යෙදුමෙන් කියවන්න

රාමණෙය්‍යකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

රාමණෙය්‍යකත්‍ථෙරගාථාවණ‍්ණනා

රාමණෙය්‍ය ස්ථවිරගාථා වර්ණනාව

චිහචිහාභිනදිතෙති ආයස‍්මතො රාමණෙය්‍යකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො පුප‍්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසු එව පරිවත‍්තෙන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං ඉබ‍්භකුලෙ නිබ‍්බත‍්තිත්‍වා වයප‍්පත‍්තො ජෙතවනපටිග‍්ගහණෙ සඤ‍්ජාතප‍්පසාදො පබ‍්බජිත්‍වා චරියානුකූලං කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤෙ විහරති. තස‍්ස අත‍්තනො සම‍්පත‍්තියා පබ‍්බජිතසාරුප‍්පාය ච පටිපත‍්තියා පාසාදිකභාවතො රාමණෙය්‍යකොත්‍වෙව සමඤ‍්ඤා අහොසි . අථෙකදිවසං මාරො ථෙරං භිංසාපෙතුකාමො භෙරවසද‍්දං අකාසි. තං සුත්‍වා ථෙරො ථිරපකතිතාය තෙන අසන‍්තසන‍්තො “මාරො අය”න‍්ති ඤත්‍වා තත්‍ථ අනාදරං දස‍්සෙන‍්තො “චිහචිහාභිනදිතෙ”ති ගාථං අභාසි.

“විහවිහාභිනදිතෙ” යනු ආයුෂ්මත් රාමණෙය්‍ය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? රාමණෙය්‍ය තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නොයෙකුත් පින්දහම් රැස්කරගත්හ. සිඛි නම් භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද, වැඩිවියට පැමිණ භාග්‍යවතුන් වහන්සේ දැක සිත පහදවා ගත් හෙතෙම සුවඳ මලින් බුදුන් පිදුවේය. ඒ පින්කමින් ඔහු දිව්‍යාත්මභාවයක් ලැබීය. සසර සැරිසරමින් තව තවත් පින්දහම් සිදුකරගත් ඔහු කාම සුගතීන් හිම සැප විඳ, අප තථාගතයන් වහන්සේගේ කාලයෙහි සමෘද්ධිමත් පවුලක ඉපදුණේය. වැඩිවියට පත්ව ජේතවනාරාමය පූජාකරන අවස්ථාව දැක හටගත් ශ්‍රද්ධාවෙන් පැවිදිවිය. චරිතානුකූල කමටහන් ගත් උන්වහන්සේ අරණ්‍යයෙහිම විසූහ. එසේ අරණෙහිම වසන උන්වහන්සේ තම ශරීර සම්පත්තිය නිසා ද පැවිද්දට යෝග්‍ය සේ පිළිවෙත් සපුරන බැවින් ද ප්‍රසාද එළවන බැවින් ද “රාමණෙය්‍ය” නමින් ප්‍රකට වූහ. එක් දිනක් මාරයා එම තෙරණුවන්ට හිංසා කරනු කැමතිව මහත් බිය ජනක ශබ්දයක් කළේය. එය ඇසු තෙරුන් වහන්සේ ප්‍රකෘතියෙන් ම ස්ථිර අදහස් ඇති බැවින්, ඊට තැතිගැනීම් නැති වූසේක්, “මේ මාරයා” යැයි දැන, මෙකරුණෙහි සිය අප්‍රසාදය පළකරමින් “විහවිහාභිනදිතෙ” යන ගාථාව දෙසූ සේක.

තත්‍ථ චිහචිහාභිනදිතෙති චිහචිහාති අභිණ‍්හං පවත‍්තසද‍්දතාය “චිහචිහා”ති ලද‍්ධනාමානං වට‍්ටකානං අභිනාදනිමිත‍්තං, විරවහෙතූති අත්‍ථො. සිප‍්පිකාභිරුතෙහි චාති සිප‍්පිකා වුච‍්චන‍්ති දෙවකා පරනාමකා ගෙලඤ‍්ඤෙන ඡාතකිසදාරකාකාරා සාඛාමිගා. “මහාකලන්‍දකා”ති කෙචි, සිප‍්පිකානං අභිරුතෙහි මහාවිරවෙහි, හෙතුම‍්හි චෙතං කරණවචනං, තං හෙතූති අත්‍ථො. න මෙ තං ඵන්‍දති චිත‍්තන‍්ති මම චිත‍්තං න ඵන්‍දති න චවති. ඉදං වුත‍්තං හොති – ඉමස‍්මිං අරඤ‍්ඤෙ විරවහෙතු සිප‍්පිකාභිරුතහෙතු විය, පාපිම, තව විස‍්සරකරණහෙතු මම චිත‍්තං කම‍්මට‍්ඨානතො න පරිපතතීති. තත්‍ථ කාරණමාහ “එකත‍්තනිරතඤ‍්හි මෙ”ති. හි-සද‍්දො හෙතු අත්‍ථො, යස‍්මා මම චිත‍්තං ගණසඞ‍්ගණිකං පහාය එකත‍්තෙ එකීභාවෙ, බහිද‍්ධා වා වික‍්ඛෙපං පහාය එකත‍්තෙ එකග‍්ගතාය, එකත‍්තෙ එකසභාවෙ වා නිබ‍්බානෙ නිරතං අභිරතං, තස‍්මා කම‍්මට‍්ඨානතො න ඵන්‍දති න චවතීති, ඉමං කිර ගාථං වදන‍්තො එව ථෙරො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.21.5-9) –

