යෙදුමෙන් කියවන්න

වච‍්ඡපාලත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වච‍්ඡපාලත්‍ථෙරගාථාවණ‍්ණනා

වච්ඡපාල ස්ථවිරගාථා වර්ණනාව

සුසුඛුමනිපුණත්‍ථදස‍්සිනාති ආයස‍්මතො වච‍්ඡපාලත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි ආචිනන‍්තො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා බ්‍රාහ‍්මණසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගන‍්ත්‍වා අග‍්ගිං පරිචරන‍්තො එකදිවසං මහතියා කංසපාතියා පායාසං ආදාය දක‍්ඛිණෙය්‍යං පරියෙසන‍්තො විපස‍්සිං භගවන‍්තං ආකාසෙ චඞ‍්කමන‍්තං දිස‍්වා අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතො භගවන‍්තං අභිවාදෙත්‍වා දාතුකාමතං දස‍්සෙසි. පටිග‍්ගහෙසි භගවා අනුකම‍්පං උපාදාය. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජගහෙ විභවසම‍්පන‍්නස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, වච‍්ඡපාලොතිස‍්ස නාමං අහොසි. සො බිම‍්බිසාරසමාගමෙ උරුවෙලකස‍්සපත්‍ථෙරෙන ඉද‍්ධිපාටිහාරියං දස‍්සෙත්‍වා සත්‍ථු පරමනිපච‍්චකාරෙ කතෙ තං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා සත‍්තාහපබ‍්බජිතො එව විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.13.26-34) –

“සුසුඛුමනිපුණත්‍ථදස්සිනා” යනු ආයුෂ්මත් වච්ඡපාල තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මෙම තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී පින් රැස්කරමින් දෙව් මිනිසුන් අතරම ඉපදෙමින් සසර සැරි සරා, මීට කල්ප අනූ එකකට පෙර දී බමුණු පවුලක උපන්නේ ය. ඒ බමුණු කුමරු වැඩිවියට පත් ව සියලු බ්‍රාහ්මණ ඉගැන්වීම් නිමවා, ගිනි පුදමින් හැසිරුණේය. එක් දිනක් මහත් වූ ලෝහ පාත්‍රයකට කිරිබතක් යාගකර, ඉතිරි වූ කිරිබත් කොටස් ගෙන දක්‍ෂිණාර්හ පුද්ගලයකු සොයමින් සිටින විට දී; විපස්සී භාග්‍යවතුන් වහන්සේ අහසෙහි සක්මන් කරනු දැක, ආශ්චර්යමත් අත්භූත සිතින් උන්වහන්සේට වැඳ, කිරිබත පුදනු කැමති බව දැක්වීය. ඔහුට අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේ එය පිළිගත් සේක. එම පින්කමේ විපාක වශයෙන් දෙව් - මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ දී රජගහ නුවර මහ සම්පත් ඇති බමුණු පුතෙක් ව උපන්නේ ය. වච්ඡපාල නමින් ප්‍රකට වූ ඔහු; බිම්බිසාර රාජසමාගමයේ දී උරුවෙල කාශ්‍යප තෙරුන් මහත් ප්‍රාතිහාර්යයක් දක්වා, ශාස්තෲන් වහන්සේට අතිශයින් ගෞරව කිරීම් දැක ලැබූ ශ්‍රද්ධා ඇති ව සසුනේ පැවිදි විය. පැවිදි වී සත්වන දිනයේ ම විදසුන් වඩා ෂඩ් අභිඥාවන් උපදවාගත් උන්වහන්සේගේ චරිතාපදානය මෙසේ දැක්වේ.

“සුවණ‍්ණවණ‍්ණො සම‍්බුද‍්ධො, බාත‍්තිංසවරලක‍්ඛණො; පවනා අභිනික‍්ඛන‍්තො, භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතො.

“මහත් වූ ලොහො තලියක කිරි බතක් බහාගෙන, දනක් දෙනු කැමති වූ මම ඒ පූජාව දෙතිස් මහ පුරිස් ලකුණින් යුතු ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසංඝයා විසින් පිරිවරන ලදුව අරණින් නික්මුණා වූ විපස්සි බුදුරජාණන් වහන්සේ වෙත පිළිගැන්වූයෙමි.

“මහච‍්චා කංසපාතියා, වඩ‍්ඪෙත්‍වා පායසං අහං; ආහුතිං යිට‍්ඨුකාමො සො, උපනෙසිං බලිං අහං.

