කොසලවිහාරිත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කොසලවිහාරිත්ථෙරගාථාවණ්ණනා
කෝසලවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව
සද්ධායාහං පබ්බජිතොති ආයස්මතො කොසලවිහාරිත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ කුසලබීජං රොපෙත්වා තං තං පුඤ්ඤං අකාසි. සෙසං අඤ්ජනවනියත්ථෙරවත්ථුසදිසමෙව. අයං පන විසෙසො – අයං කිර වුත්තනයෙන පබ්බජිත්වා කතපුබ්බකිච්චො කොසලරට්ඨෙ අඤ්ඤතරස්මිං ගාමෙ එකං උපාසකකුලං නිස්සාය අරඤ්ඤෙ විහරති, තං සො උපාසකො රුක්ඛමූලෙ වසන්තං දිස්වා කුටිකං කාරෙත්වා අදාසි. ථෙරො කුටිකායං විහරන්තො ආවාසසප්පායෙන සමාධානං ලභිත්වා විපස්සනං උස්සුක්කාපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.11.53-61) –
“සද්ධායාහං පබ්බජිතො” යනු ආයුෂ්මත් කෝසල විහාරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? ඔහු ද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ හමුවේ දී කුසල් බිජුවට වපුරා ඒ ඒ භවයන් හි දී නොයෙක් පින්කම් සිදුකළේය. ඉතිරි විස්තර අඤ්ජනවනිය තෙරුන්ගේ පුවතෙහි පැමිණි ලෙස ම දතයුතුයි. මෙහි ඇති විශේෂත්වය නම්: මේ රජකුමරු ද ඉහත පැවසූ පරිදිම පැවිදි වී, කරන ලද පූර්ව කටයුතු ඇතිව කොසොල් රට එක්තරා ගමක, එක් උපාසක පවුලක් නිසා අරණ්‍යයෙහි වාසය කළේය. ඒ උපාසකයා ද ගස මුල හුන් තෙරණුවෝ දැක කුටියක් කරවා දුන්නේය. තෙරණුවෝ එම කුටියේ වෙසෙමින්, සුදුසු සෙනසුනක් ලැබ සිත එකඟ වූ බැවින් විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -
“හිමවන්තස්සාවිදූරෙ, වසාමි පණ්ණසන්ථරෙ; ඝාසෙසු ගෙධමාපන්නො, සෙය්යසීලො චහං තදා.
“මම හිමවතට නුදුරු තැනක පන් පැදුරක් එළාගෙන වාසය කළෙමි. එදා ආහාරයේ ගිජු නොවූ මම නිතර පන් ඇතිරියෙහි ම වෙසෙන ව්‍රත සමාදානය සුරැකීමි.
“ඛණන්තාලුකලම්බානි , බිළාලිතක්කලානි ච; කොලං භල්ලාතකං බිල්ලං, ආහත්වා පටියාදිතං.
මම කලම්බ, බිළලි, තක්කල යන අලවර්ග සාරා, ඩෙබර, බදුලුගෙඩි හා බෙලි යන පළතුරු කඩා ගෙන ආහාරයක් සැදුවෙමි.
“පදුමුත්තරො ලොකවිදූ, ආහුතීනං පටිග්ගහො; මම සඞ්කප්පමඤ්ඤාය, ආගච්ඡි මම සන්තිකං.
තුන් ලොවෙහිම පූජා පිළිගැනීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මා ගේ සිතැඟි දැන මා සමීපයට වැඩිසේක.
“උපාගතං මහානාගං, දෙවදෙවං නරාසභං; බිළාලිං පග්ගහෙත්වාන, පත්තම්හි ඔකිරිං අහං.
එසේ එළඹි මහෝත්තම වූ දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුපියාණන් වහන්සේ මා සතුටු කරමින් එය වැළඳූ සේක. එම දානය වළඳා අවසන් හි උන්වහන්සේ මෙසේ වදාළසේක.
“පරිභුඤ්ජි මහාවීරො, තොසයන්තො මමං තදා; පරිභුඤ්ජිත්වාන සබ්බඤ්ඤූ, ඉමං ගාථං අභාසථ.
“සකං චිත්තං පසාදෙත්වා, බිළාලිං මෙ අදා තුවං; කප්පානං සතසහස්සං, දුග්ගතිං නුපපජ්ජසි.
“නුඹ තම සිත පහදා මට බිළාලි අල පිළිගැන්වූයෙහි ද ඒ හේතුවෙන් නුඹ කල්ප ලක්ෂයක් මුලුල්ලෙහිම දුගතියකට නො යන්නෙහිය.
“චරිමං වත්තතෙ මය්හං, භවා සබ්බෙ සමූහතා; ධාරෙමි අන්තිමං දෙහං, සම්මාසම්බුද්ධසාසනෙ.
