සඤ්ජයත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සඤ්ජයත්ථෙරගාථාවණ්ණනා
සඤ්ජය ස්ථවිරගාථා වර්ණනාව
යතො අහන්ති ආයස්මතො සඤ්ජයත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ මහති පූගෙ සංකිත්තිවසෙන වත්ථුං සඞ්ඝරිත්වා රතනත්තයං උද්දිස්ස පුඤ්ඤං කරොන්තො සයං දලිද්දො හුත්වා නෙසං ගණාදීනං පුඤ්ඤකිරියාය බ්යාවටො අහොසි. කාලෙන කාලං භගවන්තං උපසඞ්කමිත්වා වන්දිත්වා පසන්නමානසො භික්ඛූනඤ්ච තං තං වෙය්යාවච්චං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං පුඤ්ඤානි කත්වා සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ විභවසම්පන්නස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති සඤ්ජයො නාම නාමෙන, සො වයප්පත්තො බ්රහ්මායුපොක්ඛරසාතිආදිකෙ අභිඤ්ඤාතෙ බ්රාහ්මණෙ සාසනෙ අභිප්පසන්නෙ දිස්වා සඤ්ජාතප්පසාදො සත්ථාරං උපසඞ්කමි. තස්ස සත්ථා ධම්මං දෙසෙසි. සො ධම්මං සුත්වා සොතාපන්නො අහොසි. අපරභාගෙ පබ්බජි. පබ්බජන්තො ච ඛුරග්ගෙයෙව ඡළභිඤ්ඤො අහොසී. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.10.51-55) –
“යතො අහං” යනු ආයුෂ්මත් සඤ්ජය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින් රැස්කරගෙන විපස්සි භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි මනුෂ්‍යයෙක් ව උපන්හ. මහත් පිරිසක් ඇතිව සිටි ඔහු, තම කීර්තියෙන් වස්තුව රැස්කර, තෙරුවන් උදෙසා පින් කරනුයේ තමා දිළිඳු වී ජන සමූහයාට සංග්‍රහ කරමින් පින් කිරීමෙහි ම නිරත විය. කලින් කලට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පැහැදුණු සිතින් උන්වහන්සේට ද භික්ෂූන් වහන්සේලාට ද ඒ ඒ වතාවත් ආදිය ද කළේය. ඔහු ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව උපන්නේ ය. පසුව තව තවත් පින්දහම් රැස්කරගෙන සුගතියෙහි ම සැරිසරා, අප තථාගතයන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි රජගහ නුවර මහත් සම්පත් ඇති බමුණකුගේ පුතු ව ඉපිද “සඤ්ජය” නමින් ප්‍රකට විය. වැඩිවියට පත් වූ ඔහු බ්‍රහ්මායු, පොක්ඛරසාති ආදී ඉතා ප්‍රසිද්ධ බමුණු පඬිවරු පවා බුදුසසුනෙහි අතිශයින් පැහැදෙනු දැක, හටගත් ප්‍රසාදයෙන් ශාස්තෲන් වහන්සේ වෙත එළඹුණේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. ධර්මශ්රවණය කළ ඔහු සෝවාන් ඵලයෙහි පිහිටා පසුකලෙක පැවිදි විය. පැවිදි වන විට හිසකෙස් බාද්දීම ෂඩ් අභිඥාලාභී විය. සඤ්ජය තෙරණුවෝ සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -
“විපස්සිස්ස භගවතො, මහාපූගගණො අහු; වෙය්යාවච්චකරො ආසිං, සබ්බකිච්චෙසු වාවටො.
“විපස්සි බුදුරජාණන් වහන්සේට භක්තිමත් මහාප්‍රාඥ සමූහයක් විය. එකල්හි මම සියලු කටයුතුවල යෙදුණු වතාවත් කරන්නෙක් වීමි.
“දෙය්යධම්මො ච මෙ නත්ථි, සුගතස්ස මහෙසිනො; අවන්දිං සත්ථුනො පාදෙ, විප්පසන්නෙන චෙතසා.
මහර්ෂී වූ බුදුරදුන්ට පිදීමට දෙයක් මා වෙත නොතිබුණි. පිරිසිදු සිතින් මම බුදුසිරිපා වැන්දෙමි.
“එකනවුතිතො කප්පෙ, වෙය්යාවච්චං අකාසහං; දුග්ගතිං නාභිජානාමි, වෙය්යාවච්චස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර බුදුරදුන්ට වතාවත් කළෙම් ද එතැන් සිට දුගතියක නූපන්නෙමි. වතාවත් කිරීමේ ප්‍රතිඵලය මෙබඳුය.
“ඉතො ච අට්ඨමෙ කප්පෙ, රාජා ආසිං සුචින්තිතො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් කල්ප අටකට පෙර සත්රුවනින් හෙබි මහ බල ඇති සුචින්තික නම් සක් විති රජව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
ඡළභිඤ්ඤො පන හුත්වා අඤ්ඤං බ්යාකරොන්තො “යතො අහං පබ්බජිතො”ති ගාථං අභාසි.
උන්වහන්සේ ෂඩ් අභිඥා උපදවා ගෙන තම ක්ෂීණාශ්රව භාවය ප්‍රකාශ කරනසේක. “යතො අහං පබ්බජිතො” යන ගාථාව දේශනා කළහ.
තත්ථ යතො අහං පබ්බජිතොති යතො පභුති යතො පට්ඨාය අහං පබ්බජිතො. පබ්බජිතකාලතො පට්ඨාය නාභිජානාමි සඞ්කප්පං, අනරියං දොසසංහිතන්ති රාගාදිදොසසංහිතං තතො එව අනරියං නිහීනං, අරියෙහි වා අනරණීයතාය අනරියෙහි අරණීයතාය ච අනරියං පාපකං ආරම්මණෙ අභූතගුණාදිසඞ්කප්පනතො “සඞ්කප්පො”ති ලද්ධනාමං කාමවිතක්කාදිමිච්ඡාවිතක්කං උප්පාදිතං නාභිජානාමීති, “ඛුරග්ගෙයෙව මයා අරහත්තං පත්ත”න්ති අඤ්ඤං බ්යාකාසි.
එහි “යතො අහං පබ්බජිතො” යනු මේ තැනක සිට, යම් තැනක පටන් මම පැවිදි වූ යෙම් ද, ඒ පැවිදි වූ දින සිට “නාභිජානාමි සඞ්කප්පං අනරියං දොසසංහිතං” යනු රාගාදී දෝෂයන්ගෙන් යුක්ත වූවක්, එසේ ම අනාර්ය - නිහීන වූ දෙයක්, ආර්යාදී උතුමන් විසින් නොකරන බැවින් ද අනාර්යයන් විසින් ම සිදුකරන බැවින් ද අනාර්ය වූ පාපී වූ අරමුණෙහි අසත්‍ය ගුණ සංකල්ප සිහිකිරීමක් වශයෙන් “සංකල්ප” නම් වූ කාම විතර්ක මිථ්‍යා විතර්ක ආදියක් සිතීමක් නොකළෙමි. කෙස් බාද්දීම මම රහත්බවට පත්වූයෙමි” යන අර්ථයයි. මෙසේ සිය රහත්භාවය ප්‍රකට කළසේක.
සඤ්ජයත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සඤ්ජය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.