යෙදුමෙන් කියවන්න

මෙඝියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

මෙඝියත්‍ථෙරගාථාවණ‍්ණනා

මේඝිය ස්ථවිරගාථා වර්ණනාව

අනුසාසි මහාවීරොති ආයස‍්මතො මෙඝියත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ කුසලබීජානි රොපෙන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පාපුණි. තස‍්මිඤ‍්ච සමයෙ විපස‍්සී භගවා බුද‍්ධකිච‍්චස‍්ස පරියොසානමාගම‍්ම ආයුසඞ‍්ඛාරං ඔස‍්සජ‍්ජි. තෙන පථවීකම‍්පාදීසු උප‍්පන‍්නෙසු මහාජනො භීතතසිතො අහොසි. අථ නං වෙස‍්සවණො මහාරාජා තමත්‍ථං විභාවෙත්‍වා සමස‍්සාසෙසි. තං සුත්‍වා මහාජනො සංවෙගප‍්පත‍්තො අහොසි. තත්‍ථායං කුලපුත‍්තො බුද‍්ධානුභාවං සුත්‍වා සත්‍ථරි සඤ‍්ජාතගාරවබහුමානො උළාරං පීතිසොමනස‍්සං පටිසංවෙදෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සාකියරාජකුලෙ නිබ‍්බත‍්ති, තස‍්ස මෙඝියොති නාමං අහොසි. සො වයප‍්පත‍්තො සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා භගවන‍්තං උපට‍්ඨහන‍්තො භගවති ජාලිකායං විහරන‍්තෙ කිමිකාලාය නදියා තීරෙ රමණීයං අම‍්බවනං දිස‍්වා තත්‍ථ විහරිතුකාමො ද‍්වෙ වාරෙ භගවතා වාරෙත්‍වා තතියවාරං විස‍්සජ‍්ජිතො තත්‍ථ ගන‍්ත්‍වා මිච‍්ඡාවිතක‍්කමක‍්ඛිකාහි ඛජ‍්ජමානො චිත‍්තසමාධිං අලභිත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා තමත්‍ථං ආරොචෙසි. අථස‍්ස භගවා “අපරිපක‍්කාය, මෙඝිය, චෙතොවිමුත‍්තියා පඤ‍්ච ධම‍්මා පරිපාකාය සංවත‍්තන‍්තී”තිආදිනා (උදා· 31) ඔවාදං අදාසි. සො තස‍්මිං ඔවාදෙ ඨත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.12.57-65) –

“අනුසාසි මහාවීරො” යනු ආයුෂ්මත් මේඝිය තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවීද? පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී කුසල් දහම් රැස්කරගත උන්වහන්සේ; මෙයින් කල්ප අනූ දෙකකට පෙර පහළ වූ විපස්සි බුදුරජාණන් වහන්සේගේ දවස සිටුගෙයක උපන්හ. වියට පැමිණ සිටි සමයේදී විපස්සි භාග්‍යවතුන් වහන්සේ සියලු බුද්ධකෘත්‍යයන් නිමවූසේක් ආයුසංස්කාරය අත්හළ සේක. ඉන් පොළෝ කම්පාවීම් ආදිය ඇතිවූ විට මහජනයා බියට තැතිගැනීමට පත්විය. එවිට වෙසවුණු මහරජතුමා ඊට හේතු පවසා ජනයාගේ සැක බිය දුරු කළේය. එම කාරණය ඇසූ මහජනයා සංවේගයට පත්විය. මේ කුලපුත්‍රයා ද බුද්ධානුභාවය අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි උපදවාගත් ගෞරව බහුමානයෙන් යුතුව මහත් වූ ප්‍රීති සොම්නසක් වින්දනය කළේය. එම පින්කමෙහි විපාක වශයෙන් දෙව් - මිනිස් ආත්මභාවයන්හි ම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිල වස්තුවේ ශාක්‍ය රජ පවුලක උපන්නේය. මේඝිය නමින් ප්‍රකටව වියට පත්වූ ඒ කුමරු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදිවිය. උන්වහන්සේට උපස්ථාන කරමින්, භාග්‍යවතුන් වහන්සේ සමග ඡාලිකාවෙහි වාසය කරන කල්හි; කිපිල්ලිකා නදී තෙර අඹවනයක් දුටු මේඝිය තෙරණුවෝ එහි වසනු කැමති වූහ. දෙවරක්ම භාග්‍යවතුන් වහන්සේ විසින් වැළකූ නමුත් තෙවනවර අවසර දුන් හෙයින් එහි වැඩි මේඝිය තෙරුන්ට මිසදිටු විතර්‍කවලින්, මැසි මදුරුවන් විසින් කනු ලබන හෙයින් සිත සමාධිගත කර ගැනීම අසීරුවිය. නැවත ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් මේ බව දැනුම් දුන් විට; මේඝිය තෙරුන් ඇමතූ භාග්‍යවතුන් වහන්සේ, “මේඝිය! චේතෝ විමුක්තිය මුහුකුරා නොයෑම නිසා ධර්‍ම පසක් සම්පූර්ණ වී පවතියි” යනාදී වශයෙන් අවවාද දුන්සේක. උන්වහන්සේ එම අවවාද පිළිගෙන, එහි පිහිටා විදසුන් වඩා නොබෝ දිනකින්ම රහත්ඵලයෙහි පිහිටි සේක. අපදාන පාළියේ උන්වහන්සේ මෙසේ පවසා ඇත.

