යෙදුමෙන් කියවන්න

සමිද‍්ධිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සමිද‍්ධිත්‍ථෙරගාථාවණ‍්ණනා

සමිද්ධි ස්ථවිරගාථා වර්ණනාව

සද‍්ධායාහං පබ‍්බජිතොති ආයස‍්මතො සමිද‍්ධිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කත‍්තාධිකාරො තත්‍ථ තත්‍ථ පුඤ‍්ඤානි උපචිනන‍්තො ඉතො චතුනවුතෙ කප‍්පෙ සිද‍්ධත්‍ථං භගවන‍්තං පස‍්සිත්‍වා පසන‍්නමානසො සවණ‍්ටානි පුප‍්ඵානි කණ‍්ණිකබද‍්ධානි ගහෙත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව පරිවත‍්තෙන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ කුලගෙහෙ නිබ‍්බත‍්ති. තස‍්ස ජාතකාලතො පට‍්ඨාය තං කුලං ධනධඤ‍්ඤාදීහි වඩ‍්ඪි, අත‍්තභාවො චස‍්ස අභිරූපො දස‍්සනීයො ගුණවා ඉති විභවසමිද‍්ධියා ච ගුණසමිද‍්ධියා ච සමිද‍්ධීත්‍වෙව පඤ‍්ඤායිත්‍ථ. සො බිම‍්බිසාරසමාගමෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා භාවනාය යුත‍්තප‍්පයුත‍්තො විහරන‍්තො භගවති තපොදාරාමෙ විහරන‍්තෙ එකදිවසං එවං චින‍්තෙසි – “ලාභා වත මෙ සත්‍ථා අරහං සම‍්මාසම‍්බුද‍්ධො, ස‍්වාක‍්ඛාතෙ චාහං ධම‍්මවිනයෙ පබ‍්බජිතො, සබ්‍රහ‍්මචාරී ච මෙ සීලවන‍්තො කල්‍යාණධම‍්මා”ති. තස‍්සෙවං චින‍්තෙන‍්තස‍්ස උළාරං පීතිසොමනස‍්සං උදපාදි. තං අසහන‍්තො මාරො පාපිමා ථෙරස‍්ස අවිදූරෙ මහන‍්තං භෙරවසද‍්දමකාසි, පථවියා උන්‍ද්‍රියනකාලො විය අහොසි. ථෙරො භගවතො තමත්‍ථං ආරොචෙසි. භගවා “මාරො තුය‍්හං විචක‍්ඛුකම‍්මාය චෙතෙති, ගච‍්ඡ, භික‍්ඛු තත්‍ථ අචින‍්තෙත්‍වා විහරාහී”ති ආහ. ථෙරො තත්‍ථ ගන‍්ත්‍වා විහරන‍්තො නචිරස‍්සෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.21.30-34) –

“සද්ධායාහං පබ්බජිතො” යනු ආයුෂ්මත් සමිද්ධි තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසෙ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී නොයෙකුත් පින්දහම් රැස් කරගත්හ. මෙයින් කල්ප අනූ හතරකට පෙර පහළ වූ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇතිව මුදුන් සිටින සේ බැදි නැටි සහිත මල් මිටි පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව ඉපිද තව තවත් පින්දහම් සිදුකර, කාම සුගතීන්හිම ඉපිදෙමින් සිට අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි දී රජගහනුවර සිටු ගෙයක උපන්නේය. ඔහු උපන් දිනයේ පටන් ඒ ගෙදර ධන ධාන්‍ය වර්ධනය විය. ඔහුගේ ශරීරය ද ඉතා සිත්කලු දර්ශනීය වූවක් විය. ගුණවත් කම ද එසේම විය. මෙසේ සම්පත් සමෘද්ධියෙන් ද ගුණ සමෘද්ධියෙන් යුතු වූ බැවින් “සමිද්ධි” නමින් ඔහු ප්‍රකට විය. ඒ කුමරු බිම්බිසාර රජ සමාගමයේ දී බුදුරදුන්ගේ අනුභාවය දැක, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදිවිය. භාවනාවෙහි ම නියැලී මහණදම් පිරීමෙහි උත්සාහවත් වූ උන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ තපොදාරාමයේ වැඩ වසන කල්හි එක් දිනක් මෙසේ සිතූහ. “ඒකාන්තයෙන් ම මට ශාස්තෲ වූ අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකීමට ලැබීම උතුම් වූ ලාභයකි. මම ස්වාක්ඛාත වූ (මැනවින් දෙසූ) ධර්‍ම විනයෙහි පැවිදි භාවය ද ලැබුවෙහි. මාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ද සීලවන්තයෝය, කලණ මිතුරෝය” යනුවෙන් සිතත් ම උන්වහන්සේට මහත් වූ ප්‍රීතියක් ඇතිවිය. මෙසේ සතුටුවීම නො ඉවසන්නා වූ පාපී මාරයා තෙරුන් සමීපයෙහි සිට මහත් වූ බිය ජනක ශබ්දයක් කළේය. පොළව පැළෙන්නාක් මෙන් විය. තෙරණුවෝ මේ බව භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, “මාරයා නුඹගේ ඇස් අන්‍ධකිරීමට සිතයි. යව මහණ!, ඒ පිළිබඳව නොසිතා එහිම වාසය කරන්න” යි වදාළ සේක. තෙරණුවෝ එහි ගොස් අප්‍රමාදීව වාසය කරනුයේ නොබෝ කලකින් ම විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වන ලදි.

