භරතත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
භරතත්ථෙරගාථාවණ්ණනා
භරත ස්ථවිරගාථා වර්ණනාව
එහි, නන්දක, ගච්ඡාමාති ආයස්මතො භරතත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයං කිර අනොමදස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං මනුඤ්ඤදස්සනං මුදුසුඛසම්ඵස්සං උපාහනද්වයං ගහෙත්වා ගච්ඡන්තො සත්ථාරං චඞ්කමන්තං දිස්වා පසන්නමානසො උපාහනා උපනාමෙත්වා, “අභිරුහතු භගවා උපාහනා, යං මම අස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති ආහ. අභිරුහි භගවා තස්ස අනුග්ගණ්හනත්ථං උපාහනා. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ චම්පානගරෙ ගහපතිකුලෙ නිබ්බත්ති, භරතොතිස්ස නාමං අහොසි. සො විඤ්ඤුතං පත්තො සොණත්ථෙරස්ස පබ්බජිතභාවං සුත්වා “සොපි නාම පබ්බජී”ති සඤ්ජාතසංවෙගො පබ්බජිත්වා කතපුබ්බකිච්චො විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව ඡළභිඤ්ඤො අහොසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.48.71-89) –
“එහි නන්දක ගච්ඡාම” යන ගාථා ආයුෂ්මත් භරත තෙරුන්ගේය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් ඉතා ලස්සන, මුදු සුවපහස් ඇති පාවහන් යුවලක් රැගෙන යන මේ සිටුකුමරු ශාස්තෲන් වහන්සේ සක්මන් කරනු දුටුවේය. පැහැදුණු සිතින් පාවහන් යුවළ පිළිගැන්වූ ඔහු “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මාහට බොහෝ කලක් හිතසුව පිණිස මේ පාවහන් යුවළ පිළිගන්නා සේක්වා”යි පැවසීය. ඔහුට අනුග්‍රහ පිණිස භාග්‍යවතුන් වහන්ස එම පාවහන් යුවල පරිභෝග කළ සේක. ඒ පින්කමේ විපාක විඳිමින් දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී චම්පා නුවර ගහපති පවුලක උපන්නේ ය. “භරත” නමින් ප්‍රකට වූ ඒ කුමරු, සෝණ තෙරුන්ගේ පැවිදිවීමේ පුවත අසා, “සෝණත් පැවිදි වුණා” යැයි සංවේග උපදවාගෙන පෙර කළ පුරුදුතාවය නිසා විදසුන් කමටහන වඩා නොබෝ දිනකින්ම ෂඩ් අභිඥා උපදවා ගත්තේ ය. භරත තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.
“අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො; දිවාවිහාරා නික්ඛම්ම, පථමාරුහි චක්ඛුමා.
“ලොවට ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ දිවා විහරණයෙන් නික්ම සක්මනට පිළිපන්සේක.
“පානධිං සුකතං ගය්හ, අද්ධානං පටිපජ්ජහං; තත්ථද්දසාසිං සම්බුද්ධං, පත්තිකං චාරුදස්සනං.
එකල මම මනාව සෑදූ පාවහන් යුවලක් ගෙන මගට පිළිපන්නෙම් මනෝඥ වූ දර්ශන ඇති පා ගමනින් වඩින බුදුපියාණන් වහන්සේ දුටුවෙමි.
“සකං චිත්තං පසාදෙත්වා, නීහරිත්වාන පානධිං; පාදමූලෙ ඨපෙත්වාන, ඉදං වචනමබ්රවිං.
සිත පහදවා ගත් මම පාවහන් යුවල ගෙන උන්වහන්සේගේ පාමුල තබා මෙසේ කීවෙමි.
“අභිරූහ මහාවීර, සුගතින්ද විනායක; ඉතො ඵලං ලභිස්සාමි, සො මෙ අත්ථො සමිජ්ඣතු.
“විනායකයන් වහන්ස! සුගතයන් වහන්ස! මහාවීරයන් වහන්ස! නැඟුන මැනව. මේ පාවහන් පරිභෝග කිරීමෙන් මාගේ අභිමතාර්ථ ඉටු කළ මැනව” යනුවෙනි.
“අනොමදස්සී භගවා, ලොකජෙට්ඨො නරාසභො; පානධිං අභිරූහිත්වා, ඉදං වචනමබ්රවි.
පාවහන් යුවළට නැගුණු ලෝකජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී බුදුහු මෙසේ වදාළහ.
“යො පානධිං මෙ අදාසි, පසන්නො සෙහි පාණිභි; තමහං කිත්තයිස්සාමි, සුණාථ මම භාසතො.
“යමෙක් පහන් සිත් ඇතිව මට සියතින්ම පාවහන් යුවලක් පිදුවේද ඔහුගේ විපාක මම කියමි. එම වදන් අසවු.”
“බුද්ධස්ස ගිරමඤ්ඤාය, සබ්බෙ දෙවා සමාගතා; උදග්ගචිත්තා සුමනා, වෙදජාතා කතඤ්ජලී.
