රමණීයවිහාරිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
රමණීයවිහාරිත්ථෙරගාථාවණ්ණනා
රමණීයවිහාරී ස්ථවිරගාථා වර්ණනාව
යථාපි භද්දො ආජඤ්ඤොති ආයස්මතො රමණීයවිහාරිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ පුඤ්ඤානි උපචිනන්තො ඉතො එකනවුතෙ කප්පෙ විපස්සිං භගවන්තං දිස්වා පසන්නමානසො පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා කොරණ්ඩපුප්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවෙසු නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ අඤ්ඤතරස්ස සෙට්ඨිස්ස පුත්තො හුත්වා නිබ්බත්තො යොබ්බනමදෙන කාමෙසු මුච්ඡං ආපන්නො විහරති. සො එකදිවසං අඤ්ඤතරං පාරදාරිකං රාජපුරිසෙහි විවිධා කම්මකාරණා කරීයමානං දිස්වා සංවෙගජාතො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පබ්බජි. පබ්බජිතො ච රාගචරිතතාය නිච්චකාලං සුසම්මට්ඨං පරිවෙණං සූපට්ඨිතං පානීයපරිභොජනීයං සුපඤ්ඤතං මඤ්චපීඨං කත්වා විහරති. තෙන සො රමණීයවිහාරීත්වෙව පඤ්ඤායිත්ථ.
“යථාපි භද්දෙ ආජඤ්ඤෙ” යනු ආයුෂ්මත් රමණීය විහාරි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි ඉපිද බොහෝ පින් රැස්කරගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතින් පසඟ පිහිටුවා වැඳි, හෙතෙම කෝරණ්ඩ මලින් පූජා කළේය. ඒ පින්කමෙන් දෙව්ලොව උපන් ඔහු තව තවත් භවයන් හි දී පින්දහම් රැස්කර කාම සුගති ලෝකයන්හිම සැරිසරා; මේ බුද්ධෝත්පාද කාලයේ රජගහනුවර එක්තරා සිටු පුතෙක් ව ඉපදුණේය. ඔහු යෞවන මදයෙන් කාමයන් හි මුළාවට පැමිණ එහි ගැලී වාසය කරයි. ඔහු එක්දිනක් එක්තරා පර අඹුවක් කරා යන්නෙකු රාජ පුරුෂයන් විසින් අල්ලා විවිධාකාර දඬුවම් දෙනු දැක; සංවේග උපදවා ශාස්තෲන් වහන්සේ කරා අවුත් ධර්මශ්රවණය කොට සසුනේ පැවිදි වූයේය. පැවිදි වුවත් ඔහු ස්වභාවයෙන්ම රාග චරිතයකු බැවින් පිරිවෙණ මැනවින් අතුපතුගෑමෙහි ද පානය කරන හා පරිහරණය කරන පැන් මැනවින් ගෙනැවිත් තැබීමෙහි ද ඇඳපුටු මැනවින් පැනවීමෙහි ද නියැලී වාසය කරයි. මෙනිසා උන්වහන්සේ, “රමණීය විහාරී” නාමයෙන් ප්‍රකට වූහ.