“කණිකාරංව ජොතන‍්තං, නිසින‍්නං පබ‍්බතන‍්තරෙ; ඔභාසෙන‍්තං දිසා සබ‍්බා, සිද‍්ධත්‍ථං නරසාරථිං.

“කිණිහිරි රුකක් මෙන් බබලමින් පර්වතයන් අතරෙහි වැඩසිටි, සියලු දිශා ආලෝක කරන්නා වූ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“ධනුං අද‍්වෙජ‍්ඣං කත්‍වාන, උසුං සන‍්නය‍්හහං තදා; පුප‍්ඵං සවණ‍්ටං ඡෙත්‍වාන, බුද‍්ධස‍්ස අභිරොපයිං.

එකල් හි මම මනාව දුනු හී යොදා නටුව සහිත මලක් කඩාගෙන, ඉන් බුදුරදුන් පිදුවෙමි.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප අනූ හතරකට කලින් යම් පුෂ්ප පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“එකපඤ‍්ඤාසිතො කප‍්පෙ, එකො ආසිං ජුතින්‍ධරො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මීට කල්ප පනස් එකකට පෙර සත් රුවනින් හෙබි ඉතා බලවත් සක්විති රජෙකුව ජුතින්‍ධර නමින් වැජඹුනෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා තත්‍ථෙව විහරන‍්තස‍්ස ථෙරස‍්ස ඛීණාසවභාවං අජානන‍්තො පුරිමනයෙනෙව මාරො මහන‍්තං භෙරවසද‍්දං අකාසි. තං සුත්‍වා ථෙරො අභීතො අච‍්ඡම‍්භී “තාදිසානං මාරානං සතම‍්පි සහස‍්සම‍්පි මය‍්හං ලොමම‍්පි න කම‍්පෙතී”ති අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො “සද‍්ධායාහං පබ‍්බජිතො”ති ගාථං අභාසි.

රහත්බවට පත් ව එම ස්ථානයෙහි ම වැඩ වසන තෙරුන් වහන්සේගේ ක්‍ෂීණාශ්‍රව බව නොමදත් මාරයා නැවතත් පැමිණ පෙර මෙන් ම බියජනක ශබ්දයක් කළේය. එය ඇසූ තෙරුන් වහන්සේ බිය නොවූසේක්. තැතිගැනීම් නැතිසේක්, “නුඹ වැනි මාරයන් සීයක්, දාහක් පැමිණියත් මාගේ එක ලෝමයක් වත් කම්පා නොවේ” යැයි සිය රහත්බව ප්‍රකාශකරන සේක්, “සද්ධායාහං පබ්බජිතො” යන ගාථාව වදාළහ.

