යෙදුමෙන් කියවන්න

විමලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

විමලත්‍ථෙරගාථාවණ‍්ණනා

විමල ස්ථවිරගාථා වර්ණනාව

ධරණී ච සිඤ‍්චති වාති ආයස‍්මතො විමලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං කුසලං උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ සඞ‍්ඛධමනකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො තස‍්මිං සිප‍්පෙ නිප‍්ඵත‍්තිං ගතො එකදිවසං විපස‍්සිං භගවන‍්තං පස‍්සිත්‍වා පසන‍්නමානසො සඞ‍්ඛධමනෙන පූජං කත්‍වා තතො පට‍්ඨාය කාලෙන කාලං සත්‍ථු උපට‍්ඨානං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ “අනාගතෙ මෙ විමලො විසුද‍්ධො කායො හොතූ”ති බොධිරුක‍්ඛං ගන්‍ධොදකෙහි න‍්හාපෙසි, චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණෙසු ආසනානි ධොවාපෙසි, භික‍්ඛූනම‍්පි කිලිට‍්ඨෙ සමණපරික‍්ඛාරෙ ධොවාපෙසි.

“ධරණී ච සිඤ්චති වාති” යනු ආයුෂ්මත් විමල තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන් හි දී සසරින් මිදීම සඳහා තව තවත් කුසල් රැස් කළහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේ දවස සක් පිඹින පවුලක ඉපිද වැඩිවියට පත්වූයේ එම ශිල්පයෙහි නිෂ්පත්තියට ගිය ඔහු, දිනක් විපස්සි භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක පැහැදුණු සිතින් සක්පිඹ උන්වහන්සේට පූජා කොට, එතැන් පටන් කලින් කලට ශාස්තෲන් වහන්සේට උපස්ථාන කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් ලොව උපන් ඔහු, ඒ ඒ භවයන්හි දී තව තවත් පින් රැස්කර කාම සුගතීන්හිම හැසිර, කස්සප භාග්‍යවතුන් වහන්සේ දවස “අනාගතයේ දී මා හට නිර්මල පිරිසිදු ශරීරයක් ලැබේවා!”යි පතා බෝධිවෘක්‍ෂය සුවඳ පැනින් නැහැවීය. සෑමළුවේ ද බෝ මළුවේ ද වූ මල් අසුන් ආදිය සේදවීය. භික්‍ෂූන් වහන්සේලා සතුව තිබූ කිලිටි ශ්‍රමණ පිරිකර ආදිය ද සේදවීය.

සො තතො චවිත්‍වා දෙවෙසු ච මනුස‍්සෙසු ච පරිවත‍්තෙන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ ඉබ‍්භකුලෙ නිබ‍්බත‍්ති. තස‍්ස මාතුකුච‍්ඡියං වසන‍්තස‍්ස නික‍්ඛමන‍්තස‍්ස ච කායො පිත‍්තසෙම‍්හාදීහි අසංකිලිට‍්ඨො පදුමපලාසෙ උදකබින්‍දු විය අලග‍්ගො පච‍්ඡිමභවිකබොධිසත‍්තස‍්ස විය සුවිසුද‍්ධො අහොසි, තෙනස‍්ස විමලොත්‍වෙව නාමං අකංසු. සො වයප‍්පත‍්තො රාජගහප‍්පවෙසනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා කොසලරට‍්ඨෙ පබ‍්බතගුහායං විහරති. අථෙකදිවසං චාතුද‍්දීපිකමහාමෙඝො සකලං චක‍්කවාළගබ‍්භං පත්‍ථරිත්‍වා පාවස‍්සි. විවට‍්ටට‍්ඨායිම‍්හි බුද‍්ධානං චක‍්කවත‍්තීනඤ‍්ච ධරමානකාලෙ එව කිර එවං වස‍්සති. ඝම‍්මපරිළාහවූපසමතො උතුසප‍්පායලාභෙන ථෙරස‍්ස චිත‍්තං සමාහිතං අහොසි එකග‍්ගං. සො සමාහිතචිත‍්තො තාවදෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා මග‍්ගපටිපාටියා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.10.56-60) –

