යෙදුමෙන් කියවන්න

ආතුමත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ආතුමත්‍ථෙරගාථාවණ‍්ණනා

ආතුම ස්ථවිරගාථා වර්ණනාව

යථා කළීරො සුසු වඩ‍්ඪිතග‍්ගොති ආයස‍්මතො ආතුමත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං ආචිනන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො විපස‍්සිං භගවන‍්තං අන‍්තරවීථියං ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො ගන්‍ධොදකෙන ගන්‍ධචුණ‍්ණෙන ච පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා සමණධම‍්මං අකාසි, ඤාණස‍්ස පන අපරිපක‍්කත‍්තා විසෙසං නිබ‍්බත‍්තෙතුං නාසක‍්ඛි. අථ ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං සෙට‍්ඨිපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, ආතුමොතිස‍්ස නාමං අහොසි. තස‍්ස වයප‍්පත‍්තස‍්ස මාතා “පුත‍්තස‍්ස මෙ භරියං ආනෙස‍්සාමා”ති ඤාතකෙහි සම‍්මන‍්තෙසි. සො තං උපධාරෙත්‍වා හෙතුසම‍්පත‍්තියා චොදියමානො “කිං මය‍්හං ඝරාවාසෙන, ඉදානෙව පබ‍්බජිස‍්සාමී”ති භික‍්ඛූනං සන‍්තිකං ගන‍්ත්‍වා පබ‍්බජි. පබ‍්බජිතම‍්පි නං මාතා උප‍්පබ‍්බාජෙතුකාමා නානානයෙහි පලොභෙති. සො තස‍්සා අවසරං අදත්‍වා අත‍්තනො අජ‍්ඣාසයං පකාසෙන‍්තො –

“යථා කළීරො සුසුවඩ්ඪිතග්ගො” යන මෙම ගාථාව ආයුෂ්මත් ආතුම තෙරුන්වහන්සේගේ ගාථාවකි. උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන නොයෙක් පින් දහම් රැස්කර, මෙයින් කල්ප අනූ එකකට පෙර සිටුගෙයක උපන්හ. වැඩිවිය පත් සිටු කුමරු විපස්සි භාග්‍යවතුන් වහන්සේ වීථියෙහි වඩිනු දැක පැහැදුණු සිතින් සුවඳ මලින් ද සුවඳ සුණු වලින් ද උන්වහන්සේ පිදුවේය. ඒ පින්කමේ බලයෙන් දෙව්ලොව ඉපිද කාමසුගති ලෝකයන්හිම සැරිසරා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුනේ පැවිදිව මහණදම් පිරුවේය. උන්වහන්සේගේ ඤාණය මුහුකුරා නොගිය බැවින් ආර්යගුණ කිසිවක් උපදවාගත හැකි නො වීය. අනතුරුව අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ සැවැත්නුවර සිටු ගෙදරක උපන්නේ ය. “ආතුම” නමින් ප්‍රකට වූ එම සිටු පුතු නිසි වයසට එළඹි කල්හි, ඔහුගේ මව “මගේ පුතුට බිරියක් ගෙනෙමි”යි නෑයන් සමග කථාබහ කළාය. එම සාකච්ඡාව ඇසූ ආතුම සිටුපුත්, හේතු සම්පත්තියෙන් මෙහෙයවනු ලබනුයේ “මට ගිහිගෙයි විසීමෙන් කවර ප්‍රයෝජනයක් ද? දැන් මම පැවිදිවෙමි”යි සිතා භික්‍ෂූන් සමීපයට ගොස් පැවිදි විය. පැවිදි වූ ආතුම ගිහිබවට පත්කරගැනීමට ඔහුගේ මව නොයෙකුත් උපක්‍රම යෙදුවාය. උන්වහන්සේ ඇයට අවස්ථාවක් නොදී තම ස්ථිර අදහස මෙසේ ගාථාවකින් වදාළහ.

“යථා කළීරො සුසු වඩ‍්ඪිතග‍්ගො, දුන‍්නික‍්ඛමො හොති පසාඛජාතො; එවං අහං භරියායානීතාය, අනුමඤ‍්ඤ මං පබ‍්බජිතොම‍්හි දානී”ති. –

“යථා කළීරො සුසු වඩ්ඪිතග්ගො, දුන්නික්ඛමො හොති පසාඛජාතො, එවං අහං භරියානිතාය අනුමඤ්ඤ මං පබ්බජිතොම්හි දානී”

ගාථං අභාසි.

