යෙදුමෙන් කියවන්න

එකුදානියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

එකුදානියත්‍ථෙරගාථාවණ‍්ණනා

ඒකූදානිය ස්ථවිරගාථා වර්ණනාව

අධිචෙතසො අප‍්පමජ‍්ජතොති ආයස‍්මතො එකුදානියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ යක‍්ඛසෙනාපති හුත්‍වා නිබ‍්බත‍්තො සත්‍ථරි පරිනිබ‍්බුතෙ, “අලාභා වත මෙ, දුල‍්ලද‍්ධං වත මෙ, යොහං සත්‍ථුධරමානකාලෙ දානාදිපුඤ‍්ඤං කාතුං නාලත්‍ථ”න‍්ති පරිදෙවසොකමාපන‍්නො අහොසි. අථ නං සාගරො නාම සත්‍ථු සාවකො සොකං විනොදෙත්‍වා සත්‍ථු ථූපපූජායං නියොජෙසි. සො පඤ‍්ච වස‍්සානි ථූපං පූජෙත්‍වා තතො චුතො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු එව සංසරන‍්තො කස‍්සපස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො කාලෙන කාලං සත්‍ථු සන‍්තිකං උපසඞ‍්කමි. තස‍්මිඤ‍්ච සමයෙ සත්‍ථා “අධිචෙතසො”ති ගාථාය සාවකෙ අභිණ‍්හං ඔවදි. සො තං සුත්‍වා සද‍්ධාජාතො පබ‍්බජි. පබ‍්බජිත්‍වා ච පන තමෙව ගාථං පුනප‍්පුනං පරිවත‍්තෙති. සො තත්‍ථ වීසතිවස‍්සසහස‍්සානි සමණධම‍්මං කරොන‍්තො ඤාණස‍්ස අපරිපක‍්කත‍්තා විසෙසං නිබ‍්බත‍්තෙතු නාසක‍්ඛි. තතො පන චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තිත්‍වා අපරාපරං සුගතීසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං විභවසම‍්පන‍්නස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා ජෙතවනපටිග‍්ගහණසමයෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො අරඤ‍්ඤෙ විහරන‍්තො සත්‍ථු සන‍්තිකං අගමාසි. තස‍්මිඤ‍්ච සමයෙ සත්‍ථා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං අත‍්තනො අවිදූරෙ අධිචිත‍්තමනුයුත‍්තං දිස‍්වා “අධිචෙතසො”ති ඉමං උදානං උදානෙසි. තං සුත්‍වා අයං චිරකාලං භාවනාය අරඤ‍්ඤෙ විහරන‍්තොපි කාලෙන කාලං තමෙව ගාථං උදානෙති, තෙනස‍්ස එකුදානියොති සමඤ‍්ඤා උදපාදි. සො අථෙකදිවසං චිත‍්තෙකග‍්ගතං ලභිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.12.72-81) –

