යෙදුමෙන් කියවන්න

ඡන‍්නත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

ඡන‍්නත්‍ථෙරගාථාවණ‍්ණනා

ඡන්න ස්ථවිරගාථා වර්ණනාව

සුත්‍වාන ධම‍්මං මහතො මහාරසන‍්ති ආයස‍්මතො ඡන‍්නත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සිද‍්ධත්‍ථං භගවන‍්තං අඤ‍්ඤතරං රුක‍්ඛමූලං උපගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තො මුදුසම‍්ඵස‍්සං පණ‍්ණසන්‍ථරං සන්‍ථරිත්‍වා අදාසි. පුප‍්ඵෙහි ච සමන‍්තතො ඔකිරිත්‍වා පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා පුනපි අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා සුගතීසුයෙව සංසරන‍්තො අම‍්හාකං භගවතො කාලෙ සුද‍්ධොදනමහාරාජස‍්ස ගෙහෙ දාසියා කුච‍්ඡිම‍්හි නිබ‍්බත‍්ති, ඡන‍්නොතිස‍්ස නාමං අහොසි, බොධිසත‍්තෙන සහජාතො. සො සත්‍ථු ඤාතිසමාගමෙ පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා භගවති පෙමෙන, “අම‍්හාකං බුද‍්ධො, අම‍්හාකං ධම‍්මො”ති මමත‍්තං උප‍්පාදෙත්‍වා සිනෙහං ඡින්‍දිතුං අසක‍්කොන‍්තො සමණධම‍්මං අකත්‍වා සත්‍ථරි පරිනිබ‍්බුතෙ සත්‍ථාරා ආණත‍්තවිධිනා කතෙන බ්‍රහ‍්මදණ‍්ඩෙන සන‍්තජ‍්ජිතො සංවෙගප‍්පත‍්තො හුත්‍වා සිනෙහං ඡින්‍දිත්‍වා විපස‍්සන‍්තො නචිරෙනෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.10.45-50) –

“සුත්‍වාන ධම්මං මහතො මහාරසං” යනු ආයුෂ්මත් ඡන්න තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනාවන් ඇතිව ඒ ඒ භවයන්හි දී නිවන් පතාගෙන පින් රැස්කළහ. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුකුමරෙක්ව ඉපිද වැඩිවියට පත්ව; දිනක් එම සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ එක්තරා රුක්මුලක වැඩහිඳුණු දැක; පැහැදුණු සිතින් මුදු වූ පහස් ඇති තණ ඇතිරිල්ලක් අතුරා පූජා කළේය. හාත්පස මල් ද විසුරුවා පූජා පැවැත්වීය. ඒ මහා පින්කමේ විපාක වශයෙන් දෙව්ලොව උපන් ඔහු තව තවත් පින් කොට කාම සුගතීන්හිම සැරිසරා, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සුදොවුන් මහ රජුගේ දාසියකගේ කුස උපන්නේය. “ඡන්න” නාමයෙන් බෝධිසත්ත්‍වයන් උපන් දිනම උපන්නා වූ ඔහු; පසුව ශාස්තෲන් වහන්සේ කිඹුල්වතට වැඩම වූ අවස්ථාවෙහි ලැබූ ශ්‍රද්ධා ඇතිව පැවිදි වූයේය. භාග්‍යවතුන් වෙත අප්‍රමාණ ප්‍රේමයෙන් “බුදුහු අපගේය. ධර්‍මය අපගේය” යනුවෙන් මමත්‍වය උපදවා ගෙන, ඒ දැඩි වූ සෙනෙහස සිඳ ගැනීමට නොහැකිව මහණදම් නිසිපරිදි නොපිරීය. ශාස්තෲන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව උන්වහන්සේගෙන් අණ ලැබූ ලෙසම බ්‍රහ්ම දණ්ඩනය දීමෙන් සන්ත්‍රාසයට, සංවේගයට පත් කරන ලද ඡන්න හිමියෝ එම දැඩි සෙනෙහස සිඳ දමා විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙලෙස පැවසූහ -

“සිද‍්ධත්‍ථස‍්ස භගවතො, අදාසිං පණ‍්ණසන්‍ථරං; සමන‍්තා උපහාරඤ‍්ච, කුසුමං ඔකිරිං අහං.

“මම සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට පන් ඇතිරිල්ලක් දුන්නෙමි. හාත්පස අසෙනිය මල් අතුරා පිදුවෙමි.

“පාසාදෙවං ගුණං රම‍්මං, අනුභොමි මහාරහං; මහග‍්ඝානි ච පුප‍්ඵානි, සයනෙභිසවන‍්ති මෙ.

