උජ්ජයත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උජ්ජයත්ථෙරගාථාවණ්ණනා
උජ්ජය ස්ථවිරගාථා වර්ණනාව
නමො තෙ බුද්ධ වීරත්ථූති ආයස්මතො උජ්ජයත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි කරොන්තො ඉතො ද්වානවුතෙ කප්පෙ තිස්සං භගවන්තං පස්සිත්වා පසන්නමානසො කණිකාරපුප්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ අඤ්ඤතරස්ස සොත්තියබ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, උජ්ජයොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො තිණ්ණං වෙදානං පාරගූ හුත්වා තත්ථ සාරං අපස්සන්තො උපනිස්සයසම්පත්තියා චොදියමානො වෙළුවනං ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා චරියානුකූලං කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ විහරන්තො විපස්සනං වඩ්ඪෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.21.1-4) –
“නමො තෙ බුද්ධවීරත්ථු” යනු ආයුෂ්මත් උජ්ජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරු ඉදිරියේ දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී පින්දහම් රැස් කරගත්හ. මෙයින් කල්ප අනූදෙකකට පෙර පහළ වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු ඔහු කිණිහිරි මල් වලින් උන්වහන්සේට පූජාකළේය. ඒ පින්කමේ මහිමයෙන් දෙව්ලොව ඉපිද සැපවිද, හෙතෙම ඒ ඒ භවයන් හි දී තවත් පින්දහම් සිදුකර දෙව් මිනිස්සු දෙගතියෙහි ම සැරිසරා, මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර එක්තරා සොත්ථිය බ්‍රාහ්මණයකුගේ පුතු ලෙස උපන්නේය. ඔහු උජ්ජය නමින් ප්‍රකට විය. වැඩිවියට පැමිණ ත්‍රිවේද පාරගත වූ උජ්ජය, එහි සාරයක් හෙවත් හරයක් නොදැක උපනිශ්‍රය සම්පත්තියෙන් මෙහෙයවනු ලබන්නේ වේළුවනාරාමයට ගොස් ශාස්තෲන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කළේය. එය අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි වූ උජ්ජය, සිය චරිතයට යෝග්‍ය කමටහන් රැගෙන අරණ්‍යයට පිවිස එහි වාසය කරමින් විදසුන් වඩා නොබෝ කලකින් ම රහත්ඵලයෙහි පිහිටියේ ය. උජ්ජය තෙරණුවෝ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“කණිකාරං පුප්ඵිතං දිස්වා, ඔචිනිත්වානහං තදා; තිස්සස්ස අභිරොපෙසිං, ඔඝතිණ්ණස්ස තාදිනො.
“තාදී ගුණ ඇති සතර ඕඝයන් තරණය කළ තිස්ස බුදුරජාණන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇති මම, කිණිහිරි මලක් පිපී තිබෙනු දැක එය නෙලා පූජා කළෙමි.
“ද්වෙනවුතෙ ඉතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් කල්ප අනූ දෙකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එතැන් සිට මම දුගතියක නූපන්නෙමි. මේ බුද්ධ පූජාවේ විපාකයයි.
“පඤ්චතිංසෙ ඉතො කප්පෙ, අරුණපාණීති විස්සුතො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් කල්ප තිස් පහකට පෙර අරුණබල නමින් ප්‍රකට වූ සත් රුවනින් හෙබි මහ බලවන්ත සක්විති රජෙකු වූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා සත්ථු සන්තිකං ගන්ත්වා වන්දිත්වා එකමන්තං නිසීදිත්වා භගවතො ථොමනාකාරෙන අඤ්ඤං බ්යාකරොන්තො “නමො තෙ බුද්ධ වීරත්ථූ”ති ගාථං අභාසි.
රහත්බවට පැමිණි උජ්ජය තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ සමීපයට පැමිණ, උන්වහන්සේට වැඳ එකත් පස්ව සිටියහ. පසුව භාග්‍යවතුන් වහන්සේට ස්තුති කරමින් තමන් වහන්සේගේ ක්ෂීණාශ්රව භාවය ප්‍රකාශ කරමින් “නමො තෙ බුද්ධ වීරත්ථු” යන ගාථාව වදාළහ.
