එකධම්මසවනීයත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
එකධම්මසවනීයත්ථෙරගාථාවණ්ණනා
ඒකධම්මසවනීය ස්ථවිරගාථා වර්ණනාව
කිලෙසා ඣාපිතා මය්හන්ති ආයස්මතො එකධම්මසවනීයත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ රුක්ඛදෙවතා හුත්වා නිබ්බත්තො කතිපයෙ භික්ඛූ මග්ගමූළ්හෙ මහාරඤ්ඤෙ විචරන්තෙ දිස්වා අනුකම්පමානො අත්තනො භවනතො ඔතරිත්වා තෙ සමස්සාසෙත්‍වා භොජෙත්වා යථාධිප්පෙතට්ඨානං පාපෙසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපෙ භගවති ලොකෙ උප්පජ්ජිත්වා කතබුද්ධකිච්චෙ පරිනිබ්බුතෙ තස්මිං කාලෙ බාරාණසිරාජා කිකී නාම අහොසි. තස්මිං කාලඞ්කතෙ තස්ස පුථුවින්දරාජා නාම පුත්තො ආසි. තස්ස පුත්තො සුසාමො නාම. තස්ස පුත්තො කිකීබ්රහ්මදත්තො නාම හුත්වා රජ්ජං කාරෙන්තො සාසනෙ අන්තරහිතෙ ධම්මස්සවනං අලභන්තො, “යො ධම්මං දෙසෙති, තස්ස සහස්සං දම්මී”ති ඝොසාපෙත්වා එකම්පි ධම්මකථිකං අලභන්තො, “මය්හං පිතුපිතාමහාදීනං කාලෙ ධම්මො සංවත්තති, ධම්මකථිකා සුලභා අහෙසුං. ඉදානි පන චතුප්පදිකගාථාමත්තම්පි කථෙන්තො දුල්ලභො. යාව ධම්මසඤ්ඤා න විනස්සති, තාවදෙව පබ්බජිස්සාමී”ති රජ්ජං පහාය හිමවන්තං උද්දිස්ස ගච්ඡන්තං සක්කො දෙවරාජා ආගන්ත්වා, “අනිච්චා වත සඞ්ඛාරා”ති ගාථාය ධම්මං කථෙත්වා නිවත්තෙසි. සො නිවත්තිත්වා බහුං පුඤ්ඤං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සෙතබ්යනගරෙ සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො භගවති සෙතබ්යනගරෙ සිංසපාවනෙ විහරන්තෙ සත්ථාරං උපසඞ්කමිත්වා වන්දිත්වා එකමන්තං නිසීදි. තස්ස සත්ථා අජ්ඣාසයං ඔලොකෙත්වා, “අනිච්චා වත සඞ්ඛාරා”ති ඉමාය ගාථාය ධම්මං දෙසෙසි. තස්ස තත්ථ කතාධිකාරතාය සො අනිච්චසඤ්ඤාය පාකටතරං හුත්වා උපට්ඨිතාය පටිලද්ධසංවෙගො පබ්බජිත්වා ධම්මසම්මසනං පට්ඨපෙත්වා දුක්ඛසඤ්ඤං අනත්තසඤ්ඤඤ්ච මනසිකරොන්තො විපස්සනං උස්සුක්කාපෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.12.66-71) –
“කිලෙසා ඣාපිතා මය්හං” යනු ආයුෂ්මත් ඒක ධම්මසවණිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේද? එම තෙරුන් පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී රුක් දෙවියෙක්ව උපන්නේ ය. භික්ෂූන් කීප නමක් මංමුලාව මහකැළයේ වාසය කරනු දුටු එම දෙවියා, උන්වහන්සේලා කෙරෙහි අනුකම්පාවෙන් තම භවනයෙන් බැස, උන්වහන්සේලා සනසවා, වළඳවා කැමති තැනටම වැඩම කරවීය. ඔහු ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් - මිනිසුන් අතරෙහි සැරිසරා අවුත් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ බුදුකිස නිමවා පිරිනිවි කාලයේ දී රජ කුලයේ උපන්නේ ය. බුදුපිරිනිවණ සිදුවූ කාලයේ බරණැස කිකී නම් රජු රජකළේය. ඔහු කළුරිය කල කල්හි ප්රථ්රවින්දර නමින් ඔහුගේ පුතු රජවිය. ඔහුගේ පුතා සුයාම රජුය. සුයාම රජුගේ පුත්‍රයා වූ කිකී බ්‍රහ්මදත්ත නාමයෙන් උපන් ඉහත කී පින්වත් කුමරුගේ රාජ්‍ය සමයේ බුදුසසුන පිරිහී තිබුණි. ධර්මශ්රවණයන් පවා