පුණ්ණත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
පුණ්ණත්ථෙරගාථාවණ්ණනා
පුණ්ණ ස්ථවිරගාථා වර්ණනාව
සීලමෙවාති ආයස්මතො පුණ්ණත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං කුසලං උපචිනන්තො ඉතො එකනවුතෙ කප්පෙ බුද්ධසුඤ්ඤෙ ලොකෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො බ්රාහ්මණසිප්පෙසු නිප්ඵත්තිං ගන්ත්වා කාමෙසු ආදීනවං දිස්වා ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තප්පදෙසෙ පණ්ණකුටිං කත්වා වාසං කප්පෙසි. තස්ස වසනට්ඨානස්ස අවිදූරෙ එකස්මිං පබ්භාරෙ පච්චෙකබුද්ධො ආබාධිකො හුත්වා පරිනිබ්බායි, තස්ස පරිනිබ්බානසමයෙ මහා ආලොකො අහොසි. තං දිස්වා සො, “කථං නු ඛො අයං ආලොකො උප්පන්නො”ති වීමංසනවසෙන ඉතො චිතො ච ආහිණ්ඩන්තො පබ්භාරෙ පච්චෙකසම්බුද්ධං පරිනිබ්බුතං දිස්වා ගන්ධදාරූනි සංකඩ්ඪිත්වා සරීරං ඣාපෙත්වා ගන්ධොදකෙන උපසිඤ්චි. තත්ථෙකො දෙවපුත්තො අන්තලික්ඛෙ ඨත්වා එවමාහ – “සාධු, සාධු, සප්පුරිස, බහුං තයා පුඤ්ඤං පසවන්තෙන පූරිතං සුගතිසංවත්තනියං කම්මං තෙන ත්වං සුගතීසුයෙව උප්පජ්ජිස්සසි, ‘පුණ්ණො’ති ච තෙ නාමං භවිස්සතී”ති. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සුනාපරන්තජනපදෙ සුප්පාරකපට්ටනෙ ගහපතිකුලෙ නිබ්බත්ති, පුණ්ණොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො වාණිජ්ජවසෙන මහතා සත්ථෙන සද්ධිං සාවත්ථිං ගතො. තෙන ච සමයෙන භගවා සාවත්ථියං විහරති. අථ සො සාවත්ථිවාසීහි උපාසකෙහි සද්ධිං විහාරං ගතො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා වත්තපටිවත්තෙහි ආචරියුපජ්ඣායෙ ආරාධෙන්තො විහාසි. සො එකදිවසං සත්ථාරං උපසඞ්කමිත්වා, “සාධු මං, භන්තෙ භගවා, සංඛිත්තෙන ඔවාදෙන ඔවදතු, යමහං සුත්වා සුනාපරන්තජනපදෙ විහරෙය්ය”න්ති ආහ. තස්ස භගවා, “සන්ති ඛො, පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්යා රූපා”තිආදිනා (ම· නි· 3.395; සං· නි· 4.88) ඔවාදං දත්වා සීහනාදං නදාපෙත්වා විස්සජ්ජෙසි. සො භගවන්තං වන්දිත්වා සුනාපරන්තජනපදං ගන්ත්වා සුප්පාරකපට්ටනෙ විහරන්තො සමථවිපස්සනං උස්සුක්කාපෙත්වා තිස්සො විජ්ජා සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.41.29-44) –
“සීලමෙව” යනු ආයුෂ්මත් පුණ්ණ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවී ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන් හි දී නිවන් පතා ගෙන කුසල් දහම් රැස්කර ගත්සේක්, මීට කල්ප අනූ එකකට පෙර බුදුවරුන්ගෙන් ලොව ශූන්‍ය වූ කාලයක බමුණු කුලයක උපන්හ. වැඩිවියට පත් ව සියලු බ්‍රාහ්මණ ශිල්ප ශාස්ත්‍රයන් හි නිෂ්පත්තියට