සො රාගුස්සන්නතාය අයොනිසො මනසි කරිත්වා සඤ්චෙතනිකං සුක්කවිස්සට්ඨිආපත්තිං ආපජ්ජිත්වා, “ධිරත්ථු, මං එවංභූතො සද්ධාදෙය්යං භුඤ්ජෙය්ය”න්ති විප්පටිසාරී හුත්වා “විබ්භමිස්සාමී”ති ගච්ඡන්තො අන්තරාමග්ගෙ රුක්ඛමූලෙ නිසීදි, තෙන ච මග්ගෙන සකටෙසු ගච්ඡන්තෙසු එකො සකටයුත්තො ගොණො පරිස්සමන්තො විසමට්ඨානෙ ඛලිත්වා පති, තං සාකටිකා යුගතො මුඤ්චිත්වා තිණොදකං දත්වා පරිස්සමං විනොදෙත්වා පුනපි ධුරෙ යොජෙත්වා අගමංසු. ථෙරො තං දිස්වා – “යථායං ගොණො සකිං ඛලිත්වාපි උට්ඨාය සකිං ධුරං වහති, එවං මයාපි කිලෙසවසෙන සකිං ඛලිතෙනාපි වුට්ඨාය සමණධම්මං කාතුං වට්ටතී”ති යොනිසො උම්මුජ්ජන්තො නිවත්තිත්වා උපාලිත්ථෙරස්ස අත්තනො පවත්තිං ආචික්ඛිත්වා තෙන වුත්තවිධිනා ආපත්තිතො වුට්ඨහිත්වා සීලං පාකතිකං කත්වා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.21.35-39) –
උන්වහන්සේ දිනක් රාගය උත්සන්න වී නුවණින් මෙනෙහි නොකිරීම නිසා දැන දැන ශුක්‍ර මෝචනය කිරීමේ ඇවතට පත්ව “මා හට නින්දාවේවා! මෙසේ දායක කාරකාදීහූ ශ්‍රද්ධාවෙන් දුන් දෙය වළඳා මෙසේ කළ මා හට නින්දා වේවා” යි විපිළිසර වූසේක්; “ගිහිබවට පත්වන්නෙමි”යි සිතා ගෙන විහාරයෙන් පිටව ගොස් අතරමඟ එක් ගසක් මුල හුන්හ. ඒ මාර්ගයෙන් යන කරත්ත පේලියක යෙදූ එක් ගොනෙකු වෙහෙසට පත්ව, විෂම තැනකදී පය පැකිලී වැටුණේය. ඒ ගැල් කරුවෝ එම ගොනා දැලෙන් මුදවා තණ දිය ආදිය දී වෙහෙස දුරු වූ පසු නැවතත් ගැලෙහි යොදා පිටත්ව ගියහ. මෙය දුටු තෙරුන් වහන්සේ, “මේ ගොනා වරක් පැකිලී වැටී නැවත නැගිට සිය ගැල ඇදගෙන ගියේය. එලෙසින්ම මම ද වරක් කෙලෙස් වසඟ වීම නිසා පැවිදි භාවයෙන් වැටුනෙමි. නැවත ඉන් නැගිට මහණදම් පිරීම කළ යුතුයැ”යි නුවණින් මෙනෙහි කර, නැවත හැරී විහාරස්ථානයට අවුත් උපාලි මහරහතන් වහන්සේට තමාගේ වැරැද්ද පැවසූහ. උපාලි මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි නැවත ආපත්තියෙන් නැගී සිට, පිරිසිදු වූ ශීලයෙහි පිහිටි රමණීය විහාරී තෙරණුවෝ විදර්ශනාව වඩා නොබෝ කලකින් ම සියළු කෙලෙස් නසා අර්හත් ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“අක්කන්තඤ්ච පදං දිස්වා, චක්කාලඞ්කාරභූසිතං; පදෙනානුපදං යන්තො, විපස්සිස්ස මහෙසිනො.
“සක් ලකුණින් බබළන, තැබූ ශ්‍රී පාද සටහන් දුටු මම ඒ විපස්සි බුදුරජාණන් වහන්සේගේ පිය සටහන් අනුව ගියෙමි.
“කොරණ්ඩං පුප්ඵිතං දිස්වා, සමූලං පූජිතං මයා; හට්ඨො හට්ඨෙන චිත්තෙන, අවන්දිං පදමුත්තමං.
පිපුණු කොරණ්ඩ ගසක් දුටු මම මුල සිට මැනවින් පිපුණාවූ එම ගසේ මල් රාශිය සතුටු සිතින් බුදුරදුන්ට පූජා කොට උතුම් වූ පා වැන්දෙමි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර යම් වාෂ්ප පූජාවක් මවිසින් කරන ලද්දෙම් ද එතැන් සිට මම දුගතියක නූපන්නෙමි. පියවර සටහන් පිදීමෙහි විපාකය මෙබඳුය.