නොවිණි. “යමෙක් දහම් පදයක් දෙසන්නේ නම් ඔහුට රන් ලක්ෂයක් දෙමි”යි අණබෙර ගැසුවත් කිසිදු ධර්මදේශකයෙක් හමුනොවිණි. රජු “මගේ පිය මුතුන් මිත්තන්ගේ කාලයේ ධර්මය පැවතුණි. ධර්ම කථාවන් සුලභ විය. දැන් සිවුපස ගාථාවක්වත් පවසන්නෙකු පවා දුර්ලභය. මේ “ධර්මය” නම් සංඥාව අතුරුදන්වීමට පළමුව පැවිදිවෙමි”යි සිතා රජකම හැරදමා හිමවත බලා ගියේය. මෙය දුටු ශක්‍රයා වහාම අවුත් “අනිච්චා වත සංඛාරා” යන (සියළු සංඛත ධර්ම අනිත්‍ය වේ) සිවුපස ගාථාව කියා රජුගේ ආශාව සන්සිඳුවා නැවත රාජ්‍යයෙහි පිහිටුවීය. ඒ රජු නැවතී බොහෝ පින්දහම් කොට කාම සුගතීන් හිම සැරිසරා අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සේතව්‍ය නුවර සිටුකුලයක ඉපදුණේය. වියට පත් වූ සිටුකුමරු භාග්‍යවතුන් වහන්සේ සේතව්‍ය නුවර සිංසපා වනයේ වැඩ වසන සමයේදී උන්වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියේය. ඔහුගේ සිත වටහා ගත් බුදුරජාණන් වහන්සේ “අනිච්චා වත සංඛාරා” යන ගාථාවෙන් ම ධර්ම දේශනා කළසේක. ඒ ගාථාව සංසාරික වශයෙන් කළ පුහුණුවීම් ඇති බැවින් ඔහුට අනිත්‍ය සංඥාව ඉතා ප්රකටව අවබෝධ විය. ඉන් ලබන ලද ශ්‍රද්ධාව ඇතිව සංවේග උපදවා සසුනේ පැවිදි වූ සිටු කුමරු ධර්ම දේශනාවෙහිම සිත පිහිටුවා ගත්තේය. දුක්ඛ - අනිත්‍ය සංඥාවන් ම මෙනෙහි කරමින් විදසුන් භාවනාවට සිත යොමුකළ එම තෙරණුවෝ රහත්බවට පත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“පදුමුත්තරබුද්ධස්ස, සාවකා වනචාරිනො; විප්පනට්ඨා බ්රහාරඤ්ඤෙ, අන්ධාව අනුසුය්යරෙ.
“පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනයේ හැසිරෙන්නාහු මහවනයේ මංමුලාවූවාහු අන්ධයන් මෙන් ඒ මේ අත හැසිරෙති.
“අනුස්සරිත්වා සම්බුද්ධං, පදුමුත්තරනායකං; තස්ස තෙ මුනිනො පුත්තා, විප්පනට්ඨා මහාවනෙ.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේද එම මහවනයේ මං මුළාවූ ශ්‍රාවකයන් ද සිහිපත් කළ මම භවනයෙන් බැස ඒ භික්ෂූන් වහන්සේලා වෙත පැමිණියෙමි. උන්වහන්සේලාට නිවැරදි මග පෙන්වා දී ආහාර පානද පිළිගැන්වූයෙමි.
“භවනා ඔරුහිත්වාන, අගමිං භික්ඛුසන්තිකං; තෙසං මග්ගඤ්ච ආචික්ඛිං, භොජනඤ්ච අදාසහං.
“තෙන කම්මෙන ද්විපදින්ද, ලොකජෙට්ඨ නරාසභ; ජාතියා සත්තවස්සොහං, අරහත්තමපාපුණිං.
ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ උදෙසා කළ ඒ මහා පුණ්‍යකර්මය හේතුවෙන් මම දැන් සත් හැවිරිදි වූයේ ම රහත් ඵලය සාක්ෂාත් කළෙමි.
“සචක්ඛූ නාම නාමෙන, ද්වාදස චක්කවත්තිනො; සත්තරතනසම්පන්නා, පඤ්චකප්පසතෙ ඉතො.
මෙයින් කල්ප පන්සීයකට පෙර සත්රුවනින් හෙබි සචක්ඛු නම් වූ සක්විති රජවරු දොළොසක් වූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
තස්ස එකෙනෙව ධම්මස්සවනෙන නිප්ඵන්නකිච්චත්තා එකධම්මසවනීයොත්වෙව සමඤ්ඤා අහොසි. සො අරහා හුත්වා අඤ්ඤං බ්යාකරොන්තො –
උන්වහන්සේ එකම ධර්මශ්රවණයකින් කළයුතු කටයුතු නිමවා රහත් වූ හෙයින් ඒකධම්ම සවණීය නාමයෙන් ප්‍රකට වූහ. රහත් බවට පත්වූ උන්වහන්සේ මෙසේ සිය අර්හත්වය ප්‍රකාශ කළසේක.
