යෙදුමෙන් කියවන්න

විමලකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

විමලකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරගාථාවණ‍්ණනා

විමලකොණ්ඩඤ්ඤ ස්ථවිරගාථා වර්ණනාව

දුමව‍්හයාය උප‍්පන‍්නොති විමලකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං විපස‍්සිං භගවන‍්තං මහතියා පරිසාය පරිවුතං ධම‍්මං දෙසෙන‍්තං දිස‍්වා පසන‍්නමානසො චතූහි සුවණ‍්ණපුප‍්ඵෙහි පූජෙසි. භගවා තස‍්ස පසාදසංවඩ‍්ඪනත්‍ථං තථාරූපං ඉද‍්ධාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛාරෙසි, යථා සුවණ‍්ණාභා සකලං තං පදෙසං ඔත්‍ථරති. තං දිස‍්වා භිය්‍යොසොමත‍්තාය පසන‍්නමානසො හුත්‍වා භගවන‍්තං වන්‍දිත්‍වා තං නිමිත‍්තං ගහෙත්‍වා අත‍්තනො ගෙහං ගන‍්ත්‍වා බුද‍්ධාරම‍්මණං පීතිං අවිජහන‍්තො කෙනචි රොගෙන කාලං කත්‍වා තුසිතෙසු උපපන‍්නො අපරාපරං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ රාජානං බිම‍්බිසාරං පටිච‍්ච අම‍්බපාලියා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. රාජා හි බිම‍්බිසාරො තරුණකාලෙ අම‍්බපාලියා රූපසම‍්පත‍්තිං සුත්‍වා සඤ‍්ජාතාභිලාසො කතිපයමනුස‍්සපරිවාරො අඤ‍්ඤාතකවෙසෙන වෙසාලිං ගන‍්ත්‍වා එකරත‍්තිං තාය සංවාසං කප‍්පෙසි. තදා අයං තස‍්සා කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං අග‍්ගහෙසි. සා ච ගබ‍්භස‍්ස පතිට‍්ඨිතභාවං තස‍්ස ආරොචෙසි. රාජාපි අත‍්තානං ජානාපෙත්‍වා දාතබ‍්බයුත‍්තකං දත්‍වා පක‍්කාමි. සා ගබ‍්භස‍්ස පරිපාකමන්‍වාය පුත‍්තං විජායි, “විමලො”තිස‍්ස නාමං අහොසි, පච‍්ඡා විමලකොණ‍්ඩඤ‍්ඤොති පඤ‍්ඤායිත්‍ථ. සො වයප‍්පත‍්තො භගවතො වෙසාලිගමනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.12.40-48) –

