වසභත්‍ථෙරගාථා
2. 1. 10.
2. 1. 10.
139. පුබ‍්බෙ හන‍්ති අත‍්තානං පච‍්ඡා හන‍්ති සො පරෙ, සුහතං හන‍්ති අත‍්තානං වීතසෙනෙව පක‍්ඛිමා.
139. කුහක තෙමේ පළමු මැ තමා නසන්නේ යැ, හෙතෙම පසුවැලා මෙරමා ද නසන්නේ යැ, ලිහිණිවැදි වීතංසයෙන් (ලිහිණියන් මුළාකරන වැස්මෙන්) ලිහිණින් නසන්නාක් මෙන් තමා සුහත කොට නසන්නේ යැ.
140. න බ්‍රාහ‍්මණො බහිවණ‍්ණො අන‍්තො වණ‍්ණො හි බ්‍රාහ‍්මණො, යසුමිං පාපානි කම‍්මානි ස වෙ කණ‍්හො සුජම‍්පතී’ති.
140. බැහැර ඊර්‍ය්‍යාපථසම්පත්ති ඇත්තේ බ්‍රාහ්මණ නො වෙයි. ඇතුළත ශීලාදි සම්පත් ඇත්තේ මැ බ්‍රාහ්මණ වෙයි. ශක්‍රය, යමකු කෙරෙහි පාපකර්‍මයෝ ඇත් ද, හේ ඒකාන්තයෙන් නිහීන පුද්ගලයෙක් වන්නේ ය යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා වසභො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසේ ආයුෂ්මත් වසභ ස්ථවිරයන් වහන්සේ ...
වසභත්‍ථෙරගාථා.
වසභ ස්ථවිරගාථා යි.
වග‍්ගො පඨමො.
ප්‍රථම වර්‍ගය යි
තස‍්සුද‍්දානං:
උද්දානය:
උත‍්තරො චෙව පිණ‍්ඩොලො වල‍්ලිතො තීරියො ඉසි, අජිනො ච මෙලජිනො රාධො සුරාධො ගොතමො, වසභෙන ඉමෙ හොන‍්ති දස ථෙරා මහිද‍්ධිකා’ති.
උත්තර යැ, පිණ්ඩෝල යැ, වල්ලිය යැ, තිරිය යැ, අජින යැ, මෙළජින යැ, රාධ යැ, සුරාධ යැ, ගොතම යැ, වසභ යැ යන රහතුන් වහන්සේලා වදාළ ගාථා යි.