“කිලෙසා ඣාපිතා මය්හං, භවා සබ්බෙ සමූහතා; වික්ඛීණො ජාතිසංසාරො, නත්ථි දානි පුනබ්භවො”ති. – ගාථං අභාසි;
“කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමුහතා, වික්ඛිණො ජාතිසංසාරො නත්ථිදානි පුනබ්භවො” - යන ගාථාව පැවසූහ.
එහි අර්ථය - “මා විසින් සියලු කෙලෙස් නසන ලදි. සියලු කාමාදී භව නසන ලදි. ජාති සංසාරය විශේෂයෙන්ම ක්ෂය විය. දැන් පුනර්භවයක් නැත.”
තත්ථ කිලෙසාති යස්මිං සන්තානෙ උප්පන්නා, තං කිලෙසෙන්ති විබාධෙන්ති උපතාපෙන්ති වාති කිලෙසා, රාගාදයො. ඣාපිතාති ඉන්දග්ගිනා විය රුක්ඛගච්ඡාදයො අරියමග්ගඤාණග්ගිනා සමූලං දඩ්ඪා. මය්හන්ති මයා, මම සන්තානෙ වා. භවා සබ්බෙ සමූහතාති කාමකම්මභවාදයො සබ්බෙ භවා සමුග්ඝාටිතා කිලෙසානං ඣාපිතත්තා. සති හි කිලෙසවට්ටෙ කම්මවට්ටෙන භවිතබ්බං. කම්මභවානං සමූහතත්තා එව ච උපපත්තිභවාපි සමූහතා එව අනුප්පත්තිධම්මතාය ආපාදිතත්තා. වික්ඛීණො ජාතිසංසාරොති ජාතිආදිකො –
එහි “කිලෙසා” යනු යමෙකුගේ සන්තානයේ ඉපිද එය කෙලෙසන, හානිකරන තවන, පීඩාවට ලක් කරන රාගාදි ධර්ම ක්ලේශයෝ කෙලෙස් නම් වේ. “ඣාපිතා” ගස් - පැල ආදිය වන ගින්නෙන් පිළිස්සෙන්නාක් මෙන් ආර්ය මාර්ග ඤාණ නම් ගින්නෙන් මුල් සහිතව ම කෙලෙස් දවන ලදි. “මය්හං” යනු මවිසින්, මගේ සන්තානයේ, “භවො සබ්බෙ සමුහතා” යනු කාම, කර්ම භවාදී සියලු භව නසන ලද බැවින්, කෙලෙසුන් දවන ලද කල්හි කෙලෙස් නිසා සසර පැවැත්මත්, කර්ම නිසා පැවැත්මත් නසන ලදි. කර්ම භවයන්ගේ උපත නසන ලදි. උප්පත්තිභව ද නසන ලද්දේමය. නූපදනා ධර්ම ස්වභාව කරගත් බැවින් නැවත මෙලොවට පැමිණීම විශේෂයෙන් ක්ෂය කරන ලදි. සංසාරික උපත, ජාතිය නැති කරන ලදි.
“ඛන්ධානඤ්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ්බොච්ඡින්නං වත්තමානා, සංසාරොති පවුච්චතී”ති. –
“ස්කන්ධයන්ගේ අඛණ්ඩ පැවැත්මත් ධාතු, ආයතනාදියේ නොනවත්වා පැවැත්මත්, නැවත නැවත පැවතීමත් “සංසාරය” යැයි කියනු ලැබේ.
වුත්තලක්ඛණො සංසාරො විසෙසතො ඛීණො, තස්මා නත්ථි දානි පුනබ්භවො. යස්මා ආයතිං පුනබ්භවො නත්ථි, තස්මා වික්ඛීණො ජාතිසංසාරො. තස්මා ච පුනබ්භවො නත්ථි, යස්මා භවා සබ්බෙ සමූහතාති ආවත්තෙත්වා වත්තබ්බං. අථ වා වික්ඛීණො ජාතිසංසාරො, තතො එව නත්ථි දානි පුනබ්භවොති යොජෙතබ්බං.
මෙසේ වූ ලක්ෂණ ඇති සංසාරය විශේෂයෙන් ක්ෂය (නැති) කරන ලදි. එහි - සා “නත්ථිදානි පුනබ්භවො” යනුවෙන් නැවත උපතක් නොමැතිව, ජාති සංසාරික පැවැත්ම විශේෂයෙන් ක්ෂය කළ බැවින් පුනර්භවයක් (නැවත වීමක්) නැත්තේමය. “සියලු ම භව නසන ලද” බැවින් නැවත පෙරළී පැවතිය යුතු වූ ස්වභාව ඇති ජාති සංසාරය වෙසෙසින් නසන ලදි. එනිසාම දැන් මින් මතු පුනර්භවයක් නැතැයි යෙදිය යුතුයි.
එකධම්මසවනීයත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ඒක ධම්ම සවණිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.