තත්‍ථ කළීරොති අඞ‍්කුරො, ඉධ පන වංසඞ‍්කුරො අධිප‍්පෙතො. සුසූති තරුණො. වඩ‍්ඪිතග‍්ගොති පවඩ‍්ඪිතසාඛො. සුසුවඩ‍්ඪිතග‍්ගොති වා සුට‍්ඨු වඩ‍්ඪිතසාඛො සඤ‍්ජාතපත‍්තසාඛො. දුන‍්නික‍්ඛමොති වෙළුගුම‍්බතො නික‍්ඛාමෙතුං නීහරිතුං අසක‍්කුණෙය්‍යො. පසාඛජාතොති ජාතපසාඛො, සාඛානම‍්පි පබ‍්බෙ පබ‍්බෙ උප‍්පන‍්නඅනුසාඛො. එවං අහං භරියායානීතායාති යථා වංසො වඩ‍්ඪිතග‍්ගො වංසන‍්තරෙසු සංසට‍්ඨ සාඛාපසාඛො වෙළුගුම‍්බතො දුන‍්නීහරණීයො හොති, එවං අහම‍්පි භරියාය මය‍්හං ආනීතාය පුත‍්තධීතාදිවසෙන වඩ‍්ඪිතග‍්ගො ආසත‍්තිවසෙන ඝරාවාසතො දුන‍්නීහරණීයො භවෙය්‍යං. යථා පන වංසකළීරො අසඤ‍්ජාතසාඛබන්‍ධො වෙළුගුම‍්බතො සුනීහරණීයොව හොති, එවං අහම‍්පි අසඤ‍්ජාතපුත‍්තදාරාදිබන්‍ධො සුනීහරණීයො හොමි, තස‍්මා අනානීතාය එව භරියාය අනුමඤ‍්ඤ මං අත‍්තනාව මං අනුජානාපෙත්‍වා. පබ‍්බජිතොම‍්හි දානීති, “ඉදානි පන පබ‍්බජිතො අම‍්හි, සාධු සුට‍්ඨූ”ති අත‍්තනො නෙක‍්ඛම‍්මාභිරතිං පකාසෙසි, අථ වා “අනුමඤ‍්ඤ මං පබ‍්බජිතොම‍්හි දානී”ති මාතු කථෙති. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – යදිපි තාය පුබ‍්බෙ නානුමතං, ඉදානි පන පබ‍්බජිතො අම‍්හි, තස‍්මා අනුමඤ‍්ඤ අනුජානාහි මං සමණභාවෙයෙව ඨාතුං, නාහං තයා නිවත‍්තනීයොති . එවං පන කථෙන‍්තො යථාඨිතොව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා මග‍්ගපටිපාටියා කිලෙසෙ ඛෙපෙත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.13.35-40) –

මෙහි “කළීරො” යනු පැළයයි. මෙහිදී උණ ගොබයක්, උණ පැලයක් අදහස් කරන ලදි. “සුසු” යනු තරුණ වූ “වඩ්ඪිතග්ගො” යනු මනාව වැඩුණු අතු ඇති, තරුණ ළපටි පැළයක් හෝ මනාව වැඩුණු අතුවල හටගත් කොළ අතු ඇති “දුන්නික්ඛමො” යනු උණ ගොමුවෙන් නික්මවීමට බැහැරකරවීමට නොහැකි වන්නේ ය. “පසාඛ ජාතො” යනු හටගත් ශාඛා ප්‍රශාඛා ඇති ශාඛාවන්හි ද පුරුකක් පාසා හටගත් අනුශාඛා ඇති “එවං අහං භරියාය නීතාය” “යම්සේ උණ කිළිලක් හුණ පඳුරෙහි ශාඛා ප්‍රශාඛා වැඩී වර්ධනය වූ වේ ද එම උණ පැළය, ඉන් ඉවත් කිරීම අපහසු වූවක් වන්නේ ද එලෙසින් ම මම ද භාර්යාව විසින් මා වෙත ගෙනෙන ලද දූ පුතුන්ගේ වශයෙන් වර්ධනය වන ඇලීම නිසා ගිහිගෙයින් නික්මීම දුෂ්කර වන්නේ ය. නමුත් උණ පැළය නොවැඩුණු ශාඛා ප්‍රශාඛා ඇතිව උණ පඳුරෙහි වේනම් එය ඉවත් කිරීම ඉතා පහසුය. එමෙන්ම නො ඉපදුණු දූ පුතුන් ඇති බැවින් මම ගිහි බන්ධනයන්ගෙන් සුවසේ නික්මුණෙමි. නොගෙනා භාර්යාව ඇති මම, තමාගේම කැමැත්තෙන් දැන් පැවිදි වූයෙමි. එය ඉතා යහපත් දෙයකි”යි තමන් වහන්සේ ගිහිගෙයින් නික්මීමේ කැමැත්ත ප්‍රකාශ කරයි. “අනුමඤ්ඤ මං පබ්බජිතොම්හිදානී”, “මගේ පැවිද්ද අනුදන්නේ නම් මැනවි”යි මෑණියන්ට කියයි. මෙම පාඨයේ අදහස මෙසේය. – “මෑණියනි! නුඹ පෙර මගේ පැවිද්ද අනුමත නොකළෙහිය. දැන් මම පැවිදි වී සිටිමි. එනිසා මාගේ පැවිද්ද අනුදත මැනව. මට මහණකමෙහි ම සිටීමට ඉඩදෙන්න. නුඹට මා නැවැත්විය හැකි නොවේ.” මෙසේ තම මෑණියන්ට අවවාද දෙමින් විදසුන් වැඩූ ආතුම තෙරණුවෝ මග පිළිවෙලින් කෙලෙස් දවා ෂට් අභිඥාලාභියෙකු වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.

