යෙදුමෙන් කියවන්න

සීවලිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සීවලිත්‍ථෙරගාථාවණ‍්ණනා

සීවලී ස්ථවිරගාථා වර්ණනාව

තෙ මෙ ඉජ‍්ඣිංසු සඞ‍්කප‍්පාති ආයස‍්මතො සීවලිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හෙට‍්ඨා වුත‍්තනයෙන විහාරං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ලාභීනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා “මයාපි අනාගතෙ එවරූපෙන භවිතුං වට‍්ටතී”ති දසබලං නිමන‍්තෙත්‍වා සත‍්තාහං සත්‍ථු භික‍්ඛුසඞ‍්ඝස‍්ස ච මහාදානං දත්‍වා “භගවා අහං ඉමිනා අධිකාරකම‍්මෙන අඤ‍්ඤං සම‍්පත‍්තිං න පත්‍ථෙමි, අනාගතෙ පන එකබුද‍්ධස‍්ස සාසනෙ අහම‍්පි තුම‍්හෙහි සො එතදග‍්ගෙ ඨපිතභික‍්ඛු විය ලාභීනං අග‍්ගො භවෙය්‍ය”න‍්ති පත්‍ථනං අකාසි. සත්‍ථා අනන‍්තරායං දිස‍්වා – “අයං තෙ පත්‍ථනා අනාගතෙ ගොතමබුද‍්ධස‍්ස සන‍්තිකෙ සමිජ‍්ඣිස‍්සතී”ති බ්‍යාකරිත්‍වා පක‍්කාමි. සොපි කුලපුත‍්තො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො විපස‍්සීබුද‍්ධකාලෙ බන්‍ධුමතීනගරතො අවිදූරෙ එකස‍්මිං ගාමකෙ පටිසන්‍ධිං ගණ‍්හි. තස‍්මිං සමයෙ බන්‍ධුමතීනගරවාසිනො රඤ‍්ඤා සද‍්ධිං සාකච‍්ඡිත්‍වා දසබලස‍්ස දානං දෙන‍්ති. තෙ එකදිවසං සබ‍්බෙව එකතො හුත්‍වා දානං දෙන‍්තා “කිං නු ඛො අම‍්හාකං දානමුඛෙ නත්‍ථී”ති (අ· නි· අට‍්ඨ· 1.1.207) මධුඤ‍්ච ගුළදධිඤ‍්ච න අද‍්දසංසු. තෙ “යතො කුතොචි ආහරිස‍්සාමා”ති ජනපදතො නගරපවිසනමග‍්ගෙ පුරිසං ඨපෙසුං. තදා එස කුලපුත‍්තො අත‍්තනො ගාමතො ගුළදධිවාරකං ගහෙත්‍වා, “කිඤ‍්චිදෙව ආහරිස‍්සාමී”ති නගරං ගච‍්ඡන‍්තො, “මුඛං ධොවිත්‍වා ධොතහත්‍ථපාදො පවිසිස‍්සාමී”ති ඵාසුකට‍්ඨානං ඔලොකෙන‍්තො නඞ‍්ගලසීසමත‍්තං නිම‍්මක‍්ඛිකං දණ‍්ඩකමධුං දිස‍්වා “පුඤ‍්ඤෙන මෙ ඉදං උප‍්පන‍්න”න‍්ති ගහෙත්‍වා නගරං පාවිසි. නාගරෙහි ඨපිතපුරිසො තං දිස‍්වා, “භො පුරිස, කස‍්සිමං ආහරසී”ති පුච‍්ඡි. “න කස‍්සචි, සාමි, වික‍්කිණිතුං පන මෙ ඉදං ආභත”න‍්ති. “තෙන හි, භො, ඉදං කහාපණං ගහෙත්‍වා එතං මධුඤ‍්ච ගුළදධිඤ‍්ච දෙහී”ති. සො චින‍්තෙසි – “ඉදං න බහුමූලං, අයඤ‍්ච එකප‍්පහාරෙනෙව බහුං දෙති, වීමංසිතුං වට‍්ටතී”ති. තතො නං “නාහං එකෙන කහාපණෙන දෙමී”ති ආහ. “යදි එවං ද‍්වෙ ගහෙත්‍වා දෙහී”ති. “ද‍්වීහිපි න දෙමී”ති. එතෙනුපායෙන වඩ‍්ඪෙත්‍වා සහස‍්සං පාපුණි.