හෙවත් කෙළවරට ගොස්, කාමයන් හි ආදීනව දුටු මේ බමුණු තරුණයා; ගිහි ගේ හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව හිමවතෙහි පන්සලක් සාදාගෙන වාසය කළේය. ඔහු වසන තැනට ඉතා නුදුරු තැනෙක එක් පර්වත ගුහාවක පසේ බුදුවරයන් වහන්සේ නමක් ආබාධිතව පිරිනිවන් පෑ සේක. එසේ පිරිනිවෙන මොහොතෙහි මහත් වූ ආලෝකයක් දසදෙස පැතිරුණේය. එය දුටු තවුසා “කෙසේ ද මේ ආලෝකය ඇතිවූයේ? යනුවෙන් විමසනු සඳහා ඔබිනොබ ඇවිද, බලනුයේ ගුහාවෙහි පසේ බුදුන් පිරිනිවි බව දුටුවේය. සුවඳ දර ඒ ඒ තැනින් රැස්කරගත් ඔහු, එම සිරුර දවා සුවඳ දිය ඊට ඉස්සේය. මෙම සිදුවීම දුටු එක් දිව්‍ය පුත්‍රයෙක් අහසෙහි හිඳ “මැනවි, මැනවි සත්පුරුෂය! ඉතා මැනවි. නුඹ විසින් සුගතිගාමී වීම සඳහා බොහෝ පින් රැස්කරගත්තෙහිය. එනිසා නුඹ අනාගතයේ කාම සුගතීන් හි ම උපදින්නේය. ඔබ මතු පුණ්ණ නමින් ප්‍රකට වන්නෙහිය.” යනුවෙන් පැවසීය. ඒ තාපසතුමා එසේ කළ පින් ඇතිව කාමසුගතීන් හි සැපවිඳ අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි, සුණාපරන්ත නම් ජනපදයේ සුප්පාරක පටුනෙහි ගහපත් කුලයක ඉපදුණි. පුණ්ණ නමින් ප්‍රකට වූ මේ සිටු පුත්‍රයා වෙළඳාම පිණිස මහත් වූ ගැල් රැසක් ගෙන සැවැත් නුවරට ගියේ ය. එසමයේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙති. පුණ්ණ සිටුපුත් සැවැත් නුවර උපාසකයන් සමග විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේගෙන් ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි විය. වත් පිළිවෙතින් ආචාර්ය උපාධ්‍යාය සිත් සතුටු කල පුණ්ණ හිමියෝ, එක් දිනක් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ, “භාග්‍යවතුන් වහන්සේ! ඔබවහන්සේ මා හට ඉතා සංක්ෂිප්ත අවවාදයක් - සුණ්ණාපරන්ත ජනපදයේ වෙසෙන මා හට ඉතා යෝග්‍ය වූ උපදෙසක් දෙන්නේ නම් මැනවි” යනුවෙන් ආරාධනා කළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ, “පුණ්ණය! නුඹට චක්ඛු විඤ්ඤෙය්‍ය වූ (ඇසින් දතයුතු වූ) රූපයෝ වෙති” යනාදී වශයෙන් අවවාද දී සිංහනාද කරවා පුණ්ණ තෙරුන් පිටත් කර හැරි සේක. භාග්‍යවතුන් වහන්සේට වැඳ අවසර ගෙන සුණාපරන්තයට ගිය පුණ්ණ හිමියෝ, එහි සුප්පාරක පටුනේ වැඩ වසමින් සමථ විදර්ශනා භාවනාවන් වඩා ත්‍රිවිද්‍යාවන් අවබෝධ කරගත් සේක.
උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“පබ්භාරකූටං නිස්සාය, සයම්භූ අපරාජිතො; ආබාධිකො ච සො බුද්ධො, වසති පබ්බතන්තරෙ.
“සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ගුණගරු වූ පසේ බුදුරජාණන් වහන්සේ හටගත් ආබාධ ඇතිසේක්, පර්වතකූට පබ්භාරයක පර්වත අතරෙහි වැඩ වසන සේක.
