මාණවත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මාණවත්ථෙරගාථාවණ්ණනා
මාණව ස්ථවිරගාථා වර්ණනාව
ජිණ්ණඤ්ච දිස්වා දුඛිතඤ්ච බ්යාධිතන්ති ආයස්මතො මාණවත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො ඉතො එකනවුතෙ කප්පෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා ලක්ඛණධරො හුත්වා විපස්සිස්ස භගවතො අභිජාතියා ලක්ඛණානි පරිග්ගහෙත්වා පුබ්බනිමිත්තානි සාවෙත්වා, “එකංසෙන අයං බුද්ධො භවිස්සතී”ති බ්යාකරිත්වා නානානයෙහි ථොමෙත්වා අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණමහාසාලස්ස ගෙහෙ නිබ්බත්තිත්වා යාව සත්තවස්සානි, තාව අන්තොඝරෙයෙව වඩ්ඪිත්වා සත්තමෙ සංවච්ඡරෙ උපනයනත්ථං උය්යානං නීතො අන්තරාමග්ගෙ ජිණ්ණාතුරමතෙ දිස්වා තෙසං අදිට්ඨපුබ්බත්තා තෙ පරිජනෙ පුච්ඡිත්වා ජරාරොගමරණසභාවං සුත්වා සඤ්ජාතසංවෙගො තතො අනිවත්තන්තො විහාරං ගන්ත්වා සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා මාතාපිතරො අනුජානාපෙත්වා පබ්බජිත්වා විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.13.41-64) –
“ජිණ්ණඤ්ච දිස්වා දුඛිතඤ්ච ඛ්යාධිතං” යනු ආයුෂ්මත් මාණව තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා සහ ඒ ඒ උපනුපන් භවයන් හි දී සසරින් මිදීම සඳහා රැස්කරගත් කුසල සම්භාරයන් ඇති උන්වහන්සේ; මීට කල්ප අනූ එකකට පෙර බමුණුකුව ඉපිද ලක්ෂණ ශාස්ත්‍රයෙහි පර ප්‍රාප්ත වූහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේ උපන් කෙණෙහි ගොස් ශරීර ලක්ෂණ බලා, පූර්ව නිමිති විමසා “එ්කාන්තයෙන් මෙතෙම බුදුවන්නේ ය” යැයි ප්‍රකාශ කර විවිධාකාරයෙන් ස්තුති කර, ප්රදක්ෂිණා කොට වැඳ ගියේය. ඒ පින්කමේ විපාක වශයෙන් කාමසුගතීන් හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු මහසල් කුලයක ඉපදුණේය. ඉපිද සත් විය දක්වා ඇතුලු ගෙයි ම හැදී වැඩී, සත්වන වසරෙහි දී උපනයනය සඳහා උයනට ගෙනයන අතර මගදී මහළුවූවන්, ලෙඩවූවන් හා මැරුණු පුද්ගලයන් දැක - පෙර ඔවුන් නොදැක තිබූ බැවින් පිරිවර ජනයාගෙන් ඒ පිළිබඳව විමසීය. ජරාවට පත්වීම, රෝගවලට ගොදුරුවීම හා මරණය අප සැම දෙනාටම උරුම වූ ස්වභාවයක් බව අසා හටගත් සංවේග ඇති බමුණු කුමරු නැවත පෙරළා එන කල්හි විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්මශ්රවණ කොට, මාපිය අවසරයෙන් පැවිදි වී නොබෝ දිනකින් ම විදසුන් වඩා මහරහත් ඵලයෙහි පිහිටියේය. මාණව තෙරුන් වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“ජායමානෙ විපස්සිම්හි, නිමිත්තං බ්යාකරිං අහං; නිබ්බාපයිඤ්ච ජනතං, බුද්ධො ලොකෙ භවිස්සති.
“විපස්සි බුදුරදුන් ලොව පහළවන කල්හි, ඇති වූ නිමිති බලා, මම මෙසේ පැවසුවෙමි. “ජන සමූහයා කෙලෙස් ගින්නෙන් නිවමින් බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නේය.