“තෙ මෙ ඉජ්ඣිංසු සඞ්කකප්පා” යනු ආයුෂ්මත් සීවලී තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? මොහුද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයේ දී ඉහතින් පැවසූ ලෙස ම විහාරයට ගොස් පිරිස් කෙළවර හිඳ ධර්‍මශ්‍රවණය කරනුයේ, ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් ලාභ ලබන (ප්‍රත්‍ය ලාභ) භික්‍ෂූන් අතුරින් අග තනතුරෙහි පිහිටුවනු දුටුවේය. “මවිසින් ද අනාගතයේ දී මෙබඳු තනතුරක් දරන භික්‍ෂුවක් වේවා”යි දසබලයන් වහන්සේට දන්වා සත් දිනක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහාදානයක් පැවැත්වීය. පසුව “භාග්‍යවතුන් වහන්සේ මම මේ මහා පින්කම කිරීමෙන් වෙනත් කිසිදු සම්පත්තියක් නොපතමි. අනාගත බුදුවරයන් වහන්ස කෙනෙකුගේ ශාසනයේ මම ද නුඹවහන්සේ අගතනතුරෙහි තැබූ ලාභීන්ගෙන් අග්‍ර භික්‍ෂුව මෙන් ලාභීන්ගෙන් අග්‍රවේවා!” යි පැතුවේය. ශාස්තෲන් වහන්සේ එයට අනතුරක් නොවන බව දැක, “මේ නුඹගේ ප්‍රාර්ථනාව අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ දී ඉටුවන්නේය” යනුවෙන් විවරණ දී වැඩි සේක. ඒ කුලපුතු ද දිවි ඇතිතාක් කුසල් කොට, දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බන්‍ධුමතී නුවරින් බැහැර එක් ගමක පිළිසිඳ ගත්තේය. එසමයේ බන්‍ධුමතී නගර වැසියෝ රජු සමග සාකච්ඡා කොට දසබලයන් වහන්සේට දන් දෙති. දිනක් ඔවුහු සියලු දෙනම එක්ව මහා දානයක් පවත්වන්නා හු “අපගේ මහා දානෝත්සවයෙහි කවරක් අඩුපාඩු ද? යි විමසා මීපැණි - උක්සකුරු හා මිදුණු කිරි නිමවූ බව දැන, “මේ අඩු ද්‍රව්‍ය කොතැනින් ගෙන එමුද? යි ජනපදයෙන් නුවරට පිවිසෙන මාර්ගයේ පුරුෂයෙක් තැබුවේය. එකල් හි ගමේ උපන් කුලපුතු, තම ගමෙන් උක්සකුරු ද මිදුණු කිරි කළයක් ගෙන, “ඒවා විකුණා නගරයෙන් කිසිවක් මිළට ගනිමි”යි සිතා නුවර බලා පිටත් විය. නගරාසන්නයේ දී “මුව - අත්පා සෝදා ගෙන නුවර පිවිසෙන්නෙමි”යි සිතා පහසුතැනක් බලන්නේ නඟුල් හිසක් මත වූ මැස්සන් නොමැති දඬු මී වදයක් දැක, “මගේ පිනින් ම මෙය පහළවීයැ” යි කියා අතපය සෝදා පවිත්‍රව එය ද රැගෙන නුවරට පිවිසියේ ය. නුවරුන් විසින් මාර්ගයේ තබන ලද පුරුෂයා ඉදිරියට එන ඔහු දැක, “පින්වත් පුරුෂය! නුඹ මෙම ද්‍රව්‍ය ගෙන යනුයේ කා හට ද?”යි ඇසීය. එවිට එම කුලපුතු “ස්වාමීනි! කිසිවකුට නොවේ, මේවා විකිණීම සඳහා ගෙන යමි”යි පැවසීය. “එසේ නම් මේ කහවණුව ගෙන මේ දඬුමීයත්, උක්සකුරු හා මිදුණුකිරි මාහට දෙන්න”යි එම පුරුෂයා පැවසූ විට, කුලපුතු මෙසේ සිතීය. “මේවා බොහෝ මිල ඇති භාණ්ඩ නොවේ. මොහු එක් වරම බොහෝ මුදලක් දෙයි. මෙය විමසිය යුත්තකි”යි සිතා, එම පුරුෂයාට “මම මේවා එක කහවණුවකට නොදෙමි”යි පැවසීය. “එසේනම් කහවණු දෙකක් ගෙන දෙව”යි නගර වැසි පුරුෂයා කීය. කුලපුතු “කහවණු දෙකකටවත් නොදෙමි” යි මෙසේ කේවල් කර කහවණු දහසකටත් එම භාණ්ඩ ගනු කැමතිවීය.

සො චින‍්තෙසි – “අතිවඩ‍්ඪිතුං න වට‍්ටති, හොතු තාව ඉමිනා කත‍්තබ‍්බකිච‍්චං පුච‍්ඡිස‍්සාමී”ති. අථ නං ආහ – “ඉදං න බහුං අග‍්ඝනකං, ත්‍වඤ‍්ච බහුං දෙසි, කෙන කම‍්මෙන ඉදං ගණ‍්හාසී”ති. “ඉධ, භො, නගරවාසිනො රඤ‍්ඤා සද‍්ධිං පටිවිරුජ‍්ඣිත්‍වා විපස‍්සීදසබලස‍්ස දානං දෙන‍්තා ඉදං ද‍්වයං දානමුඛෙ අපස‍්සන‍්තා පරියෙසන‍්ති, සචෙ ඉදං ද‍්වයං න ලභිස‍්සන‍්ති, නාගරානං පරාජයො භවිස‍්සති, තස‍්මා සහස‍්සං කත්‍වා ගණ‍්හාමී”ති. “කිං පනෙතං නාගරානමෙව වට‍්ටති, අඤ‍්ඤෙසං දාතුං න වට‍්ටතී”ති. “යස‍්ස කස‍්සචි දාතුං අවාරිතමෙත”න‍්ති. “අත්‍ථි පන කොචි නාගරානං දානෙ එකදිවසං සහස‍්සං දාතා”ති? “නත්‍ථි, සම‍්මා”ති. “ඉමෙසං පන ද‍්වින‍්නං සහස‍්සග‍්ඝනකභාවං ජානාසී”ති? “ආම, ජානාමී”ති. “තෙන හි ගච‍්ඡ, නාගරානං ආචික‍්ඛ ‘එකො පුරිසො ඉමානි ද‍්වෙ මූලෙන න දෙති සහත්‍ථෙනෙව දාතුකාමො, තුම‍්හෙ ඉමෙසං ද‍්වින‍්නං කාරණා නිබ‍්බිතක‍්කා හොථා’ති, ත්‍වං පන මෙ ඉමස‍්මිං දානමුඛෙ ජෙට‍්ඨකභාවස‍්ස කායසක‍්ඛී හොහී”ති. සො පරිබ‍්බයත්‍ථං ගහිතමාසකෙන පඤ‍්චකටුකං ගහෙත්‍වා චුණ‍්ණං කත්‍වා දධිතො කඤ‍්ජියං ගහෙත්‍වා තත්‍ථ මධුපටලං පීළෙත්‍වා පඤ‍්චකටුකචුණ‍්ණෙන යොජෙත්‍වා එකස‍්මිං පදුමිනිපත‍්තෙ පක‍්ඛිපිත්‍වා තං සංවිදහිත්‍වා ආදාය දසබලස‍්ස අවිදූරට‍්ඨානෙ නිසීදි මහාජනෙන ආහරියමානස‍්ස සක‍්කාරස‍්ස අවිදූරෙ අත‍්තනො පත‍්තවාරං ඔලොකයමානො, සො ඔකාසං ඤත්‍වා සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා භගවා අයං උප‍්පන‍්නදුග‍්ගතපණ‍්ණාකාරො, ඉමං මෙ අනුකම‍්පං පටිච‍්ච පටිග‍්ගණ‍්හථාති. සත්‍ථා තස‍්ස අනුකම‍්පං පටිච‍්ච චතුමහාරාජදත‍්තියෙන සෙලමයපත‍්තෙන තං පටිග‍්ගහෙත්‍වා යථා අට‍්ඨසට‍්ඨියා භික‍්ඛුසතසහස‍්සස‍්ස දිය්‍යමානං න ඛීයති, එවං අධිට‍්ඨාසි. සො කුලපුත‍්තො නිට‍්ඨිතභත‍්තකිච‍්චං භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං ඨිතො ආහ – “දිට‍්ඨො මෙ, භගවා, අජ‍්ජ බන්‍ධුමතීනගරවාසිකෙහි තුම‍්හාකං සක‍්කාරො ආහරියමානො, අහම‍්පි ඉමස‍්ස කම‍්මස‍්ස නිස‍්සන්‍දෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තභවෙ ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තො භවෙය්‍ය”න‍්ති (අ· නි· අට‍්ඨ· 1.1.207). සත්‍ථා, “එවං හොතු, කුලපුත‍්තා”ති වත්‍වා තස‍්ස ච නගරවාසීනඤ‍්ච භත‍්තානුමොදනං කත්‍වා පක‍්කාමි.

