යෙදුමෙන් කියවන්න

වප‍්පත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

වප‍්පත්‍ථෙරගාථාවණ‍්ණනා

වප්ප ස්ථවිරගාථා වර්ණනාව

පස‍්සති පස‍්සොති ආයස‍්මතො වප‍්පත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො “අසුකො ච අසුකො ච ථෙරො සත්‍ථු පඨමං ධම‍්මපටිග‍්ගාහකා අහෙසු”න‍්ති ථොමනං සුත්‍වා භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා පත්‍ථනං පට‍්ඨපෙසි – “අහම‍්පි භගවා අනාගතෙ තාදිසස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස පඨමං ධම‍්මපටිග‍්ගාහකානං අඤ‍්ඤතරො භවෙය්‍ය”න‍්ති, සත්‍ථු සන‍්තිකෙ සරණගමනඤ‍්ච පවෙදෙසි. සො යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චුතො දෙවමනුස‍්සෙසුයෙව සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං වාසෙට‍්ඨස‍්ස නාම බ්‍රාහ‍්මණස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, වප‍්පොතිස‍්ස නාමං අහොසි. සො අසිතෙන ඉසිනා “සිද‍්ධත්‍ථකුමාරො සබ‍්බඤ‍්ඤූ භවිස‍්සතී”ති බ්‍යාකතො කොණ‍්ඩඤ‍්ඤප‍්පමුඛෙහි බ්‍රාහ‍්මණපුත‍්තෙහි සද‍්ධිං ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා “තස‍්මිං සබ‍්බඤ‍්ඤුතං පත‍්තෙ තස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා අමතං පාපුණිස‍්සාමී”ති උරුවෙලායං විහරන‍්තං මහාසත‍්තං ඡබ‍්බස‍්සානි පධානං පදහන‍්තං උපට‍්ඨහිත්‍වා ඔළාරිකාහාරපරිභොගෙන නිබ‍්බිජ‍්ජිත්‍වා ඉසිපතනං ගතො. අභිසම‍්බුජ‍්ඣිත්‍වා සත්‍ථාරා සත‍්තසත‍්තාහානි වීතිනාමෙත්‍වා ඉසිපතනං ගන‍්ත්‍වා ධම‍්මචක‍්කෙ පවත‍්තිතෙ පාටිපදදිවසෙ සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨිතො පඤ‍්චමියං පක‍්ඛස‍්ස අඤ‍්ඤාසිකොණ‍්ඩඤ‍්ඤාදීහි සද‍්ධිං අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.12.20-30) –

“පස්සති පස්සො” යනු ආයුෂ්මත් වප්ප තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? ඔහු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී නුවර සිටුගෙයක ඉපිද වැඩිවියට පත්ව, “අසුවල් අසුවල් තෙරවරු ශාස්තෲන් වහන්සේගේ පළමු ධර්‍මදේශනාව පිළිගත්හ” යි යන්න අසා ඉතා සතුටට පැමිණියේ ය. පසුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ වැඳ තමා තෙරුවන් සරණ යන බව පවසා, “ස්වාමීනි! මම ද අනාගතයේ දී නුඹ වහන්සේ වැනි සම්බුදුවරයකුගේ ප්‍රථම ධර්‍මදේශනාව අසන්නවුන් අතුරින් එක් අයෙකුවෙම් වා” යි ප්‍රාර්ථනා කළේය. ඔහු දිවි ඇති තාක් එලෙසින් පින්දහම් සිදුකොට ඉන් චුතව දෙව් - මිනිස්සු දෙගතියේ සැරි සරා අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි කපිලවස්තුවේ වාසෙට්ඨ නම් බමුණාගේ පුතෙකු වී උපන්නේය. දෙමාපියෝ ඔහුට වප්ප යන නම තැබූහ. “අසිත සෘෂිවරයා විසින් සිදුහත් කුමරු සර්‍වඥ වන්නේය” (බුදුවන්නේය) යනුවෙන් පවසන ලද බැවින් කොණ්ඩඤ්ඤ ප්‍රමුඛ බ්‍රාහ්මණ පුතුන් සමග ගෘහවාසය හැරදමා තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි වී එකුමරු බුද්ධත්වයට පත් වූ පසුව, උන්වහන්සේ සමීපයට ගොස් බණ අසා නිවන් අවබෝධ කරගන්නෙමි” යි සිතා උරුවේලාවෙහි වාසය කළේය. මහ බෝසතාණෝ සයවසරක් දුෂ්කර ක්‍රියා කොට, ඉන් වෙන්ව දළ ආහාර ගැනීමට පටන් ගත්කල්හි උන්වහන්සේ හැර දමා ඉසිපතනයට ගිය වප්ප තවුසා, සම්බුද්ධත්‍වයට පත් වූ ශාස්තෲන් වහන්සේ සත් සති ගෙවා ඉසිපතනයට වැඩ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීමෙන් පසුදින සෝවාන් ඵලයෙහි පිහිටියේය. පස්වන දින අඤ්ඤා කොණ්ඩඤ්ඤාදී තවුසන් සමග ම මහරහත් ඵලයෙහි පිහිටි වප්ප තෙරණුවෝ, සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.

