යෙදුමෙන් කියවන්න

වජ‍්ජිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වජ‍්ජිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා

වජ්ජිපුත්ත ස්ථවිරගාථා වර්ණනාව

එකකා මයං අරඤ‍්ඤෙති ආයස‍්මතො වජ‍්ජිපුත‍්තත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයං පුඤ‍්ඤං උපචිනන‍්තො ඉතො එකනවුතෙ කප‍්පෙ විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං විපස‍්සිං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො නාගපුප‍්ඵකෙසරෙහි පූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ අමච‍්චකුලෙ නිබ‍්බත‍්ති, වජ‍්ජිපුත‍්තොතිස‍්ස නාමං අහොසි. සො භගවතො වෙසාලිගමනෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො කම‍්මට‍්ඨානං ගහෙත්‍වා වෙසාලියා අවිදූරෙ අඤ‍්ඤතරස‍්මිං වනසණ‍්ඩෙ විහරති. තෙන ච සමයෙන වෙසාලියං උස‍්සවො අහොසි. තත්‍ථ තත්‍ථ නච‍්චගීතවාදිතං පවත‍්තති, මහාජනො හට‍්ඨතුට‍්ඨො උස‍්සවසම‍්පත‍්තිං පච‍්චනුභොති, තං සුත්‍වා සො භික‍්ඛු අයොනිසො උම‍්මුජ‍්ජන‍්තො විවෙකං වජ‍්ජමානො කම‍්මට‍්ඨානං විස‍්සජ‍්ජෙත්‍වා අත‍්තනො අනභිරතිං පකාසෙන‍්තො –

“එකකා මයා අරඤ්ඤෙ” යන ගාථාව ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරුන් විසින් පැවසූවකි. එහි උපත කෙසේ ද? මොහුද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව, ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන පින් රැස්කළේය. මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක ඉපිද වැඩිවියට පැමිණ, එක් දිනක් බුදුරජාණන් වහන්සේ දැකීමෙන් උපන් ශ්‍රද්ධාව නිසා පැවිදිවිය. කරන ලද පූර්‍ව කටයුතු ඇති වජ්ජිපුත්ත තෙරණුවෝ කමටහන් ගෙන විශාලා මහනුවරට නුදුරුව එක්තරා වන ලැහැබක වාසය කරති. එකල්හි විශාලා මහනුවර මහත් වූ උත්සවය්ක විය. ඒ ඒ තැන නෘත්‍ය ගීත වාදනයන් පැවැත්විණි. මහජනයා තුටු පහටු වූ සිතින් උත්සව සිරි නරඹති. උත්සව සම්පත් විඳිති. එය ඇසූ වජ්ජිපුත්ත තෙරණුවෝ අනුවණින් පැවිද්ද ගැන කළකිරී, විවේක සුවය නොසලකා හරිමින් කමටහන ඉවත දමා තම නො ඇල්ම මෙසේ ගාථාවකින් පැවසූහ.

“එකකා මයං අරඤ‍්ඤෙ විහරාම, අපවිද‍්ධංව වනස‍්මිං දාරුකං; එතාදිසිකාය රත‍්තියා, කො සු නාම අම‍්හෙහි පාපියො”ති. – ගාථමාහ;

“එකකා මයං අරඤ්ඤෙ විහරාම, අපවිද්ධංච වනස්මිං දාරුකං, එතාදිසිකාය රත්තියා, කොසුනාම අම්හෙහි පාපියො”

“වනයේ හැර දැමූ දරකඩක් මෙන් අපි හුදකලාව මේ වනයේ වසමු. මෙවැනි සුන්දර වූ රාත්‍රියෙහි ප්‍රීතිවීමට නොහැකිව සිටින කවරෙක් නම් අප වැනි පවුකාරයෝ වෙත් ද?”

තං සුත්‍වා වනසණ‍්ඩෙ අධිවත්‍ථා දෙවතා තං භික‍්ඛුං අනුකම‍්පමානා “යදිපි, ත්‍වං භික‍්ඛු, අරඤ‍්ඤවාසං හීළෙන‍්තො වදසි, විවෙකකාමා පන විද‍්දසුනො තං බහු මඤ‍්ඤන‍්තියෙවා”ති ඉමමත්‍ථං දස‍්සෙන‍්තී –

එය ඇසූ වන ලැහැබට අධිගෘහිත දේවතාවා ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා උපදවා, “මහණ! නුඹ ඉදින් අරණ්‍ය වාසය අප්‍රිය කරමින් සිටින්නෙහිය. විවේක සුව කැමති නුවණැත්තෝ නුඹට ගෞරව කරත් ම ය” යන අර්ථය දක්වමින් මේ ගාථාව පැවසීය.

