උක්ඛෙපකටවච්ඡත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
උක්ඛෙපකටවච්ඡත්ථෙරගාථාවණ්ණනා
උක්ඛේපකටවච්ඡ ස්ථවිරගාථා වර්ණනාව
උක්ඛෙපකතවච්ඡස්සාති ආයස්මතො උක්ඛෙපකතවච්ඡත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො ඉතො චතුනවුතෙ කප්පෙ සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො සත්ථාරං උද්දිස්ස මාළං කරොන්තස්ස පූගස්ස එකත්ථම්භං අලභන්තස්ස ථම්භං දත්වා සහායකිච්චං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවලොකෙ නිබ්බත්තිත්වා අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, වච්ඡොතිස්ස ගොත්තතො ආගතනාමං. සො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කොසලරට්ඨෙ ගාමකාවාසෙ වසන්තො ආගතාගතානං භික්ඛූනං සන්තිකෙ ධම්මං පරියාපුණාති. “අයං විනයො ඉදං සුත්තන්තං අයං අභිධම්මො”ති පන පරිච්ඡෙදං න ජානාති. අථෙකදිවසං ආයස්මන්තං ධම්මසෙනාපතිං පුච්ඡිත්වා යථාපරිච්ඡෙදං සබ්බං සල්ලක්ඛෙසි. ධම්මසඞ්ගීතියා පුබ්බෙපි පිටකාදිසමඤ්ඤා පරියත්තිසද්ධම්මෙ වවත්ථිතා එව, යතො භික්ඛූනං විනයධරාදිවොහාරො. සො තෙපිටකං බුද්ධවචනං උග්ගණ්හන්තො පරිපුච්ඡන්තො තත්ථ වුත්තෙ රූපාරූපධම්මෙ සල්ලක්ඛෙත්වා විපස්සනං පට්ඨපෙත්වා සම්මසන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.2.13-26) –
“උක්ඛෙපකටවච්ඡස්ස” යනු ආයුෂ්මත් උක්ඛේපකට වච්ඡ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හි දී කුසල් රැස්කරගත් සසරින් මිදීම කැමති පින්වතෙකි. මෙයින් කල්ප අනූහතරකට පෙර පහළ වූ සිද්ධත්ථ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී කුලවත් ගෙයක ඉපිද, වැඩිවියට පැමිණි මොහු ශාස්තෲන් වහන්සේ උදෙසා (සඳහා) ශාලාවක් සාදන්නා වූ කම්කරු පිරිසකට එක් ටැඹක් අවශ්‍ය බව දැන එම ටැඹ පූජා කොට එම උතුම් පින්කමට සහාය විය. ඒ පින්කමෙන් දෙව් සැප විඳි හෙතෙම තව තවත් පින්දහම් සිදුකර කාම සුගතීන් හිම සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර එක් බමුණු පවුලක උපන්නේය. වච්ඡ යනු ඔහුට ගෝත්‍රයෙන් තැබූ නාමයයි. වච්ඡ බමුණා භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මය අසා උපන් ශ්‍රද්ධාව නිසා පැවිදි විය. කොසොල් රට ගම් ආවාසයක වසනුයේ තමා වෙත පැමිණි භික්ෂූන් වහන්සේගෙන් ධර්මය උගන්නා වච්ඡ තෙරණුවෝ “මේ විනය ශික්ෂාය, මේ සූත්‍ර පිටකයයි, මේ අභිධර්මය යි” යනුවෙන් වෙන් වෙන් ව වටහා ගැනීමට අසමත් වූහ. එක් දිනක් ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරුන්ගෙන් විමසා වෙන් වෙන් වශයෙන් මනාව වටහාගත්හ. පළමු ධර්ම සංගීතියට පෙරත් පිටක ආදී පැනවීම් පර්යාප්ති සද්ධර්මයෙහි ව්‍යවස්ථාපිත වූයේ මය. භික්ෂූන්ට “විනයධර ආදී ව්‍යවහාරයන් පැවතුණේ එහෙයිනි. වච්ඡ තෙරණුවෝ ද ත්‍රිපිටක බුදුවදන ඉගෙන නැවත නැවත විමසනුයේ එහි කියැවෙන රූපාරූප ධර්ම පිළිබඳව සිත මෙහෙයවා, විදසුනෙහි පිහිටා සිහිකරනුයේ නොබෝ කලකින්ම රහත්වූහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“සිද්ධත්ථස්ස භගවතො, මහාපූගගණො අහු; සරණං ගතා ච තෙ බුද්ධං, සද්දහන්ති තථාගතං.
“සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට මහත් වූ උපාසක පිරිසක් විය. ඔවුහු බුදුසරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහති.
“සබ්බෙ සඞ්ගම්ම මන්තෙත්වා, මාළං කුබ්බන්ති සත්ථුනො; එකත්ථම්භං අලභන්තා, විචිනන්ති බ්රහාවනෙ.
ඔවුහු සියලු දෙන එකතුව සාකච්ඡා කොට භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන ශාලාවක් සෑදූහ. ඊට එක් ටැඹක් මදි වූ හෙයින් ඔවුහු මහවනයෙහි එය සෙවූහ.
“තෙහං අරඤ්ඤෙ දිස්වාන, උපගම්ම ගණං තදා; අඤ්ජලිං පග්ගහෙත්වාන, පටිපුච්ඡිං ගණං අහං.
මම ඒ උපාසක සමූහයා වනයේ සිටිනු දැක, ඔවුන් වෙත පැමිණ ඇඳිලි බැඳගෙන ඔවුන්ගෙන් “කුමක් සොයම් ද?” යි විචාළෙමි.
“තෙ මෙ පුට්ඨා වියාකංසු, සීලවන්තො උපාසකා; මාළං මයං කත්තුකාමා, එකත්ථම්භො න ලබ්භති.
මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ “අපි උපස්ථාන ශාලාවක් කරනු කැමැත්තෙමු. ඊට එක් ටැඹක් නොමැතිව එය සොයමු.”
“එකත්ථම්භං මමං දෙථ, අහං දස්සාමි සත්ථුනො; ආහරිස්සාමහං ථම්භං, අප්පොස්සුක්කා භවන්තු තෙ.
එවිට ඔවුන්ට මම, “ඒ ටැඹ මම දෙන්නෙමි. මම එය ගෙනවුත් ශාස්තෲන් වහන්සේට පුදන්නෙමි. එනිසා එය සෙවීමට නුඹලා වෙහෙස නොවෙත් වා” යි පැවසීමි.
“තෙ මෙ ථම්භං පවෙච්ඡිංසු, පසන්නා තුට්ඨමානසා; තතො පටිනිවත්තිත්වා, අගමංසු සකං ඝරං.
ඊට පැහැදුණු ඔවුහු සතුටු සිතින් ඒ ටැඹ මා හට පැවරූහ. එම වචන කී ඔවුහු පෙරළා තම තමන්ගේ නිවෙස් බලා ගියහ.
“අචිරං ගතෙ පූගගණෙ, ථම්භං අහාසහං තදා; හට්ඨො හට්ඨෙන චිත්තෙන, පඨමං උස්සපෙසහං.
ඒ උපාසක පිරිස ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දුටුවෙමි. තුටු සිතින් එය ඔසවා ගත් මම බුදුරදුන්ට පූජා කළෙමි.
“තෙන චිත්තප්පසාදෙන, විමානං උපපජ්ජහං; උබ්බිද්ධං භවනං මය්හං, සත්තභූමං සමුග්ගතං.
එසේ සිත් පැහැදවීම නිසා මා හට මහල් සීයකින් හෙබි දිව්‍ය විමානයක් පහළවිය. එකල බෙර වයන විට දෙව් පිරිස් මා පිරිවරා ගත්හ.
“වජ්ජමානාසු භෙරීසු, පරිචාරෙමහං සදා; පඤ්චපඤ්ඤාසකප්පම්හි, රාජා ආසිං යසොධරො.