“අධිචෙතසො අප්පමජ්ජතො” යනු ආයුෂ්මත් එකුදානිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? මෙම තෙරණුවෝ ද පෙර බුදුවරුන් හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා පින්දහම් රැස් කරගත්හ. අත්‍ථදස්සි නම් භාග්‍යවතුන් වහන්සේ දවස යක් සෙන්පතියෙක් ව ඉපිද, උන්වහන්සේ පිරිනිවි හෙයින් “මට වූයේ අලාභයකි. මට වූයේ නොලැබීමකි. ශාස්තෲන් වහන්සේ දිවමන්ව සිටිය දී දානාදී කිසිදු පින්කමක් සිදුකරගත නොහැකි වූයෙමි” යනුවෙන් ශෝක පරිදේවයන්ට පැමිණියේය. එය දුටු සාගර නම් බුද්ධශ්‍රාවකයාණෝ මෙම යක්‍ෂ සෙන්පතියාගේ දුක්ශෝක දුරුකරවා, ශාස්තෲන් වහන්සේගේ ථූපය වන්දනා කිරීමට යෙදවූහ. එම යක්සෙනෙවි පස් වසරක්ම ථූප පූජාවේ නියැලී ඉන් චුතව, එපින් බලෙන් දෙව් මිනිසුන් අතර සැරිසරා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් සිටුකුමරු වරින් වර බුද්ධෝපස්ථාන යට ගියේය. එසමයේ ශාස්තෲන් වහන්සේ දිනපතා “අධිචෙතසො” යන ගාථාවෙන් තම ශ්‍රාවකයන්ට අවවාද දෙනු ඇසුවේය. එම ගාථාව අසා උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ සිටුකුමරු නැවත නැවත එම ගාථාවම සිහි කරමින් මහණදම් පිරුවේය. උන්වහන්සේ නුවණ මුහුකුරා නොගිය බැවින් ගුණ විශේෂයක් උපදවා ගැනීමට අපොහොසත් වූහ. ඉන් චුතව දෙව්ලොව ඉපිද කාමසුගතීන්හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයේ සැවැත්නුවර මහත් ධනවත් බමුණු පවුලක ඉපිද විය පැමිණියේය. ජේතවනාරාමය පිළිගත් සමයෙහි බුද්ධානුභාවය දැකීමෙන් උපන් ශ්‍රද්ධා ඇති මේ බමුණු තරුණයා සසුනේ පැවිදි විය. කරන ලද පූර්‍ව කටයුතු ඇති උන්වහන්සේ අරණ්‍යයෙහි වෙසෙමින් සිට දිනක් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණියහ. එදින ශාස්තෲන් වහන්සේ, තම සමීපයේ උසස් සමාධියෙහි සිත පිහිටුවාගෙන වැඩසිටි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් දැක, “අධිචෙතසො” යන මේ ගාථාව වදාරමින් උදන් ඇනූසේක. එය ඇසූ මෙම තෙරණුවෝ තමා පෙර බොහෝ කාලයක් මෙම ගාථාව පුරුදුකළ බැවින් අරණ්‍යයෙහි වෙසෙමින් එම ගාථාව නිතර පැවසූහ. මෙනිසා උන්වහන්සේ “එකුදානියේ” යන නමින් ප්‍රකටවූහ. මෙසේ කාලය ගෙවූ උන්වහන්සේ එක දිනක් සිත එකඟ කරගෙන විදසුන් වඩා රහත්ඵලය ලබාගත්හ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -

“අත්‍ථදස‍්සිම‍්හි සුගතෙ, නිබ‍්බුතෙ සමනන‍්තරා; යක‍්ඛයොනිං උපපජ‍්ජිං, යසං පත‍්තො චහං තදා.

“යසසට පත් වූ මම අත්‍ථදස්සි බුදුරදුන් පිරිනිවීමට අනතුරුව යක්‍ෂයෝනියෙහි උපන්නෙමි.

“දුල‍්ලද‍්ධං වත මෙ ආසි, දුප‍්පභාතං දුරුට‍්ඨිතං; යං මෙ භොගෙ විජ‍්ජමානෙ, පරිනිබ‍්බායි චක‍්ඛුමා.

එකල්හි මම මෙසේ සිතුවෙමි. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජාණන් වහන්සේ පිරිනිවිසේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු හිරු නැගීමකි.

“මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, සාගරො නාම සාවකො; මමුද‍්ධරිතුකාමො සො, ආගච‍්ඡි මම සන‍්තිකං.

මෙසේ සිතන මාගේ අදහස දැනගත් සාගර නම් ශ්‍රාවකයෙක් දැනගෙන, මා ගොඩගනු කැමතිව මා සමීපයට මෙසේ පැවසීය.

“කිං නු සොචසි මා භායි, චර ධම‍්මං සුමෙධස; අනුප‍්පදින‍්නා බුද‍්ධෙන, සබ‍්බෙසං බීජසම‍්පදා.

“නුවණැති පින්වත! කවර හේතුවකින් ශෝක කරන්නේ ද? බිය නොවනු මැනවි. ධර්‍මයෙහි හැසිරෙන්න. බුදුරදුන් විසින් සෑම දෙනාටම කුශල බීජ සම්පත්තිය නැවත නැවත දෙන ලදි.

“යො චෙ පූරෙය්‍ය සම‍්බුද‍්ධං, තිට‍්ඨන‍්තං ලොකනායකං; ධාතුං සාසපමත‍්තම‍්පි, නිබ‍්බුතස‍්සාපි පූජයෙ.

