යෙදුමෙන් කියවන්න

රමණීයකුටිකත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

රමණීයකුටිකත්‍ථෙරගාථාවණ‍්ණනා

රමණීයකුටික ස්ථවිරගාථා වර්ණනාව

රමණීයා මෙ කුටිකාති ආයස‍්මතො රමණීයකුටිකත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සොපි කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුසලබීජරොපනං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉතො අට‍්ඨාරසකප‍්පසතමත්‍ථකෙ අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො බුද‍්ධාරහං ආසනං භගවතො අදාසි. පුප‍්ඵෙහි ච භගවන‍්තං පූජෙත්‍වා පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා පදක‍්ඛිණං කත්‍වා පක‍්කාමි. සෙසං අඤ‍්ජනවනියත්‍ථෙරස‍්ස වත්‍ථුම‍්හි වුත‍්තසදිසමෙව. අයං පන විසෙසො – අයං කිර වුත‍්තනයෙන පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො වජ‍්ජිරට‍්ඨෙ අඤ‍්ඤතරස‍්මිං ගාමකාවාසෙ කුටිකායං විහරති, සා හොති කුටිකා අභිරූපා දස‍්සනීයා පාසාදිකා සුපරිකම‍්මකතභිත‍්තිභූමිකා ආරාමපොක‍්ඛරණිරාමණෙය්‍යාදිසම‍්පන‍්නා මුත‍්තාජාලසදිසවාලිකාකිණ‍්ණභූමිභාගා ථෙරස‍්ස ච වත‍්තසම‍්පන‍්නතාය සුසම‍්මට‍්ඨඞ‍්ගණතාදිනා භිය්‍යොසොමත‍්තාය රමණීයතරා හුත්‍වා තිට‍්ඨති. සො තත්‍ථ විහරන‍්තො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.11.47-52) –

“රමණීයා මෙ කුටිකා” යනු ආයුෂ්මත් රමණීය කුටික තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? හෙතෙමේ ද පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දී කුසල් බිජුවට වපුරා දෙව් මිනිසුන් අතර සැරිසරා, මෙයින් කල්ප එක්දහස් අටසීයකට පෙර පහළ වූ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම බුදුවරුන්ට යෝග්‍ය ආසනයක් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. මලින් ද භාග්‍යවතුන් වහන්සේට පූජා කර, පසඟ පිහිටුවා වැඳ ප්‍රදක්‍ෂිණා කොට තම නිවසට ගියේය. ඉතිරි විස්තර අඤ්ජන වනිය තෙරුන්ගේ කථාවෙහි කියූ පරිදි ම දතයුතුයි. මෙහි ඇති විශේෂත්‍වය - මොහු ද පැවසූ ලෙසම පැවිදි වී කළ පූර්‍ව කටයුතු ඇත්තේ, වජ්ජි රටෙහි එක්තරා ගමක වූ ආවාසයක කුටියක වෙසේ. එ් කුටිය ඉතා අලංකාරය, දර්ශනීය වේ. ප්‍රසාද එළවයි, මනාව පරිකර්ම කළ බිත්ති ඇත. ආරාමය සිත් අලවන පොකුණු ආදියෙන් විසිතුරුය. මුතු දැලක් වැනි වැලි විසිරුණු බිමක් ඇත. වත් පිළිවෙත් මනාව පිරු තෙරුන්ගේ සිත ද මනාව සුමට වූයේ තාදී ගුණ සහිතව වඩාත් රමණීය ව සිටියි. උන්වහන්සේ එම කුටියෙහි වසනසේක්, විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -

“කානනං වනමොග‍්ගය‍්හ, අප‍්පසද‍්දං නිරාකුලං; සීහාසනං මයා දින‍්නං, අත්‍ථදස‍්සිස‍්ස තාදිනො.

“අල්ප ශබ්ද ඇති නිශ්චල වූ මහවනයට පිවිසි තාදී ගුණ ඇති අත්‍ථදස්සි බුදුරජාණන් වහන්සේට ම විසින් සිහ සුනක් පූජා කළෙමි.

“මාලාහත්‍ථං ගහෙත්‍වාන, කත්‍වා ච නං පදක‍්ඛිණං; සත්‍ථාරං පයිරුපාසිත්‍වා, පක‍්කාමිං උත‍්තරාමුඛො.

මල් මිටක් ගෙන ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණු කළ මම, උතුරු දිශාභිමුඛව ගියෙමි.

“තෙන කම‍්මෙන ද‍්විපදින්‍ද, ලොකජෙට‍්ඨ නරාසභ; සන‍්නිබ‍්බාපෙමි අත‍්තානං, භවා සබ‍්බෙ සමූහතා.

ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරන ලද එම පින්කම හේතුවෙන් නිවන ලැබූ මම සියලු භව නසන ලද්දෙමි.

“අට‍්ඨාරසකප‍්පසතෙ, යං දානමදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, සීහාසනස‍්සිදං ඵලං.

මෙයින් එක්දහස් අටසිය වන කල්පයේ මම යම් දානයක් දුන්නෙම් ද, ඒ හේතුවෙන් මම දුගතියක නූපන්නෙමි. සිංහාසන දානයේ විපාකය මෙබඳුය.