“මම අස්සමසාමන්තා, පනාදො ආසි තාවදෙ; බුද්ධෙ නිබ්බායමානම්හි, ආලොකො උදපජ්ජථ.
එකෙණෙහි මගේ අසපුව හාත්පස මහත් වූ නාදයක් විය. බුදුරදුන් පිරිනිවි මොහොතෙහි මහත් ආලෝකයක් පැතිරුණි.
“යාවතා වනසණ්ඩස්මිං, අච්ඡකොකතරච්ඡකා; වාළා ච කෙසරී සබ්බෙ, අභිගජ්ජිංසු තාවදෙ.
ඒ මොහොතේ වනයේ සිටි වලස්, වෘක, කළු හිස් වලස් ව්යාඝ්ර සිංහා දී සියලු සත්ත්වයෝ නාද කළහ.
“උප්පාතං තමහං දිස්වා, පබ්භාරං අගමාසහං; තත්ථද්දසාසිං සම්බුද්ධං, නිබ්බුතං අපරාජිතං.
මම ඒ භූත විකෘතිය දැක පසේ බුදුන් වැඩ සිටි පර්වතයට ගියෙමි. එහි දී පිරිනිවි අපරාජිත වූ පසේ බුදුරදුන් දුටුවෙමි.
“සුඵුල්ලං සාලරාජංව, සතරංසිංව උග්ගතං; වීතච්චිකංව අඞ්ගාරං, නිබ්බුතං අපරාජිතං.
සුපිපි සල් රුකක් වැනි වූ උදා වූ හිරු වැනි, පහ වූ සිළු ඇති ගිනි අඟුරු රැසක් වන් පිරිනිවි පසේ බුදුන්ට තණ ද දර ද පුරවා චිතකයක් සැදුවෙමි. මැනවින් සෑදු එම සෑයෙහි බුදුසිරුර දැවුයෙමි.
“තිණං කට්ඨඤ්ච පූරෙත්වා, චිතකං තත්ථකාසහං; චිතකං සුකතං කත්වා, සරීරං ඣාපයිං අහං.
“සරීරං ඣාපයිත්වාන, ගන්ධතොයං සමොකිරිං; අන්තලික්ඛෙ ඨිතො යක්ඛො, නාමමග්ගහි තාවදෙ.
දැවු සිරුරෙහි සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්ෂයෙක් මා හට නමක් තැබීය.
“යං පූරිතං තයා කිච්චං, සයම්භුස්ස මහෙසිනො; පුණ්ණකො නාම නාමෙන, සදා හොහි තුවං මුනෙ.
“සියල්ල තමන් වහන්සේ ම අවබෝධ කරගත්තා වූ බුදුරදුන්ගේ ආදාහනය නුඹ සම්පූර්ණ කළෙහිය. මුනිවරය! නුඹ සැම කල්හි නමින් පුණ්ණ වේවා.”
“තම්හා කායා චවිත්වාන, දෙවලොකං අගච්ඡහං; තත්ථ දිබ්බමයො ගන්ධො, අන්තලික්ඛා පවස්සති.
මම ඒ තාපස වෙස් හැර දෙව්ලොව උපන්නෙමි. අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.
“තත්රාපි නාමධෙය්යං මෙ, පුණ්ණකොති අහූ තදා; දෙවභූතො මනුස්සො වා, සඞ්කප්පං පූරයාමහං.
එහි දී ද මාගේ නම පුණ්ණ විය. දෙවි වූ සේක් මිනිස් වූ සේක් මාගේ අදහස් සම්පූර්ණ වූයේය.
“ඉදං පච්ඡිමකං මය්හං, චරිමො වත්තතෙ භවො; ඉධාපි පුණ්ණකො නාම, නාමධෙය්යං පකාසති.