යමෙක් ජීවමාන වූ ලෝක නායක බුදුරජාණන් වහන්සේ පුදන්නේ නම්, එසේම පිරිනිවි බුදුරදුන්ගේ අබෑටක් පමණ වූ ධාතූන් වහන්සේ නමක් හෝ පුදන්නේ නම්, ඒ සෑම විටකම චිත්ත ප්‍රසාදය සමව පවතින්නේ නම් ලැබෙන පින එක හා සමානය.”

“සමෙ චිත‍්තප‍්පසාදම‍්හි, සමං පුඤ‍්ඤං මහග‍්ගතං; තස‍්මා ථූපං කරිත්‍වාන, පූජෙහි ජිනධාතුයො.

“සාගරස‍්ස වචො සුත්‍වා, බුද‍්ධථූපං අකාසහං; පඤ‍්චවස‍්සෙ පරිචරිං, මුනිනො ථූපමුත‍්තමං.

මෙසේ පැවසූ සාගර තෙරණුවන්ගේ වදන් ඇසූ මම සර්‍වඥ සෑයක් සෑදුවෙමි. බුදුරදුන්ගේ ඒ උතුම් සෑය මම වසර පහක් ම පිදුවෙමි.

“තෙන කම‍්මෙන ද‍්විපදින්‍ද, ලොකජෙට‍්ඨ නරාසභ; සම‍්පත‍්තිං අනුභොත්‍වාන, අරහත‍්තමපාපුණිං.

ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කල එම මහා පින්කම හේතුවෙන් සම්පත් අනුභව කොට රහත් වූයෙමි.

“භූරිපඤ‍්ඤා ච චත‍්තාරො, සත‍්තකප‍්පසතෙ ඉතො; සත‍්තරතනසම‍්පන‍්නා, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් සත් සිය වන කල්පයේ සත් රුවන් සහිත මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සක්විති රජෙක්ව සිවුවරක් උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් නැසූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා විමුත‍්තිසුඛෙන විහරන‍්තො එකදිවසං ආයස‍්මතා ධම‍්මභණ‍්ඩාගාරිකෙන පටිභානං වීමංසිතුං, “ආවුසො, මය‍්හං ධම‍්මං භණාහී”ති අජ‍්ඣිට‍්ඨො චිරකාලපරිචිතත‍්තා –

රහත් බවට පත්ව විමුක්ති සුවයෙන් කල් යැවූ; ආයුෂ්මත් ධර්‍මභාණ්ඩාගාරික තෙරුන් විසින් ප්‍රතිභානය විමසීම සඳහා “ඇවැත්නි! මා හට ධර්‍මය කියන්න”යි ආරාධිත වූ; ඒකුදානිය තෙරණුවෝ බොහෝ කාලයක් පුරුදු කරන ලද බැවින්

“අධිචෙතසො අප‍්පමජ‍්ජතො, මුනිනො මොනපථෙසු සික‍්ඛතො; සොකා න භවන‍්ති තාදිනො, උපසන‍්තස‍්ස සදා සතීමතො”ති. (උදා· 37) –

“අධිචෙතසො අප්පමජ්ජතො මුනිනො මොන පථෙසු සික්ඛතො, සොකා න භවන්ති තාදිනො උපසන්තස්ස සදා සතීමතො”

ඉමමෙව ගාථං අභාසි.

යන මේ ගාථාවම වදාළහ.