“දුමව්හයාය උප්පන්නො” යනු විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? පෙර තෙරවරු මෙන්ම විමල කොණ්ඩඤ්ඤ තෙරුන් ද පෙර බුදුවරු හමුවෙහිදී කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන්හි දී සසරින් මිදීම සඳහා කුසල් රැස්කරගත් අයෙකි. මෙයින් කල්ප අනූ එකකට පෙර පහළවූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ, මහත් ධනවත් කුලයක ඉපිද වියට පත්වූ හෙතෙම; මහ පිරිස් පිරිවරා දම් දෙසන භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු සිතින් රන්මල් සතරකින් පූජා පැවැත්වීය. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ශ්‍රද්ධාව වැඩි දියුණු කිරීමට ඊට සුදුසු ප්‍රාතිහාර්යයක් දැක්වූ සේක. ඒ මල් වැනි වූම රන්මය ප්‍රභාවක් ඒ සියලු ප්‍රදේශයේම පැතිරුණිා. එම අසිරිය දුටු ඔහු බොහෝ සෙයින් පැහැදී, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එම උතුම් පෙළහරම සිහිකරමින් නිවසට ගියේය. බුද්ධාරම්මණ ප්‍රීතියෙන් ම කිසියම් රෝගයක් වැළඳී මරණයට පත්ව තුසිත දෙව්ලොව ඉපිද සැප වින්දේය. සසර තව තවත් කුසල් රැස්කරමින් කාම සුගතීන්හි ම සැරි සැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයෙහි බිම්බිසාර රජුට දාව අම්බපාලිගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. බිම්සර රජු තරුණ කාලයේ දී අම්බපාලියගේ රූපසම්පත්තිය අසා හටගත් කැමැත්ත ඇතිව, මිනිසුන් කිහිප දෙනෙකු සමග වෙස් වලාගෙන විශාලාවට ගොස් එක් රැයක් ඇය සමග සංවාසයෙහි යෙදුණේය. එවිට මොහු ඇගේ කුසෙහි පිළිසිඳ ගත්තේය. අම්බපාලිය ද ගැබ පිහිටි බව රජුට දැනුම් දුන්නාය. රජුද තමා කවුදැයි පවසා ඇයට දිවයුතු ද්‍රව්‍ය පරිත්‍යාග කර ගියේය. ගැබ මුහුකුරා ගිය ඇය පුතෙකු වැදුවාය. ඔහුට විමල යන නම තැබුවාය. පසුව විමල කොණ්ඩඤ්ඤ නාමයෙන් ප්‍රකට විය. වැඩිවියට පත් ව භාග්‍යවතුන් වහන්සේ විශාලාවට වැඩම වූ මොහොතේ බුදුසිරි දැක පැහැදුණු සිතින් පැවිදි වූ විමල කොණ්ඩඤ්ඤ තෙරුන් පුර්ව කටයුතු නිමවා දිනකින්ම සියලු කෙලෙස් නසා රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියෙහි උන්වහන්සේ මෙසේ සිය චරිතාපදානය දැක්වූහ -

“විපස‍්සී නාම භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; නිසින‍්නො ජනකායස‍්ස, දෙසෙසි අමතං පදං.

“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ මහත් ජනකායට නිර්‍වාණය පිළිබඳව ධර්‍ම දේශනා කරන සේක.

“තස‍්සාහං ධම‍්මං සුත්‍වාන, ද‍්විපදින‍්නස‍්ස තාදිනො; සොණ‍්ණපුප‍්ඵානි චත‍්තාරි, බුද‍්ධස‍්ස අභිරොපයිං.

තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ උන්වහන්සේගේ ධර්‍මය ඇසූ මම රන්මල් සතරක් පූජා කළෙමි.

“සුවණ‍්ණච‍්ඡදනං ආසි, යාවතා පරිසා තදා; බුද‍්ධාභා ච සුවණ‍්ණාභා, ආලොකො විපුලො අහු.

එකල්හි යම්තාක් දුර පිරිස පැතිර සිටියේද ඒතාක් දුර පැතිරි රන් පියස්සක් මැවුණි. බුදු රැස් ද රන් රැස් ද මිශ්‍රව ආලෝකය මහත් විය.

“උදග‍්ගචිත‍්තො සුමනො, වෙදජාතො කතඤ‍්ජලී; විත‍්තිසඤ‍්ජනනො තෙසං, දිට‍්ඨධම‍්මසුඛාවහො.

ඔද වැඩි සිතින් සතුටට පත්වූ මම; ජනයාට මෙලොව සැපගෙන දෙන, ප්‍රීතිය උපදවන බුදුරජාණන් වහන්සේට ආයාචනා කොට, මනාව්‍රත ඇති උන්වහන්සේ වැඳ අවසර ගෙන මගේ ගෙදර ගියෙමි.

“ආයාචිත්‍වාන සම‍්බුද‍්ධං, වන්‍දිත්‍වාන ච සුබ‍්බතං; පාමොජ‍්ජං ජනයිත්‍වාන, සකං භවනුපාගමිං.