“යස්මිඤ්ච ජායමානස්මිං, දසසහස්සි කම්පති; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමෙකු පහළවන කල්හි දස දහසක් ලෝකධාතු කම්පා වෙත් ද දැන් ඒ ශාස්තෲ වූ පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන සේක.
“යස්මිඤ්ච ජායමානස්මිං, ආලොකො විපුලො අහු; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමෙකු පහළ වන කල්හි මහත් ආලෝකයක් පැතිරුණේ ද දැන් ඒ උතුමාණෝ දහම් දෙසන සේක.
“යස්මිඤ්ච ජායමානස්මිං, සරිතායො න සන්දයුං; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමෙකු උපදින මොහොතෙහි ගංගා නොගැලුවේ ද, දැන් ඒ පසැස් ඇති භාග්‍යවත්හු දහම් දෙසති.
“යස්මිඤ්ච ජායමානස්මිං, අවීචග්ගි න පජ්ජලි; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමෙකු පහළවන කල් හි අවීචියේ ගිනි නිවුණේ ද දැන් ඒ ශාස්තෲ වූ පසැස් ඇති භාග්‍යවත් හු දහම් දෙසති.
“යස්මිඤ්ච ජායමානස්මිං, පක්ඛිසඞ්ඝො න සඤ්චරි; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමකු පහළවන විට පක්ෂීහු අහසේ ගමන් අත් හැරියා හු ද ඒ උතුම් භාග්‍යවත්හු දැන් දහම් දෙසති.
“යස්මිඤ්ච ජායමානස්මිං, වාතක්ඛන්ධො න වායති; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමෙකු උපදින කල්හි සුළං නොහැමුවේ ද, දැන් ඒ ශාස්තෲ වූ පසස් ඇති භාග්‍යවත් හු දහම් දෙසති.
“යස්මිඤ්ච ජායමානස්මිං, සබ්බරතනානි ජොතයුං; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමෙකු උපදින කල් හි සියලු රත්න බැබලුනා හු ද, දැන් ඒ ශාස්තෲ වූ පසැස් ඇති භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසති.
“යස්මිඤ්ච ජායමානස්මිං, සත්තාසුං පදවික්කමා; සො දානි භගවා සත්ථා, ධම්මං දෙසෙති චක්ඛුමා.
යම් උතුමෙකු උපදින කල් හි සත් පද වික්‍රමය, සත් පියවර තැබීම කරන ලද්දේ ද, දැන් ඒ පසැස් ඇති භාග්‍යවත් හු දහම් දෙසති.
“ජාතමත්තො ච සම්බුද්ධො, දිසා සබ්බා විලොකයි; වාචාසභිමුදීරෙසි, එසා බුද්ධාන ධම්මතා.
උපන් මොහොතේ ම ඒ බුදුවන කුමරු සියලු දිශා බැලුවේය. අභීත වදන් පැවසීය. මේ බුදුවරුන්ගේ ධර්මතාවන් වේ.”
“සංවෙජයිත්වා ජනතං, ථවිත්වා ලොකනායකං; සම්බුද්ධං අභිවාදෙත්වා, පක්කාමිං පාචිනාමුඛො.
මෙසේ ජනයා සංවේගයට පමුණුවා, ලෝකනායකයන් වහන්සේට ස්තුති කොට සර්වඥයන් වහන්සේට වැඳ නැගෙනහිරට මුහුණ ලා ගියෙමි.
“එකනවුතිතො කප්පෙ, යං බුද්ධමභිථොමයිං; දුග්ගතිං නාභිජානාමි, ථොමනාය ඉදං ඵලං.
එදා මීට කල්ප අනූ එකකට පෙර යම් බුද්ධ ස්තුතියක් කළෙම් ද, මේ දක්වා ම මම දුගතියක නූපන්නෙමි. බුදුවැණුමෙහි මේ විපාකයයි.
“ඉතො නවුතිකප්පම්හි, සම්මුඛාථවිකව්හයො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මීට කල්ප අනූ එකකට පෙර මම, සත් රුවනින් හෙබි මහ බල ඇති සම්මුඛාථවිය නම් සක්විති රජව උපන්නෙමි.
“පථවීදුන්දුභි නාම, එකූනනවුතිම්හිතො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මීට කල්ප අනූ නවයකට පෙර සත් රුවන් සහිත බලවත් වූ පඨවිදුන්දුභි නම් සක්විති රජවූයෙමි.
