භාරද්වාජත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
භාරද්වාජත්ථෙරගාථාවණ්ණනා
භාරද්වාජ ස්ථවිරගාථා වර්ණනාව
නදන්ති එවං සප්පඤ්ඤාති ආයස්මතො භාරද්වාජත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො ඉතො එකතිංසෙ කප්පෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සුමනං නාම පච්චෙකබුද්ධං පිණ්ඩාය චරන්තං දිස්වා පසන්නමානසො පරිපක්කං වල්ලිකාරඵලං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා ගොත්තනාමෙන භාරද්වාජොත්වෙව පඤ්ඤායිත්ථ. සො වයප්පත්තො ඝරාවාසං වසන්තො එකපුත්තං ලභි. තස්ස “කණ්හදින්නො”ති නාමං අකාසි. තස්ස විඤ්ඤුතං පත්තකාලෙ “තාත, අසුකස්ස නාම ආචරියස්ස සන්තිකෙ සිප්පං සික්ඛිත්වා එහී”ති තං තක්කසිලං පෙසෙසි. සො ගච්ඡන්තො අන්තරාමග්ගෙ සත්ථු සාවකං අඤ්ඤතරං මහාථෙරං කල්යාණමිත්තං ලභිත්වා තස්ස සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කතපුබ්බකිච්චො විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.48.66-70) –
“නදන්ති එවං සප්පඤ්ඤා” යනු ආයුෂ්මත් භාරද්වාජ තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේද? උන්වහන්සේ පෙර බුදුවරු හමුවෙහි තැබූ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින්දහම් රැස් කරමින් අවුත්, මීට කල්ප තිස් එකකට පෙර සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. එක් දිනක් සුමන නම් පසේ බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩිනු දැක පහන් සිතින් වල්ලිකාර ගෙඩියක් පූජා කළ ඔහු ඒ පින්කමේ විපාක ලෙස කාම සුගතීන්හිම සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර බමුණු පවුලක උපන්නේය. ගෝත්‍ර නාමය වූ “භාරද්වාජ” නමින් ම ඔහු ප්‍රකට විය. වැඩිවියට පත් ඔහු විවාහ වී එක් පුතෙකු ලැබුවේය. ඒ පුතු කණ්හාදින්න නම් විය. එම දරුවා වැඩිවිය පැමිණි කල්හි, “දරුව, අසුවල් ආචාරීන්ගෙන් ශිල්ප ඉගෙන එව”යි කියා තක්සලාවට යැවීය. ඒ දරුවා තක්සලාවට යන අතර මඟදී ශාස්තෲන් වහන්සේගේ ශ්‍රාවක වූ එක්තරා කල්‍යාණ මිත්‍ර මහතෙර නමක් හමුවී ධර්මශ්රවණය කළේය. ධර්මශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධා ඇති කණ්හදින්න කුමරු බුදුසසුනේ පැවිදි වී කරන ලද පූර්ව කටයුතු ඇත්තේ, විදසුන් කමටහන වඩා නොබෝ දිනකින්ම රහත් විය. ඔහුගේ පියා වූ භාරද්වාජ ද වේළුවනාරාමයේ වෙසෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සද්ධර්මය ශ්‍රවණය කර පැවිදි විය. නොබෝ දිනකින්ම උන්වහන්සේ ද රහත් වූහ. භාරද්වාජ තෙරණුවෝ අපදාන පාළියේදී මෙසේ වදාළහ.
“සුමනො නාම සම්බුද්ධො, තක්කරායං වසී තදා; වල්ලිකාරඵලං ගය්හ, සයම්භුස්ස අදාසහං.
“එකල සුමන නම් බුදුරජාණන් වහන්සේ තක්කරා නුවර වැඩ විසූහ. මම සියල්ල දත් බුදුරජාණන් වහන්සේට වල්ලිකාර ඵලයක් පූජා කළෙමි.
“එකතිංසෙ ඉතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප තිස් එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.
