යෙදුමෙන් කියවන්න

පක‍්ඛත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

පක‍්ඛත්‍ථෙරගාථාවණ‍්ණනා

පක්ඛ ස්ථවිරගාථා වර්ණනාව

චුතා පතන‍්තීති ආයස‍්මතො පක‍්ඛත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ යක‍්ඛසෙනාපති හුත්‍වා විපස‍්සිං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො දිබ‍්බවත්‍ථෙන පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සක‍්කෙසු දෙවදහනිගමෙ සාකියරාජකුලෙ නිබ‍්බත‍්ති, “සම‍්මොදකුමාරො”තිස‍්ස නාමං අහොසි. අථස‍්ස දහරකාලෙ වාතරොගෙන පාදා න වහිංසු. සො කතිපයං කාලං පීඨසප‍්පී විය විචරි. තෙනස‍්ස පක‍්ඛොති සමඤ‍්ඤා ජාතා. පච‍්ඡා අරොගකාලෙපි තථෙව නං සඤ‍්ජානන‍්ති, සො භගවතො ඤාතිසමාගමෙ පාටිහාරියං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා අරඤ‍්ඤෙ විහරති. අථෙකදිවසං ගාමං පිණ‍්ඩාය පවිසිතුං ගච‍්ඡන‍්තො අන‍්තරාමග‍්ගෙ අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ නිසීදි. තස‍්මිඤ‍්ච සමයෙ අඤ‍්ඤතරො කුලලො මංසපෙසිං ආදාය ආකාසෙන ගච‍්ඡති, තං බහූ කුලලා අනුපතිත්‍වා පාතෙසුං. පාතිතං මංසපෙසිං එකො කුලලො අග‍්ගහෙසි. තං අඤ‍්ඤො අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හි, තං දිස‍්වා ථෙරො “යථායං මංසපෙසි, එවං කාමා නාම බහුසාධාරණා බහුදුක‍්ඛා බහුපායාසා”ති – කාමෙසු ආදීනවං නෙක‍්ඛම‍්මෙ ච ආනිසංසං පච‍්චවෙක‍්ඛිත්‍වා විපස‍්සනං පට‍්ඨපෙත්‍වා “අනිච‍්ච”න‍්තිආදිනා මනසිකරොන‍්තො පිණ‍්ඩාය චරිත්‍වා කතභත‍්තකිච‍්චො දිවාට‍්ඨානෙ නිසීදිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.12.1-10) –