එවිට ඒ කුලපුතු “මීට වඩා වැඩිකිරීම නුසුදුසුයි. මෙයින් ඇති ප්‍රයෝජනය හෙවත් මේවා මිලට ගන්නේ කුමකට ද? යි විමසා බලමි” යි සිතා එම පුරුෂයාගෙන් “මේ භාණ්ඩ බොහෝ මිල සහිත ඒවා නොවේ. නමුත් මේ සඳහා ඔබ නොවටිනා මුදලක් ගෙවයි. කුමක් සඳහා මේවා මිලට ගන්නේ ද? යි ඇසීය. එවිට එම නගර වැසි පුරුෂයා “මේ අපේ නුවර වැසියෝ රජු සමග තරගයකට විපස්සි බුදුරජාණන් වහන්සේට දන් දෙති. අද මේ ද්‍රව්‍ය දානෝපකරණ අතර නොතිබුණි. එනිසා දැන් ඒවා සොයනු ලැබේ. ඉදින් මේ ද්‍රව්‍ය නොලැබේ නම් නුවර වැසියෝ පරදිති. එනිසා මම මේ ද්‍රව්‍ය කහවණු දාහක් වුවත් දී ගන්නෙමි” යි පැවසීය. “පින්වත, බුදුරජාණන් වහන්සේට දන්දීම නුවර වැසියන්ට පමණක් ම සුදුසු ද? වෙනත් අයට නොහැකි ද? යි කුලපුතු ඇසූවිට, “යම් කිසිවකුට දීමට වස්තුවක් තිබේ නම් ඔහුට ම පැමිණ එය පූජා කළ හැකිය” යි නගර පුරුෂයා කීවේය. එවිට කුලපුතු “මේ නුවරුන්ගේ දානයේ දී කිසිවකු කහවණු දාහක් වටිනා දේ දී තිබේ ද?” යි අසා “යහලුව! නැත” යි පැවසූවිට, “නුඹ මේ ද්‍රව්‍ය දෙක දහසක් අගනා බව කීවා නොවේ ද? එනිසා යව! නුවරුන්ට මෙසේ කියව! “මේ පුරුෂයා කිරි හා පැණි මිල මුදලට නොදෙයි. සියතින් ම පූජා කරනු කැමතිව සිටියි. ඔහුගේ දානයට නුඹලා විරුද්ධ නොවවු, යි දැනුම් දෙව”යි කියා පුරුෂයා යැවීය. නුවර වැසියෝ එය අසා කැමතිව “නුඹ අපගේ දානයේ ජ්‍යෙෂ්ඨ බවට පත්ව කාය සාක්‍ෂි වශයෙන් ම සිටීවා” යි අවසර දුන්හ. ඔහු තම වියදමට ගෙන ආ මස්සකින් කුළු රස ද්‍රව්‍ය පසක් (පංච කුළුරසයක්) ගෙන කුඩුකළේය. පසුව ගොටුවක් ගසා ඊට මී වදය මිරිකා පැණිදමා පංචකුළුරස චූර්‍ණය සමග මනාව කලවම් කරගෙන, එම මිශ්‍රණය නෙලුම් කොළයකට දමා මනාව පිළියෙල කර, දසබලයන් වහන්සේට නුදුරු තැනෙක හුන්නේය. මහජනයා විසින් මහත් වූ සත්කාරයෙන් කරන පූජාවන් දෙස බලා ගෙන තම අවස්ථාව එනතෙක් අතේ දුරින් සිට, තම අවස්ථාව පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, “භාග්‍යවතුන් වහන්සේ මේ දුප්පතාට උපන් පූජාව මා හට අනුකම්පාවෙන් පිළිගන්නාසේක් වා” යි පැවසීය. ශාස්තෲන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් සිවුමහ රජවරුන් දුන් ශෛලමය පාත්‍රයෙන් එම පූජාව පිළිගෙන, හැට අට ලක්‍ෂයක් වූ භික්‍ෂු මහා සංඝරත්නයට ම මේ පූජාව ප්‍රමාණවත් වේවායි අධිෂ්ඨාන කළසේක. ඒ කුලපුතු නිම වූ බත් කිස ඇති භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක සිට මෙසේ පැවසීය. “භාග්‍යවතුන් වහන්සේ, අද මම බන්‍ධුමතී නුවර වැසියන් විසින් ඔබවහන්සේට කළ පූජාවන් මහත් සත්කාරයන් දුටුවෙමි. මම ද මේ පුණ්‍යකර්මයේ බලයෙන් උපනුපන් ආත්මයන් හි දී ලාභයෙන් ද කීර්තියෙන් ද අග්‍රප්‍රාප්ත වේවා”යි පැතීය. භාග්‍යවතුන් වහන්සේ ද “කුලපුත්‍රය එසේම වේවා” යි වදාරා ඒ නගර වාසීන්ට ද කුලපුතුට ද වළඳා අවසන අනුමෝදනා කථාව පවත්වා විහාරයට වැඩිසේක.

සොපි කුලපුත‍්තො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සුප‍්පවාසාය රාජධීතාය කුච‍්ඡිම‍්හි පටිසන්‍ධිං ගණ‍්හි. පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය සායං පාතඤ‍්ච පණ‍්ණාකාරසතානි සකටෙනාදාය සුප‍්පවාසාය උපනීයන‍්ති. අථ නං පුඤ‍්ඤවීමංසනත්‍ථං හත්‍ථෙන බීජපච‍්ඡිං ඵුසාපෙන‍්ති. එකෙකබීජතො සලාකසතම‍්පි සලාකසහස‍්සම‍්පි නිග‍්ගච‍්ඡති. එකෙකකරීසඛෙත‍්තෙ පණ‍්ණාසම‍්පි සට‍්ඨිපි සකටප‍්පමාණානි උප‍්පජ‍්ජන‍්ති. කොට‍්ඨෙ පූරණකාලෙපි කොට‍්ඨද‍්වාරං හත්‍ථෙන ඵුසාපෙන‍්ති. රාජධීතාය පුඤ‍්ඤෙන ගණ‍්හන‍්තානං ගහිතගහිතට‍්ඨානං පුන පූරති. පරිපුණ‍්ණභත‍්තභාජනතොපි “රාජධීතාය පුඤ‍්ඤ”න‍්ති වත්‍වා යස‍්ස කස‍්සචි දෙන‍්තානං යාව න උක‍්කඩ‍්ඪන‍්ති, න තාව භත‍්තං ඛීයති, දාරකෙ කුච‍්ඡිගතෙයෙව සත‍්තවස‍්සානි අතික‍්කමිංසු.