බුදුපියාණන් වහන්සේගේ ඒ හඬ ඇසූ දෙවිවරු ඔද වැඩුණු සිතින්, සතුටින්, ප්‍රීතිමත්ව බැදැඳලිව රැස්වූහ.
“පානධීනං පදානෙන, සුඛිතොයං භවිස්සති; පඤ්චපඤ්ඤාසක්ඛත්තුඤ්ච, දෙවරජ්ජං කරිස්සති.
“වහන් යුවල පිදූ හෙතෙම සුව ඇත්තෙක් වන්නේය. පනස් පස් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය.
“සහස්සක්ඛත්තුං රාජා ච, චක්කවත්තී භවිස්සති; පදෙසරජ්ජං විපුලං, ගණනාතො අසඞ්ඛියං.
සක්විතිව දහස් වරක් උපදින්නේය. ඔහු ලබන ප්‍රදේශ රාජ්‍ය සම්පත්තිය ප්‍රමාණ කළ නොහැක.
“අපරිමෙය්යෙ ඉතො කප්පෙ, ඔක්කාකකුලසම්භවො; ගොතමො නාම ගොත්තෙන, සත්ථා ලොකෙ භවිස්සති.
මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.
“තස්ස ධම්මෙසු දායාදො, ඔරසො ධම්මනිම්මිතො; සබ්බාසවෙ පරිඤ්ඤාය, නිබ්බායිස්සතිනාසවො.
උන්වහන්සේගේ ධර්මය දායාද කරගත්, ධර්මයෙන් නිර්මිත වූ ඖරස බුද්ධ පුත්‍ර වූ සියලු ආශ්‍රවයන් දැන අනාශ්රවව පිරිනිවන් පාන්නේය.
“දෙවලොකෙ මනුස්සෙ වා, නිබ්බත්තිස්සති පුඤ්ඤවා; දෙවයානපටිභාගං, යානං පටිලභිස්සති.
පින්වත් වූ මොහු උපදින දිව්‍ය, මනුෂ්‍ය අත්බවේදී දිව්‍ය යානා වැනි යානා ලබන්නේය.”
“පාසාදා සිවිකා වය්හං, හත්ථිනො සමලඞ්කතා; රථා වාජඤ්ඤසංයුත්තා, සදා පාතුභවන්ති මෙ.
දෙව්-මිනිස් අත්බැව්හිදී ප්‍රාසාද, සිවිකා, මනාව සැරසූ ඇත්තු හා අජානේය අසුන් යෙදූ රථ සැමකල්හි මට පහළ විය.
“අගාරා නික්ඛමන්තොපි, රථෙන නික්ඛමිං අහං; කෙසෙසු ඡිජ්ජමානෙසු, අරහත්තමපාපුණිං.
ගිහිගෙන් නික්මුණු මම රථයෙන් පැමිණියෙමි. කෙස් සිඳින කල්හිම මම රහත් වූයෙමි.
“ලාභා මය්හං සුලද්ධං මෙ, වාණිජ්ජං සුප්පයොජිතං; දත්වාන පානධිං එකං, පත්තොම්හි අචලං පදං.
මා හට මහත් ලාභ ලැබුණි. එය මනා වූ වෙළඳාමක් විය. එකම වහන් සඟලක් පුදා අචල පදය වූ නිවණට පැමිණියෙමි.
“අපරිමෙය්යෙ ඉතො කප්පෙ, යං පානධිමදාසහං; දුග්ගතිං නාභිජානාමි, පානධිස්ස ඉදං ඵලං.
මෙයින් අප්‍රමාණ කල්පයකට පෙර යම් පාවහන් යුවලක් පිදුවෙම් ද එහි විපාක ලෙස දුගතියක නූපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
ඡළභිඤ්ඤො පන හුත්වා අත්තනො කනිට්ඨභාතිකෙන නන්දකත්ථෙරෙන හෙට්ඨා වුත්තනයෙන අඤ්ඤාබ්යාකරණෙ කතෙ “ඉදානි නන්දකොපි අරහා ජාතො, හන්ද මයං උභොපි සත්ථු සන්තිකං ගන්ත්වා වුසිතබ්රහ්මචරියතං නිවෙදෙස්සාමාති උප්පන්නං පරිවිතක්කං නන්දකත්ථෙරස්ස කථෙන්තො –
ෂඩ් අභිඥා උපදවාගත් භරත තෙරණුවෝ ඉහත දැක්වූ පරිදි සිය සෝයුරු නන්දක තෙරුන් විසින් රහත් බව ප්‍රකාශ කළ කල්හි, “දැන් නන්දක ද රහත් විය. එනිසා අපි දෙන මම ශාස්තෲන් වහන්සේ වෙත ගොස් විසූ බඹසර දන්වන්නෙමු නම් මැනවි” යි යනුවෙන් උපන් සිතුවිල්ල නන්දක තෙරුන්ට පවසමින් මේ ගාථා දෙක වදාළහ.
“එහි නන්දක ගච්ඡාම, උපජ්ඣායස්ස සන්තිකං; සීහනාදං නදිස්සාම, බුද්ධසෙට්ඨස්ස සම්මුඛා.