“උභින‍්නං දෙවරාජූනං, සඞ‍්ගාමො සමුපට‍්ඨිතො; අහොසි සමුපබ්‍යූළ‍්හො, මහාඝොසො අවත‍්තථ.

“දෙව් රජුන් දෙදෙනෙකුගේ මහා සංග්‍රාමයක් එළඹුණි. බොහෝ දෙවියෝ රැස්වූවාහු මහා ඝෝෂාවක් හටගත්තේය.

“පදුමුත‍්තරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; අන‍්තලික‍්ඛෙ ඨිතො සත්‍ථා, සංවෙජෙසි මහාජනං.

ලෝකයාගේ පූජාවන් පිළිගත්තා වූ තුන් ලෝ මැනවින් දත් ශාස්තෲ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අහසෙහි වැඩ හිඳිමින් මහජනයා සංවේගයට පත්කළ සේක.

“සබ‍්බෙ දෙවා අත‍්තමනා, නික‍්ඛිත‍්තකවචාවුධා; සම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා, එකග‍්ගාසිංසු තාවදෙ.

එකෙණෙහි සියලු දෙවියෝ තුටුව බැහැර ලු ආයුධ හා යුධ ඇඳුම් සහිතව බුදුරජාණන් වහන්සේට වැඳ එකඟ සිතින් පසෙක සිටියහ.

“මය‍්හං සඞ‍්කප‍්පමඤ‍්ඤාය, වාචාසභිමුදීරයි; අනුකම‍්පකො ලොකවිදූ, නිබ‍්බාපෙසි මහාජනං.

අපගේ සිත් දැනගත් බුදුරජාණෝ මේ ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළසේක. හටගත් අනුකම්පාවෙන් යුධ ගිනි නිවුසේක.

“පදුට‍්ඨචිත‍්තො මනුජො, එකපාණං විහෙඨයං; තෙන චිත‍්තප‍්පදොසෙන, අපායං උපපජ‍්ජති.

“එක් ප්‍රාණියෙකු හෝ නසන දූෂිත සිත් ඇති මනුෂ්‍යයා එම නපුරු සිත නිසා අපායෙහි ම උපදින්නේ ය.

“සඞ‍්ගාමසීසෙ නාගොව, බහූ පාණෙ විහෙඨයං; නිබ‍්බාපෙථ සකං චිත‍්තං, මා හඤ‍්ඤිත්‍ථො පුනප‍්පුනං.

යුධ පෙරමුණෙහි බොහෝ ප්‍රාණීන් නසන්නා වූ ඇතකුමෙන් සිය සිත නිවවු, නැවත නැවත නො නසවු.”

“ද‍්වින‍්නම‍්පි යක‍්ඛරාජූනං, සෙනා සා විම‍්හිතා අහු; සරණඤ‍්ච උපාගච‍්ඡුං, ලොකජෙට‍්ඨං සුතාදිනං.

මෙය ඇසු යක්‍ෂ සේනාවෝ විශ්මයට පත් වූහ. තාදී ගුණ ඇති ලෝක නායකයන් වහන්සේගේ සරණ ගිය ඔවුහු යුද්ධය නැවැත්වූහ.