එසේ පින්කම් කළ ඔහු ඉන් චුතව දෙව් මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවර සමෘද්ධිමත් පවුලක උපන්නේය. මවුකුස වාසය කළාවූ ද ඉන් නික්මුණා වූ ද ඔහුගේ ශරීරය පිත්, සෙම් ආදියෙන් කිලිටි නොවී, පියුම් පතෙහි ලු දියමෙන් කිසිදු අපවිත්‍ර ද්‍රව්‍යයක් සිරුරෙහි නොතැවරී පශ්චිම භවික බෝසත් ශරීරයක් මෙන් ඉතා පිරිසිදු වූයේ විය. එනිසා එකුමරුට “විමල” යන නාමය තබන ලදි. වැඩිවියට පත් විමල කුමරු රජගහ නුවරට ප්‍රථමයෙන් පිවිසි බුදුරජාණන් වහන්සේගේ අනුභාවය දැක, ලබන ලද ශ්‍රද්ධාවෙන් සතර මහා දිවයිනට ම වැටෙන මහා වර්ෂාවක්, මුලු සක්වල ගැබ පතුරුවා වැස්සේය. නැවත හටගන්නා විටට්ට කල්පයේ දී බුදුවරු ද සක්විති රජවරු ද වැඩ සිටින කාලයෙහි ම මෙබඳු වර්ෂා ඇතිවේ. ශරීරයේ සියළු දාහයන් සන්සිඳි සෘතුලාභය නිසා තෙරුන්ගේ සිත සන්සුන් විය, එකඟ විය, සමාධිගත සිත් ඇති උන්වහන්සේ එකෙණෙහි ම විදසුන් වඩා මාර්ගඵල පිළිවෙලින් ලැබ උතුම් වූ අර්හත් ඵලයෙහි පිහිටිසේක. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වන ලදි -

“විපස‍්සිස‍්ස භගවතො, අහොසිං සඞ‍්ඛධම‍්මකො; නිච‍්චුපට‍්ඨානයුත‍්තොම‍්හි, සුගතස‍්ස මහෙසිනො.

“ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයෙහි මම සක් පිඹින්නෙක් වීමි මහර්ෂි වූ සුගතයන් වහන්සේට නිතර ම සක්පිඹිමින් මම උවටැන් කළෙමි.

“උපට‍්ඨානඵලං පස‍්ස, ලොකනාථස‍්ස තාදිනො; සට‍්ඨි තූරියසහස‍්සානි, පරිවාරෙන‍්ති මං සදා.

තාදීගුණ ඇති ලෝක නාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය දකිත්වා. හැම කල්හි ම සැට දාහක් තූර්ය නාදයෝ මා පිරිවරාගෙන සිටිති.

“එකනවුතිතො කප‍්පෙ, උපට‍්ඨහිං මහාඉසිං; දුග‍්ගතිං නාභිජානාමි, උපට‍්ඨානස‍්සිදං ඵලං.

[missing trans]

“චතුවීසෙ ඉතො කප‍්පෙ, මහානිග‍්ඝොසනාමකා; සොළසාසිංසු රාජානො, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් කල්ප තිස් හතරකට පෙර මහත් බල ඇති මහා නිග්ඝෝස නම් වූ සක්විති රජවරු 16 දෙනෙක්ව මම උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරදුන්ගේ අනුශාසනාව මනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා කතකිච‍්චතාය තුට‍්ඨමානසො උදානං උදානෙන‍්තො “ධරණී ච සිඤ‍්චති වාති මාලුතො”ති ගාථං අභාසි.

රහත්බවට පත් වූ කොට නිම වූ කටයුතු ඇති සතුටු සිතින් යුක්ත වූ විමල තෙරණුවෝ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කරමින් (උදන් අනමින්) “ධරණී ච සිඤ්චති වාති මාලුතො” යන ගාථාව දේශනා කළහ.

