යෙදුමෙන් කියවන්න

කණ‍්හදින‍්නත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කණ‍්හදින‍්නත්‍ථෙරගාථාවණ‍්ණනා

කණ්හදින්න ස්ථවිරගාථා වර්ණනාව

උපාසිතා සප‍්පුරිසාති ආයස‍්මතො කණ‍්හදින‍්නත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො චතුනවුතෙ කප‍්පෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සොභිතං නාම පච‍්චෙකබුද‍්ධං දිස‍්වා පසන‍්නචිත‍්තො පුන‍්නාගපුප‍්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා කණ‍්හදින‍්නොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො උපනිස‍්සයසම‍්පත‍්තියා චොදියමානො ධම‍්මසෙනාපතිං උපසඞ‍්කමිත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.48.61-65) –

“උපාසිතා සප්පුරිසා” යනු ආයුෂ්මත් කණ්හදින්න තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් රැස් කරගෙන අවුත්, මීට කල්ප අනූහතරකට පෙරදී සිටුගෙයක ඉපිද වැඩිවිය පත්වූහ. දිනක් සෝභිත නම් පසේ බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිතින් දොඹ මලින් පූජා පැවැත්වූ ඒ සිටුකුමරු ඒ පින්කමේ විපාක ලෙස දෙව්මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේදී රජගහ නුවර බමුණු පවුලක ඉපිද කණ්හදින්න නමින් ප්‍රකට විය. පෙර වාසනා මහිමයෙන් මෙහෙයවන ලද ඔහු වැඩිවියට පත් වූ කල්හි දම් සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ වෙත එළඹ, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධාව උපදවාගෙන සසුනේ පැවිදි විය. විදසුන් භාවනාව වැඩූ උන්වහන්සේ නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටියහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“සොභිතො නාම සම‍්බුද‍්ධො, චිත‍්තකූටෙ වසී තදා; ගහෙත්‍වා ගිරිපුන‍්නාගං, සයම‍්භුං අභිපූජයිං.

“එකල්හි සෝභිත නම් බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූහ. මම ගිරිපුන්නාග මලක් ගෙන බුදුරදුන් පිදුවෙමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං බුද‍්ධමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මීට කල්ප අනූ හතරකට පෙර යම් පුෂ්ප පූජාවක් කළෙම් ද මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් වූ කණ්හදින්න තෙරණුවෝ ඒ බව ප්‍රකාශ කරනු සඳහා මේ ගාථා දෙක වදාළහ.

“උපාසිතා සප‍්පුරිසා, සුතා ධම‍්මා අභිණ‍්හසො; සුත්‍වාන පටිපජ‍්ජිස‍්සං, අඤ‍්ජසං අමතොගධං.

“උපාසිතා සප්පුරිසා, සුතා ධම්මා අභිණ්හසො, සුත්‍වාන පටිපජ්ජිස්සං අඤ්ජසං අමතොගධං”

“භවරාගහතස‍්ස මෙ සතො, භවරාගො පුන මෙ න විජ‍්ජති; න චාහු න ච මෙ භවිස‍්සති, න ච මෙ එතරහි විජ‍්ජතී”ති. – ගාථාද‍්වයං අභාසි.

“භවරාගහතස්ස මෙ සතො භවරාගො පුන මෙ න විජ්ජති, නචාහු නච මෙ භවිස්සති නච මෙ එතර හිපි විජ්ජතී”

තත්‍ථ උපාසිතාති පරිචරිතා පටිපත‍්තිපයිරුපාසනාය පයිරුපාසිතා. සප‍්පුරිසාති සන‍්තෙහි සීලාදිගුණෙහි සමන‍්නාගතා පුරිසා, අරියපුග‍්ගලා සාරිපුත‍්තත්‍ථෙරාදයො. එතෙන පුරිමචක‍්කද‍්වයසම‍්පත‍්තිමත‍්තනො දස‍්සෙති. න හි පතිරූපදෙසවාසෙන විනා සප‍්පුරිසූපනිස‍්සයො සම‍්භවති. සුතා ධම‍්මාති සච‍්චපටිච‍්චසමුප‍්පාදාදිපටිසංයුත‍්තධම‍්මා සොතද‍්වාරානුසාරෙන උපධාරිතා. එතෙන අත‍්තනො බාහුසච‍්චං දස‍්සෙන‍්තො පච‍්ඡිමචක‍්කද‍්වයසම‍්පත‍්තිං දස‍්සෙති. අභිණ‍්හසොති බහුසො න කාලෙන කාලං. ඉදඤ‍්ච පදං “උපාසිතා සප‍්පුරිසා”ති එත්‍ථාපි යොජෙතබ‍්බං. සුත්‍වාන පටිපජ‍්ජිස‍්සං, අඤ‍්ජසං අමතොගධන‍්ති තෙ ධම‍්මෙ සුත්‍වා තත්‍ථ වුත‍්තරූපාරූපධම‍්මෙ සලක‍්ඛණාදිතො පරිග‍්ගහෙත්‍වා අනුක‍්කමෙන විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අමතොගධං නිබ‍්බානපතිට‍්ඨං තංසම‍්පාපකං අඤ‍්ජසං අරියං අට‍්ඨඞ‍්ගිකං මග‍්ගං පටිපජ‍්ජිං පාපුණිං.

