යෙදුමෙන් කියවන්න

සානුත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සානුත්‍ථෙරගාථාවණ‍්ණනා

සානු ස්ථවිරගාථා වර්ණනාව

මතං වා අම‍්ම රොදන‍්තීති ආයස‍්මතො සානුත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො ඉතො චතුනවුතෙ කප‍්පෙ සිද‍්ධත්‍ථස‍්ස භගවතො හත්‍ථපාදධොවනමුඛවික‍්ඛාලනානං අත්‍ථාය උදකං උපනෙසි. සත්‍ථා හි භොජනකාලෙ හත්‍ථපාදෙ ධොවිතුකාමො අහොසි. සො සත්‍ථු ආකාරං සල‍්ලක‍්ඛෙත්‍වා උදකං උපනෙසි. භගවා හත්‍ථපාදෙ ධොවිත්‍වා භුඤ‍්ජිත්‍වා මුඛං වික‍්ඛාලෙතුකාමො අහොසි. සො තම‍්පි ඤත්‍වා මුඛොදකං උපනෙසි. සත්‍ථා මුඛං වික‍්ඛාලෙත්‍වා මුඛධොවනකිච‍්චං නිට‍්ඨාපෙසි. එවං භගවා අනුකම‍්පං උපාදාය තෙන කරීයමානං වෙය්‍යාවච‍්චං සාදියි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං අඤ‍්ඤතරස‍්ස උපාසකස‍්ස ගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්මිං ගබ‍්භගතෙයෙව පිතා පවාසං ගතො, උපාසිකා දසමාසච‍්චයෙන පුත‍්තං විජායිත්‍වා සානූතිස‍්ස නාමං අකාසි. තස‍්මිං අනුක‍්කමෙන වඩ‍්ඪන‍්තෙ සත‍්තවස‍්සිකංයෙව නං භික‍්ඛූනං සන‍්තිකෙ පබ‍්බාජෙසි, “එවමයං අනන‍්තරායො වඩ‍්ඪිත්‍වා අච‍්චන‍්තසුඛභාගී භවිස‍්සතී”ති. “සො සානුසාමණෙරො”ති පඤ‍්ඤාතො පඤ‍්ඤවා වත‍්තසම‍්පන‍්නො බහුස‍්සුතො ධම‍්මකථිකො සත‍්තෙසු මෙත‍්තජ‍්ඣාසයො හුත්‍වා දෙවමනුස‍්සානං පියො අහොසි මනාපොති සබ‍්බං සානුසුත‍්තෙ ආගතනයෙන වෙදිතබ‍්බං.

“මතං වා අම්ම රොදන්තී” යනු ආයුෂ්මත් සානු තෙරුන් වහන්සේගේ ගාථාවයි. එම ගාථාවේ උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නිර්වාණය පතාගෙන පින්දහම් රැස්කරගත්හ. මෙයින් කල්ප අනූ හතරකට පෙර සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට අත්පා දෙවීමට හා මුව සෝදා ගැනීමට ජලය ගෙනවිත් දුන් ඔහු නිතර උන්වහන්සේට උපස්ථාන කළේය. ශාස්තෲන් වහන්සේ දානය වළඳන වේලාවෙහි අත් පා සෝදා ගැනීමට කැමති වූ සේක. ඔහු ශාස්තෲන් වහන්සේගේ අදහස දැන වහාම දිය ගෙනැවිත් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ අත් පා සෝදාගෙන දානය වළඳා අවසන, මුව සෝදාගනු කැමතිවිය. ඔහු එම කරුණද වහා දැනගෙන මුවදෝනා පැන් පිළිගැන්වීය. ශාස්තෲන් වහන්සේ මුව සෝදාගෙන එම කටයුතු අවසන් කළ සේක. මෙලෙස භාග්‍යවතුන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ඔහුගේ සියලු ඇප උපස්ථාන ඉවසූ සේක. හෙතෙම එසේ කරගත් පුණ්‍ය සම්භාර ධර්‍මය නිසා දෙව්ලොව ඉපිද, තව තවත් පින්දහම් කරගෙන දෙව් මිනිසුන් අතර ම සැරි සැරුවේය. අපගේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි සැවැත්නුවර එක්තරා උපාසකයෙකුගේ ගෙදර පිළිසිඳ ගත්තේය. ඔහු පිළිසිඳගත් කල්හිම පියා ගෙදරින් පිටවී වෙනත් පෙදෙසක වාසයට ගියේය. උපාසිකාව දසමසක් ඇවෑමෙන් පුතකු බිහිකර, ඔහුට “සානු” යන නාමය තැබුවාය. අනුක්‍රමයෙන් වැඩුණු සානු කුමරු සත් හැවිරිදි වියේදීම, භික්‍ෂූන් සමීපයට ගෙන ගොස් පැවිදි කරවූවාය. “මේ සසුනෙහි අප්‍රමාදීව වාසය කර අතිශයින්ම සැපදායක වූ නිවන ලබන්නෙමි.” යන අදහසින් පැවිදි වූ එකුමරු සානු සාමණේර නමින් ප්‍රකට විය. ඉතා ප්‍රඥාවන්ත වූ උන්වහන්සේ වත් පිළිවෙත් හි මනාව සපුරා, බහුශ්‍රැතව ධර්ම කථිකයෙක්ව සත්ත්‍වයන් කෙරෙහි මෙත් සහගතව වාසය කළ බැවින් දෙව් මිනිසුන් සැමට ම ප්‍රිය - මනාප වූ පුද්ගලයෙක් වූහ. එම තොරතුරු සියල්ල සානු සූත්‍රයෙහි පැමිණි ආකාරයෙන්ම දැනගත යුතුයි.