“චුතා පතන්ති” යනු ආයුෂ්මත් පක්ඛ තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි දී කළ ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයන්හි දී පින් කරමින් කුසලතා සපුරා ගත්හ. මෙයින් කල්ප අනූ එකකට පෙර යක්‍ෂ සෙන්පතියකුව ඉපිද විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක - පැහැදුණු සිතින් දිව්‍යමය වස්ත්‍රයන්ගෙන් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරි සැරූ හෙතෙම, අපගේ බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි ශාක්‍ය ජනපදයේ දේවදහ නියම්ගම වූ ශාක්‍ය රජ පවුලක උපන්නේ ය. සම්මෝද කුමාරයා නමින් ඔහු ප්‍රසිද්ධ විය. ඔහු කුඩා කාලයේ වාත රෝගයක් නිසා පාද අක්‍රිය විය. එනිසා සුළු කාලයක් කොරෙකු මෙන් එහි මෙහි (ඔබිනොබ) ගියේ ය. මෙනිසා “පක්ඛ” (කොරා) නාමයෙන් ද ඔහු ප්‍රසිද්ධ විය. පසුව එම රෝගය සුව වුවත් එම නාමය ම ව්‍යවහාර විය. එකුමරු භාග්‍යවතුන් වහන්සේ කපිල වත්‍ථුවට වැඩි පළමු අවස්ථාවේ වූ පෙළහර දැක උපන් ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි විය. කරන ලද පූර්ව කටයුතු ඇති පක්ඛ තෙරුන් සුදුසු කමටහන් ගෙන අරණ්‍යයෙහි වාසය කළේය. එක් දිනක් ගමේ පිඬු පිණිස හැසිරීමට එන අතරමග වූ රුක්මුලක උන්වහන්සේ විවේක සුවයෙන් වැඩහුන්හ. එවිට එක්තරා උකුස්සෙකු මස් වැදැල්ලක් රැගෙන අහසින් යනු දුටුවහ. බොහෝ උකුස්සෝ වහා එතැනට අවුත් ඒ මස් වැදැල්ල උදුරා ගත්හ. පළමු උකුස්සාගේ මුවින් ගිලිහුණු එය තව උකුස්සෙකු ඩැහැ ගත්තේය. තව උකුස්සෙකු නැවත එය පැහැර ගත්තේය. මෙම සිදුවීම දුටු තෙරුන් වහන්සේ, “මෙ මස් වැදැල්ල මෙන් කාමයෝ ද සැමට සාධාරණ ද බොහෝ දුක් ගෙනදෙන, බොහෝ උවදුරු ඇතිකරන්නේ ද වෙති.” යනුවෙන් කාමයේ ආදීනව ද නෙක්ඛම්මයේ ආනිසංස ද සිහිපත් කළහ. විදර්ශනාවෙහි සිත පිහිටුවා ගත් උන්වහන්සේ අනිත්‍යාදී වශයෙන් සෑම දෙයක් පිළිබඳව ම මෙනෙහි කරමින් පිඬු පිණිස හැසිර, දානය වළඳා දවල් වසන තැන හිඳ විදසුන් භාවනාව වඩා රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේගේ චරිතාපදානය අපදාන පාළියේ මෙසේ දැක්වේ.

“විපස‍්සී නාම භගවා, ලොකජෙට‍්ඨො නරාසභො; අට‍්ඨසට‍්ඨිසහස‍්සෙහි, පාවිසි බන්‍ධුමං තදා.

“ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේ එදා සැට දහසක් භික්‍ෂූන් සමග බන්‍ධුමතී නගරයට පිවිසි සේක.

“නගරා අභිනික‍්ඛම‍්ම, අගමං දීපචෙතියං; අද‍්දසං විරජං බුද‍්ධං, ආහුතීනං පටිග‍්ගහං.

නුවරින් නික්ම දීප චෛත්‍ය ස්ථානයට ගිය මම කෙලෙස් දූවිලි බැහැර ලූ, ලෝකයාගේ පූජාවන්ට සුදුසු වූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.

“චුල‍්ලාසීතිසහස‍්සානි, යක‍්ඛා මය‍්හං උපන‍්තිකෙ; උපට‍්ඨහන‍්ති සක‍්කච‍්චං, ඉන්‍දංව තිදසා ගණා.

අසූ දහසක් යක්‍ෂයෝ මා පිරිවරාගෙන තව්තිසා වැසි දෙවියෝ ශක්‍රයාට කරන්නාක් මෙන් මට උපස්ථාන කරති.

“භවනා අභිනික‍්ඛම‍්ම, දුස‍්සං පග‍්ගය‍්හහං තදා; සිරසා අභිවාදෙසිං, තඤ‍්චාදාසිං මහෙසිනො.

එදා මම බුදුරජාණන් වහන්සේ දැක පැහැදී, භවනයෙන් නික්ම වස්ත්‍රයක් පුදා උන්වහන්සේට වැන්දෙමි.

“අහො බුද‍්ධො අහො ධම‍්මො, අහො නො සත්‍ථු සම‍්පදා; බුද‍්ධස‍්ස ආනුභාවෙන, වසුධායං පකම‍්පථ.

අහෝ! බුදුරජාණෝ අසිරිමත් වෙති. ධර්‍ම රත්නය ද අසිරිමත්ය. අපගේ ශාස්තෲ සම්පත්තිය ද අසිරිමත් ය. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවිය ද කම්පා විය.