දිවිඇතිතාක් පින්දහම් සිදුකළ කුලපුත්‍රයා දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සුප්පවාසා කෝලිය රජ දුවගේ කුස පිළිසිඳ ගත්තේය. එකුමරු පිළිසිඳ ගත් දින පටන් උදේ-සවස පන්සීයක් ගැලින් තෑගි බෝග සුප්පවාසා කෝලිය දුවට ලැබේ. ඉක්බිති ඇය ඒ පින්වත් කුමරුගේ පින්මහිම විමසීමට සියතින් බිජුවට දැමූ ධාන්‍ය පැස ස්පර්ශ කළාය. එක් එක් බීජයෙන් ගැල් සියය, දහස බැගින් ධාන්‍ය ලැබුණි. එක් එක් අමුණු සතරක කුඹුරකින් ගැල් පනහක හෝ හැටක ධාන්‍ය ලැබුණි. අටුව පිරෙන කාලයට අටු දොරකඩ අතින් ස්පර්ශ කරන්නීය රජදුවගේ පිනින් අටුවෙන් ධාන්‍ය ගන්නාවු නමුත් ගත් ගත් තැන නැවත පිරේ. ක්‍ෂයවීමක් නොමැත. පිරුණු ආහාර භාජන ද රාජ දුවගේ පිනින් පහළවීයැයි කියා යාචකාදීන්ට ආහාර ගෙන දෙනු ලැබුවත් එම භාජන හිස් කිරීමට නොහැකි වේ. දරුවා කුසට පැමිණ වර්ෂ සතක් ම ඉක්මුණාය.

ගබ‍්භෙ පන පරිපක‍්කෙ සත‍්තාහං මහාදුක‍්ඛං අනුභොසි. සා සාමිකං ආමන‍්තෙත්‍වා, “පුරෙ මරණා ජීවමානාව දානං දස‍්සාමී”ති සත්‍ථු සන‍්තිකං පෙසෙසි – “ගච‍්ඡ, ඉමං පවත‍්තිං සත්‍ථු ආරොචෙත්‍වා සත්‍ථාරං නිමන‍්තෙහි, යඤ‍්ච සත්‍ථා වදෙති, තං සාධුකං උපලක‍්ඛෙත්‍වා ආගන‍්ත්‍වා මය‍්හං කථෙහී”ති. සො ගන‍්ත්‍වා තස‍්සා සාසනං භගවතො ආරොචෙසි. සත්‍ථා, “සුඛිනී හොතු සුප‍්පවාසා කොලියධීතා අරොගා, අරොගං පුත‍්තං විජායතූ”ති (උදා· 18) ආහ. රාජා තං සුත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා අත‍්තනො ගාමාභිමුඛො පායාසි. තස‍්ස පුරෙ ආගමනායෙව සුප‍්පවාසාය කුච‍්ඡිතො ධමකරණා උදකං විය ගබ‍්භො නික‍්ඛමි, පරිවාරෙත්‍වා නිසින‍්නජනො අස‍්සුමුඛොව හසිතුං ආරද‍්ධො තුට‍්ඨපහට‍්ඨො මහාජනො රඤ‍්ඤො සාසනං ආරොචෙතුං අගමාසි.

ඒ අවුරුදු සතෙහි ගැබ මුහුකුරා යෑම නිසා මව ද දරුවා බොහෝ දුක් වින්දහ. ඇය තම සැමියා අමතා “මරණයට පෙර, මම ජීවත්ව සිටියදීම දානයක් දෙන්නෙමි. යන්න, ශාස්තෲන් වහන්සේට මේ දුක දන්වා හෙට දින දානය සඳහා ආරාධනා කරන්න. උන්වහන්සේ පවසන දෙය මාහට නොවලහා කියන්න”යි පවසා ඔහු ශාස්තෲන් වහන්සේ සමීපයට යැවුවාය. ඒ කෝලිය රජු ශාස්තෲන් වහන්සේ වෙත ගොස්, තම බිරිඳගේ පණිවුඩය දැනුම් දුන්නේය. “ස්වාමීනි! ඔබවහන්සේ පාදයන් කෝලිය දුව වඳින්නීය” මෙය ඇසූ ශාස්තෲන් වහන්සේ, ඇය කෙරෙහි අනුකම්පා උපදවා, “කෝලිය දුව සුවපත් වේවා! සුවසේ ඉතා නීරෝගී පුතෙකු බිහිකරත්වා”යි වදාළහ. රජු එය අසා භාග්‍යවතුන් වහන්සේට වැඳ තම නිවස බලා ගියේය. ඔහු පැමිණීමට පෙර ම සුප්පවාසාවගේ කුසින්, පෙරහන් කඩකින් වැගිරෙන දිය දෝතක් මෙන් දරුවා නික්මුණි. පිරිවරාගෙන සිටි හඬමින් සිටි ජනයා සිනාසුනහ. තුටු පහටු වූ ජනයා රජුට මේ බව දැන්වීමට ඉදිරියට පැමිණි අතර ඔවුන් එනු දුටු කෝලිය රජ,

රාජා තෙසං ආගමනං දිස‍්වාව, “දසබලෙන කථිතකථා නිප‍්ඵන‍්නා භවිස‍්සති මඤ‍්ඤෙ”ති චින‍්තෙසි. සො ආගන‍්ත්‍වා සත්‍ථු සාසනං රාජධීතාය ආරොචෙසි. රාජධීතා තයා නිමන‍්තිතං ජීවිතභත‍්තමෙව මඞ‍්ගලභත‍්තං භවිස‍්සති, ගච‍්ඡ සත‍්තාහං දසබලං නිමන‍්තෙහීති. රාජා තථා අකාසි. සත‍්තාහං බුද‍්ධප‍්පමුඛස‍්ස සඞ‍්ඝස‍්ස මහාදානං පවත‍්තයිංසු. දාරකො සබ‍්බෙසං ඤාතීනං සන‍්තත‍්තං චිත‍්තං නිබ‍්බාපෙන‍්තො ජාතොති සීවලිදාරකොත්‍වෙවස‍්ස නාමං අකංසු. සො සත‍්තවස‍්සානි ගබ‍්භෙ වසිතත‍්තා ජාතකාලතො පට‍්ඨාය සබ‍්බකම‍්මක‍්ඛමො අහොසි. ධම‍්මසෙනාපති සාරිපුත‍්තො සත‍්තමෙ දිවසෙ තෙන සද‍්ධිං කථාසල‍්ලාපං අකාසි. සත්‍ථාපි ධම‍්මපදෙ ගාථං අභාසි –