තස‍්ස අතීතජාතියං මාතා යක‍්ඛයොනියං නිබ‍්බත‍්ති. තං යක‍්ඛා “සානුත්‍ථෙරස‍්ස අයං මාතා”ති ගරුචිත‍්තිකාරබහුලා හුත්‍වා මානෙන‍්ති. එවං ගච‍්ඡන‍්තෙ කාලෙ පුථුජ‍්ජනභාවස‍්ස ආදීනවං විභාවෙන‍්තං විය එකදිවසං සානුස‍්ස යොනිසො මනසිකාරාභාවා අයොනිසො උම‍්මුජ‍්ජන‍්තස‍්ස විබ‍්භමිතුකාමතාචිත‍්තං උප‍්පජ‍්ජි. තං තස‍්ස යක‍්ඛිනිමාතා ඤත්‍වා මනුස‍්සමාතුයා ආරොචෙසි – “තව පුත‍්තො, සානු, ‘විබ‍්භමිස‍්සාමී’ති චිත‍්තං උප‍්පාදෙසි, තස‍්මා ත්‍වං –

සානු සාමණේරයන්ගේ අතීත භාවයේ මව, යක්‍ෂයෝනියෙහි ඉපිද සිටියාය. ඒ යකින්නට “මැය සානු තෙරුන්ගේ මෑණියෝය”යි සෙසු යක්‍ෂයෝ ගරුසිත් උපදවා ගෙන ගරුසත්කාර කරති. මෙසේ කල්ගතවන විට පුහුදුන් භාවයෙහි ආදීනව ප්‍රකාශ කරන්නාක් මෙන් එක් දිනක් සාණු සාමණේරයන්ට නුවණින් කල්පනා කිරීමට නොහැකි වූ බැවින් අනුවණින් යුතු වූයේ සිවුරු හැරීමේ සිතක් පහළ විය. එය වහා දැනගත් යක්ෂ මව, මනුෂ්‍ය මව වෙත ගොස් “ඔබේ පුතා සිවුරු හරිනු කැමතිව සිටී” යැයි දැනුම් දුන්නාය. “එනිසා නුඹ වහා උන්වහන්සේ වෙත ගොස් මේ ගාථාවන් කියව”යි පැවසූ යක්‍ෂණිය අතුරුදහන් වූවාය.

“සානුං පබුද‍්ධං වජ‍්ජාසි, යක‍්ඛානං වචනං ඉදං; මාකාසි පාපකං කම‍්මං, ආවි වා යදි වා රහො.

සානු මා බුද්ධං වජ්ජාසි - යක්‍ඛිණී වචනං ඉදං, මාකාසි පාපකං කම්මං - ආවී වා යදි වා රහො.

“සචෙ ත්‍වං පාපකං කම‍්මං, කරිස‍්සසි කරොසි වා; න තෙ දුක‍්ඛා පමුත්‍යත්‍ථි, උප‍්පච‍්චාපි පලායතො”ති. (සං· නි· 1.239; ධ· ප· අට‍්ඨ· 2.325 සානුසාමණෙරවත්‍ථු) –

සචෙ ත්‍වං පාපකං කම්මං - කරිස්සසි කරොසි වා, නතෙ දුක්ඛා පමුත්‍යත්‍ථි - උප්පච්චාපි පලායතො.