තත්‍ථ සද‍්ධායාති ධම‍්මච‍්ඡන්‍දසමුට‍්ඨානාය කම‍්මඵලසද‍්ධාය චෙව රතනත‍්තයසද‍්ධාය ච. අහන‍්ති අත‍්තානං නිද‍්දිසති. පබ‍්බජිතොති උපගතො. අගාරස‍්මාති ගෙහතො ඝරාවාසතො වා. අනගාරියන‍්ති පබ‍්බජ‍්ජං, සා හි යංකිඤ‍්චි කසිවාණිජ‍්ජාදිකම‍්මං ‘අගාරස‍්ස හිත’න‍්ති අගාරියං නාම, තදභාවතො “අනගාරියා”ති වුච‍්චති. සති පඤ‍්ඤා ච මෙ වුඩ‍්ඪාති සරණලක‍්ඛණා සති, පජානනලක‍්ඛණා පඤ‍්ඤාති ඉමෙ ධම‍්මා විපස‍්සනාක‍්ඛණතො පට‍්ඨාය මග‍්ගපටිපාටියා යාව අරහත‍්තා මෙ වුඩ‍්ඪා වඩ‍්ඪිතා, න දානි වඩ‍්ඪෙතබ‍්බා අත්‍ථි සතිපඤ‍්ඤා වෙපුල‍්ලප‍්පත‍්තාති දස‍්සෙති. චිත‍්තඤ‍්ච සුසමාහිතන‍්ති අට‍්ඨසමාපත‍්තිවසෙන චෙව ලොකුත‍්තරසමාධිවසෙන ච චිත‍්තං මෙ සුට‍්ඨු සමාහිතං, න දානි තස‍්ස සමාධාතබ‍්බං අත්‍ථි, සමාධි වෙපුල‍්ලප‍්පත‍්තොති දස‍්සෙති. තස‍්මා කාමං කරස‍්සු රූපානීති පාපිම මං උද‍්දිස‍්ස යානි කානිචි විප‍්පකාරානි යථාරුචිං කරොහි, තෙහි පන නෙව මං බ්‍යාධයිස‍්සසි මම සරීරකම‍්පනමත‍්තම‍්පි කාතුං න සක‍්ඛිස‍්සසි, කුතො චිත‍්තඤ‍්ඤථත‍්තං? තස‍්මා තව කිරියා අප‍්පටිච‍්ඡිතපහෙනකං විය න කිඤ‍්චි අත්‍ථං සොධෙති, කෙවලං තව චිත‍්තවිඝාතමත‍්තඵලාති ථෙරො මාරං තජ‍්ජෙසි. තං සුත්‍වා මාරො “ජානාති මං සමණො”ති තත්‍ථෙවන‍්තරධායි.

එහි “සද්ධාය” යනු දහම් ඇසීමේ කැමැත්තෙන් හටගත් කර්මඵල ඇදහීම පිළිබඳ ශ්‍රද්ධාවෙන් මෙන්ම රත්නත්‍රය පිළිබඳ ව වූ ශ්‍රද්ධාවෙන් ද යුක්තව “අහං” යනුවෙන් තමා දක්වයි. අදහස් කරයි. “පබ්බජිතො” යනු පැවිදි වූයෙමි. “අගාරස්මා” යනු ගෙයින් නික්ම, ගෘහවාසයෙන් වෙන් ව, “අනගාරියං” යනු පැවිද්දයි. කෘෂිකර්ම - වෙළඳාම් ආදී කටයුතු ගිහිගේ වූවහුට යෝග්‍ය බැවින් “අගාරිය” නම් වේ. එම කටයුතු නොමැති බැවින් පැවිද්ද “අනගාරිය” නම් වේ. “සති පඤ්ඤාච මෙ වුද්ධා” යනු පිහිට වීම ලක්‍ෂණ කර ඇති සිහියයි. දැනගැනීම ලක්‍ෂණ කර ඇති ප්‍රඥාවයි. මේ ධර්‍ම දෙක විදසුන් ලක්‍ෂණ මෙනෙහි කිරීමේ සිට මාර්ග ප්‍රත්තියෙහි පිහිටි මවිසින් රහත්වීම දක්වා වඩන ලදි. වර්ධනය කරන ලදි. දැන් එහි වැඩිය යුත්තක් නැත. මෙයින් සතියේ හා ප්‍රඥාවේ විපුලත්‍වය, ඉතා මහත් බව දක්වයි. “චිත්තඤ්ච සුසමාහිතං” යනු අෂ්ට සමාපත්ති උපදවා ගැනීම් වශයෙන් ද නව ලෝකෝත්තර ධර්‍ම වශයෙන් ද මගේ සිත වහා සමාධිගත වේ. දැන් එහි සන්සිඳවීමක් නොමැත. සමාධියේ විපුලබව මෙහිදී දක්වා ඇත. එනිසා “කාමං කරස්සු රූපානී” යනුවෙන් පවිටු මාරය! මා සඳහා යම් කිසි විප්‍රකාර රූපාදියක් මවන්නේ නම් එය කැමති සේ සිදුකරන්න. එම රූප හා ශබ්ද මා හට කිසිදු පීඩාවක් නො කරන්නේය. මගේ සිරුර සෙලවීමක්වත් කළ නොහැකි වන්නේ ය. සිත අන් අතකට පෙරලීමක් කෙසේ සිදුවේ ද? එනිසා නුඹගේ ක්‍රියාවන් බාරනොගත් තුටු පඬුරක් මෙන් කිසිදු අර්ථයක් ඉටුනොකරයි. හුදෙක් නුඹගේ සිත වෙහෙසීම පමණක් සිදුවේ. යනුවෙන් පවසා තෙරුන් වහන්සේ මාරයාට තර්ජන කළහ. එය ඇසූ මාරයා, “ශ්‍රමණයා මා පිළිබඳව දැනගත්තේ යැ” යි එහිම අතුරුදහන් විය.

සමිද‍්ධිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සමිද්ධි ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.