තත්‍ථ අධිචෙතසොති අධිචිත‍්තවතො, සබ‍්බචිත‍්තානං අධිකෙන අරහත‍්තඵලචිත‍්තෙන සමන‍්නාගතස‍්සාති අත්‍ථො. අප‍්පමජ‍්ජතොති නප‍්පමජ‍්ජතො, අප‍්පමාදෙන අනවජ‍්ජධම‍්මෙසු සාතච‍්චකිරියාය සමන‍්නාගතස‍්සාති වුත‍්තං හොති. මුනිනොති “යො මුනාති උභො ලොකෙ, මුනි තෙන පවුච‍්චතී”ති (ධ· ප· 269; මහානි· 149; චූළනි· මෙත‍්තගූමාණවපුච‍්ඡානිද‍්දෙස 21) එවං උභයලොකමුනනෙන වා, මොනං වුච‍්චති ඤාණං, තෙන අරහත‍්තඵලපඤ‍්ඤාසඞ‍්ඛාතෙන මොනෙන සමන‍්නාගතතාය වා ඛීණාසවො මුනි නාම, තස‍්ස මුනිනො. මොනපථෙසු සික‍්ඛතොති අරහත‍්තඤාණසඞ‍්ඛාතස‍්ස මොනස‍්ස පථෙසු උපායමග‍්ගෙසු සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මෙසු, තීසු වා සික‍්ඛාසු සික‍්ඛතො. ඉදඤ‍්ච පුබ‍්බභාගපටිපදං ගහෙත්‍වා වුත‍්තං. පරිනිට‍්ඨිතසික‍්ඛො හි අරහා, තස‍්මා එවං සික‍්ඛතො, ඉමාය සික‍්ඛාය මුනිභාවං පත‍්තස‍්ස මුනිනොති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. යස‍්මා චෙතදෙවං තස‍්මා හෙට‍්ඨිමමග‍්ගඵලචිත‍්තානං වසෙන අධිචෙතසො, චතුසච‍්චසම‍්බොධිපටිපත‍්තියං අප‍්පමාදවසෙන අප‍්පමජ‍්ජතො, අග‍්ගමග‍්ගඤාණසමන‍්නාගමෙන මුනිනොති එවමෙතෙසං පදානං අත්‍ථො යුජ‍්ජතියෙව. අථ වා “අප‍්පමජ‍්ජතො සික‍්ඛතො” පධානහෙතූ අක‍්ඛාතාති දට‍්ඨබ‍්බා. තස‍්මා අප‍්පමජ‍්ජනහෙතු සික‍්ඛනහෙතු ච අධිචෙතසොති අත්‍ථො.

එහි “අධිචෙතසො” යනු උසස් සිත් ඇති, සියලුම චිත්තයන්ට වඩා ඉහළ වූ අර්හත්ඵල චිත්තයෙන් යුක්ත වූ යන අර්ථයයි. “අප්පමජ්ජතො” යනු ප්‍රමාද නොවන, අප්‍රමාදීව නිවරද ධර්‍මයන්හි පසුබට නොවීමෙන් යුක්ත වූයේ යැයි කියන ලදි. “මුනිනො” යනු “යමෙක් දෙලොව මනාව අවබෝධ කරගනියි ද හේ “මුනි” නම්වේ. යන පරිදි මෙලොව පරලොව යන දෙලොව මනාව අවබෝධ කරගන්නා “මෝන” නම් ඥානයෙන් යුතු ඒ අර්හත් ඵල ප්‍රඥාව නම්වූ මෝන ධර්‍මතාවයෙන් සමන්විත වූ හෙයින් රහතන් වහන්සේ ද “මුනි” නම් වේ. ඒ මුනිවරයාට, “මොනපථෙසු සික්ඛතො” යනු අරහත් ඤාණ සංඛ්‍යාත වූ මොන් පථයෙහි, උපාය මාර්ගයෙහි, සත්තිස් බෝධි පාක්‍ෂික ධර්‍මයන් හි, ඒ ශික්‍ෂා පදයන්ගෙන් හික්මුණු මෙහිදී පූර්වභාග ප්‍රතිපදාව ගෙන දක්වයි. – “රහත් බව නම් ශික්‍ෂාවන්ගේ පරම නිෂ්ඨාවයි.” එනිසා මෙසේ හික්මුණු, මේ ශික්‍ෂා මාර්ගයෙන් මුනිභාවයට පත්වූ මුනිවරයාට යනුවෙන් අර්ථ දතයුතුයි. සිත දියුණු කිරීම් වශයෙන් සෝවාන් ආදී මාර්ග ඵල සිත් ලැබීම් වශයෙන්, “උසස් වූ ආර්ය සිත්වල චතුරාර්ය සත්‍යය ධර්‍මය අවබෝධ කරගැනීමේ පිළිවෙතෙහි අප්‍රමාදීව යෙදුණු, ආර්ය, අග්‍ර මාර්ග ඤාණයන්ගෙන් යුක්ත වූ මුනිවරයාට” යනුවෙන් සම්ප්‍රදාන අර්ථය මෙහිදී ගැලපේ. නැතහොත් ශික්‍ෂාවන්හි අප්‍රමාදීවීමෙන් ප්‍රමුඛ හේතුව (කාරණ) වූ රහත්ඵලය ලැබීම කියනලදැයි දතයුතුයි. එනිසා අප්‍රමාදී හේතුව ද හික්මීම් - හේතුවද උසස් සිත්, “අධිචිත්ත” යැයි අර්ථවත් වේ.