“තඤ‍්ච අච‍්ඡරියං දිස‍්වා, අබ‍්භුතං ලොමහංසනං; බුද‍්ධෙ චිත‍්තං පසාදෙමි, ද‍්විපදින්‍දම‍්හි තාදිනෙ.

ආශ්චර්ය ජනක ලොමු දැහැ ගන්නා වූ එම විස්මය දුටු මම තාදී ගුණ ඇති ද්විපදෝත්තම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පැහැදවීමි.

“සොහං චිත‍්තං පසාදෙත්‍වා, දුස‍්සං දත්‍වාන සත්‍ථුනො; සරණඤ‍්ච උපාගච‍්ඡිං, සාමච‍්චො සපරිජ‍්ජනො.

එසේ සිත් පහදවා වස්ත්‍රය පූජා කළ මම ඇමති සහිත පිරිවර සමග ම උන්වහන්සේ සරණ ගියෙමි.

“එකනවුතිතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පින්කමක් කළෙම් ද ඒ හේතුවෙන් දුගතියක නූපන්නෙමි. බුදු පුදෙහි විපාකය එබඳුය.

“ඉතො පන‍්නරසෙ කප‍්පෙ, සොළසාසුං සුවාහනා; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලා.

මීට කල්ප පසළොසකට පෙර සත් රුවනින් හෙබි මහත් බල ඇති සුවාහන නම් සක්විති රජවරු දාසය දෙනෙක් වූ මම දැන් සියලු කෙලෙස් නැසූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

අරහත‍්තං පන පත්‍වා යදෙව සංවෙගවත්‍ථුං අඞ‍්කුසං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අඤ‍්ඤා අධිගතා, තස‍්ස සංකිත‍්තනමුඛෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො “චුතා පතන‍්තී”ති ගාථං අභාසි.

රහත් බවට පත්වීමට උපකාර වූ ඒ සංවේග වස්තුව ම අංකුසයක් කරගෙන විදසුන් වඩා සත්‍යාවබෝධ කරගත් උන්වහන්සේ එම සිදුවීම ම ප්‍රකට කිරීම් වශයෙන් ද සිය රහත්බව ප්‍රකාශ කිරීම සඳහා ද “චුතා පතන්ති” යන ගාථාව වදාළහ.

තත්‍ථ චුතාති භට‍්ඨා. පතන‍්තීති අනුපතන‍්ති. පතිතාති චවනවසෙන භූමියං පතිතා, ආකාසෙ වා සම‍්පතනවසෙන පතිතා. ගිද‍්ධාති ගෙධං ආපන‍්නා . පුනරාගතාති පුනදෙව උපගතා. ච-සද‍්දො සබ‍්බත්‍ථ යොජෙතබ‍්බො. ඉදං වුත‍්තං හොති – පතන‍්ති අනුපතන‍්ති ච ඉධ කුලලා, ඉතරස‍්ස මුඛතො චුතා ච මංසපෙසි, චුතා පන සා භූමියං පතිතා ච, ගිද‍්ධා ගෙධං ආපන‍්නා සබ‍්බෙව කුලලා පුනරාගතා. යථා චිමෙ කුලලා, එවං සංසාරෙ පරිබ‍්භමන‍්තා සත‍්තා යෙ කුසලධම‍්මතො චුතා, තෙ පතන‍්ති නිරයාදීසු, එවං පතිතා ච, සම‍්පත‍්තිභවෙ ඨිතා තත්‍ථ කාමසුඛානුයොගවසෙන කාමභවෙ රූපාරූපභවෙසු ච භවනිකන‍්තිවසෙන ගිද‍්ධා ච පුනරාගතා භවතො අපරිමුත‍්තත‍්තා තෙන තෙන භවගාමිනා කම‍්මෙන තං තං භවසඤ‍්ඤිතං දුක‍්ඛං ආගතා එව, එවංභූතා ඉමෙ සත‍්තා. මයා පන කතං කිච‍්චං පරිඤ‍්ඤාදිභෙදං සොළසවිධම‍්පි කිච‍්චං කතං, න දානි තං කාතබ‍්බං අත්‍ථි. රතං රම‍්මං රමිතබ‍්බං අරියෙහි සබ‍්බසඞ‍්ඛතවිනිස‍්සටං නිබ‍්බානං රතං අභිරතං රම‍්මං. තෙන ච සුඛෙනන්‍වාගතං සුඛං ඵලසමාපත‍්තිසුඛෙන අනුආගතං උපගතං අච‍්චන‍්තසුඛං නිබ‍්බානං, සුඛෙන වා සුඛාපටිපදාභූතෙන විපස‍්සනාසුඛෙන මග‍්ගසුඛෙන ච අන්‍වාගතං ඵලසුඛං නිබ‍්බානසුඛඤ‍්චාති අත්‍ථො වෙදිතබ‍්බො.