එවං භණාහී”ති. එවඤ‍්ච පන වත්‍වා යක‍්ඛිනිමාතා තත්‍ථෙවන‍්තරධායි.

“සානු! නුඹ බුදුරජාණන් වහන්සේට වරදක් නොකරව, ප්‍රකටව හෝ අප්‍රකටව කිසිදු පාප කර්මයක් නොකරව, මෙය යක්‍ෂණියගේ ඉල්ලීමයි. ඉදින් නුඹ පාපකර්‍මයක් කරන්නේ හෝ කරවන්නේ නම් නුඹට දුකින් මිදීමක් නම් නැත. නුඹ වෙතින් සියල්ලෝම දුරුවෙති.

මනුස‍්සමාතා පන තං සුත්‍වා පරිදෙවසොකසමාපන‍්නා චෙතොදුක‍්ඛසමප‍්පිතා අහොසි. අථ සානුසාමණෙරො පුබ‍්බණ‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය මාතු සන‍්තිකං උපගතො මාතරං රොදමානං දිස‍්වා “අම‍්ම, කිං නිස‍්සාය රොදසී”ති වත්‍වා “තං නිස‍්සායා”ති ච වුත‍්තො මාතු “මතං වා, අම‍්ම, රොදන‍්ති, යො වා ජීවං න දිස‍්සතී”ති ගාථං අභාසි.

මනුෂ්‍ය මව මෙය අසා වැලපෙමින්, දැඩි ශෝකයෙන් වෙලුණි. සිතේ දුක්දොම්නස් ඇත්තී වූවාය. ඉක්බිති සානු සාමණේරයෝ පෙරවරු සමයෙහි හැඳ පොරවාගෙන පා සිවුරු රැගෙන මව සමීපයට පැමිණියහ. පැමිණ අඬන මව දුටු උන්වහන්සේ, “මෑණියනි! කුමක් නිසා අඬන්නෙහිද?යි ඇසූහ. මව “නුඹ වහන්සේ නිසා අඬමි”යි කීවාය. එවිට සානු හිමියෝ, “මතං වා අම්ම රොදන්තී - යො වා ජීවං න දිස්සතී” යන ගාථාව පැවසූහ.

තස‍්සත්‍ථො – “අම‍්ම, රොදන‍්තා නාම ඤාතකා මිත‍්තා වා අත‍්තනො ඤාතකං මිත‍්තං වා මතං උද‍්දිස‍්ස රොදන‍්ති පරලොකං ගතත‍්තා, යො වා ඤාතකො මිත‍්තො වා ජීවං ජීවන‍්තො දෙසන‍්තරං පක‍්කන‍්තතාය ච න දිස‍්සති, තං වා උද‍්දිස‍්ස රොදන‍්ති, උභයම‍්පෙතං මයි න විජ‍්ජති, එවං සන‍්තෙ ජීවන‍්තං ධරමානං මං පුරතො ඨිතං පස‍්සන‍්තී; කස‍්මා, අම‍්ම, රොදසි?මං උද‍්දිස‍්ස තව රොදනස‍්ස කාරණමෙව නත්‍ථී”ති.

එහි අර්ථය මෙසේය. “මෑණියනි! හැඬීම් නම් නෑ මිතුරෝ තම ඤාති හිත මිත්‍රාදීහු මැරුණුවිටම සිදුකරති. පරලොව ගිය බැවින් ම ඔවුහු උදෙසා වැලපෙති. යම් ඤාති හිත මිත්‍රාදියෙක් ජීවත් වෙමින් සිට වෙනත් දේශයකට යන්නේ නම් ඔහු ද දක්නට නොලැබෙන බැවින්, ඔහු උදෙසාද හඬති. වැලපෙති. මේ කරුණු දෙකම මා පිළිබඳව විද්‍යමාන නොවේ. එබැවින් නුඹ ඉදිරියේම ජීවත් වෙමින් සිටින මා පිළිබඳව මෑණියනි! නුඹ කුමක් නිසා හඬන්නී ද? මා වෙනුවෙන් හැඬීමට නුඹට කිසිම කරුණක්, හේතුවක් නැත” එය ඇසූ මව “මහණෙනි! යමෙක් ශික්‍ෂාපද ප්‍රතික්‍ෂේප කර ගිහි බවට පැමිණෙන්නේ නම් එය ආර්ය විනයෙහි මරණයක් යැයි කියැවේ.” යන සූත්‍ර පදය අනුසාරයෙන් “උපැවිදිවීම ආර්ය විනයෙහි මරණය නම් වේ.” යැයි දක්වන්නී මේ ගාථා දෙක කීවාය.