“එකකො ත්‍වං අරඤ‍්ඤෙ විහරසි, අපවිද‍්ධංව වනස‍්මිං දාරුකං; තස‍්ස තෙ බහුකා පිහයන‍්ති, නෙරයිකා විය සග‍්ගගාමින”න‍්ති. –

“එකකො ත්‍වං අරඤ්ඤෙ විහරසි - අපවිද්ධං ව වනස්මිං දාරුකං, තස්ස තෙ බහුකා පිහයන්ති - නෙරයිකා විය සග්ගගාමිනං”

“වනයේ හැර දැමූ දරකඩක් මෙන් නුඹ වනයේ හුදකලාව වෙසෙන්නෙහිය. නුඹට බොහෝ දෙනා ප්‍රියකරති. ස්වර්ගයට යනු කැමති නිරිසතුන් මෙනි”

ගාථං වත්‍වා, “කථඤ‍්හි නාම ත්‍වං, භික‍්ඛු, නිය්‍යානිකෙ සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සාසනෙ පබ‍්බජිත්‍වා අනිය්‍යානිකං විතක‍්කං විතක‍්කෙස‍්සසී”ති සන‍්තජ‍්ජෙන‍්තී සංවෙජෙසි . එවං සො භික‍්ඛු තාය දෙවතාය සංවෙජිතො කසාභිහතො විය භද්‍රො අස‍්සාජානීයො විපස‍්සනාවීථිං ඔතරිත්‍වා නචිරස‍්සෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.11.62-66) –

“මහණ! නුඹ කෙසේ නම් මේ නෛර්‍ය්‍යාණික වූ සම්බුදු සසුනෙහි පැවිදි වී, නිවනට අයත් නොවූ විතර්ක මෙනෙහි කරන්නෙහි ද?” යි එම තෙරුන් සංත්‍රාසයටත් සංවේගයටත් පත් කළේය. මෙසේ ඒ වජ්ජිපුත්ත තෙරුන් ඒ දෙවියා විසින් සංවේගයට පත් කරන ලදුයේ, කසපහර ලැබූ ආජානීය අශ්වයකු මෙන් විදසුන් භාවනාවට සිත යොදවා නොබෝ වේලාවකින් ම විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියේ උන්වහන්සේ තම චරිතාපදානය මෙසේ දක්වා ඇත.

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, සතරංසිංව භාණුමං; ඔභාසෙන‍්තං දිසා සබ‍්බා, උළුරාජංව පූරිතං.

“රන්වන් වූ සිරුරක් සහිත හිරු මෙන් බබළන රැස් ඇති, සියලු දිශා බබුලුවන පුන් සඳවැනි වූ සාගරවලින් පිරිවරාගත් පොළව මෙන්, සවුවන් විසින් පිරිවරාගත් විපස්සි බුදුරජාණන් වහන්සේ දුටුයෙමි.

“පුරක‍්ඛතං සාවකෙහි, සාගරෙහෙව මෙදනිං; නාගං පග‍්ගය‍්හ රෙණූහි, විපස‍්සිස‍්සාභිරොපයිං.

“එකනවුතිතො කප‍්පෙ, යං රෙණුමභිරොපයිං; දුග‍්ගතිං නාභිජානාමි, බුද‍්ධපූජායිදං ඵලං.

උන්වහන්සේට නාමල් රේණු වලින් පූජා කළෙමි. මෙයින් කල්ප අනූ එකකට පෙර මේ රේණු පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුදු පුදෙහි විපාකය මෙබඳුය.

“පණ‍්ණතාලීසිතො කප‍්පෙ, රෙණු නාමාසි ඛත‍්තියො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප සතලිස් පහකට පෙර මහ බල ඇති සත්රුවනින් හෙබියා වූ රේණු නම් සක්විති රජුව සුව වින්දෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අරහත‍්තං පන පත්‍වා “අයං මෙ අරහත‍්තප‍්පත‍්තියා අඞ‍්කුසො ජාතො”ති අත‍්තනො දෙවතාය ච වුත‍්තනයං සංකඩ‍්ඪිත්‍වා –

රහත් ඵලය ලබාගත් වජ්ජිපුත්ත තෙරණුවෝ එම රහත් ඵල ප්‍රාප්තියට අංකුසයක් වැනි වූ තමාගේ ද දේවතාවාගේ ද ගාථා දෙක සිහිපත් කර

“එකකා මයං අරඤ‍්ඤෙ විහරාම, අපවිද‍්ධංව වනස‍්මිං දාරුකං; තස‍්ස මෙ බහුකා පිහයන‍්ති, නෙරයිකා විය සග‍්ගගාමින”න‍්ති. –

“එකකා මයං අරඤ්ඤෙ විහාරාම, අපවිද්ධං’ ව වනස්මිං දාරුකං, තස්ස මෙ බහුකා පිහයන්ති, නෙරයිකා විය සග්ගගාමිනං”

ගාථං අභාසි.

යන ගාථාව වදාළහ.