“මොවුන්ගේ මේ පැමිණීමෙන් ම දසබලයන් වහන්සේ ප්‍රාර්ථනාව එලෙසම ඉටුවීය”යි සිතීය. ඔහු වහා පැමිණ ශාස්තෲන් වහන්සේ වදාළ වචනය කෝලිය දුවට කීවේය. රජදුව “නුඹ විසින් ආරාධිත දානය මංගල්‍ය දානයක් ම වේ. යන්න ශාස්තෲන් වහන්සේට සත්දිනක් සඳහා දානයට ඇරයුම් කරන්න”යි රජු නැවත යැවුවාය. රජු එලෙස ආරාධනා කර සතියක් ම බුදුපාමොක් මහසඟනට මහදන් පැවැත්වීය. සියලු නෑ හිත මිතුරන්ගේ සන්ත්‍රාසයට පත් සිත් නිවමින් උපන් බැවින් දරුවාට “සීවලී” නම තැබීය. ඔහුට ගැබෙහි සත් වසරක් විසීමට සිදු වූ හෙයින් උපන් මොහොතේ සිට තනිවම සෑම කටයුත්තක්ම කළ හැකිවිය. ධර්‍මසේනාපති වූ සැරියුත් තෙරණුවෝ දානය අවසන් වූ සත්වන දින සීවලී කුමරු හා කථාබහ කළහ. ශාස්තෲන් වහන්සේ ද ධම්මපදයේ එන මේ ගාථාව වදාළසේක.

“යොමං පලිපථං දුග‍්ගං, සංසාරං මොහමච‍්චගා; තිණ‍්ණො පාරඞ‍්ගතො ඣායී, අනෙජො අකථංකථී; අනුපාදාය නිබ‍්බුතො, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති. (ධ· ප· 414);

“යො ඉමං පළිපථං දුග්ගං සංසාරං මොහමච්චගා, තිණ්ණො පාරගතො ඣායී අනෙජො අකථංකථී, අනුපාදාය නිබ්බුතො තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං”

“යමෙක් මේ කෙලෙස්වලින් පිරුණු දුගතියත්, සංසාරයත්, එමෙන් ම මෝහයත් පසු කළේ ද පහකළේ ද පීනා පරතෙරට ගියා වූ භාවනාවේ ඇලුණු, ස්ථිර වූ, නිසැක වූ කිසිම ගැනීමක් බැඳීමක් නැතිව නිවුණාවූ ඔහු “බ්‍රාහ්මණයෙකි” යි මම කියමි.”

අථ නං ථෙරො එවමාහ – “කිං පන තයා එවරූපං දුක‍්ඛරාසිං අනුභවිත්‍වා පබ‍්බජිතුං න වට‍්ටතී”ති? “ලභමානො පබ‍්බජෙය්‍යං, භන‍්තෙ”ති. සුප‍්පවාසා නං දාරකං ථෙරෙන සද‍්ධිං කථෙන‍්තං දිස‍්වා “කිං නු ඛො මෙ පුත‍්තො ධම‍්මසෙනාපතිනා සද‍්ධිං කථෙතී”ති ථෙරං උපසඞ‍්කමිත්‍වා පුච‍්ඡි – “මය‍්හං පුත‍්තො තුම‍්හෙහි සද‍්ධිං කිං කථෙති, භන‍්තෙ”ති? “අත‍්තනා අනුභූතං ගබ‍්භවාසදුක‍්ඛං කථෙත්‍වා, ‘තුම‍්හෙහි අනුඤ‍්ඤාතො පබ‍්බජිස‍්සාමී’ති වදතී”ති. “සාධු , භන‍්තෙ, පබ‍්බාජෙථ න”න‍්ති. ථෙරො තං විහාරං නෙත්‍වා තචපඤ‍්චකකම‍්මට‍්ඨානං දත්‍වා පබ‍්බාජෙන‍්තො “සීවලි, න තුය‍්හං අඤ‍්ඤෙන ඔවාදෙන කම‍්මං අත්‍ථි, තයා සත‍්ත වස‍්සානි අනුභූතදුක‍්ඛමෙව පච‍්චවෙක‍්ඛාහී”ති. “භන‍්තෙ, පබ‍්බාජනමෙව තුම‍්හාකං භාරො, යං පන මයා කාතුං සක‍්කා, තමහං ජානිස‍්සාමී”ති. සො පන පඨමකෙසවට‍්ටියා ඔහාරණක‍්ඛණෙයෙව සොතාපත‍්තිඵලෙ පතිට‍්ඨාසි, දුතියාය ඔහාරණක‍්ඛණෙ සකදාගාමිඵලෙ, තතියාය අනාගාමිඵලෙ සබ‍්බෙසංයෙව පන කෙසානං ඔරොපනඤ‍්ච අරහත‍්තසච‍්ඡිකිරියා ච අපච‍්ඡා අපුරිමා අහොසි. තස‍්ස පබ‍්බජිතදිවසතො පට‍්ඨාය භික‍්ඛුසඞ‍්ඝස‍්ස චත‍්තාරො පච‍්චයා යාවතිච‍්ඡකං උප‍්පජ‍්ජන‍්ති. එවං එත්‍ථ වත්‍ථු සමුට‍්ඨිතං.