තං සුත්‍වා තස‍්ස මාතා “මරණඤ‍්හෙතං, භික‍්ඛවෙ, යො සික‍්ඛං පච‍්චක‍්ඛාය හීනායාවත‍්තතී”ති (ම· නි· 3.63) සුත‍්තපදානුසාරෙන උප‍්පබ‍්බජනං අරියස‍්ස විනයෙ මරණන‍්ති දස‍්සෙන‍්තී –

“මතං වා පුත‍්ත රොදන‍්ති, යො වා ජීවං න දිස‍්සති; යො ච කාමෙ චජිත්‍වාන, පුනරාගච‍්ඡතෙ ඉධ.

“මතං වා පුත්ත රොදන්ති යොවා ජීවං න දිස්සතී, යොච කාමෙ චජිත්‍වාන පුනරාගච්ඡතෙ ඉධ.

“තං වාපි පුත‍්ත රොදන‍්ති, පුන ජීවං මතො හි සො; කුක‍්කුළා උබ‍්භතො තාත, කුක‍්කුළං පතිතුමිච‍්ඡසී”ති. (සං· නි· 1.239; ධ· ප· අට‍්ඨ· 2.සානුසාමණෙරවත්‍ථු) –

තඤ්චාපි පුත්ත රොදන්ති - පුන ජීවං මතො හි සො, කුක්කුලා උබ්භතො තාත කුක්කුලං පතිතුමිච්ඡසී”

ගාථාද‍්වයං අභාසි.

“පුතේ! මැරුණු පුද්ගලයා නිසා හෝ යමෙක් ජීවත් වුවත් නොපෙනේ ද (දුරුරට වාසය නිසා) ඔහු වෙනුවෙන් ද ඥාති හිතමිත්‍රාදීහු හඬති. යමෙක් මේ ගිහි සැප හැර දමා පැවිදි ව නැවත ගිහි බවට පැමිණේ නම් ඔහු ජීවත් වුවත් මළ අයෙකු වැනිය. මම ඔහු නිසා හඬමි. කුක්කුල නිරයෙන් ගොඩ ආ නුඹ නැවත ඒ නිරයට ම පැමිණීමට සිතන්නෙහිද?”

තත්‍ථ කාමෙ චජිත්‍වානාති නෙක‍්ඛම‍්මජ‍්ඣාසයෙන වත්‍ථුකාමෙ පහාය, තඤ‍්ච කිලෙසකාමස‍්ස තදඞ‍්ගප‍්පහානවසෙන වෙදිතබ‍්බං. පබ‍්බජ‍්ජා හෙත්‍ථ කාමපරිච‍්චාගො අධිප‍්පෙතො. පුනරාගච‍්ඡතෙ ඉධාති ඉධ ගෙහෙ පුනදෙව ආගච‍්ඡති, හීනායාවත‍්තනං සන්‍ධාය වදති. තං වාපීති යො පබ‍්බජිත්‍වා විබ‍්භමති , තං වාපි පුග‍්ගලං මතං වියමාදිසියො රොදන‍්ති. කස‍්මාති චෙ? පුන ජීවං මතො හි සොති විබ‍්භමනතො පච‍්ඡා යො ජීවන‍්තො, සො ගුණමරණෙන අත්‍ථතො මතොයෙව. ඉදානිස‍්ස සවිසෙසසංවෙගං ජනෙතුං “කුක‍්කුළා”තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – “අහොරත‍්තං ආදිත‍්තං විය හුත්‍වා ඩහනට‍්ඨෙන කුක‍්කුළනිරයසදිසත‍්තා කුක‍්කුළා ගිහිභාවා අනුකම‍්පන‍්තියා මයා උබ‍්භතො උද‍්ධතො, තාත සානු, කුක‍්කුළං පතිතුං ඉච‍්ඡසි පතිතුකාමොසී”ති.