“යදා විපස‍්සී ලොකග‍්ගො, ආයුසඞ‍්ඛාරමොස‍්සජි; පථවී සම‍්පකම‍්පිත්‍ථ, මෙදනී ජලමෙඛලා.

“යම් කලෙක විපස්සි බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත්හළසේක්ද, එකල්හි සාගරය වටකරගෙන ඇති පෘථිවිය කම්පා විය.

“ඔතතං විතතං මය‍්හං, සුවිචිත‍්තවටංසකං; භවනම‍්පි පකම‍්පිත්‍ථ, බුද‍්ධස‍්ස ආයුසඞ‍්ඛයෙ.

විසිතුරු මලින් සැරසූ මාගේ දිගු විසල් භවනය ද තථාගතයන්ගේ ආයුසංස්කාරය අත්හැරීමෙන් කම්පාවිය.

“තාසො මය‍්හං සමුප‍්පන‍්නො, භවනෙ සම‍්පකම‍්පිතෙ; උප‍්පාදො නු කිමත්‍ථාය, ආලොකො විපුලො අහු.

මගේ භවනය කම්පිත වූ කල්හි තැති ගැනීම් ද ඇති විය. කුමක් නිසා මහත් ආලෝකයක් වීද” මහා භූත විකාරයක් කුමක් නිසා වූයේද?

“වෙස‍්සවණො ඉධාගම‍්ම, නිබ‍්බාපෙසි මහාජනං; පාණභූතෙ භයං නත්‍ථි, එකග‍්ගා හොථ සංවුතා.

එවිට වෛශ්‍රවණ දෙව්රජ මෙහි පැමිණ මහජනයා සන්සිඳවීය. “එකඟ සිත් ඇත්තෝ සංවරයෙන් යුක්ත වවු. ප්‍රාණීන් කෙරෙහි බියක් නැත.

“අහො බුද‍්ධො අහො ධම‍්මො, අහො නො සත්‍ථු සම‍්පදා; යස‍්මිං උප‍්පජ‍්ජමානම‍්හි, පථවී සම‍්පකම‍්පති.

යම් බුදුකෙනෙක් උපදනා කල්හි මහා පෘථිවිය කම්පිත වී ද, ඒ බුදුරජතෙම ආශ්චර්යය. ඒ ධර්‍මය ආශ්චර්යය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද ආශ්චර්යය.”

“බුද‍්ධානුභාවං කිත‍්තෙත්‍වා, කප‍්පං සග‍්ගම‍්හි මොදහං; අවසෙසෙසු කප‍්පෙසු, කුසලං චරිතං මයා.

එසේ ගුණ සඳහන් වූ බුදුගුණ ගායනා කළ මම කල්පයක් ස්වර්ගයෙහි සුව වින්දෙමි. සෙසු කල්පයන්හි ද මා විසින් කුසල් කරන ලදි.

“එකනවුතිතො කප‍්පෙ, යං සඤ‍්ඤමලභිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධසඤ‍්ඤායිදං ඵලං.

මෙයින් කල්ප අනූ එකකට පෙර යම් බුද්ධ සංඥාවක් ඉපිද වූයෙම්ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. බුද්ධ සඤ්ඤාවෙහි විපාකය මෙබඳුය.

“ඉතො චුද‍්දසකප‍්පම‍්හි, රාජා ආසිං පතාපවා; සමිතො නාම නාමෙන, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප දාහතරකට පෙර මම, සමිත නම් මහත් බල ඇති ප්‍රතාපවත් සක්විති රජෙක් වූයෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මෙයින් මවිසින් දැන් සියලු කෙලෙසුන් නසන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා සත්‍ථු සම‍්මුඛා ඔවාදං ලභිත්‍වා “මයා අරහත‍්තං අධිගත”න‍්ති අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත් වූ; ශාස්තෲන් වහන්සේගෙන් අවවාද ලැබීම නිසා “මවිසින් අර්හත්භාවය සාක්‍ෂාත් කරන ලදැ”යි සිය ඥානය ප්‍රකාශ කරමින් මේඝිය තෙරණුවෝ,

“අනුසාසි මහාවීරො, සබ‍්බධම‍්මාන පාරගූ; තස‍්සාහං ධම‍්මං සුත්‍වාන, විහාසිං සන‍්තිකෙ සතො; තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති. – ගාථං අභාසි;

“අනුසාසි මහාවීරො සබ්බධම්මාන පාරගූ, තස්සාහං ධම්මං සුත්‍වාන විහාසිං සන්තිකෙ සතො, තිස්සොවිජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං” - යන ගාථාව වදාළහ.

එහි අර්ථය - “සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය මහාවීර වූ සර්‍වඥයන් වහන්සේ, මට අවවාද කළහ. මම උන්වහන්සේගේ අවවාද අසා සිහි ඇතිව, උන්වහන්සේ වෙතම විසුවෙමි. ඒ මම ත්‍රිවිද්‍යා ලැබුවෙමි. බුදුසසුන කරන ලදි.”