මෙබඳු ගුණ ඇති සිත් කලු මහාර්ඝ වූ ප්‍රාසාදයක් ලැබූ මාගේ ඇඳෙහි අනගි පුෂ්පයෝ නිති වැගිරෙති.

“සයනෙහං තුවට‍්ටාමි, විචිත‍්තෙ පුප‍්ඵසන්‍ථතෙ; පුප‍්ඵවුට‍්ඨි ච සයනෙ, අභිවස‍්සති තාවදෙ.

දිව සැප ලැබු මම විසිතුරු මල් අතුළ සයනයෙහි සැතපුනෙමි. එකෙණෙහි සයනයෙහි මල් වැසි වසින්නේය.

“චතුන‍්නවුතිතො කප‍්පෙ, අදාසිං පණ‍්ණසන්‍ථරං; දුග‍්ගතිං නාභිජානාමි, සන්‍ථරස‍්ස ඉදං ඵලං.

මීට කල්ප අනූ හතරකට පෙර පන් ඇතිරිල්ලක් පූජා කිරීමේ පිනින් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඇතිරිලි දානයේ විපාකය මෙබඳුය.

“තිණසන්‍ථරකා නාම, සත‍්තෙතෙ චක‍්කවත‍්තිනො; ඉතො තෙ පඤ‍්චමෙ කප‍්පෙ, උප‍්පජ‍්ජිංසු ජනාධිපා.

මෙයින් පස් වන කල්පයකට පෙර සත් රුවනින් හෙබි මහ බලවත් තිණ සන්‍ථාරක නම් සක්විති රජවරු සත් දෙනෙක් ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙසුන් නැසුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා විමුත‍්තිසුඛසන‍්තප‍්පිතො පීතිවෙගවිස‍්සට‍්ඨං උදානං උදානෙන‍්තො –

රහත් බවට පත් වූ ඡන්න තෙරණුවෝ විමුත්ති සුවයෙන් සන්තර්පිත වූ ප්‍රීතිය නිසා උදන් අනමින් මේ ගාථාව වදාළහ.

“සුත්‍වාන ධම‍්මං මහතො මහාරසං, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණවරෙන දෙසිතං; මග‍්ගං පපජ‍්ජිං අමතස‍්ස පත‍්තියා, සො යොගක‍්ඛෙමස‍්ස පථස‍්ස කොවිදො”ති. – ගාථං අභාසි;

“සුත්‍වාන ධම්මං මහතො මහාරසං, සබ්බඤ්ඤුතඤ්ඤාණවරෙන දෙසිතං, මග්ගං පපජ්ජිං අමතස්ස පත්තියා, සො යොගක්ඛෙමස්ස පථස්ස කොවිදො”

තත්‍ථ සුත්‍වානාති සුණිත්‍වා, සොතෙන ගහෙත්‍වා ඔහිතසොතො සොතද‍්වාරානුසාරෙන උපධාරෙත්‍වා. ධම‍්මන‍්ති චතුසච‍්චධම‍්මං. මහතොති භගවතො. භගවා හි මහන‍්තෙහි උළාරතමෙහි සීලාදිගුණෙහි සමන‍්නාගතත‍්තා, සදෙවකෙන ලොකෙන විසෙසතො මහනීයතාය ච “මහා”ති වුච‍්චති, යා තස‍්ස මහාසමණොති සමඤ‍්ඤා ජාතා. නිස‍්සක‍්කවචනඤ‍්චෙතං “මහතො ධම‍්මං සුත්‍වානා”ති. මහාරසන‍්ති විමුත‍්තිරසස‍්ස දායකත‍්තා උළාරරසං. සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණවරෙන දෙසිතන‍්ති සබ‍්බං ජානාතීති සබ‍්බඤ‍්ඤූ, තස‍්ස භාවො සබ‍්බඤ‍්ඤුතා. ඤාණමෙව වරං, ඤාණෙසු වා වරන‍්ති ඤාණවරං, සබ‍්බඤ‍්ඤුතා ඤාණවරං එතස‍්සාති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණවරො, භගවා. තෙන සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසඞ‍්ඛාතඅග‍්ගඤාණෙන වා කරණභූතෙන දෙසිතං කථිතං ධම‍්මං සුත්‍වානාති යොජනා. යං පනෙත්‍ථ වත‍්තබ‍්බං, තං පරමත්‍ථදීපනියං ඉතිවුත‍්තකවණ‍්ණනායං වුත‍්තනයෙන වෙදිතබ‍්බං. මග‍්ගන‍්ති අට‍්ඨඞ‍්ගිකං අරියමග‍්ගං. පපජ‍්ජින‍්ති පටිපජ‍්ජිං. අමතස‍්ස පත‍්තියාති නිබ‍්බානස‍්ස අධිගමාය උපායභූතං පටිපජ‍්ජින‍්ති යොජනා. සොති සො භගවා. යොගක‍්ඛෙමස‍්ස පථස‍්ස කොවිදොති චතූහි යොගෙහි අනුපද‍්දුතස‍්ස නිබ‍්බානස‍්ස යො පථො, තස‍්ස කොවිදො තත්‍ථ සුකුසලො. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – භගවතො චතුසච‍්චදෙසනං සුත්‍වා අමතාධිගමූපායමග‍්ගං අහං පටිපජ‍්ජිං පටිපජ‍්ජනමග‍්ගං මයා කතං, සො එව පන භගවා සබ‍්බථා යොගක‍්ඛෙමස‍්ස පථස‍්ස කොවිදො, පරසන‍්තානෙ වා පරමනෙසු කුසලො, යස‍්ස සංවිධානමාගම‍්ම අහම‍්පි මග‍්ගං පටිපජ‍්ජින‍්ති. අයමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහොසීති.