අථස්ස පිතා භාරද්වාජො වෙළුවනෙ විහරන්තං භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පබ්බජිත්වා නචිරස්සෙව අරහත්තං සච්ඡාකාසි. අථ පුත්තො සත්ථාරං වන්දිතුං රාජගහං ආගතො සත්ථු සන්තිකෙ නිසින්නං පිතරං දිස්වා තුට්ඨචිත්තො “පිතාපි ඛො මෙ පබ්බජිතො, කිං නු ඛො තෙන පබ්බජ්ජාකිච්චං මත්ථකං පාපිත”න්ති වීමංසන්තො ඛීණාසවභාවං ඤත්වා තං සීහනාදං නදාපෙතුකාමො, “සාධු, ඛො තුම්හෙහි කතං පබ්බජන්තෙහි, පබ්බජ්ජාකිච්චං පන මත්ථකං පාපිත”න්ති පුච්ඡි. භාරද්වාජො පුත්තස්ස අධිගමං දීපෙන්තො –
ඉක්බිති කණ්හදින්න හිමියෝ, ශාස්තෲන් වහන්සේට වැඳීම සඳහා රජගහ නුවරට පැමිණ, උන්වහන්සේ සමීපයේ සිටි තම පියා දැක සතුටු සිතැතිව, “මගේ පියා ද පැවිදි විය. ඔහු විසින් පැවිදි කිස නිමවන ලද්දේද?”යි විමසා බැලූසේක්, රහත් වූ බව දැනගත් සේක. තම පියා ලවා සිංහනාද පවත්වනු කැමති කණ්හදින්න හිමියෝ, “නුඹ විසින් බුදුසසුනේ පැවිදිවීමෙන් යහපතක් කරන ලදි. පැවිද්දේ කටයුතු නුඹ විසින් මස්තකප්රාප්ත කර ගත්තෙහි ද?”යි විචාළහ. තම පුතුට තමා ලැබූ අධිගමයන් පවසනු සඳහා භාරද්වාජ තෙරණුවෝ මේ ගාථා දෙක වදාළහ.
“නදන්ති එවං සප්පඤ්ඤා, සීහාව ගිරිගබ්භරෙ; වීරා විජිතසඞ්ගාමා, ජෙත්වා මාරං සවාහනං.
“නදන්ති එවං සප්පඤ්ඤා සීහාව ගිරිගබ්භරෙ, වීරා විජිත සංගාමා ජෙත්වා මාරං සවාහනං”
“සත්ථා ච පරිචිණ්ණො මෙ, ධම්මො සඞ්ඝො ච පූජිතො; අහඤ්ච විත්තො සුමනො, පුත්තං දිස්වා අනාසව”න්ති. – ගාථාද්වයං අභාසි;
“සත්ථා ච පරිචිණ්ණො මෙ, ධම්මො සංඝොච පූජිතො, අහං ච චිත්තො සුමනො පුත්තං දිස්වා අනාසවං”
තත්ථ නදන්තීති යථාභුච්චගුණාභිබ්යාහාරවසෙන අභීතනාදං නදන්ති ගජ්ජන්ති. එවන්ති ඉදානි වත්තබ්බාකාරදස්සනං. සප්පඤ්ඤාති අග්ගමග්ගපඤ්ඤාධිගමෙන සබ්බපඤ්ඤාධිගමෙන සබ්බපඤ්ඤාවෙපුල්ලප්පත්තා. වීරාති චතුබ්බිධසම්මප්පධානවීරියසම්පන්නතාය වීරා, තතො එව අනවසෙසසංකිලෙසපක්ඛනිම්මථනෙන සවාහනං කිලෙසමාරං අභිසඞ්ඛාරමාරං දෙවපුත්තමාරඤ්ච ජෙත්වා සබ්බසො විජිතසඞ්ගාමා නදන්ති සප්පඤ්ඤාති සම්බන්ධො.