තස‍්සත්‍ථො – අනපෙක‍්ඛභාවෙන වනෙ ඡඩ‍්ඩිතදාරුක‍්ඛණ‍්ඩං විය යදිපි මයං එකකා එකාකිනො අසහායා ඉමස‍්මිං අරඤ‍්ඤෙ විහරාම, එවං විහරතො පන තස‍්ස මෙ බහුකා පිහයන‍්ති මං බහූ අත්‍ථකාමරූපා කුලපුත‍්තා අභිපත්‍ථෙන‍්ති, “අහො වතස‍්ස මයම‍්පි වජ‍්ජිපුත‍්තත්‍ථෙරො විය ඝරබන්‍ධනං පහාය අරඤ‍්ඤෙ විහරෙය්‍යාමා”ති. යථා කිං? නෙරයිකා විය සග‍්ගගාමිනං, යථා නාම නෙරයිකා අත‍්තනො පාපකම‍්මෙන නිරයෙ නිබ‍්බත‍්තසත‍්තා සග‍්ගගාමීනං සග‍්ගූපගාමීනං පිහයන‍්ති – “අහො වත මයම‍්පි නිරයදුක‍්ඛං පහාය සග‍්ගසුඛං පච‍්චනුභවෙය්‍යාමා”ති එවංසම‍්පදමිදන‍්ති අත්‍ථො. එත්‍ථ ච අත‍්තනි ගරුබහුවචනප‍්පයොගස‍්ස ඉච‍්ඡිතබ‍්බත‍්තා “එකකා මයං විහරාමා”ති පුන තස‍්ස අත්‍ථස‍්ස එකත‍්තං සන්‍ධාය “තස‍්ස මෙ”ති එකවචනප‍්පයොගො කතො. “තස‍්ස මෙ”, “සග‍්ගගාමින”න‍්ති ච උභයම‍්පි ‘පිහයන‍්තී’ති පදං අපෙක‍්ඛිත්‍වා උපයොගත්‍ථෙ සම‍්පදානනිද‍්දෙසො දට‍්ඨබ‍්බො. තං අභිපත්‍ථෙන‍්තීති ච තාදිසෙ අරඤ‍්ඤවාසාදිගුණෙ අභිපත්‍ථෙන‍්තා නාම හොන‍්තීති කත්‍වා වුත‍්තං. තස‍්ස මෙති වා තස‍්ස මම සන‍්තිකෙ ගුණෙති අධිප‍්පායො.

එහි අර්ථ මෙසේ ය. “අපේක්‍ෂාවක් නොමැතිව වනයේ විසි කර දැමූ දරකඩක් මෙන් ඉදින් අපි හුදකලාව, තනිවම, කිසිදු හවුහරණක් නොමැති ව මේ වනයේ වෙසෙමු. මෙසේ වසන මා හට බොහෝ දෙනා ප්‍රිය කරති. මා පිළිබඳව සිහිකරන තමාට වැඩ කැමති කුල පුත්‍රයෝ මා වැන්නන් වීමට ප්‍රාර්ථනා කරති. “අහෝ! ඒකාන්තයෙන් අපිත් මේ වජ්ජිපුත්ත තෙරුන් මෙන් ගිහිගේ අත්හැර දමා අරණ්‍යයෙහි වාසය කරමු නම් යෙහෙකි” යනුවෙන් සිතති. ඒ කෙසේ ද? ස්වර්ගයට (දෙව් ලොව) යනු කැමති නිරයේ වසන්නෝ මෙනි. යම් සේ නිරයේ වූ වෝ තමා ම කළ පාපකර්මයෙන් නිරයේ ඉපදුනාහු, දෙව් ලොව යෑමට හා දෙව් ලොව සැප විඳින්නෙමු නම් මැනවි” යි සිතති, පතති, එවැනි වූ සම්පත්තියකි මේ පැවිද්ද” යන අර්ථයයි. මෙහි දී තමා කෙරෙහි ගෞරවාර්ථ බහුවචන ප්‍රයෝගය කමැති බැවින් “අපි හුදකලාව වසමු” (එකකං මයං විහරාම) යනුවෙන් පැවසීය. නැවත එහි අර්ථය ඒකවචන බව දක්වනු සඳහා “ඒ මට” (තස්සමෙ) යනුවෙන් ඒකවචන ප්‍රයෝගය යෙදුණි. ඒ තෙරුන්ටද ස්වර්ගගාමී වනු කැමති වීමට ද යන දෙකටම ප්‍රියකරති (පිහයන්ති) යන පදය යෙදිය යුතුයි. එහි දුතියා විභක්තියෙහි සම්ප්‍රදාන විභක්ති අර්ථය දැකිය යුතුයි. එලෙස ප්‍රාර්ථනා කිරීම ද තමන් වහන්සේ බඳු වූ අරණ්‍යයෙහි විසීම් ආදී ගුණ පතන්නවුන්ගේ වශයෙන් ද “සැම දෙන එසේ පතත්වා”යි පවසමින් මේ ගාථාව දේශනා කරන ලදි. “තස්ස මෙ” යනු “ඒ මා සමීපයේ ඇති, මා ළඟ ඇති ගුණයන් හි” යන අර්ථයයි.

වජ‍්ජිපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වජ්ජිපුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.