“සඤ‍්ඤාපෙත්‍වාන ජනතං, පදමුද‍්ධරි චක‍්ඛුමා; පෙක‍්ඛමානොව දෙවෙහි, පක‍්කාමි උත‍්තරාමුඛො.

පසැස් ඇති බුදුපියාණෝ ජනසමූහයාට කරුණු අවබෝධ කරවා පවින් ගොඩ ගත්හ. දෙවියන් විසින් බලාසිටිය දීම උන්වහන්සේ උතුරු දෙසට වැඩිසේක.

“පඨමං සරණං ගච‍්ඡිං, ද‍්විපදින්‍දස‍්ස තාදිනො; කප‍්පානං සතසහස‍්සං, දුග‍්ගතිං නුපපජ‍්ජහං.

ඒ අසිරිය දුටු මම පළමු කොට බුදුන් සරණ ගියෙමි. එහි ආනුභාවයෙන් කල්ප ලක්‍ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපන්නෙමි.

“මහාදුන්‍දුභිනාමා ච, සොළසාසුං රථෙසභා; තිංසකප‍්පසහස‍්සම‍්හි, රාජානො චක‍්කවත‍්තිනො.

මෙයින් තිස් දහස් නව කල්පයේ දී රජවරු අතර ශ්‍රේෂ්ඨ වූ මහා දුන්දුභි නාමයෙන් සක්විති රජවරු දාසයක් ව සැප වින්දෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් නැසුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා අත‍්තනා පටිලද‍්ධසම‍්පත‍්තිං පච‍්චවෙක‍්ඛණමුඛෙන සත්‍ථු ගුණමහන‍්තතං පච‍්චවෙක‍්ඛිත්‍වා “ඊදිසං නාම සත්‍ථාරං බාහුලිකාදිවාදෙන සමුදාචරිම‍්හ. අහො පුථුජ‍්ජනභාවො නාම අන්‍ධකරණො අචක‍්ඛුකරණො අරියභාවොයෙව චක‍්ඛුකරණො”ති දස‍්සෙන‍්තො “පස‍්සති පස‍්සො”ති ගාථං අභාසි.

රහත් බවට පත් වූ උන්වහන්සේ තමා ලැබූ සම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් වශයෙන් නුවණින් විමසා, ශාස්තෲන් වහන්සේගේ ගුණ අසීමිත බව දැන, “මෙවැනි බුදුවරයෙකුට බාහුලිකාවදයෙන් කථා කළෙමු. අනේ පුහුදුන් බව නම් අන්‍ධ අවස්ථාවකි. ඇස් නැති බවකි. ඇස් ඇති බව නම් ආර්යභාවයමයැ”යි දක්වන සේක්, “පස්සති පස්සො” යන ගාථාව වදාළසේක.

තත්‍ථ පස‍්සති පස‍්සොති පස‍්සති සම‍්මාදිට‍්ඨියා ධම‍්මෙ අවිපරීතං ජානාති බුජ‍්ඣතීති පස‍්සො, දස‍්සනසම‍්පන‍්නො අරියො, සො පස‍්සන‍්තං අවිපරීතදස‍්සාවිං “අයං අවිපරීතදස‍්සාවී”ති පස‍්සති පඤ‍්ඤාචක‍්ඛුනා ධම‍්මාධම‍්මං යථාසභාවතො ජානාති. න කෙවලං පස‍්සන‍්තමෙව, අථ ඛො අපස‍්සන‍්තඤ‍්ච පස‍්සති, යො පඤ‍්ඤාචක‍්ඛුවිරහිතො ධම‍්මෙ යථාසභාවතො න පස‍්සති, තම‍්පි අපස‍්සන‍්තං පුථුජ‍්ජනං “අන්‍ධො වතායං භවං අචක‍්ඛුකො”ති අත‍්තනො පඤ‍්ඤාචක‍්ඛුනා පස‍්සති. අපස‍්සන‍්තො අපස‍්සන‍්තං, පස‍්සන‍්තඤ‍්ච න පස‍්සතීති අපස‍්සන‍්තො පඤ‍්ඤාචක‍්ඛුරහිතො අන්‍ධබාලො තාදිසං අන්‍ධබාලං අයං ධම‍්මාධම‍්මං යථාසභාවතො න පස‍්සතීති යථා අපස‍්සන‍්තං න පස‍්සති න ජානාති, එවං අත‍්තනො පඤ‍්ඤාචක‍්ඛුනා ධම‍්මාධම‍්මං යථාසභාවතො පස‍්සන‍්තඤ‍්ච පණ‍්ඩිතං “අයං එවංවිධො”ති න පස‍්සති න ජානාති, තස‍්මා අහම‍්පි පුබ‍්බෙ දස‍්සනරහිතො සකලං ඤෙය්‍යං හත්‍ථාමලකං විය පස‍්සන‍්තං භගවන‍්තං අපස‍්සන‍්තම‍්පි පූරණාදිං යථාසභාවතො න පස‍්සිං, ඉදානි පන බුද‍්ධානුභාවෙන සම‍්පන‍්නො උභයෙපි යථාසභාවතො පස‍්සාමීති සෙවිතබ‍්බාසෙවිතබ‍්බෙසු අත‍්තනො අවිපරීතපටිපත‍්තිං දස‍්සෙති.