මෙයින් කල්ප පනස් පහකට පෙර යසෝධර නම් රජෙක් වූයෙමි. එහිදී ද මට මහල් සීයක් ඇති උඩට නැගුණු උතුම් කළු ගෙවලින් හෙබි එක් ටැම් ඇති මනහර වූ භවනක් පහළ විය.
“තත්ථාපි භවනං මය්හං, සත්තභූමං සමුග්ගතං; කූටාගාරවරූපෙතං, එකත්ථම්භං මනොරමං.
“එකවීසතිකප්පම්හි, උදෙනො නාම ඛත්තියො; තත්රාපි භවනං මය්හං, සත්තභූමං සමුග්ගතං.
මෙයින් විසි එක් වන කල්පයේ උදේන නම් ක්ෂත්රියෙක් වූයෙමි. එ කල ද මට මහල් සීයක් සහිත උස් වූ මාලිගයක් පහළ විය.
“යං යං යොනුපපජ්ජාමි, දෙවත්තං අථ මානුසං; අනුභොමි සුඛං සබ්බං, එකත්ථම්භස්සිදං ඵලං.
මා උපනුපන් දිව්‍ය මනුෂ්‍ය ආත්මයන් හි සැම සැප සම්පතක් ම වින්දෙමි. එක් ටැඹක් පිදීමේ පුණ්‍ය විපාක මෙබඳුය.
“චතුන්නවුතිතො කප්පෙ, යං ථම්භමදදං තදා; දුග්ගතිං නාභිජානාමි, එකත්ථම්භස්සිදං ඵලං.
මීට කල්ප අනූ හතරකට පෙර ටැඹක් පිදුවෙම් ද එදා සිට මේ දක්වා ම දුගතියක නූපන්නෙමි. එක් ටැඹක් පිදීමේ පුණ්‍ය ඵලය මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- මම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා කතකිච්චත්තා අකිලාසුභාවෙ ඨිතො අත්තනො සන්තිකං උපගතානං ගහට්ඨපබ්බජිතානං අනුකම්පං උපාදාය තෙපිටකං බුද්ධවචනං වීමංසිත්වා ධම්මං දෙසෙසි. දෙසෙන්තො ච එකදිවසං අත්තානං පරං විය කත්වා දස්සෙන්තො –
රහත් බවට පත් ව, කොට නිමවූ කටයුතු ඇති ව නොපසුබට උත්සාහයෙන් තමන් වහන්සේ වෙත පැමිණියා වූ ගිහි - පැවිදි සැමට අනුකම්පා උපදවා ත්‍රිපිටක බුද්ධ වචන විමසා ධර්ම දේශනා කළ සේක. එසේ දම් දෙසූ එක් දිනෙක තමා අනිකකු මෙන් දක්වමින්
“උක්ඛෙපකතවච්ඡස්ස, සඞ්කලිතං බහූහි වස්සෙහි; තං භාසති ගහට්ඨානං, සුනිසින්නො උළාරපාමොජ්ජො”ති. – ගාථං අභාසි;
“උක්ඛෙපකටවච්ඡස්ස සඞ්කලිතං බහූහි වස්සෙහි, තංභාසති ගහට්ඨානං සුනිසින්නො උළාරපාමොජ්ජො”
යන ගාථාව වදාළහ.