සොකා න භවන‍්ති තාදිනොති තාදිසස‍්ස ඛීණාසවමුනිනො අබ‍්භන‍්තරෙ ඉට‍්ඨවියොගාදිවත්‍ථුකා සොකා චිත‍්තසන‍්තාපා න හොන‍්ති. අථ වා තාදිලක‍්ඛණප‍්පත‍්තස‍්ස අසෙක‍්ඛමුනිනො සොකා න භවන‍්තීති. උපසන‍්තස‍්සාති රාගාදීනං අච‍්චන‍්තූපසමෙන උපසන‍්තස‍්ස. සදා සතීමතොති සතිවෙපුල‍්ලප‍්පත‍්තියා නිච‍්චකාලං සතියා අවිරහිතස‍්ස.

“සොකා න භවන්ති තාදිනො” යනු තාදී ගුණ ඇති ක්‍ෂීණාශ්‍රව මුනිවරයාගේ අභ්‍යන්තරයෙහි (සිතෙහි) ඉටුවීම්, කඩවීම්, වෙන්වීම් ආදී හේතුවෙන් වන ශෝක, චිත්ත සන්තාපාදිය නොමැත. නැතහොත් තාදී ලක්‍ෂණ සහිත අසේඛ මුනිවරයාට ශෝක සිත් නොමැත. “උපසන්තස්ස” යනු රාගාදියේ අතිශය සන්සිඳීමෙන් උපශාන්ත වූ “සදා සතීමතො” යනු සිහියේ විපුලත්‍වයට පැමිණි බැවින් නිරන්තරව සිහියෙන් යුක්තවම වෙසෙන.

එත්‍ථ ච “අධිචෙතසො”ති ඉමිනා අධිචිත‍්තසික‍්ඛා, “අප‍්පමජ‍්ජතො”ති ඉමිනා අධිසීලසික‍්ඛා, “මුනිනො මොනපථෙසු සික‍්ඛතො”ති එතෙහි අධිපඤ‍්ඤාසික‍්ඛා. “මුනිනො”ති වා එතෙන අධිපඤ‍්ඤාසික‍්ඛා, “මොනපථෙසු සික‍්ඛතො”ති එතෙන තාසං ලොකුත‍්තරසික‍්ඛානං පුබ‍්බභාගපටිපදා, “සොකා න භවන‍්තී”තිආදීහි සික‍්ඛාපාරිපූරියා ආනිසංසා පකාසිතාති වෙදිතබ‍්බං අයමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහොසි.

මෙහිදී ද “අධිචෙතසො” යන්නෙන් අධිචිත්ත ශික්‍ෂාවද “අප්පමජ්ජතො” යන්නෙන් අධිශීල ශික්‍ෂාව ද “මුනිනො මොනපථෙසු සික්ඛතො” මේ පදයෙන් අධිප්‍රඥා ශික්‍ෂාව ද අදහස් කරන ලදි. නැතහොත් “මුනිනො” යන පදයෙන් අධිප්‍රඥා ශික්‍ෂාව ද අදහස් වේ. “මොනපථෙසු සික්ඛතො” යන මෙම පදයෙන් ඒ ලෝකෝත්තර ශික්‍ෂාවන් ගේ පූර්වභාග ප්‍රතිපදාව ද “සොකා න භවන්තී” යනු ශික්‍ෂාවන්ගේ සම්පූර්ණ වීමෙන් ලැබෙන ආනිසංස පැවසීම ද ලෙස දතයුතුයි. මෙම ගාථාවම ඒකුදානිය තෙරුන්ගේ රහත් බව ප්‍රකාශ කරන ගාථාව විය.

එකුදානියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

ඒකුදානිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.