“භගවා තම‍්හි සමයෙ, ලොකජෙට‍්ඨො නරාසභො; චඞ‍්කමං සුසමාරූළ‍්හො, අම‍්බරෙ අනිලායනෙ.

ලොවට ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ එකල් හි අහසේ වූ සක්මනට නැගුණු සේක.

“තඤ‍්ච අච‍්ඡරියං දිස‍්වා, අබ‍්භුතං ලොමහංසනං; ඨපයිත්‍වා කංසපාතිං, විපස‍්සිං අභිවාදයිං.

විශ්මය ජනක වූ ලොමුදහ ගන්නා ඒ අසිරිය දුටු මම තලිය පසෙක තබා මෙසේ පැවසීමි.

“තුවං දෙවොසි සබ‍්බඤ‍්ඤූ, සදෙවෙ සහමානුසෙ; අනුකම‍්පං උපාදාය, පටිග‍්ගණ‍්හ මහාමුනි.

“දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්‍වඥ ද දේව ද වනසේක. මහාමුනි වූ බුදුරජාණන් වහන්ස! අනුකම්පා උපදවා මෙය පිළිගත මැනවි.”

“පටිග‍්ගහෙසි භගවා, සබ‍්බඤ‍්ඤූ ලොකනායකො; මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, සත්‍ථා ලොකෙ මහාමුනි.

ලෝකයේ ශාස්තෲ වූ මහාමුනි වූ ලෝක නායක වූ භාග්‍යවතුන් සර්‍වඥයන් වහන්සේ මාගේ අදහස දැන එය පිළිගත් සේක.

“එකනවුතිතො කප‍්පෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, පායාසස‍්ස ඉදං ඵලං.

මෙයින් කල්ප අනූ එකකට පෙර, මම යම් දානයක් දුන්නෙම් ද ඒ හේතුවෙන් මෙතෙක් දුගතියක නූපන්නෙමි. කිරිබත් දානයේ විපාකය මෙබඳුය.

“එකතාලීසිතො කප‍්පෙ, බුද‍්ධො නාමාසි ඛත‍්තියො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප සතලිස් එකකට පෙර සත් රුවනින් පිරි මහත් බල ඇති “බුද්ධ” නම් සක්විති රජෙක් වීමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා සුඛෙනෙව අත‍්තනා නිබ‍්බානස‍්ස අධිගතභාවං විභාවෙන‍්තො –

රහත් බවට පත්වූ උන්වහන්සේ සුවසේ තමන් වහන්සේ නිවන් අවබෝධ කරගත් බව දක්වමින් -

“සුසුඛුමනිපුණත්‍ථදස‍්සිනා, මතිකුසලෙන නිවාතවුත‍්තිනා; සංසෙවිතවුද‍්ධසීලිනා, නිබ‍්බානං න හි තෙන දුල‍්ලභ”න‍්ති. –

“සුසුඛුමනිපුණත්‍ථ දස්සිනා, මතිකුසලෙන නිවාත වුත්තිනා, සංසෙවිත වුද්ධ සීලිනා, නිබ්බාණං නහි තෙන දුල්ලභං”

ඉමං ගාථං අභාසි.

යන ගාථාව වදාළ සේක.

තත්‍ථ සුසුඛුමනිපුණත්‍ථදස‍්සිනාති අතිවිය දුද‍්දසට‍්ඨෙන සුඛුමෙ, සණ‍්හට‍්ඨෙන නිපුණෙ සච‍්චපටිච‍්චසමුප‍්පාදාදිඅත්‍ථෙ අනිච‍්චතාදිං ඔරොපෙත්‍වා පස‍්සතීති සුසුඛුමනිපුණත්‍ථදස‍්සී, තෙන. මතිකුසලෙනාති මතියා පඤ‍්ඤාය කුසලෙන ඡෙකෙන, “එවං පවත‍්තමානස‍්ස පඤ‍්ඤා වඩ‍්ඪති, එවං න වඩ‍්ඪතී”ති ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගපඤ‍්ඤාය උප‍්පාදනෙ කුසලෙන. නිවාතවුත‍්තිනාති සබ්‍රහ‍්මචාරීසු නිවාතනීචවත‍්තනසීලෙන, වුඩ‍්ඪෙසු නවෙසු ච යථානුරූපපටිපත‍්තිනා. සංසෙවිතවුද‍්ධසීලිනාති සංසෙවිතං ආචිණ‍්ණං වුද‍්ධසීලං සංසෙවිතවුද‍්ධසීලං, තං යස‍්ස අත්‍ථි, තෙන සංසෙවිතවුද‍්ධසීලිනා. අථ වා සංසෙවිතා උපාසිතා වුද‍්ධසීලිනො එතෙනාති සංසෙවිතවුද‍්ධසීලී, තෙන . හීතිසද‍්දො හෙතුඅත්‍ථො. යස‍්මා යො නිවාතවුත‍්ති සංසෙවිතවුද‍්ධසීලී මතිකුසලො සුසුඛුමනිපුණත්‍ථදස‍්සී ච, තස‍්මා නිබ‍්බානං න තස‍්ස දුල‍්ලභන‍්ති අත්‍ථො. නිවාතවුත‍්තිතාය හි සංසෙවිතවුද‍්ධසීලිතාය ච පණ‍්ඩිතා තං ඔවදිතබ‍්බං අනුසාසිතබ‍්බං මඤ‍්ඤන‍්ති, තෙසඤ‍්ච ඔවාදෙ ඨිතො සයං මතිකුසලතාය සුසුඛුමනිපුණත්‍ථදස‍්සිතාය ච විපස‍්සනාය කම‍්මං කරොන‍්තො නචිරස‍්සෙව නිබ‍්බානං අධිගච‍්ඡතීති, අයමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහොසීති.