එහි “පස්සති පස්සො” යනු සම්‍යක් දෘෂ්ටියෙන් ධර්‍මයන් දකියි. විපරීත නොවී දනියි. අවබෝධ කරගනියි යන අරුතින් “පස්සති” - දකියි යන වචනය යෙදේ. දර්ශන සම්පන්න වූ ආර්ය පුද්ගලයා වනාහී අවිපරීත කොට දකින්නා “මෙතෙම විපරීත නොවූ දර්ශන ඇත්තෙකි” යි අවබෝධ කරගනියි. ප්‍රඥාව නම් ඇසින් ධර්‍මය හා අධර්‍මය තත්ත්වාකාරයෙන් ම අවබෝධ කරගනියි. හුදෙක් ඇසට පෙනෙන දෙය පමණක් නොව ඇසට නොපෙනෙන දෙය ද වටහා ගනියි. යමෙක් ප්‍රඥා ඇස නොමැතිව ධර්‍මයෙහි යථා ස්වභාවය නොදනී ද ඔහු, “ධර්‍මය නොදන්නා පුහුදුන් වූ අඳබාල ඇස් නැත්තෙකු”යි තමාගේ ප්‍රඥා නම් ඇසින් අවබෝධ කරගනියි. “අපස්සන්තො අපස්සන්තං පස්සන්තං ච න පස්සතී” යනු ප්‍රඥාව නම් ඇස නොමැති නොදක්නා වූ අන්ධ බාලයා, එබඳු වූ ම අඳබාලයකු දැක, “මෙතෙම ධර්‍ම අධර්‍ම දෙක තත් වූ පරිදි නොදනී” යැයි වටහා නො ගනියි, නො දකියි, නොදනියි, එලෙසින් ම ‘තම ප්‍රඥා ඇසින් ධර්‍ම අධර්‍ම දෙකෙහි යථාස්වභාවය දකින්නා වූ පණ්ඩිතයා’ දැක “මොහු මෙවැනි ස්වරූප ඇති උතුමෙකි”යි වටහා නො ගනියි, නො දනියි, එනිසාම අපි පෙර තවුසන් ව සිටිය දී නිවැරදි දැක්මක් නොවූ හෙයින්, සියලු ඥාන සාගරයේ පරතෙරට ගොස් ලොව සියලු දෙය අතැඹුලක් සේ දන්නා වූ දක්නා වූ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගැනීමට අපොහොසත් ව ආවුසෝ වාදයෙන් කථා කළෙමු. උන්වහන්සේ තත්වාකාරයෙන් වටහා නො ගත්තෙමු. දැන් වනාහී බුද්ධානුභාවයෙන් යුක්තව ආර්‍ය්‍යයන් ද පුහුදුන් පුද්ගලයන් ද තත් වූ පරිදි අවබෝධ කරගැනීමට දැකීමට සමත් වෙමි. සේවනය කළයුතු නො කළ යුතු ධර්‍මයන්හි හා පුද්ගලයන් කෙරෙහි තමන් වහන්සේගේ අවිපරීත ප්‍රතිපත්තිය මෙසේ දැක්වූහ.

වප‍්පත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

වප්ප ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.