ඉක්බිති තෙරුන් වහන්සේ, “නුඹ විසින් මෙබඳු දුක් රාශියක් විඳි බැවින් පැවිදිවීම සුදුසු නොවේ ද?” යි සීවලී කුමරුගෙන් විමසූහ. එවිට දරුවා “ස්වාමීනි, මම පැවිද්ද කැමැත්තෙමි” යි පැවසීය. සුප්පාවාසාව “මගේ දරුවා සැරියුත් තෙරුන් සමග කථාකරන්නේ යැ” යි දැක, ඒ බව පවසමින් තෙරුන් වහන්සේ වෙත පැමිණ, “ස්වාමීනි, ඔබවහන්සේ සමග කුමක් කථා කළේ ද?” යි විමසුවාය. එවිට තෙරණුවෝ, “ඔහු විසින් වින්ද දුක් රැස පවසා නුඹ කැමති නම් බුදුසසුනේ පැවිදිවන බව දරුවා පැවසීය” යි වදාළහ. එවිට සතුටු වූ සුප්පවාසාව “ස්වාමීනි! දරුවා ගෙන යන්න ඔහු පැවිදිකරන්න”යි කැමැත්ත දුන්නාය. තෙරුන් වහන්සේ සීවලී කුමරු රැගෙන විහාරයට ගොස් ඔහු පැවිදි කිරීමට තච පංචක කර්මස්ථානය දී පැවිදි කරන සේක්, “සීවලීය! නුඹට වෙනත් අවවාදයකින් වැඩක් නැත. නුඹ ම සත් වසරක් වින්ද දුක් රැස මෙනෙහි කරව” යි වදාළහ. එවිට සීවලී කුමරු, “ස්වාමීනි! නුඹ වහන්සේ මා පැවිදි කරන්න. මවිසින් ඉටුකළ හැකි දේ කිරීමට මම දන්නෙමි” යි පැවසීය. කුමරුගේ පළමු කෙස් රොද කපන විට ම ඔහු සෝවාන් විය. දෙවැනි කෙස් රොද කපන විට සකෘදාගාමී ඵලයෙහි ද යනාදී ලෙස සියලු ම කෙස් බා අවසන් වන විට ම පෙර පසු නොවී රහත් ඵලයෙහි පිහිටියේය. එකුමරු පැවිදි වූ දින පටන් භික්‍ෂුසංඝයාට සිවුපසයේ අඩුවක් නොවිණි. මෙතකින් උන්වහන්සේගේ පැවිදි වීම දක්වා වූ කථාව අවසන් වේ. දැන් ගාථාවේ නිදාන කථාව ඇරඹේ.

අපරභාගෙ සත්‍ථා සාවත්‍ථිං අගමාසි. ථෙරො සත්‍ථාරං අභිවාදෙත්‍වා, “භන‍්තෙ, මය‍්හං පුඤ‍්ඤං වීමංසිස‍්සාමි, පඤ‍්ච මෙ භික‍්ඛුසතානි දෙථා”ති ආහ. “ගණ‍්හ සීවලී”ති. සො පඤ‍්චසතෙ භික‍්ඛූ ගහෙත්‍වා හිමවන‍්තාභිමුඛං ගච‍්ඡන‍්තො අටවිමග‍්ගං ගච‍්ඡති, තස‍්ස පඨමං දිට‍්ඨනිග්‍රොධෙ අධිවත්‍ථා දෙවතා සත‍්තදිවසානි දානං අදාසි. ඉති සො –

පසුදිනෙක ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර වැඩිකල්හි, උන්වහන්සේ වෙත පැමිණි සීවලී තෙරණුවෝ, වැඳ “ස්වාමීනි! මගේ පින විමසනු කැමැත්තෙමි. මට පන්සීයක් තෙරවරු දෙන්න” යි ඉල්ලූහ. බුදුපියාණෝ, “සීවලීය! කැමතිතාක් භික්‍ෂූන් රැගෙන යන්න”යි වදාළහ. සීවලී තෙරණුවෝ පන්සීයක් තෙරවරුන් තෝරාගෙන හිමවත බලා ගමනාරම්භ කර, කැලයක් මැදින් යෑමට පටන් ගත්හ. එම භික්‍ෂු පිරිසට නිග්‍රෝධ වෘක්‍ෂයක අධිගෘහිත දේවතාවා සත් දිනක් දන් දුන්නේය. මෙසේ සීවලී තෙරුන් වහන්සේ ප්‍රධාන පිරිසට

“නිග්‍රොධං පඨමං පස‍්සි, දුතියං පණ‍්ඩවපබ‍්බතං; තතියං අචිරවතියං, චතුත්‍ථං වරසාගරං.

“පළමුව නිග්‍රෝධ වෘක්‍ෂ දේවතාවා ද දෙවනුව පණ්ඩව පර්වත වැසි දේවතාවා ද යන ක්‍රමයෙන් තෙවැනිව අචිරවතියේ දී ද සිවුවැනිව උතුම් සාගරයේ දී ද පස්වැනිව හිමවතේ දී ද සයවැනිව ඡද්දන්න පර්වතයේ දී ද සත්වැනි ව ගන්‍ධමාන පර්වතයේ දී ද අටවැනිව රේවත පර්වතයේ දී ද යන සෑම තැනකදීම සත් දවස බැගින් දන් ලැබුණහ.”

“පඤ‍්චමං හිමවන‍්තං සො, ඡට‍්ඨං ඡද‍්දන‍්තුපාගමි; සත‍්තමං ගන්‍ධමාදනං, අට‍්ඨමං අථ රෙවත”න‍්ති.

සබ‍්බට‍්ඨානෙසු සත‍්ත සත‍්ත දිවසානෙව දානං අදංසු. ගන්‍ධමාදනපබ‍්බතෙ පන නාගදත‍්තදෙවරාජා නාම සත‍්තසු දිවසෙසු එකදිවසෙ ඛීරපිණ‍්ඩපාතං අදාසි, එකදිවසෙ සප‍්පිපිණ‍්ඩපාතං. භික‍්ඛුසඞ‍්ඝො ආහ – “ඉමස‍්ස දෙවරඤ‍්ඤො නෙව ධෙනුයො දුය‍්හමානා පඤ‍්ඤායන‍්ති, න දධිනිම‍්මථනං , කුතො තෙ දෙවරාජ ඉදං උප‍්පජ‍්ජතී”ති. “භන‍්තෙ කස‍්සපදසබලස‍්ස කාලෙ ඛීරසලාකභත‍්තදානස‍්සෙතං ඵල”න‍්ති දෙවරාජා ආහ. අපරභාගෙ සත්‍ථා ඛදිරවනියරෙවතස‍්ස පච‍්චුග‍්ගමනං අට‍්ඨුප‍්පත‍්තිං කත්‍වා ථෙරං අත‍්තනො සාසනෙ ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

ගන්‍ධමාදන පර්වතයේ සිටි නාගදත්ත දෙව්රජ සත්දින තුල එක් දිනක් පිඬුපිණිස කිරි පූජාකළේය. තව දිනක් ගිතෙල් පූජා කළේය. භික්‍ෂු සංඝයා මේ පිළිබඳව සාකච්ඡා කළහ. “මේ දේවරාජයාගේ දොවන වැස්සියන් නොපෙනේ, මිදුණි කිරි මැඩීමක් - මිරිකීමක් නොපෙනේ, එනිසා මේ දෙව්රජුට කෙසේ මේ කිරි, ගිතෙල් ද්‍රව්‍ය පූජා කිරීමට හැකි වී ද? යි ඇසූවිට, දෙව්රජ “ස්වාමීනි! එය නුඹ වහන්සේලා කාශ්‍යප දශබලයන් වහන්සේගේ කාලයේ දී දුන් කිරි සලාක බතෙහි විපාකයකි”යි පැවසීය. ඊට පසු කාලයක දී ශාස්තෲන් වහන්සේ ඛදිරවනිය රේවත හිමියන්ගේ පෙරගමන් කිරීම අර්ථෝත්පත්ති කොට සීවලී තෙරුන් තම ශාසනයේ ලාභ, යස දෙකින් අග්‍රප්‍රාප්ත භික්‍ෂූන්ගේ අග්‍රස්ථානයෙහි තැබූසේක.

