ඉසිදත‍්තත්‍ථෙරගාථා
1. 12. 10.
1. 12. 10.
120. පඤ‍්චක‍්ඛන්‍ධා පරිඤ‍්ඤාතා තිට‍්ඨන‍්ති ඡින‍්නමූලකා, දුක‍්ඛක‍්ඛයො අනුප‍්පත‍්තො පත‍්තො මෙ ආසවක‍්ඛයො’ති.
120. පඤ්චස්කන්‍ධයෝ (මා විසින්) පරිඥාතයහ. ඔහු මුල්සුන් වැ සිටිති. මා විසින් දුඃඛක්‍ෂය සඞ්ඛ්‍යාත නිවන ලබනලද, ආස්‍රවක්‍ෂය (අර්‍හත්ත්‍වය) ලබනලදැ යි.
ඉත්‍ථං සුදං ආයස‍්මා ඉසිදත‍්තො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.
මෙසේ ... ඉසිදත්ත ස්ථවිරයන් වහන්සේ …
ඉසිදත‍්තත්‍ථෙරගාථා.
ඉසිදත්ත ස්ථවිරගාථා යි.
වග‍්ගො ද‍්වාදසමො.
දොළොස් වැනි වග යි.
තස‍්සුද‍්දානං:
උද්දානය:
ජෙන‍්තො ච වච‍්ඡගොත‍්තො ච වච‍්ඡො ච වනසව‍්හයො, අධිමුත‍්තො මහානාමො පාරාසරියො යසො පි ච, කිම‍්බිලො වජ‍්ජිපුත‍්තො ච ඉසිදත‍්තො මහායසො’ති.
ජෙන්ත ස්ථවිර යැ, වච්ඡගොත්ත ස්ථවිර යැ, වනවච්ඡ ස්ථවිර යැ, අධිමුත්ත ස්ථවිර යැ, මහානාම ස්ථවිර යැ, පාරාසරිය ස්ථවිර යැ, යස ස්ථවිර යැ, කිම්බිල ස්ථවිර යැ, වජ්ජිපුත්ත ස්ථවිර යැ, ඉසිදත්ත ස්ථවිර යැ යි දොළොස් වැනි වගැ තෙරවරු දස දෙනෙකි.
තත්‍රුද‍්දානං:
වීසුත‍්තරසතං ථෙරා කතකිච‍්චා අනාසවා, එකකෙව නිපාතම‍්හි සුසඞ‍්ගීතා මහෙසිභී’ති.
කොට නිමැවූ බඹසර කිස ඇති අනාස්‍රව වූ මහර්ෂී වූ තෙරවරු එක්සියවිසි දෙනෙක් ඒකක නිපාතයෙහි මැ ගාථා වදාළහ යි.
එකකනිපාතො නිට‍්ඨිතො.
ඒකකනිපාතය නිමි.