තත්ථ උක්ඛෙපකතවච්ඡස්සාති කතඋක්ඛෙපවච්ඡස්ස, භික්ඛුනො සන්තිකෙ විසුං විසුං උග්ගහිතං විනයපදෙසං සුත්තපදෙසං අභිධම්මපදෙසඤ්ච යථාපරිච්ඡෙදං විනයසුත්තාභිධම්මානංයෙව උපරි ඛිපිත්වා සජ්ඣායනවසෙන තත්ථ තත්ථෙව පක්ඛිපිත්වා ඨිතවච්ඡෙනාති අත්ථො කරණත්ථෙ හි ඉදං සාමිවචනං. සඞ්කලිතං බහූහි වස්සෙහීති බහුකෙහි සංවච්ඡරෙහි සම්පිණ්ඩනවසෙන හදයෙ ඨපිතං. “සඞ්ඛලිත”න්තිපි පාඨො, සඞ්ඛලිතං විය කතං එකාබද්ධවසෙන වාචුග්ගතං කතං. යං බුද්ධවචනන්ති වචනසෙසො. තන්ති තං පරියත්තිධම්මං භාසති කථෙති. ගහට්ඨානන්ති තෙසං යෙභුය්යතාය වුත්තං. සුනිසින්නොති තස්මිං ධම්මෙ සම්මා නිච්චලො නිසින්නො, ලාභසක්කාරාදිං අපච්චාසීසන්තො කෙවලං විමුත්තායතනසීසෙයෙව ඨත්වා කථෙතීති අත්ථො. තෙනාහ “උළාරපාමොජ්ජො”ති ඵලසමාපත්තිසුඛවසෙන ධම්මදෙසනාවසෙනෙව ච උප්පන්නඋළාරපාමොජ්ජොති. වුත්තඤ්හෙතං –
එහි “උක්ඛෙපකටවච්ඡස්ස” යනු කරන ලද පුහුණුවීම් ඇති භික්ෂූන් සමීපයෙන් වෙන වෙන ම උගත් විනය, සූත්‍ර හා අභිධර්ම වෙන් වෙන් ව දැක්වෙන විනය, සූතාභිධර්මයන් ම මෙනෙහි කර සජ්ඣායනා කිරීම් වශයෙන්, ඒ ඒ තැන් මනාව පිරිසිඳ දැන සිටි උක්ඛේපකටවච්ඡ තෙරුන් විසින් තෘතියා විභක්ති අර්ථයේ ඡට්ඨි විභක්තිය යෙදුණු වචනයකි. “සඞ්කලිතං බහුහි වස්සෙහි” යනු බොහෝ වසර ගණනක් සම්පිණ්ඩනය කිරීම් වශයෙන් හදවතේ තබා රැස්කරන ලද, “සඞ්ඛලිත” යන පාඨය ද සුදුසුය. සැකිල්ලක් මෙන් කරන ලද, ඒකාබද්ධ වශයෙන් වාචොද්ගත කරන ලද යම් බුද්ධවචනයක් වේ ද එය “තං” යනු ඒ පර්යාප්ති ධර්මය කියයි, පවසයි. “ගහට්ඨානං” යනු ගිහියෝ බොහෝ බැවින් කියන ලදි. “සුනිසින්නො” යනු ඒ ධර්මයෙහි යහපත් ව නිශ්චලව හුන්. “ලාභ සත්කාරාදියේ ඇලීමක් නොමැතිව හුදෙක් විමුක්තියෙහි ම පිහිටා දම් දෙසමි” යන අර්ථයයි. එනිසා “උළාරපාමොජ්ජො” යනුවෙන් “ඵල සමවත් සුවයන් වශයෙන් දම්දෙසුම අවසන උපදින්නා වූ මහත් වූ ප්‍රමෝදය ඇතිව” යන්න කියන ලදි. මේ ගාථාවේ අදහසය නම්
“යථා යථාවුසො භික්ඛු, යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති තථා තථා සො තස්මිං ධම්මෙ ලභති අත්ථවෙදං, ලභති ධම්මවෙදං, ලභති ධම්මූපසංහිතං පාමොජ්ජ”න්තිආදි (දී· නි· 3.355).
“ඇවැත්නි යම්සේ භික්ෂුවක් ඇසූ පරිදි, පර්‍ය්‍යාප්ති වශයෙන් හදාළ පරිදි ධර්මය සවිස්තර ව අන්‍යයන්ට දේශනා කරන්නේ ද එලෙසින් ම මේ සම්බුදු දහමෙහි අර්ථාවබෝධය ඔහු ලබයි. ධර්මාවබෝධය ද ලබයි. ධර්මානුකූල ප්‍රමෝදය - ප්‍රීතිය ද ලබයි.”
උක්ඛෙපකතවච්ඡත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
උක්ඛේපකටවච්ඡ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.