තත්ථ නමොති පණාමකිත්තනං. තෙති පණාමකිරියාය සම්පදානකිත්තනං, තුය්හන්ති අත්ථො. බුද්ධ වීරාති ච භගවතො ආලපනං. භගවා හි යථා අභිඤ්ඤෙය්යාදිභෙදස්ස අත්ථස්ස අභිඤ්ඤෙය්යාදිභෙදෙන සයම්භූඤාණෙන අනවසෙසතො බුද්ධත්තා “බුද්ධො”ති වුච්චති. එවං පඤ්චන්නම්පි මාරානං අභිප්පමද්දනවසෙන පදහන්තෙන මහතා වීරියෙන සමන්නාගතත්තා “වීරො”ති වුච්චති. අත්ථූති හොතු, තස්ස “නමො”ති ඉමිනා සම්බන්ධො. විප්පමුත්තොසි සබ්බධීති සබ්බෙහි කිලෙසෙහි සබ්බස්මිඤ්ච සඞ්ඛාරගතෙ විප්පමුත්තො විසංයුත්තො අසි භවසි, න තයා කිඤ්චි අවිප්පමුත්තං නාම අත්ථි, යතොහං තුය්හාපදානෙ විහරං, විහරාමි අනාසවොති තුය්හං තව අපදානෙ ඔවාදෙ ගතමග්ගෙ පටිපත්තිචරියාය විහරං යථාසත්ති යථාබලං පටිපජ්ජන්තො කාමාසවාදීනං චතුන්නම්පි ආසවානං සුප්පහීනත්තා අනාසවො විහරාමි, තාදිසස්ස නමො තෙ බුද්ධ-වීරත්ථූති.
එහි “නමො” යනු ප්‍රණාමය දැක්වීමයි. “තෙ” යනු ප්‍රණාමය, නමස්කාරය ලබන්නා දක්වයි. නුඹ වහන්සේට යන අර්ථයයි. “බුද්ධවීර” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේට ආමන්ත්රණයකරයි. භාග්‍යවතුන් වහන්සේ අභිඤ්ඤෙය්යාදී භේද ඇති චතුරාර්ය සත්‍ය විෂයෙහි විශිෂ්ට සේ දැනීම් වශයෙන් තමන් වහන්සේ ම ලොව දත යුතු සියල්ල ඉතිරි නොකර අවබෝධ කරගත් බැවින් ‘බුද්ධ’ නම් වෙති. එසේ ම පස් මරුන් පරදා ජයගැනීම් වශයෙන් මහත් වූ වීර්යයෙන් යුක්ත වූ බැවින් “වීරො” (වීරයා) යනුවෙන් ද උන්වහන්සේට භාවිතා කෙරේ. “අත්ථු” යනු වේවා. ඔබවහන්සේට නමස්කාර වේවා! යනුවෙන් සම්බන්ධ කරගත යුතුයි. “විප්පමුත්තො සි සබ්බධී” යනු සියලුම කෙලෙස්වලින් ද සියලු සංස්කාරයන්ගෙන් ද මිදුණු බැවින්, වෙන් වූ බැවින්, නුඹ වහන්සේට කිසිදු නොමිදුණු කෙලෙස් ධර්මයක් නම් නැත. යම්හෙයකින් මම “තුය්හාපදානෙ විහරං විහරාමි අනාසවො” යනුවෙන් ඔබ වහන්සේගේ ප්‍රතිපත්ති චර්යාවෙහි, අවවාදයෙහි, ගිය මාර්ගයෙහි පිළිවෙත් පිරීමෙන් වාසය කරමි. මම ශක්ති පමණින්, බල පමණින් පිළිපදිනුයෙම් කාමාශ්‍රවාදී සතර වැදෑරුම් ආශ්‍රවයන් මනාව ප්‍රහීණ කර අනාශ්රවයෙක් ව වාසය කරමි. එබඳු වූ බුද්ධවීරයාණනි! නුඹ වහන්සේට නමස්කාර වේවා!
උජ්ජයත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
උජ්ජය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.