එහි “නදන්ති” සත්‍ය වූ බුදුගුණ ප්‍රකට කිරීම් වශයෙන් අභීත වූ සිංහනාද පවත්වති. “එවං” දැන් පැවතිය යුතු ආකාරය දැක්වීමයි. මෙසේ “සප්පඤ්ඤා” අග්‍ර මාර්ගය වූ ප්‍රඥාව අවබෝධයෙන් සියලු ප්‍රඥාවෙහි විපුලත්වයට පත් වූ. “වීරා” චතුර්විධ සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතු බැවින් වීරයෝ නම් වූ. එසේම කෙලෙස් ඉතිරි නොවන සේ මැඩලන, වනසන ලද බැවින් ද සේනා සහිත කෙලෙස්, අභිසංඛාර හා දේවපුත්ත යන මාරයන් පරදා ජයගත් බැවින් ද සියලුම ආකාරයෙන් දිනූ යුද්ධ ඇති බැවින් ද වීරයෝ නම් වූ ප්‍රඥාවන්තයෝ නද දෙති.
එවං විජෙතබ්බවිජයෙන සීහනාදං දස්සෙත්වා ඉදානි ආරාධෙතබ්බසමාරාධනෙන ඉච්ඡිතබ්බසිද්ධියා ච තං දස්සෙතුං, “සත්ථා ච පරිචිණ්ණො මෙ”ති දුතියං ගාථමාහ. තත්ථ සත්ථා ච පරිචිණ්ණො මෙති මම සත්ථා සම්මාසම්බුද්ධො යථානුසිට්ඨං ඔවාදානුසාසනීකරණෙන මයා පරිචිණ්ණො උපාසිතො, න ධම්මාධිකරණං විසොසිතොති අධිප්පායො. ධම්මො සඞ්ඝො ච පූජිතොති නවවිධොපි ලොකුත්තරධම්මො, යථාපටිපත්තියාගතමග්ගානුප්පත්තියා සීලදිට්ඨිසාමඤ්ඤගමනෙන අරියසඞ්ඝො ච මයා පූජිතො මානිතො. අහඤ්ච විත්තො සුමනො, පුත්තං දිස්වා අනාසවන්ති මම පුත්තං අනාසවං සබ්බසො ඛීණාසවං දිස්වා දස්සනහෙතු අහම්පි විත්තො නිරාමිසාය පීතියා තුට්ඨො, තතොයෙව නිරාමිසෙන සොමනස්සෙන සුමනො ජාතොති අත්ථො.
මෙසේ කෙලෙස් ජය ගැනීමෙන් සිංහනාදය දක්වා දැන් සිත් සතුටු කිරීමෙන් අපේක්ෂිත අර්ථ සිද්ධිය ඉටුවූ බව දැක්වීමට “සත්ථා ච පරිචිණ්ණො” යන දෙවන ගාථාව වදාළහ. එහි “සත්ථා ච පරිචිණ්ණො මෙ” යනු මගේ ශාස්තෲ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙන ලද අවවාද අනුශාසනා අනුව ක්‍රියාකළ මවිසින් උන්වහන්සේ මැනවින් ඇසුරු කරන ලදි. “විවාද, දොස්කීම් ආදියකට භාජනය නොවීමි” යන අදහසයි. “ධම්මො සංඝො ච පූජිතො” නවවිධ ලෝකෝත්තර ධර්මයෙන් යුත් පිළිවෙත් මඟෙහි ගමන් කිරීමෙන් ද ශ්‍රමණ බවට යෝග්‍ය සීල, දිට්ඨි ගුණ වැඩීමෙන් ආර්ය සංඝයා ද මවිසින් පුදන ලදි. ගරු කරන ලදි. “අහඤ්ච විත්තො සුමනො පුත්තං දිස්වා අනාසවං” මගේ පුතා අනාශ්‍රව, සියලු ආශ්‍රව සිඳ දමා රහත්ව සිටිනු දැකීම නිසාත්, මම ද අනාශ්‍රව වූ බැවින් මගේ සිත නිරාමිස ප්‍රීතියෙන් සතුටට පත්වූයෙමි. ඒ නිරාමිස ප්‍රීතියෙන් සතුටු - සොම්නස් වූ සිත් ඇත්තෙමි.
භාරද්වාජත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
භාරද්වාජ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.