“භවනෙ උපවිට‍්ඨොහං, බුද‍්ධසෙට‍්ඨං අනුස‍්සරිං; තෙන චිත‍්තප‍්පසාදෙන, තුසිතං උපපජ‍්ජහං.

නිවසේ සිටි මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිකළෙමි. එසේ සිත් පැහැදවීම නිසා මම තුසිත භවනයෙහි උපන්නෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං පුප‍්ඵමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප අනූඑකකට පෙර යම් බුද්ධ පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි.

“සොළසාසිංසු රාජානො, නෙමිසම‍්මතනාමකා; තෙතාලීසෙ ඉතො කප‍්පෙ, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මෙයින් කල්ප සතලිස් තුනකට පෙර දී මහත් බල ඇති නේමි සම්මත නම් සක්විති රජවරු දාසය දෙනෙක්ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අඤ‍්ඤාපදෙසෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො “දුමව‍්හයායා”ති ගාථං අභාසි.

රහත් බවට පත්වූ විමල කොණ්ඩඤ්ඤ තෙරහු සිය රහත් බව ප්‍රකාශ කරන සේක්; “දුමව්හයාය” යනාදී ගාථාව වදාළහ.

තත්‍ථ දුමව‍්හයායාති දුමෙන අම‍්බෙන අව‍්හාතබ‍්බාය, අම‍්බපාලියාති අත්‍ථො. ආධාරෙ චෙතං භුම‍්මවචනං. උප‍්පන‍්නොති තස‍්සා කුච‍්ඡියං උප‍්පන‍්නො උප‍්පජ‍්ජමානො ච. ජාතො පණ‍්ඩරකෙතුනාති ධවලවත්‍ථධජත‍්තා “පණ‍්ඩරකෙතූ”ති පඤ‍්ඤාතෙන බිම‍්බිසාරරඤ‍්ඤා හෙතුභූතෙන ජාතො, තං පටිච‍්ච නිබ‍්බත‍්තොති අත්‍ථො. උප‍්පන‍්නොති වා පඨමාභිනිබ‍්බත‍්තිදස‍්සනං. තතො හි ජාතොති අභිජාතිදස‍්සනං. විජායනකාලතො පට‍්ඨාය හි ලොකෙ ජාතවොහාරො. එත්‍ථ ච “දුමව‍්හයාය උප‍්පන‍්නො”ති ඉමිනා අත‍්තුක‍්කංසනභාවං අපනෙති, අනෙකපතිපුත‍්තානම‍්පි විසෙසාධිගමසම‍්භවඤ‍්ච දීපෙති. “ජාතො පණ‍්ඩරකෙතුනා”ති ඉමිනා විඤ‍්ඤාතපිතිකදස‍්සනෙන පරවම‍්භනං අපනෙති. කෙතුහාති මානප‍්පහායී. මානො හි උණ‍්ණතිලක‍්ඛණත‍්තා කෙතු වියාති කෙතු. තථා හි සො “කෙතුකම්‍යතාපච‍්චුපට‍්ඨානො”ති වුච‍්චති. කෙතුනායෙවාති පඤ‍්ඤාය එව. පඤ‍්ඤා හි අනවජ‍්ජධම‍්මෙසු අච‍්චුග‍්ගතට‍්ඨෙන මාරසෙනප‍්පමද‍්දනෙන පුබ‍්බඞ‍්ගමට‍්ඨෙන ච අරියානං ධජා නාම. තෙනාහ “ධම‍්මො හි ඉසිනං ධජො”ති (සං· නි· 2.241; අ· නි· 4.48; ජා· 2.21.494). මහාකෙතුං පධංසයීති මහාවිසයතාය මහන‍්තා, සෙය්‍යමානජාතිමානාදිභෙදතො බහවො ච මානප‍්පකාරා, ඉතරෙ ච කිලෙසධම‍්මා සමුස‍්සිතට‍්ඨෙන කෙතු එතස‍්සාති මහාකෙතු මාරො පාපිමා. තං බලවිධමනවිසයාතික‍්කමනවසෙන අභිභවි නිබ‍්බිසෙවනං අකාසීති. “මහාකෙතුං පධංසයී”ති අත‍්තානං පරං විය දස‍්සෙන‍්තො අඤ‍්ඤාපදෙසෙන අරහත‍්තං බ්‍යාකාසි.