“නිසජ‍්ජ පාසාදවරෙ, විපස‍්සිං අද‍්දසං ජිනං; කකුධං විලසන‍්තංව, සබ‍්බඤ‍්ඤුං තමනාසකං.

“උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක් ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස් මරුන් දිනු විපස්සි බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“පාසාදස‍්සාවිදූරෙ ච, ගච‍්ඡති ලොකනායකො; පභා නිද‍්ධාවතෙ තස‍්ස, යථා ච සතරංසිනො.

පහයට නුදුරින් උන්වහන්සේ වඩින කල්හි, සූර්යයා මෙන් උන්වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් ප්‍රභාව විහිදුණි.

“ගන්‍ධොදකඤ‍්ච පග‍්ගය‍්හ, බුද‍්ධසෙට‍්ඨං සමොකිරිං; තෙන චිත‍්තප‍්පසාදෙන, තත්‍ථ කාලඞ‍්කතො අහං.

ඒ දැක සතුටු සිත් ඇති මම සුවඳ පැන් ඉස උන්වහන්සේට පූජා කළෙමි. ඉන්පසු කළුරිය කළ මම, මීට අනූඑක් කල්පයකට පෙර කළ එම කුසලයේ ආනුභාවයෙන් එතැන් සිට මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.

“එකනවුතිතො කප‍්පෙ, යං ගන්‍ධොදකමාකිරිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, සුගන්‍ධො නාම ඛත‍්තියො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් තිස් එක්වන කල්පයේ සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්‍ධ නම් සක්විති රජ ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

ඡළභිඤ‍්ඤො පන හුත්‍වා මාතරං ආපුච‍්ඡිත්‍වා තස‍්සා පෙක‍්ඛන‍්තියායෙව ආකාසෙන පක‍්කාමි. සො අරහත‍්තප‍්පත‍්තියා උත‍්තරිකාලම‍්පි අන‍්තරන‍්තරා තමෙව ගාථං පච‍්චුදාහාසි.

ෂට් අභිඥා උපදවා ගත් උන්වහන්සේ, තම මවුට මෙසේ අවවාද දී ඇය බලා සිටියදී ම අහසින් වැඩිසේක. රහත් බවට පත් වූ පසුව ද උන්වහන්සේ නිතර නිතර මේ ගාථාව ම වදාළසේක.

තත්‍ථ “පබ‍්බජිතොම‍්හී”ති ඉමිනාපදෙසෙන අයම‍්පි ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහොසි අත‍්තනො සන‍්තානෙ රාගාදිමලස‍්ස පබ‍්බාජිතභාවදීපනතො. තෙනාහ භගවා – “පබ‍්බාජයමත‍්තනො මලං, තස‍්මා ‘පබ‍්බජිතො’ති වුච‍්චතී”ති (ධ· ප· 388).

එහි “පබ්බජිතොම්හි” යන මේ පදයෙන් ආතුම තෙරුන්ගේ රහත්බව ප්‍රකාශ වේ. තම සන්තානයේ මල දුරුකරව, එසේ දුරු කිරීම ම පැවිද්ද නම් වේ” යැයි දේශනා කරන ලද හෙයිනි.

ආතුමත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ආතුම ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.