තත්‍ථ ධරණීති පථවී, සා හි සකලං ධරාධරං ධාරෙතීති “ධරණී”ති වුච‍්චති. සිඤ‍්චතීති සමන‍්තතො නභං පූරෙත්‍වා අභිප‍්පවස‍්සතො මහාමෙඝස‍්ස වුට‍්ඨිධාරාහි සිඤ‍්චති . වාති මාලුතොති උදකඵුසිතසම‍්මිස‍්සතාය සීතලො වාතො වායති. විජ‍්ජුතා චරති නභෙති තත්‍ථ තත්‍ථ ගජ‍්ජතා ගළගළායතා මහාමෙඝතො නිච‍්ඡරන‍්තියො සතෙරතා ආකාසෙ ඉතො චිතො ච විචරන‍්ති. උපසමන‍්ති විතක‍්කාති උතුසප‍්පායසිද‍්ධෙන සමථවිපස‍්සනාධිගමෙන පුබ‍්බභාගෙ තදඞ‍්ගාදිවසෙන වූපසන‍්තා හුත්‍වා කාමවිතක‍්කාදයො සබ‍්බෙපි නව මහාවිතක‍්කා අරියමග‍්ගාධිගමෙන උපසමන‍්ති. අනවසෙසතො සමුච‍්ඡිජ‍්ජන‍්තීති. වත‍්තමානසමීපතාය අරියමග‍්ගක‍්ඛණං වත‍්තමානං කත්‍වා වදති. අතීතත්‍ථෙ වා එතං පච‍්චුප‍්පන‍්නවචනං. චිත‍්තං සුසමාහිතං මමාති තතො එව ලොකුත‍්තරසමාධිනා මම චිත‍්තං සුට‍්ඨු සමාහිතං, න දානි තස‍්ස සමාධානෙ කිඤ‍්චි කාතබ‍්බං අත්‍ථීති ථෙරො අඤ‍්ඤං බ්‍යාකාසි.

එහි “ධරණී” යනු පොළවයි. පොළව සියලුම ජල දහරා ධරන බැවින් “ධරණී” නම් වේ. “සිඤ්චති” යනු හාත්පස අහස පුරවාගෙන වැසි වසී. මහා මේඝයෙන් වැටුණු දියදහරා වලින් පොළව තෙමේ. තෙත් වේ “වාති මාලුතො” යනු දිය හා මිශ්‍ර වූ සීතල සුළං හමයි “විජ්ජුතා චරති නභෙ” යනු ඒ ඒ තැන ගර්ජනා කරමින් ගඩ ගඩ ශබ්ද නගමින් මහ වැසි වසින බැවින් නික්මෙන විදුලි දහරාවෝ අහසෙහි ඔබිනොබ හැසිරෙති. “උපසමන්ති විතක්කා” යනු යෝග්‍ය වූ සෘතු ලැබීමෙන් සමථ විපස්සනාවන්ගෙන් අවබෝධ වූ පූර්‍වභාගයේ කෙලෙස් තදංග (තාවකාලික) වශයෙන් සංසිඳුණේ විය. කාම විතර්කා දී සියලුම මහා විතර්කයෝ ආර්යමාර්ග අධිගමනයෙන් සංසිඳෙති. ඉතිරි නොකර සකල ක්ලේශයන් මුලිනුපුටා දමන ලදි. සමීපයෙහි පවතින්නා වූ ආර්යමාර්ග ක්‍ෂණය වර්තමාන කොට දක්වයි. අතීත අර්ථයෙහි මෙතැන දී වර්තමාන වචනයක් යෙදී ඇත. “(උපසමන්ති” යනුවෙන්) “චිත්තඤ්ච සුසමාහිතං මම” යනු එසේම ලෝකෝත්තර චිත්ත සමාධියෙන් මා සිත මැනවින් සමාධිගත වේ. දැන් එය සමාධිගත කිරීමට කිසිවක් කළ යුතු නොවේ. කළ යුතු සිය්ලල කර නිම වූ බැවිණි. මෙලෙස තෙරණුවෝ රහත් බව ප්‍රකාශ කළහ.

විමලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විමල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

පඤ‍්චමවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

පස්වන වග්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.