එහි “විහවිහාභිනදිතෙ” යන්නෙහි “විහවිහා” යනු නිතර ශබ්ද පවත්වන බැවින් විහවිහ යනු නම ලද “වටුවන්ගේ නාදය නිමිති කරගෙන, මහත් වූ ඝෝෂාව හේතුවෙන්” යන අර්ථය යි. “සිප්පකාභිරුතෙ හි ච” යන්නෙහි “සිප්පිකා” යනු දේවප්‍රකාර නැමති ගිලන් බවින් පෙළෙන බඩගිනි වූ දරුවන් සහිතව හඬන සාමුවෝය. හුනහපුළුවෝය. ඇතැම් හු දඬුලෙහෙනුන් මෙහිදී අදහස් වන බව කියයි. එම හුනහපුළුවන්ගේ ඉතා බියජනක නාදයෙන්. මෙහි හේතු අර්ථයේ තතියාව යෙදී ඇත. “ඒ හේතුවෙන් ඒ ශබ්ද නිසා” යන අර්ථයයි. “න මෙ තං ඵන්‍දති චිත්තං” යනු මගේ සිත නොසැලේ, නොසෙලවේ. මෙහි අදහස මෙසේ දතයුතුයි. – “මේ අරණ්‍යයෙහි වටුවන්ගේ හා හුණහපුළුවන්ගේ මහා නාද වශයෙන්, පාපී මාරය! නුඹගේ මේ විප්‍රකාර හේතුවෙන් මගේ සිත කමටහනින් පහ නොවේ, නොවැවේ. ඊට හේතු මෙසේ දක්වයි. “එකත්ත නිරතං හි මෙ” යන්නෙහි “හි” ශබ්දය හේතු අර්ථයේ යෙදේ. යම්හෙයකින් මගේ සිත සමූහවාසය හැරදමා හුදකලාව තනිව සිටීමට කැමති ද නැතහොත් බාහිර අරමුණු කරා නොයමින් එක අරමුණක, එකඟභාවයෙහි පවතින්නේ ද නැතිනම් නිවනෙහිම දැඩිව ඇලී සිටින්නේ ද එනිසා මාගේ සිත කමටහනින් පහ නොවේ, නො සෙලවේ, මේ ගාථාව ප්‍රකාශ කරමින් ම රාමණෙය්‍යක තෙරණුවෝ, විදසුන් වඩා රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -

“සුවණ‍්ණවණ‍්ණො භගවා, සතරංසී පතාපවා; චඞ‍්කමනං සමාරූළ‍්හො, මෙත‍්තචිත‍්තො සිඛීසභො.

“හිරුමෙන් ප්‍රතාපවත් වූ රන්වන් පැහැයෙන් බබලන මෙත් සිත් ඇති සිඛි නම් භාග්‍යවතුන් වහන්සේ සක්මනට නැගුණුසේක.

“පසන‍්නචිත‍්තො සුමනො, වන්‍දිත්‍වා ඤාණමුත‍්තමං; මිනෙලපුප‍්ඵං පග‍්ගය‍්හ, බුද‍්ධස‍්ස අභිරොපයිං.

එදින මම පහන් වූ සිත් ඇතිව, සතුටින් ශ්‍රේෂ්ඨඥාන ඇති බුදුරජාණන් වහන්සේට වැඳ මිනේලි මලින් උන්වහන්සේ පූජාකළෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං පුප‍්ඵමභිපූජයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප තිස් එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එතැන් පටන් මම දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.

“එකූනතිංසකප‍්පම‍්හි, සුමෙඝඝනනාමකො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප තිස් එකකට පෙර සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති “සුමෙධ යස” නම් සක්විති රජව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් නැසුවෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අයමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහොසි.

රාමණෙය්‍යකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

රාමණෙය්‍ය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.