එහි “චුතා” යනු ගිලිහුනා හු, “පතන්ති” යනු අනුක්‍රමයෙන් වැටෙති. “පතිතා” යනු වචන වශයෙන් භූමියට වැටෙන, අහසෙහි ගිලිහී වැටුණු, බිමට වැටෙන “ගිද්ධා” යනු ගිජුබවට පැමිණි. “පුනරාගතා” යනු නැවත වරක් අල්ලාගනියි. “ච” ශබ්දය සැමතැනම යොදා අර්ථ ගත යුතුයි. මෙම ගාථාවේ අදහස මෙසේය. - මුවින් ගිලිහී අනුක්‍රමයෙන් වැටෙන මාංශ පේශිය (මස් වැදැල්ල) බිම පතිත වුවත්, අනික් උකුස්සකුගේ මුවින් ගිලිහුනත් ගිජු වූ සියලුම උකුස්සෝ නැවත අවුත් එය ඩැහැගනිති. මේ දිගුසසර හැසිරෙන සත්ත්‍වයෝ ද මෙම උකුස්සන් බඳු වෙති. යමෙක් කුසල් දහම්වලින් වැටුණේ ද ඔවුහු නිරයාදියේ උපදිති. මෙසේ දුකට වැටුණු සම්පත්හි භවයේ සිටි ඔවුහු; එහි කම් සුව විඳීම් වශයෙන් කාම, රූප, අරූප භවාදියෙහි පවතින දැඩි ආශාව නිසා නැවත නැවත උපදිති. භව උපතින් නොමිදුණු බැවින් ඒ ඒ භවගාමී කර්ම හේතුවෙන් ඒ ඒ භවයන්හි ඉපිද දුක් විඳිති. මේ සත්ත්‍වයෝ මෙසේ සසර දිගටම පවතිති. මම වනාහි කළයුතුදේ කළෙමි. පරිඤ්ඤාදී (පිරිසිඳ දැනී) භේද සහිත සොළොසක් (දාසයක්) වූ කටයුතු නිමකළෙමි. නැවත මා හට කළ යුත්තක් නොමැත. ඇලිය යුතු, රමණය කළයුතු, උතුමන් විසින් ආශ්‍රිත වූ රම්‍ය වූ නිවණෙහි - සංඛත ධාතුවෙහි ඇලුණෙමි. විශේෂයෙන් ඇලුණෙමි. රම්‍ය වූ ඒ සුවයෙන් සුවපත් වූයෙමි. ඵල සමවත් සුවයෙන් අත්‍යන්ත සුවදායක නිවණට අනුපිළිවෙලින් පැමිණියෙමි. සුවයෙන් හෝ සුවදායී පිළිවෙලින් හෝ විදසුන් සුවයෙන් ද මාර්ග සුවයෙන් ද මම ඵල සුවයට ද නිර්වාණ සුවයට ද අනුපිළිවෙලින් පැමිණියෙහි.” මෙලෙස ගාථාවේ අර්ථ දැනගත යුතුයි.

පක‍්ඛත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

පක්ඛ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.