එවං ලාභග‍්ගයසග‍්ගප‍්පත‍්තස‍්ස පන ඉමස‍්ස ථෙරස‍්ස අරහත‍්තප‍්පත‍්තිං එකච‍්චෙ ආචරියා එවං වදන‍්ති – “හෙට‍්ඨා වුත‍්තනයෙන ධම‍්මසෙනාපතිනා ඔවාදෙ දින‍්නෙ යං මයා කාතුං සක‍්කා, තමහං ජානිස‍්සාමීති පබ‍්බජිත්‍වා විපස‍්සනාකම‍්මට‍්ඨානං ගහෙත්‍වා තං දිවසංයෙව අඤ‍්ඤතරං විවිත‍්තං කුටිකං දිස‍්වා තං පවිසිත්‍වා මාතුකුච‍්ඡිස‍්මිං සත‍්ත වස‍්සානි අත‍්තනා අනුභූතං දුක‍්ඛං අනුස‍්සරිත්‍වා තදනුසාරෙන අතීතානාගතෙ තස‍්ස අවෙක‍්ඛන‍්තස‍්ස ආදිත‍්තා විය තයො භවා උපට‍්ඨහිංසු. ඤාණස‍්ස පරිපාකං ගතත‍්තා විපස‍්සනාවීථිං ඔතරි, තාවදෙව මග‍්ගප‍්පටිපාටියා සබ‍්බෙපි ආසවෙ ඛෙපෙන‍්තො අරහත‍්තං පාපුණී”ති. උභයථාපි ථෙරස‍්ස අරහත‍්තප‍්පත‍්තියෙව පකාසිතා. ථෙරො පන පභින‍්නපටිසම‍්භිදො ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.12.31-39) –

මෙසේ ලාභයෙන්, කීර්තියෙන් අග්‍රප්‍රාප්ත වූ සීවලී තෙරුන්ගේ රහත්බවට පත්වීම පිළිබඳව ඇතැම් ආචාර්යවරු මෙසේ කියති. “ඉහත කී අයුරින් ම ධර්‍මසේනාපති සැරියුත් තෙරුන් අවවාද දුන් කල්හි, “යමක් මා විසින් කළ හැකි ද, එය කිරීමට මම දන්නෙමි” යි පැවිදිව විදසුන් කමටහන වඩමින් එදවස්හිම එක්තරා විවේකී කුටියක් දැක එහි වාසය කළේය. එසේ වැඩ තමා මවුකුස දී සත් වසරක් විඳි දුක සිහිකර, ඒ අනුසාරයෙන් අතීත, අනාගත භව පිළිබඳව සිහිපත් කළ සීවලී තෙරුන්ට තුන්භවය ම ගිනිගත්තාක් මෙන් වැටහුණි. ඤාණය මුහුකුරා ගිය බැවින් විදසුන් වීථියට සිත යොමුවිය. එකෙණෙහිම මාර්ග පිළිවෙලින් සියලුම ආශ්‍රව ක්‍ෂයකර, රහත්බවට පත්විය” යනුවෙනි. මේ තෙරවරු හෙවත් ආචාර්යවරු දෙපිරිසේම තෙරුන්ගේ රහත් වීම පැවිදි කළ දිනම සිදුවූ බව කියැවේ. සීවලී තෙරුන් සිවුපිළිසිඹියා පත් ෂඩ් අභිඥාලාභී මහතෙර නමක් විය. ඒ බව අපදාන පාලියේ එන තෙරුන්ගේ චරිතාපදානයේ මෙසේ දැක්වේ.

“වරුණො නාම නාමෙන, දෙවරාජා අහං තදා; උපට‍්ඨහෙසිං සම‍්බුද‍්ධං, සයොග‍්ගබලවාහනො.

“එකල්හි වරුණ නම් දෙව් රජ වූ මම බල වාහන සහිතව බුදුරජාණන් වහන්සේට උවටැන් කළෙමි.

“නිබ‍්බුතෙ ලොකනාථම‍්හි, අත්‍ථදස‍්සීනරුත‍්තමෙ; තූරියං සබ‍්බමාදාය, අගමං බොධිමුත‍්තමං.

අත්‍ථ දස්සි බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි සියලු ම තූර්යනාද රැගෙන උතුම් බෝරුක වෙතට ගියෙමි.

“වාදිතෙන ච නච‍්චෙන, සම‍්මතාළසමාහිතො; සම‍්මුඛා විය සම‍්බුද‍්ධං, උපට‍්ඨිං බොධිමුත‍්තමං.

නැටුම් - ගැයුම් - වැයුම්වලින් යුක්ත වූ මම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙන් බෝරුක අභියස පූජා පැවැත්වීමි.

“උපට‍්ඨහිත්‍වා තං බොධිං, ධරණීරුහපාදපං; පල‍්ලඞ‍්කං ආභුජිත්‍වාන, තත්‍ථ කාලඞ‍්කතො අහං.

ඒ බෝධිරාජයාට උවටැන් කළ මම, එහිම පලක් බැඳගෙන කළුරිය කළෙමි.

“සකකම‍්මාභිරද‍්ධොහං, පසන‍්නො බොධිමුත‍්තමෙ; තෙන චිත‍්තප‍්පසාදෙන, නිම‍්මානං උපපජ‍්ජහං.

මෙසේ කරන ලද තම පින්කම් වලින් ප්‍රසන්න වූ සිත් ඇති මම, ඒ බෝධි පූජාවෙහි පැහැදුණු සිතින් නිම්මාණරතී දෙව් ලොව උපන්නෙමි.

“සට‍්ඨිතූරියසහස‍්සානි, පරිවාරෙන‍්ති මං සදා; මනුස‍්සෙසු ච දෙවෙසු, වත‍්තමානං භවාභවෙ.

දෙව් මිනිසුන් අතර උපන් මා, හැටදහසක් තූර්යනාදයෝ පිරිවරාගෙන සිටිති.