එහි “උපාසිතා” ඇසුරු කරන ලදි. පිළිවෙත් පිරීම්, ඇසුරු කිරීම් ආදියෙන් (ආශ්‍රය කිරීම) පයුරු පාසනය කරන ලදි. “සප්පුරිසා” ශාන්ත වූ සීලාදී ගුණ මහිමයෙන් යුක්ත වූ සාරිපුත්‍රාදී ආර්ය පුද්ගලයෝ. සත්පුරුෂයෝය. මෙයින් තමන් වහන්සේගේ පූර්ව සම්පත්ති දෙක දක්වයි. සත්පුරුෂ ආශ්‍රය සුදුසු පෙදෙසක වාසය කිරීමෙන් තොරව නොලැබෙන්නේ ම ය. (සත්පුරුෂාශ්‍රය හා සුදුසු පෙදෙසක විසීම යන පූර්ව සම්පත් ලැබීම මෙහිදී අදහස් වේ.) “සුතාධම්මා” චතුරාර්ය සත්‍යය, ප්‍රතීත්‍ය සමුත්පාදී ප්‍රතිසංයුක්ත ධර්ම ශ්‍රෝතද්වාරයෙන් සිතෙහි ධාරණය කරගත්තෙමි. මෙයින් තමන් වහන්සේගේ සද්ධර්‍ම ශ්‍රවණය හා බහුශ්‍රැතභාවය යන චක්‍රසම්පත් දෙක සිද්ධ වූ බව දක්වයි. “අභිණ්හසො” නිතර ම, බොහෝ වශයෙන්, කලින් කලට නොවේ. මේ පදය “සත්පුරුෂයෝ නිතරම ඇසුරු කළෙමි” යනුවෙන් ද “නිතරම ධර්මය ඇසුවෙමි” යනුවෙන් ද යෙදිය යුතුයි. “සුත්‍වාන පරිපජ්ජිස්සං අඤ්ඡසං අමතොගධං” ඒ ධර්මය අසා, එහි කියැවෙන රූප, අරූප ධර්මයන්හි ලක්‍ෂණ වශයෙන් ගෙන අනුක්‍රමයෙන් විදසුන් භාවනාව වඩා නිවණට පැමිණියෙමි. නිවණෙහි පිහිටියෙහි. නිවණට පැමිණෙන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළෙමි.

භවරාගහතස‍්ස මෙ සතොති භවරාගෙන භවතණ‍්හාය අනාදිමති සංසාරෙ හතස‍්ස උපද‍්දුතස‍්ස මම සතො සමානස‍්ස, අග‍්ගමග‍්ගෙන වා හතභවරාගස‍්ස. භවරාගො පුන මෙ න විජ‍්ජතීති තතො එව පුන ඉදානි භවරාගො මෙ නත්‍ථි. න චාහු න මෙ භවිස‍්සති, න ච මෙ එතරහි විජ‍්ජතීති යදිපි පුබ‍්බෙ පුථුජ‍්ජනකාලෙ සෙක‍්ඛකාලෙ ච මෙ භවරාගො අහොසි, අග‍්ගමග‍්ගප‍්පත‍්තිතො පන පට‍්ඨාය න චාහු න ච අහොසි, ආයතිම‍්පි න මෙ භවිස‍්සති, එතරහි අධුනාපි න ච මෙ විජ‍්ජති න ච උපලබ‍්භති, පහීනොති අත්‍ථො. භවරාගවචනෙනෙව චෙත්‍ථ තදෙකට‍්ඨතාය මානාදීනම‍්පි අභාවො වුත‍්තොති සබ‍්බසො පරික‍්ඛීණභවසංයොජනතං දස‍්සෙති.

“භවරාගහතස්ස මෙ සතො” භව රාගයෙන්, භව තණ්හාවෙන් අනාදිමත් කාලයක් සසර මම නැසුනෙමි. උපද්‍රවයට පත්වීමි. ඊට හේතු වූ භවරාගය මවිසින් දැන් ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් නැසුවෙමි. “භවරාගො පුන මෙන විජ්ජති” එනිසාම නැවත භවරාගය මගේ සිතේ නූපදී. නැවත භවරාගය ඇති නොවේ. “න චාහු න මෙ භවිස්සති න ච මෙ එතරහි විජ්ජති.” ඉඳින් පෙර පුහුදුන් කාලයේ මට භව රාගය විය. ආර්ය මාර්ගයේ අවබෝධයක් (රහත්වීම) සමග ම එය නැති විය. අනාගතයේ දී මට භවරාගය ඇති නොවන්නේ ය. දැන් ද භවරාගය මා තුල විද්‍යමාන නොවේම ය. එය ප්‍රහීණ කරන ලද්දෙමි. මෙහි භවරාග යන වචනයෙන් ඒ හා සමගම යෙදෙන මානාදී සංයෝජන ද ප්‍රහීන කරන ලද බව පැවසේ. සියලුම ආකාරයෙන් දස සංයෝජන ධර්මයෝම ක්‍ෂය කරන ලද බව මෙහිදී දැක්වේ.

කණ‍්හදින‍්නත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කණ්හදින්න ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

තතියවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

තෙවන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.