“චතුපඤ්ඤාසිතො කප්පෙ, සුමෙඛලිය සව්හයො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් පනස් සතරවන කල්පයෙහි සත් රුවන් සහිත මහ බලවත් සුමේලය නම් සක්විති රජකෙනෙක් ව උපදින්නෙහි ය.”
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මේ මාගේ අවසන් භවය වේ. සියලු භවයන් හි ඉපදීම නසන ලදි. සම්බුදු සසුනෙහි අවසන් ශරීරය දරන්නමෙි. මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා විමුත්තිසුඛප්පටිසංවෙදනෙන උප්පන්නපීතිවෙගෙන උදානෙන්තො “සද්ධායාහං පබ්බජිතො”ති ගාථං අභාසි.
මෙසේ රහත්බවට පත් වූ උන්වහන්සේ, විමුක්ති සුවය විඳීම් වශයෙන් උපන් ප්‍රීති වේගයෙන් උදන් අණනසේක්, “සද්ධායාහං පබ්බජිතො” යන ගාථාව වදාළසේක.
තත්ථ සද්ධායාති භගවතො වෙසාලිං උපගමනෙ ආනුභාවං දිස්වා, “එකන්තනිය්යානිකං ඉදං සාසනං, තස්මා අද්ධා ඉමාය පටිපත්තියා ජරාමරණතො මුච්චිස්සාමී”ති උප්පන්නසද්ධාවසෙන පබ්බජිතො පබ්බජ්ජං උපගතො. අරඤ්ඤෙ මෙ කුටිකා කතාති තස්සා පබ්බජ්ජාය අනුරූපවසෙන අරඤ්ඤෙ වසතො මෙ කුටිකා කතා, පබ්බජ්ජානුරූපං ආරඤ්ඤකො හුත්වා වූපකට්ඨො විහරාමීති දස්සෙති. තෙනාහ “අප්පමත්තො ච ආතාපී, සම්පජානො පතිස්සතො”ති. අරඤ්ඤවාසලද්ධෙන කායවිවෙකෙන ජාගරියං අනුයුඤ්ජන්තො තත්ථ සතියා අවිප්පවාසෙන අප්පමත්තො, ආරද්ධවීරියතාය ආතාපී, පුබ්බභාගියසතිසම්පජඤ්ඤපාරිපූරියා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තාධිගමෙන පඤ්ඤාසතිවෙපුල්ලප්පත්තියා අච්චන්තමෙව සම්පජානො පතිස්සතො විහරාමීති අත්ථො. අප්පමත්තභාවාදිකිත්තනෙ චස්ස ඉදමෙව අඤ්ඤාබ්යාකරණං අහොසි කොසලරට්ඨෙ චිරනිවාසිභාවෙන පන කොසලවිහාරීති සමඤ්ඤා ජාතාති.
එහි “සද්ධාය” යනු භාග්‍යවතුන් වහන්සේ විශාලාවට පැමිණි කල්හි ඒ මහානුභාවය දැක, “මේ සසුන ඒකාන්තයෙන් නෛර්‍ය්‍යාණිකය. එනිසා ඒකාන්තයෙන් මේ ප්‍රතිපත්තියෙන් ජරා මරණ දෙකින් මිදෙන්නෙමි”යි උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි වී, පැවිද්දට පැමිණ, “අරඤ්ඤෙ මෙ කුටිකා කතා” යනු ඒ පැවිද්දට ගැලපෙන පරිදි කැළයෙහි වසනු සඳහා මා හට කුටියක් කරන ලදි. “ආරණ්‍යයේ වසමින් පැවිද්දට ගැලපෙන සේ හුදෙකලාව වාසය කරමි”යි යන අදහසයි. එනිසා කියන ලදි. – “අප්පමත්තො ච ආතාපී - සම්පජානො පතිස්සතො” යනු අරණ්‍යයෙහි වාසයෙන් ලැබූ කාය විවේකයෙන් නිදිවැරීමෙහි යෙදී, එහි සිහියෙන් යුක්තව ම වෙසෙමින් අප්රමාදී වූයෙමි. ඇරඹූ වීර්ය ඇතිව කෙලෙසුන් තවන්නෙමි. පූර්වභාග සිහි නුවණේ පරිපූර්ණත්වයෙන්, විදසුන් වඩා අර්හත්ඵලාවබෝධය කරගන්නා ප්‍රඥාවෙන්, සිහියේ විපුලත්වයට පැමිණ අතිශයින් ම විමසන නුවණින් හා සිහියෙන් යුක්තව වාසය කරමි.” යන අදහසයි. අප්‍රමාදීබව ආදී ගුණ පැවසීම් වශයෙන් මෙම ගාථාවම උන්වහන්සේගේ රහත්බව ප්‍රකාශ කිරීම විය. කොසොල් රට බොහෝ කලක් උන්වහන්සේ විසූ බැවින් “කෝසලවිහාරී” නාමයෙන් ප්‍රකටවූහ.
කොසලවිහාරිත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කෝසල විහාරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.