එහි “සුඛුමනිපුණත්‍ථ දස්සිනා” යනු අතිශයින් දැකීමට අපහසු වූ, සියුම් වූ නිපුණ වූ සත්‍ය ප්‍රතීත්‍ය සමුත්පාදාදී අර්ථයෙහි ද අනිත්‍යාදියෙහි ද ආරෝපණය කොට දකියි යන අරුතින් “සියුම්, නිපුණ වූ අර්ථ දකී” නම් වේ. එයින් යුතු වූයේ “මති කුසලෙන” ප්‍රඥාවෙන් දක්ෂ වූ නුවනින්, දක්‍ෂකමින් පිරිපුන් වූ මෙලෙස පවතින්නාගේ ප්‍රඥාව වැඩේ. මෙසේ ක්‍රියා කිරීමෙන් නොවැඩේ යනුවෙන් ධම්මවිචය සම්බොජ්ඣංග ප්‍රඥාව ඉපදවීමෙහි දක්‍ෂ වූ. “නිවාතවුත්තිනා” යනු සබ්‍රහ්මචාරීන් කෙරෙහි යටහත් පැවතුම් ඇති, සීලයෙන් වෘද්ධ හා නවකයන් කෙරෙහි සුදුසු පරිදි පිළිපදින්නා වූ “සංසෙවිතවුද්ධසීලිනා” යනු මනාව ඇසුරු කළ, නිතර පුරුදු කළ, වෘද්ධ සීලයෙන් යුතු වූ. “එම වෘද්ධ සීලය යමෙකුට වේනම් ඔහු විසින්” යන අර්ථය පිණිස “සංසෙවිතවුද්ධසීලිනා” යි කියන ලදි. නැතහොත් මොහු විසින් ඇසුරුකරන ලදි. වෘද්ධ ශීලය මොහු විසින් උපාශ්‍රිතය, සේවනය කරන ලදී යන අරුතින් “සංසෙවිතවුද්ධසීලී” නම් වේ. ඔහු විසින් “හි” යනු හේතු අර්ථයේ නිපාතයකි. යම් හෙයකින් ඒ යටහත් පැවතුම් ඇති, මනාව සේවනය කළ වෘද්ධ ශීල සහිත වූ, ප්‍රඥාවෙහි දක්‍ෂ වූ සියුම් නිපුණ අර්ථ දක්නාවූ උත්තම පුද්ගලයාට ඒ ගුණ මහිම නිසා නිර්වාණාවබෝධය දුර්ලභ නොවේ. යටහත් පැවතුම් ඇති බැවින් ද ඇසුරු කරන ලද වෘද්ධශීල ඇති බැවින් ද නුවණැත්තෝ ඔහුට අවවාද කිරීමටද අනුශාසනා කිරීමට ද සිතති. ඔවුන්ගේ එම අවවාදයෙහි පිහිටා තමාගේම ප්‍රඥා සම්පන්න භාවයෙන් ඉතා සියුම්, නිපුණ අර්ථ දැකීමෙහි ද විදසුන් කමටහන් වඩා නොබෝ දිනකින් ම නිවණට පැමිණෙන්නේය. මෙම ගාථාවම තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.

වච‍්ඡපාලත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වච්ඡපාල ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.