මේ මාගේ අවසන් ආත්ම භාවයයි. මෙහි දී ද මම පුණ්ණ නාමය ලැබුවෙමි.
“තොසයිත්වාන සම්බුද්ධං, ගොතමං සක්යපුඞ්ගවං; සබ්බාසවෙ පරිඤ්ඤාය, විහරාමි අනාසවො.
ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨ වූ බුදුරදුන් සතුටු කොට සියලු ආශ්‍රව දැන, ඒ ආශ්‍රව සුවසේ වෙසෙමි.
“එකනවුතිතො කප්පෙ, යං කම්මමකරිං තදා; දුග්ගතිං නාභිජානාමි, තනුකිච්චස්සිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් කර්මයක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ශරීරාදාහන පින්කමේ විපාක මෙයයි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
සියලු කෙලෙස් දවන ලද මාගේ සියලු භව උප්පත්ති නැසුවෙමි. අනාශ්‍රව වූයේ සුවෙන් වෙසෙමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම මාගේ යහපත් පැමිණීමකි. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරදුන්ගේ අනුශාසනය ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා ථෙරො බහූ මනුස්සෙ සාසනෙ අභිප්පසාදෙසි. යතො පඤ්චසතමත්තා පුරිසා උපාසකත්තං පඤ්චසතමත්තා ච ඉත්ථියො උපාසිකාභාවං පටිවෙදෙසුං. සො තත්ථ රත්තචන්දනෙන චන්දනමාළං නාම ගන්ධකුටිං කාරාපෙත්වා, “සත්ථා පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං මාළං පටිච්ඡතූ”ති භගවන්තං පුප්ඵදූතෙන නිමන්තෙසි . භගවා ච ඉද්ධානුභාවෙන තත්තකෙහි භික්ඛූහි සද්ධිං තත්ථ ගන්ත්වා චන්දනමාළං පටිග්ගහෙත්වා අරුණෙ අනුට්ඨිතෙයෙව පච්චාගමාසි. ථෙරො අපරභාගෙ පරිනිබ්බානසමයෙ අඤ්ඤං බ්යාකරොන්තො –
රහත් බවට පත්වූ තෙරුන් වහන්සේ බොහෝ මිනිසුන් සසුනෙහි බෙහෙවින් පැහැද වූහ. පන්සීයක් පමණ පුරුෂයෝ ද එපමණ ම ස්ත්‍රීහු ද උන්වහන්සේගේ උපාසක උපාසිකා බවට පත්වූහ. එහි දී රත්සඳුන් දැවයෙන් “චන්දන සාලා” නම් ගඳකිලියක් කරවු පුණ්ණ තෙරණුවෝ, “ශාස්තෲන් වහන්සේ පන්සීයක් සමග අවුත් මේ ශාලාව පිළිගනිත්වා” යි භාග්‍යවතුන් වහන්සේට මල් දූතයෙකු මගින් ආරාධනා කළහ. භාග්‍යවතුන් වහන්සේ සෘද්ධි ආනුභාවයෙන් පන්සීයක් භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන, එහි ගොස් චන්දන ශාලාව පිළිගෙන, අරුණ නැගීමට පළමුව ම නැවත ජේතවනයට ම වැඩම කළ සේක. ඊට පසු කාලයක පිරිනිවෙන මොහොතේ දී පුණ්ණ තෙරණුවෝ සිය රහත් බව ප්‍රකාශ කරමින් මෙම ගාථාව වදාළසේක.