තත්‍ථ අනුසාසීති “අපරිපක‍්කාය, මෙඝිය, චෙතොවිමුත‍්තියා පඤ‍්ච ධම‍්මා පරිපාකාය සංවත‍්තන‍්තී”තිආදිනා ඔවදි අනුසිට‍්ඨිං අදාසි. මහාවීරොති මහාවික‍්කන‍්තො, වීරියපාරමිපාරිපූරියා චතුරඞ‍්ගසමන‍්නාගතවීරියාධිට‍්ඨානෙන අනඤ‍්ඤසාධාරණචතුබ‍්බිධසම‍්මප‍්පධානසම‍්පත‍්තියා ච මහාවීරියොති අත්‍ථො. සබ‍්බධම‍්මාන පාරගූති සබ‍්බෙසඤ‍්ච ඤෙය්‍යධම‍්මානං පාරං පරියන‍්තං ඤාණගමනෙන ගතො අධිගතොති සබ‍්බධම‍්මාන පාරගූ, සබ‍්බඤ‍්ඤූති අත්‍ථො. සබ‍්බෙසං වා සඞ‍්ඛතධම‍්මානං පාරභූතං නිබ‍්බානං සයම‍්භූඤාණෙන ගතො අධිගතොති සබ‍්බධම‍්මාන පාරගූ. තස‍්සාහං ධම‍්මං සුත්‍වානාති තස‍්ස බුද‍්ධස‍්ස භගවතො සාමුක‍්කංසිකං තං චතුසච‍්චධම‍්මං සුණිත්‍වා. විහාසිං සන‍්තිකෙති අම‍්බවනෙ මිච‍්ඡාවිතක‍්කෙහි උපද‍්දුතො චාලිකා විහාරං ගන‍්ත්‍වා සත්‍ථු සමීපෙයෙව විහාසිං. සතොති සතිමා, සමථවිපස‍්සනාභාවනාය අප‍්පමත‍්තොති අත්‍ථො. අහන‍්ති ඉදං යථා “අනුසාසී”ති එත්‍ථ “ම”න‍්ති එවං “විජ‍්ජා අනුප‍්පත‍්තා, කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති එත්‍ථ “මයා”ති පරිණාමෙතබ‍්බං. “කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති ච ඉමිනා යථාවුත‍්තං විජ‍්ජාත‍්තයානුප‍්පත‍්තිමෙව සත්‍ථු ඔවාදපටිකරණභාවදස‍්සනෙන පරියායන‍්තරෙන පකාසෙති. සීලක‍්ඛන්‍ධාදිපරිපූරණමෙව හි සත්‍ථු සාසනකාරිතා.

එහි “අනුසාසිං” යනු මේඝිය මුහුකුරා නොගිය චේතෝ විමුක්තිය නිසා ධර්‍ම පසක් සම්පූර්ණ නොවේ” යනාදී වශයෙන් අවවාද දුන්සේක. උපදෙස් දුන්සේක. “මහාවීරො” යනු මහත් වූ වික්‍රමයෙන් විරිය පාරමිතාව සපුරා, චතුරංග සමන්නාගත වීර්යාධිෂ්ඨානයෙන් කිසිවකුට සමනොවූ, සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුක්ත වූ බැවින් “මහාවීර” නම් බුදුරජාණන් වහන්සේ යන අර්ථයයි. “සබ්බ ධම්මාන පාරගූ” යනු සියලු සංඛත ධර්‍මයන්ගේ පරතෙරට ගිය, සර්වඥ වූ “තස්සාහං ධම්මං සුත්‍වාන” යනු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සාමුක්කංසික චතුරාර්ය සත්‍යය ධර්‍මදේශනාව අසා විසුවෙමි. “සන්තිකෙ” යනු අඹ වනයේදී මිසදිටු විතර්කයන්ගෙන් උපද්‍රව වූ බැවින් වාලුකා වෙහෙරට ගොස් ශාස්තෲන් වහන්සේ සමීපයේම වාසය කළෙමි. “සතො” යනු සිහිඇතිව, සමථ විදර්ශනා දෙකින් අප්‍රමාදී වූ යන අර්ථයයි. “අහං” යනු මෙලෙස යම්සේ අනුශාසනා කරන ලද මම, මා හට මෙසේ ත්‍රිවිද්‍යාවෝ අවබෝධ වූහ. මවිසින් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි. සම්පූර්ණ කළෙමි. “බුදුරදුන්ගේ අනුශාසනාව ඉටුකළෙමි.” යන මේ ප්‍රකාශයෙන් ඉහත පැවසූ පරිදිම ත්‍රිවිද්‍යා අවබෝධයම ශාස්තෲන් වහන්සේගේ අවවාදය ඉටුකළ බව දැක්වීමකි. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාව ඉටුකරන්නෝ නම් ශීලාදී ශික්‍ෂා සම්පූර්ණ කරන්නෝම යැයි ප්‍රකාශිතය.

මෙඝියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මේඝිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.