“අට්ඨාසීතිම්හිතො කප්පෙ, ඔභාසො නාම ඛත්තියො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් අසූ අටවන කල්පයේ ද ඕභාස නමින් එවැනි ම සක්විති රජ කෙනෙක් ව උපන්නෙමි.
“සත්තාසීතිම්හිතො කප්පෙ, සරිතච්ඡෙදනව්හයො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මීට කල්ප අසූ හතකට පෙර සරිතච්ඡේදන නමින් ද [missing trans] කල්ප අසූහයකට පෙර වාතසම නමින් ද කල්ප අසූතුනකට පෙර රතනපජ්ජල නමින් ද [missing trans] කල්ප අසූවකට පෙර ගිරිසාර නමින් ද මහත් බල ඇති - සත් රුවනින් පිරි සක්විති රජවරුන් ව උපන්නෙමි.”
“අග්ගිනිබ්බාපනො නාම, කප්පානං ඡළසීතියා; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“ගතිපච්ඡෙදනො නාම, කප්පානං පඤ්චසීතියා; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“රාජා වාතසමො නාම, කප්පානං චුල්ලසීතියා; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“රතනපජ්ජලො නාම, කප්පානං තෙඅසීතියා; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“පදවික්කමනො නාම, කප්පානං ද්වෙඅසීතියා; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“රාජා විලොකනො නාම, කප්පානං එකසීතියා; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“ගිරසාරොති නාමෙන, කප්පෙසීතිම්හි ඛත්තියො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේ අනුශාසනාව ඉටුකළෙමි.”
අධිගතාරහත්තො පන භික්ඛූහි, “කෙන, ත්වං ආවුසො, සංවෙගෙන අතිදහරොව සමානො පබ්බජිතො”ති පුච්ඡිතො අත්තනො පබ්බජ්ජානිමිත්තකිත්තනාපදෙසෙන අඤ්ඤං බ්යාකරොන්තො –
අවබෝධ කරගත් රහත් බව ඇති උන්වහන්සේගෙන් භික්ෂූන් වහන්සේලා “ඇවැත්නි! නුඹ කුමක් නිසා ඉතා ළදරුවියේ දීම සංවේග උපදවා පැවිදිවූයෙහි ද?”යි විමසන ලදුව; තමන් වහන්සේගේ පැවිදිවීමේ නිමිත්ත පැවසීමට ද රහත්බව ප්‍රකාශ කිරීමට ද මේ ගාථාව වදාළසේක.
“ජිණ්ණඤ්ච දිස්වා දුඛිතඤ්ච බ්යාධිතං, මතඤ්ච දිස්වා ගතමායුසඞ්ඛයං; තතො අහං නික්ඛමිතූන පබ්බජිං, පහාය කාමානි මනොරමානී”ති. –
“ඡිණ්ණඤ්ච දිස්වා දුක්ඛිතඤ්ච ව්යාධිතං, මතං ච දිස්වා ගතමායුසංඛයං, තතො අහං නික්ඛමිතූන පබ්බජිං, හිත්වාන කාමානි මනොරමානි”
ගාථං අභාසි.
“ජරාවට පත් වූවෙකු ද, දුක්පත් ගිලන් වූවෙකු ද ආයු ගිලිහී මැරුණු කෙනෙකු ද මම දුටුවෙමි. එනිසා මම සිත්කලු වූ පස්කම් සුව හැර දමා ගිහිගෙන් නික්ම පැවිදි වූයෙමි.”