“එහි නන්දක, ගච්ඡාම උපජ්ඣායස්ස සන්තිකං, සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා”
“යාය නො අනුකම්පාය, අම්හෙ පබ්බාජයී මුනි; සො නො අත්ථො අනුප්පත්තො, සබ්බසංයොජනක්ඛයො”ති. – ගාථාද්වයං අභාසි;
“යාය නො අනුකම්පාය අම්හෙ පබ්බාජයී මුනී, සො නො අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො” තී.
තත්ථ නන්දකාති ආලපනං. එහීති තස්ස අත්තනො සන්තිකකරණං. ගච්ඡාමාති තෙන අත්තනා ච එකජ්ඣං කාතබ්බකිරියාවචනං, උපජ්ඣායස්සාති සම්මාසම්බුද්ධස්ස, සම්මාසම්බුද්ධො හි සමන්තචක්ඛුනා බුද්ධචක්ඛුනා ච සත්තානං ආසයානුසයචරිතාදීනං යථාභූතවිලොකනෙන සදෙවකස්ස ලොකස්ස වජ්ජාවජ්ජං උපනිජ්ඣායතීති විසෙසතො උපජ්ඣායොති වත්තබ්බතං අරහති. යදත්ථං ගමනං, තං දස්සෙතුං “සීහනාදං නදිස්සාම, බුද්ධසෙට්ඨස්ස සම්මුඛා”ති ආහ. යථාභුච්චගුණාභිබ්යාහාරතාය අභීතනාදභාවතො සීහනාදං බුද්ධස්ස සම්මාසම්බුද්ධස්ස තතො එව සබ්බසත්තුත්තමතාය සෙට්ඨස්ස, බුද්ධානං වා සාවකබුද්ධාදීනං සෙට්ඨස්ස සම්මුඛා පුරතො නදිස්සාමාති අත්ථො.
එහි “නන්දක” යනු ඇමතීමයි. “එහි” තමාගේ සමීපයට ඔහු කැඳවයි. “ගච්ඡාම” දෙදෙනා වහන්සේ විසින්ම එකට කළයුතු ක්‍රියාව දැක්වීමකි. “උපජ්ඣායස්ස” යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වනාහි සියල්ල දන්නා ඇසින් ද බුදු ඇසින් ද සත්ත්වයන්ගේ ප්‍රකට අප්‍රකට චරිතාදිය තත්ත්වාකාරයෙන්ම දැන, දෙවියන් සහිත ලෝකයාගේ වැරදි නිවැරදි නැවත නැවත විශේෂයෙන් පෙන්වා දෙන සේක. එබැවින් “උපජ්ඣාය” නාමයට සුදුසුය. මේ යන ගමන යම් අර්ථයක්, ප්‍රයෝජනයක් සඳහා වේද එය දක්වමින් “සීහනාදං නදිස්සාම බුද්ධසෙට්ඨස්ස සම්මුඛා” යනුවෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ අභිමුවෙහි සිංහ නාද පවත්වමු”යි වදාළහ. “සත්‍ය වූ බුද්ධ ගුණ දැක්වීම් වශයෙන් අභීත නාදයක් වූ බැවින් සිංහ නාදයකි. සියල්ලන්ටම උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ බුදුවරු, පසේබුදුවරු හා බුද්ධ ශ්‍රාවකාදී ශ්‍රේෂ්ඨයන්ගේ ඉදිරියෙහි පවත්වමු” යන අර්ථයයි.
යථා පන සීහනාදං නදිතුකාමො, තං දස්සෙන්තො “යායා”ති ගාථමාහ. තත්ථ යායාති යදත්ථං, යාය යදත්ථානුප්පත්තියාති අත්ථො. නොති අම්හාකං. අනුකම්පායාති අනුග්ගණ්හනෙන අම්හෙ ද්වෙපි පබ්බාජයි පබ්බාජෙසි. මුනීති භගවා. සො නො අත්ථො අනුප්පත්තොති සො අත්ථො සබ්බෙසං සංයොජනානං ඛයභූතං අරහත්තඵලං නො අම්හෙහි අනුප්පත්තො, අධිගතොති අත්ථො.
යම් සිංහනාදයක් පැවැත්වීමට කැමතිවේද එය දක්වනු සඳහා “යාය” යන ගාථාව වදාළහ. එහි “යාය” යම් අර්ථයකට, යම් ප්‍රයෝජනයක් සඳහා “නො” අප දෙදෙනාට “අනුකම්පාය” අනුග්‍රහ පිණිස අප දෙදෙන පැවිදි කරවූ සේක් ද, “මුනී” භාග්‍යවතුන්. “සො නො අත්ථො අනුප්පත්තො” ඒ අර්ථය, ප්‍රයෝජනය වූ සියලුම සංයෝජනයන් දුරුකර ලබන අර්හත් ඵලය අප විසින් ලබා ගන්නා ලදි. අවබෝධ කරගන්නා ලදි.
භරතත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
භරත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.