එහි “කාමෙ චජිත්‍වාන” යනු නික්මීමේ (නෙක්ඛම්ම) අදහසින් වස්තු කාමයන් අත්හැර දමා; එහිදී ක්ලේශ කාමය ද තාවකාලිකව ප්‍රහාණය කිරීම අදහස් වේ. පැවිදිවීම මෙහිදී කාමයන් අත්හැරීම ලෙස දතයුතුයි. “පුනරාගච්ඡිතෙ ඉධ” යනු මේ ගෙදරටම නැවත එන්නේ ය. මෙය ගිහිබවට පත්වීම අරමුණු කරගෙන කියයි. “තඤ්චාපි” යනු යමෙක් පැවිදිව නැවත සිවුරු හැර යැයි ද ඔහු වැනි පුද්ගලයෝ මැරුණු අය හා සමානය. එනිසා මා වැන්නන් ඊට හඬති. කුමක් නිසා ද? “පුන ජීවං මතො හි සො” යනු යමෙක් ගිහිබවට පත්වුවත් පසුව ඔහු ජීවත් වේ. නමුත් ගුණයන්ගේ හීනවීමක්, මැරීයාමෙන් ඔහු මළ පුද්ගලයෙකු සේ සළකන්නේ ම ය. දැන් එම සාමණේරයන්ට විශේෂයෙන් සංවේග ඉපිදවීමට ‘කුක්කුලා’ යනාදිය පැවසුවාය. එහි අර්ථ මෙසේය. – “ගිනිගෙන දැවෙන අර්ථයෙන් ගිහිගෙය කුක්කුල නිරය හා සමානය. එනිසා ගිහිබවට යෑම කුක්කුල නිරයට යෑමකි. නුඹට අනුකම්පා කළ මවිසින් නුඹ කුක්කුල නිරයෙන් (ගිහිබවින්) ඔසවා උඩට ගෙන තැබුවෙමි. සානු පුතේ! නුඹ නැවත එයට වැටීමට කැමති වන්නෙහි ද?”

තං සුත්‍වා සානුසාමණෙරො සංවෙගජාතො හුත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.21.25-29) –

මෙය ඇසූ සානු සාමණේරයෝ උපන් සංවේග ඇතිව, විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් බවට පත්වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වන ලදි.

“භුඤ‍්ජන‍්තං සමණං දිස‍්වා, විප‍්පසන‍්නමනාවිලං; ඝටෙනොදකමාදාය, සිද‍්ධත්‍ථස‍්ස අදාසහං.

“මෙම පැහැදුණු ඉඳරන් ඇති, කෙලෙස් කැලඹිලි නැති, දානය වළඳන ඒ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ දැක පැහැදී; උන්වහන්සේට කළයෙන් දිය ගෙනවුත් දුනිමි. ඒ පින්කමේ විපාක වශයෙන් මම අද පහවූ සැක ඇතිව පිරිසිදු වූයෙමි. නිර්මල වූයෙමි. භවයෙහි උපදිනා කල්හි මට යහපත් විපාක ඇතිවිය.

“නිම‍්මලො හොමහං අජ‍්ජ, විමලො ඛීණසංසයො; භවෙ නිබ‍්බත‍්තමානස‍්ස, ඵලං නිබ‍්බත‍්තතෙ සුභං.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, උදකං යමදාසහං; දුග‍්ගතිං නාභිජානාමි, දකදානස‍්සිදං ඵලං.

මෙයින් කල්ප අනූහතරකට පෙර යම් ජල දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. ජල දානයේ විපාකය මෙබඳුය.

“එකසට‍්ඨිම‍්හිතො කප‍්පෙ, එකොව විමලො අහු; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

ඒ මම මෙයින් කල්ප හැට එකකට පෙර, සත් රුවනින් යුතු මහත් බල ඇති විමල නම් සක්විති රජකෙනෙක් වූයෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ථෙරො ඉමිස‍්සා ගාථාය වසෙන “මය‍්හං විපස‍්සනාරම‍්භො අරහත‍්තප‍්පත‍්ති ච ජාතා”ති උදානවසෙන තමෙව ගාථං පච‍්චුදාහාසි.

රහත් බවට පත්වූ සානු තෙරණුවෝ, මේ ගාථාව නිසා මාගේ විදර්ශනා ආරම්භය ද අරහත් බවට පත්වීම ද සිදුවීයැයි උදන් ඇණීම් වශයෙන් එම ගාථාවම නැවත දේශනා කළ සේක.

සානුත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සානු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.