“සීලමෙව ඉධ අග්ගං, පඤ්ඤවා පන උත්තමො; මනුස්සෙසු ච දෙවෙසු, සීලපඤ්ඤාණතො ජය”න්ති. – ගාථං අභාසි;
“සීලමෙව ඉධ අග්ගං - පඤ්ඤවා පන උත්තමො, මනුස්සෙසු ච දෙවෙසු - සීල පඤ්ඤාණතො ජයං”
තත්ථ සීලන්ති සීලනට්ඨෙන සීලං, පතිට්ඨානට්ඨෙන සමාධානට්ඨෙන චාති අත්ථො. සීලඤ්හි සබ්බගුණානං පතිට්ඨා, තෙනාහ – “සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො”ති (සං· නි· 1.23; පෙටකො· 22; විසුද්ධි· 1.1). සමාදහති ච තං කායවාචාඅවිප්පකිණ්ණං කරොතීති අත්ථො. තයිදං සීලමෙව අග්ගං සබ්බගුණානං මූලභාවතො පමුඛභාවතො ච. යථාහ – “තස්මාතිහ, ත්වං භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො චාදි කුසලානං ධම්මානං සීලඤ්ච සුවිසුද්ධ”න්ති (සං· නි· 5.369), “පාතිමොක්ඛන්ති මුඛමෙතං පමුඛමෙත”න්ති (මහාව· 135) ච ආදි. ඉධාති නිපාතමත්තං. පඤ්ඤවාති ඤාණසම්පන්නො. සො උත්තමො සෙට්ඨො පවරොති පුග්ගලාධිට්ඨානාය ගාථාය පඤ්ඤායයෙව සෙට්ඨභාවං දස්සෙති. පඤ්ඤුත්තරා හි කුසලා ධම්මා. ඉදානි තං සීලපඤ්ඤානං අග්ගසෙට්ඨභාවං කාරණතො දස්සෙති “මනුස්සෙසු ච දෙවෙසු, සීලපඤ්ඤාණතො ජය”න්ති ච. සීලපඤ්ඤාණහෙතු පටිපක්ඛජයො කාමකිලෙසජයො හොතීති අත්ථො.
එහි “සීලං” යනු හික්මීම් අර්ථයෙන් සීලයයි. පිහිටන, සමාදන් වන අර්ථවලින් ද “සීල” නම් වේ. සීලය යනු සියලු ගුණයන්ගේ පිහිටීම යි. එනිසා “ඉතා නුවණැති මිනිසා සීලයෙහි පිහිටා සිට” යනුවෙන් කියන ලදි. සමාදන් වේ, කය වචන යන ද්වාර දෙක සංවර කරයි යන අර්ථ ගෙන දේ. එම සීලය ම සියලු ගුණයන් ට මූලික වූ බැවින් ද ප්රමුඛ වූ බැවින් ද අග්‍රවේ. “එනිසා මහණ! නුඹ වහන්සේ මුලදීම පිරිසිදු විය යුත්තේහිය. කුසල ධර්මයන්ට කුමක් මුල් වන්නේ ද? සුවිසුද්ධ වූ ශීලය ම මුල්වේ.” මුඛ්‍ය වූ ප්රමුඛ වූ මෙය ප්රාතිමෝක්ෂයැයි වදාළ පරිද්දෙනි. “ඉධ” යනු නිපාතයක් පමණි. “පඤ්ඤවා” යනු ඤාණයෙන් යුක්ත වූ ඒ උතුම්, ශ්‍රේෂ්ඨ, ප්‍රවර පුද්ගලයා පුද්ගල අධිෂ්ඨානය පිණිස වදහළ ගාථාවෙන් ප්‍රඥාවෙන් ම ශ්‍රේෂ්ඨ බව දක්වයි. කුසල දහම් සඳහා ද ප්‍රඥාව උතුම් වේ. දැන් ඒ සීලයේ ද ප්‍රඥාවේ ද අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ප්‍රඥාවෙන් යුත් පුද්ගලයා ජය ගනියි.” යනුවෙන් සීල, ප්‍රඥා දෙක නිසා විරුද්ධ වූවන් ජය ගැනීම ද කාම කෙලෙස් ජය ගැනීම ද වේයැයි දක්වයි.
පුණ්ණත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
පුණ්ණ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
සත්තමවග්ගවණ්ණනා නිට්ඨිතා.
සත්වන වර්ගයේ අර්ථ වර්ණනාව සමාප්තයි.