එහි “සුත්‍වාන” යනු අසා, කණින් ගෙන, යොමුකළ කන් ඇතිව සිතට ගෙන “ධම්මං” යනු චතුරාර්ය සත්‍යය ධර්‍මයයි. “මහතො” යනු භාග්‍යවතුන් වහන්සේගෙන්, උන්වහන්සේ මහත් වූ උළාර වූ සීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ බැවින් දෙවියන් සහිත ලෝවැස්සා විසින් විශේෂිත වූ පිදියයුතු වූ බැවින් “මහා” යනුවෙන් නම් වෙති. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ යන “මහාසමණ” නාමය ද උන්වහන්සේට යෙදේ. මෙය පංචමී විභක්ති වචනයකි. “භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්‍මය අසා” “මහාරසං” යනු විමුක්ති රසයට දායක වූ බැවින් මහත් රසැති “සබ්බඤ්ඤුතඤ්ඤාණවරෙනදෙසිතං” යනු සියල්ල දැන සර්‍වඥ වූ බව “සබ්බඤ්ඤුතා” නම් වේ. ඒ උතුම් වූ ඥානය ම ඥානයන් අතර ශ්‍රේෂ්ඨ වූ උතුම් ඥානය. එම උතුම් වූ සර්වඥ ඥානය ඇති පුද්ගලයා “සබ්බඤ්ඤුතඤ්ඤාණවර” නම් වේ. එනම් භාග්‍යවතුන් වහන්සේය. “උන්වහන්සේ විසින් සර්‍වඥතා ඤාණය නම් වූ අග්‍ර ඤාණයෙන් හෝ ඊට උපකාරවන සේ දෙසු, කියූ දහම් අසා යනුවෙන් අර්ථය දත යුතුයි. මෙහිදී විස්තර කළ යුතු සියල්ල පරමත්‍ථදීපනී නම් වූ ඉතිවුත්තක අටුවාවෙහි පැවසූ පරිදි දතයුතුයි. “මග්ගං” යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. “පපජ්ජිං” යනු පිළිපැද්දෙමි. “අමතස්ස පත්තියා” යනු නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතුවන ප්‍රතිපදාව පිළිපැද්දෙමි. “සො” යනු ඒ භාග්‍යවතුන් වහන්සේ “යොගක්ඛෙමස්ස පථස්ස කොවිදො” යනු සතර යෝගයන්ගෙන් උපද්‍රව නොවූ නිවණට යන යම් මාර්ගයක් වේ නම් ඒ මාර්ගයේ යෙදීමට දක්‍ෂ වූ, කුසල සම්පන්න වූ, මේ ගාථාවේ අර්ථ මෙසේය. - භාග්‍යවතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍යය දේශනවා අසා නිවන අවබෝධ කර ගැනීමට හේතුවන මාර්ගයට මම පිළිපන්නෙමි. පිළිපැදීමට අවශ්‍ය මාර්ගය මවිසින් සිදුකරන ලදි. ඒ භාග්‍යවතුන් වහන්සේ සර්‍වප්‍රකාරයෙන් ම යෝගක්‍ෂේම වූ නිර්‍වාණ මාර්ගයෙහි නිපුණයහ. අනුන්ගේ සන්තානයේ හෝ අනුන්ගේ සිත්වල ඇති දේ දැකීමෙහි කුසලයහ, දක්‍ෂයහ. “යම් මාර්ගයක උන්වහන්සේ ගමන් කළසේක් ද මම ද එහි ගමන් කළෙමි” යන මේ අර්ථවත් ගාථාවෙන් ම ඡන්න තෙරණුවෝ සිය රහත්බව ප්‍රකාශ කළහ.

ඡන‍්නත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඡන්න ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.