තත්ථ ජිණ්ණන්ති ජරාය අභිභූතං, ඛණ්ඩිච්චපාලිච්චවලිත්තචතාදීහි සමඞ්ගීභූතං. දුඛිතන්ති දුක්ඛප්පත්තං. බ්යාධිතන්ති ගිලානං. එත්ථ ච “බ්යාධිත”න්ති වුත්තෙපි දුක්ඛප්පත්තභාවො සිද්ධො, “දුඛිත”න්ති වචනං තස්ස බාළ්හගිලානභාවපරිදීපනත්ථං. මතන්ති කාලඞ්කතං, යස්මා කාලඞ්කතො ආයුනො ඛයං වයං භෙදං ගතො නාම හොති, තස්මා වුත්තං “ගතමායුසඞ්ඛය”න්ති. තස්මා ජිණ්ණබ්යාධිමතානං දිට්ඨත්තා, “ඉමෙ ජරාදයො නාම න ඉමෙසංයෙව, අථ ඛො සබ්බසාධාරණා, තස්මා අහම්පි ජරාදිකෙ අනතිවත්තො”ති සංවිග්ගත්තා. නික්ඛමිතූනාති නික්ඛමිත්වා, අයමෙව වා පාඨො. පබ්බජ්ජාධිප්පායෙන ඝරතො නිග්ගන්ත්වා. පබ්බජින්ති සත්ථු සාසනෙ පබ්බජං උපගතො. පහාය කාමානි මනොරමානීති ඉට්ඨකන්තාදිභාවතො අවීතරාගානං මනො රමෙන්තීති මනොරමෙ වත්ථුකාමෙ පජහිත්වා, තප්පටිබද්ධස්ස ඡන්දරාගස්ස අරියමග්ගෙන සමුච්ඡින්දනෙන නිරපෙක්ඛභාවෙන ඡඩ්ඩෙත්වාති අත්ථො. කාමානං පහානකිත්තනමුඛෙන චෙතං ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසි. මාණවකාලෙ පබ්බජිතත්තා ඉමස්ස ථෙරස්ස මාණවොත්වෙව සමඤ්ඤා ජාතාති.
මෙහි “ජිණ්ණං” යනු ජරාවෙන් දැදුරු වූ, කැඩීගිය බිඳීගිය දිරාගිය, හිස කෙස් සුදු වූ ශරීරය රැළි ගැසුණු ස්වභාවය යි. “දුඛිතං” යනු දුකට පත් වූ, දුකින් යුක්ත වූ “ව්යාධිතං” යනු ගිලන් වූ, මෙහි දී “බ්යාධිතං” යන්නෙන් ද දුකට පත්වීමේ හේතුව දක්වයි. “දුක්ඛිතං” යන වචනයෙන් ඒ පුද්ගලයාගේ දැඩිසේ ගිලන් බවට පත්වීම දක්වයි. “මතං” යනු කළුරිය කළ, යම් අයුරකින් කළුරිය කළ, ආයුෂ ක්ෂය වූ ව්‍යය වූ බැවින් කය බිදීමට පත් වූ. එනිසා “ගතමායුසංඛයං” යනුවෙන් කියන ලදි. “ගෙවී ගිය ආයු ඇති” මේ ජරාවෙන් හා ගිලන් බවින් යුක්ත වුවත් දැක “මේ ජරාව, ගිලන් බව මොවුන්ට පමණක් වන දේ නොවේ. ඒවා සියල්ලන්ට ම සාධාරණය, එනිසා මම ද ජරා ආදියෙන් මැඩුනෙක්මි. ඒවා ඉක්ම නොවූවෙක්මි.” යි සංවේගයට පත්ව. “නික්ඛමිතූනා” යනු නික්මී. “නික්ඛමිත්වා” යන අර්ථයයි. පැවිදිවීමේ අදහසින් ගිහිගෙයින් නික්ම “පබ්බජිං” ශාස්තෲ ශාසනයෙහි පැවිදි වූයෙමි. “පහාය කාමානි මනොරමානි” යනු ඉෂ්ට, කාන්ත, මනාප වූ රාගය පහ නොකළවුන්ගේ සිත අලවන බැවින් සිත්කලු වූ වස්තුකාමයන්හි ඇති ආශාව දුරුකර, ඒවා සමග බැඳුනු කැමැත්ත - ආශාව - රාගය ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් මුලුමණින්ම නසා ඒ පිළිබඳව අපේක්ෂාවක් නොමැතිව, ඉවත දමා යන අර්ථයයි. කාමාදියේ ප්‍රහාණ කිරීම දැක්වීම් වශයෙන් මෙහිදී තෙරුන් වහන්සේගේ රහත්බව ප්‍රකාශ විය. ළදරු කාලයේ, මාණවක සමයේ පැවිදි වූ බැවින් මේ තෙරුන්ට “මාණව” යන නාමය ලැබුණි.
මාණවත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මාණව ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.