තිකෙ අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් වූ නන්දක තෙරණුවෝ සිය වැඩිමහල් සොහොයුරා වූ භරත තෙරුන් ඉදිරියේ සිය රහත් බව ප්‍රකාශ කරනු සඳහා මේ ගාථා දෙක වදාළහ.

“යථාපි භද‍්දො ආජඤ‍්ඤො, ඛලිත්‍වා පතිතිට‍්ඨති; භිය්‍යො ලද‍්ධාන සංවෙගං, අදීනො වහතෙ ධුරං.

“යථාපි භද්දො ආජඤ්ඤො ඛලිත්‍වා පතිතිට්ඨති, භීයො ලද්ධාන සංවෙගං අදීනො වහතෙ ධුරං”

“එවං දස‍්සනසම‍්පන‍්නං, සම‍්මාසම‍්බුද‍්ධසාවකං; ආජානීයං මං ධාරෙථ, පුත‍්තං බුද‍්ධස‍්ස ඔරස”න‍්ති. – ගාථාද‍්වයං අභාසි;

“එවං දස්සන සම්පන්නං සම්මා සම්බුද්ධසාවකං, ආජානීයං මං ධාරෙථ පුත්තං බුද්ධස්ස ඔරසං”

තත්‍ථ භිය්‍යො ලද‍්ධාන සංවෙගං, අදීනො වහතෙ ධුරන‍්ති “මය‍්හං ජාතිබලවීරියානං අනනුච‍්ඡවිකමෙතං යදිදං ආගතස‍්ස භාරස‍්ස අවහන”න‍්ති සංවෙගං ලභිත්‍වා අදීනො අදීනමානසො අලීනචිත‍්තො. “අලීනො”ති වා පාඨො, සො එව අත්‍ථො. භිය්‍යො පුනප‍්පුනං භිය්‍යොසොමත‍්තාය අත‍්තනො ධුරං භාරං වහතෙ උබ‍්බහති. සෙසං හෙට‍්ඨා රමණීයවිහාරිත්‍ථෙරස‍්ස ගාථාවණ‍්ණනායං වුත‍්තනයමෙව.

එහි “භීයො ලද්ධාන සංවෙගං අදීනො වහතෙ ධුරං” “මාගේ ජාති, බල, විරියාදියට “මෙ බර ඇදගෙන නොයාම අවනම්බුවකි”යි සංවේග උපදවාගෙන, නොපසුබට සිතින්, අදීන වූ සිතින්, වීර්යවන්ත සිතින්, “අලීනො” යන පාඨය ද මෙහි යෙදේ. “අදීන” “අලීන” යන පද දෙකෙහිම ඇත්තේ එකම අරුතකි. “භීයො” බොහෝ සෙයින් නැවත නැවත අධිකව තම ගැල්බර ඔසවයි. ගෙනයයි. ඉතිරි පදයන්ගේ අර්ථ ඉහත රමණීය විහාර තෙරුන්ගේ ගාථා අර්ථවර්ණනාවේදී දැක්වූ පරිදි දත යුතුයි.

නන්‍දකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

නන්දක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.