“තිවිධග‍්ගී නිබ‍්බුතා මය‍්හං, භවා සබ‍්බෙ සමූහතා; ධාරෙමි අන‍්තිමං දෙහං, සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

මීට කල්ප පන්සීයකට පෙර දී සුබාහු නමින් සත්රුවනින් හෙබි සක්විති රජවරු, තිස් හතරක් ව උපන්නෙමි. දැන් මම ත්‍රිවිධ අග්නිය නිවුයෙමි. (භවත්‍රයේ ඉපදීම දුරුකළෙමි) සියලු භවයන් හි ඉපදීම නැති කළෙමි. මේ සම්බුදුසසුනෙහි අවසන් ශරීරය දරමි.

“සුබාහූ නාම නාමෙන, චතුත‍්තිංසාසු ඛත‍්තියා; සත‍්තරතනසම‍්පන‍්නා, පඤ‍්චකප‍්පසතෙ ඉතො.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා විමුත‍්තිසුඛපටිසංවෙදනෙන පීතිවෙගෙන උදානෙන‍්තො “තෙ මෙ ඉජ‍්ඣිංසු සඞ‍්කප‍්පා”ති ගාථං අභාසි.

රහත්බවට පත් වූ සීවලී තෙරණුවෝ විමුක්ති සුවයෙන් හටගත් ප්‍රීතිවේගයෙන් සතුටු වූ සේක්, සිය සතුට ප්‍රකාශ කරමින් “තෙ මෙ ඉජ්ඣිංසු සඞ්කප්පා” යන ගාථාව වදාළහ.

තත්‍ථ තෙ මෙ ඉජ‍්ඣිංසු සඞ‍්කප‍්පා, යදත්‍ථො පාවිසිං කුටිං, විජ‍්ජාවිමුත‍්තිං පච‍්චෙසන‍්ති යෙ පුබ‍්බෙ මයා කාමසඞ‍්කප‍්පාදීනං සමුච‍්ඡෙදකරා නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදයො අභිපත්‍ථිතායෙව “කදා නු ඛ‍්වාහං තදායතනං උපසම‍්පජ‍්ජ විහරිස‍්සාමි, යදරියා එතරහි උපසම‍්පජ‍්ජ විහරන‍්තී”ති, විමුත‍්තාධිප‍්පායසඤ‍්ඤිතා විමුත‍්තිං උද‍්දිස‍්ස සඞ‍්කප‍්පා මනොරථා අභිණ‍්හසො අප‍්පමත‍්තා යදත්‍ථො යංපයොජනො යෙසං නිප‍්ඵාදනත්‍ථං කුටිං සුඤ‍්ඤාගාරං විපස‍්සිතුං පාවිසිං තිස‍්සො විජ‍්ජා ඵලවිමුත‍්තිඤ‍්ච පච‍්චෙසන‍්තො, ගවෙසන‍්තො තෙ මෙ ඉජ‍්ඣිංසු තෙ සබ‍්බෙව ඉදානි මය‍්හං ඉජ‍්ඣිංසු සමිජ‍්ඣිංසු, නිප‍්ඵන‍්නකුසලසඞ‍්කප‍්පො පරිපුණ‍්ණමනොරථො ජාතොති අත්‍ථො. තෙසං සමිද‍්ධභාවං දස‍්සෙතුං “මානානුසයමුජ‍්ජහ”න‍්ති වුත‍්තං. යස‍්මා මානානුසයමුජ‍්ජහං පජහිං සමුච‍්ඡින්‍දිං, තස‍්මා තෙ මෙ සඞ‍්කප‍්පා ඉජ‍්ඣිංසූති යොජනා. මානානුසයෙ හි පහීනෙ අප‍්පහීනො නාම අනුසයො නත්‍ථි, අරහත‍්තඤ‍්ච අධිගතමෙව හොතීති මානානුසයප‍්පහානං යථාවුත‍්තසඞ‍්කප‍්පසමිද‍්ධියා කාරණං කත්‍වා වුත‍්තං.

එහි “තෙ මෙ ඉජ්ඣිංසු සඞ්කප්පා යදත්‍ථො පාවිසිං කුටිං විජ්ජා විමුත්තිං පච්චෙස්සං” යනු මවිසින් පෙර කාම සංකල්පාදියේ සිඳ දැමීමෙන් නෙක්ඛම්මා දී සංකල්ප වෙසෙසින් ප්‍රාර්ථනා කරන ලදි. “කෙදිනක ඉතා මහත් වූ සැපයකට, දැන් මේ ආර්යයන් වහන්සේලා පැමිණ වසන සැපයට පත්වෙම් ද?” යි මගේ සිත විමුක්ති සුව ලැබීමෙහි ම යෙදුණි. විමුක්තිය ලැබීමට ම වූ මාගේ සංකල්පනාව, මනෝරථය නිතර ම අප්‍රමාදීව වැඩුයෙමි. එසේ නම් අර්ථයක්, ප්‍රයෝජනයක් නිපදවීමට හෙවත් උපදවා ගැනීමට ශුන්‍ය වූ කුටියකට පිවිස විදසුන් භාවනාව වැඩුයෙම් ද, ඒ මම ත්‍රිවිද්‍යා ඵල විමුක්තිය සොයමින්, ගවේෂණය කරමින් සිටි මාගේ ඒ සෑම ප්‍රාර්ථනාවක් ම ඉටුවිය. සමෘද්ධ විය. “කුසල සංකල්ප නිෂ්පන්න විය. මනෝරථය පිරිපුන් විය.” යන අර්ථයයි. එහි සමෘද්ධිමත් භාවය දැක්වීමට “මානානුසයමුජ්ජහං” යි කියන ලදි. යම් හෙයකින් මානා දී අනුසයන් (සංයෝජන) දුරුකළෙම් ද මුලිනුපුටා බැහැර ලුයෙම් ද එනිසා ඒ මාගේ ප්‍රාර්ථනාවෝ සමෘද්ධිමත් වූහ. මාන අනුසය ප්‍රහීන වූ විට ප්‍රහීන නොවූ ක්ලේශ ධර්‍මයක් නම් නැත. “රහත් බවට පත්වූයේ මය” යන අර්ථයයි. මානානුසය ප්‍රහීණ කිරීම උන්වහන්සේගේ අභිලාෂය වූ සංකල්ප සමෘද්ධියට හේතුවක් වශයෙන් මෙසේ දක්වන ලදි.

සීවලිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සීවලී ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

ඡට‍්ඨවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සයවන වර්ගයේ ගාථාවන්හි අර්ථ වර්ණනාව සමාප්තයි.