එහි “දුමව්හයාය” යනු අඹගස් සමූහයෙන් තැබූ නම් ඇති අම්බපාලියට යන අර්ථයයි. ආධාරාර්ථයේ මෙහි සත්තමී විභක්තිය යෙදී ඇත. “උපපන්නො” යනු ඇගේ කුසේ උපන්. ඉපදුණාවූ “ජාතො පණ්ඩර කෙතුනා” යනු සේසත් (සුදුකුඩය) දැරු බැවින් “පණ්ඩර” සුදු කොඩි දරන්නා නම් වූ බිම්සර රජුට දාව උපන් ඔහු නිසා උපන් පළමුවු උපත දැක්වීම සඳහා මේ දෙදෙනාගෙන් උපන්නේයැයි මේ ජාතියේ (ආත්මභාවයේ) පහළවීම දැක්විණි. වැදුවා වූ කාලයේ පටන් “උපන්නේ ය” යන වහර ලොව පවතී. මෙහි දී “අම්බපාලියට පුත්ව උපන්නෙමි” යන්නෙමි තමා උසස්කර දැක්වීම දුරු කරයි. නොයෙක් ස්වාමි, පුත්‍රයන්ගේ ද විශේෂාධිගම ලාභය ද මෙයින් දක්වයි. “සේසත දරන රජුට දාව උපන්නෙමි” යන මේ ප්‍රකාශයෙන් දැනගත් විශිෂ්ට පියා දැක්වීම් වශයෙන් අනුන් විසින් හෙළා දැකීම දුරුකරයි. “කෙතුහා” යන්නෙන් “මානය දුරුකළෙමි” යි කියයි. මානය කැමති සේ අවබෝධ කරගත්තමෙි යි කියයි. තත් වූ පරිදි දැනගත්තෙමි. “කෙතුනායෙව” ප්‍රඥාවෙන් ම ප්‍රඥාව වනාහී නිවැරදි ධර්‍මයන් හි අවබෝධ කිරීම් වශයෙන් ඉතා උස්ව නැගි අරුතින් ද මරසෙනග මැඩලීමෙහි පූර්වංගම වූ අර්ථයෙන් ද “ආර්‍ය්‍යයන්ගේ ධජය” නම් වේ. සෘෂිවරුන්ගේ ද ධජය වූ ඒ ප්‍රඥාව නම් ධර්‍මයෙන් “මහාකෙතුං පධංසයී” මහත් වූ විෂය ඇති බැවින් ද මහත් වූ සෙය්‍යමාන, ජාති මානාදී ප්‍රභේද සහිත බොහෝ මානයන්ගෙන් යුක්ත වූ බැවින් ද සෙසු දහම් මනාව ඔසවාගත් බැවින් ද එම පාපී ධර්‍ම ධජයක් වූ මේ පාපී මාරයාම “මහාකේතු” නම් වේ. ඒ මාර බලය විද්වංසනය, අතික්‍රමණය කිරීම් වශයෙන් අභිභවනය කළෙමි. නිර්වාණය සේවනය කළෙමි. “මහා ධජය හෙවත් මාරයා පැරදුවෙහිය” යනුවෙන් තමා වෙනත් අයෙකු මෙන් දැක්වීම් වශයෙන් (ආත්ම සංකල්පයෙන් බැහැර ව) සිය රහත්ඵලය ප්‍රකාශ කරන ලදි.

විමලකොණ‍්ඩඤ‍්ඤත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

විමල කොණ්ඩඤ්ඤ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.