“සත්තපඤ්ඤාසකප්පම්හි, එකො වීතමලො අහුං; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
ඒ මම මෙයින් කල්ප පනස් හතකට පෙර සත්රුවනින් හෙබි මහත් බල ඇති වීතමල නම් සක්විති රජව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා විමුත්තිසුඛං අනුභවන්තො අත්තනො පුබ්බභාගපටිපත්තියා සද්ධිං අරියධම්මාධිගමනදීපනිං “යථාපි භද්දො ආජඤ්ඤො, ඛලිත්වා පතිතිට්ඨතී”ති ගාථං අභාසි.
රහත් බවට පත්වූ රමණීය විහාරී තෙරුන්, විමුක්ති සුව විඳිමින් තමාගේ පෙර ජීවිතය සිහිපත් කර ඒ සමගම ආර්යධර්මාවබෝධය ලැබූ බවද පෙන්නුම් කිරීම් වශයෙන් “යථාපි භද්දෙ ආජඤ්ඤො ඛලිත්වා පති තිට්ඨතී” යන ගාථාව දේශනා කළසේක.
තත්ථ ඛලිත්වාති පක්ඛලිත්වා. පතිතිට්ඨතීති පතිට්ඨහති, පුනදෙව යථාඨානෙ තිට්ඨති. එවන්ති යථා භද්දො උසභාජානීයො භාරං වහන්තො පරිස්සමප්පත්තො විසමට්ඨානං ආගම්ම එකවාරං පක්ඛලිත්වා පතිතො න තත්තකෙන ධුරං ඡඩ්ඩෙති, ථාමජවපරක්කමසම්පන්නතාය පන ඛලිත්වාපි පතිතිට්ඨති, අත්තනො සභාවෙනෙව ඨත්වා භාරං වහති, එවං කිලෙසපරිස්සමප්පත්තො කිරියාපරාධෙන ඛලිත්වා තං ඛලිතං ථාමවීරියසම්පත්තිතාය පටිපාකතිකං කත්වා මග්ගසම්මාදිට්ඨියා දස්සනසම්පන්නං, තතො එව සම්මාසම්බුද්ධස්ස සවනන්තෙ අරියාය ජාතියා ජාතතාය සාවකං, තස්ස උරෙ වායාමජනිතාභිජාතිතාය ඔරසං පුත්තං භද්දාජානීයසදිසකිච්චතාය ආජානීයන්ති ච මං ධාරෙථ උපධාරෙථාති අත්ථො.
එහි “ඛලිත්වා” යනු පය පැකිලී “පතිතිට්ඨතී” යනු පිහිටයි. නැගිටියි. නැවත මුලින් සිටිසේම සිටියි. “එවං” යනු එසේ “යම්සේ භද්‍රවූ (සොඳුරු වූ) ආජානීය වෘෂභයා බර උසුලනුයේ වෙහෙසට පත් ව විෂම ස්ථානයට පැමිණ එක්වරක් පය පැකිලී වැටී, එපමණ කින් සිය බර ඉසිලීම අත් නොහරින්නේ ද, උත්සාහ විර්ය වඩා පරාක්‍රමයෙන් යුතුව පය පැකිලී වැටුණත් නැවත නැගී සිටින්නේද, නැවත තමාගේ ස්වභාවයෙහි පිහිටා ම බර උසුලන්නේ ද; එලෙසින් ම කෙලෙසුන්ගෙන් විඩාවට, පීඩාවට පත්වූ මම අපරාධ ක්‍රියාවකින් පය පැකිලී වැටී, නැවත උත්සාහ වීර්ය වඩා ඉන් නැගිට වරදට පිළියම් කර පිරිසිදු වූයෙම් මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන් දර්ශන සම්පන්න වූයෙම්; එමෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව ක්‍රියා කොට ආර්ය ජාතියෙහි උපන්නෙම් උන්වහන්සේ ශ්‍රාවකයෙක් වෙමි. උන්වහන්සේගේ උරයෙහි දැරීමට සුදුසු බැවින්, උන්වහන්සේ විසින් මා බිහිකළ බැවින් ඖරස පුත්‍ර වූ ඒ මම සොඳුරු අජානීය වෘෂභයාට සමාන වූ කටයුතු ඇති බැවින් ආජානෙය්ය පුරුෂයෙක් වශයෙන් මා දරවු සලකවු” යන අර්ථයයි.
රමණීයවිහාරිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
රමණීය විහාරී ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.