“ඉතො සත‍්තකප‍්පසතෙ, සන‍්නිබ‍්බාපකඛත‍්තියො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් කල්ප හත්සීයකට පෙර, සත්රුවනින් හෙබි, මහත් බල ඇති සන්දිම නම් ක්‍ෂත්‍රිය සක්විති රජව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියලු කෙලෙස් දවන ලදි -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ථෙරෙ තත්‍ථ විහරන‍්තෙ කුටිකාය රමණීයභාවතො විහාරපෙක‍්ඛකා මනුස‍්සා තතො තතො ආගන‍්ත්‍වා කුටිං පස‍්සන‍්ති . අථෙකදිවසං කතිපයා ධුත‍්තජාතිකා ඉත්‍ථියො තත්‍ථ ගතා කුටිකාය රමණීයභාවං දිස‍්වා, “එත්‍ථ වසන‍්තො අයං සමණො සියා අම‍්හෙහි ආකඩ‍්ඪනීයහදයො”ති අධිප‍්පායෙන – “රමණීයං වො, භන‍්තෙ, වසනට‍්ඨානං. මයම‍්පි රමණීයරූපා පඨමයොබ‍්බනෙ ඨිතා”ති වත්‍වා ඉත්‍ථිකුත‍්තාදීනි දස‍්සෙතුං ආරභිංසු. ථෙරො අත‍්තනො වීතරාගභාවං පකාසෙන‍්තො “රමණීයා මෙ කුටිකා, සද‍්ධාදෙය්‍යා මනොරමා”ති ගාථං අභාසි.

රහත් බවට පත් වූ තෙරණුවෝ එම ආවාසයේ වසන කල්හි කුටියේ රමණීයබව නිසා විහාර නරඹන මිනිස්සු ඒ ඒ තැනින් පැමිණ කුටිය නරඹති. එක් දිනක් සුරාදියේ ලොල් වූ ස්ත්‍රීහු කිහිප දෙනෙක් එහි අවුත් කුටියේ රමණීය බව දැක, “මෙහි වසන මේ ශ්‍රමණයන් වහන්සේ අප විසින් සිත් ඇදගත හැකි පුද්ගලයෙකි”යි සිතා “ස්වාමීනි! ඔබ වසන තැන අතිශයින් රමණීය වේ. අපි ද රමණීය වූ රූසිරින් යුතු පළමු යොවුන් බවේ සිටි තරුණියෝ වෙමු”යි පවසමින් ස්ත්‍රී ලීලා දැක්වීමට පටන් ගත්හ. මෙය දුටු තෙරණුවෝ තමන් වහන්සේගේ වීතරාගී භාවය ප්‍රකාශ කරන සේක්, “රමණීයා මෙ කුටිකා සද්ධා දෙය්‍යා මනොරමා” යන ගාථාව වදාළ සේක.

තත්‍ථ රමණීයා මෙ කුටිකාති “රමණීයා තෙ, භන‍්තෙ, කුටිකා”ති යං තුම‍්හෙහි වුත‍්තං, තං සච‍්චං. අයං මම වසනකුටිකා රමණීයා මනුඤ‍්ඤරූපා, සා ච ඛො සද‍්ධාදෙය්‍යා, “එවරූපාය මනාපං කත්‍වා පබ‍්බජිතානං දින‍්නාය ඉදං නාම ඵලං හොතී”ති කම‍්මඵලානි සද‍්දහිත්‍වා සද‍්ධාය ධම‍්මච‍්ඡන්‍දෙන දාතබ‍්බත‍්තා සද‍්ධාදෙය්‍යා, න ධනෙන නිබ‍්බත‍්තිතා. සයඤ‍්ච තථාදින‍්නානි සද‍්ධාදෙය්‍යානි පස‍්සන‍්තානං පරිභුඤ‍්ජන‍්තානඤ‍්ච මනො රමෙතීති මනොරමා. සද‍්ධාදෙය්‍යත‍්තා එව හි මනොරමා, සද‍්ධාදීහි දෙය්‍යධම‍්මං සක‍්කච‍්චං අභිසඞ‍්ඛරිත්‍වා දෙන‍්ති, සද‍්ධාදෙය්‍යඤ‍්ච පරිභුඤ‍්ජන‍්තා සප‍්පුරිසා දායකස‍්ස අවිසංවාදනත්‍ථම‍්පි පයොගාසයසම‍්පන‍්නා හොන‍්ති, න තුම‍්හෙහි චින‍්තිතාකාරෙන පයොගාසයවිපන‍්නාති අධිප‍්පායො. න මෙ අත්‍ථො කුමාරීහීති යස‍්මා සබ‍්බසො කාමෙහි විනිවත‍්තිතමානසො අහං, තස‍්මා න මෙ අත්‍ථො කුමාරීහි. කප‍්පියකාරකකම‍්මවසෙනපි හි මාදිසානං ඉත්‍ථීහි පයොජනං නාම නත්‍ථි, පගෙව රාගවසෙන, තස‍්මා න මෙ අත්‍ථො කුමාරීහීති. කුමාරිග‍්ගහණඤ‍්චෙත්‍ථ උපලක‍්ඛණං දට‍්ඨබ‍්බං. මාදිසස‍්ස නාම සන‍්තිකෙ එවං පටිපජ‍්ජාහීති අයුත‍්තකාරිනීහි යාව අපරද‍්ධඤ‍්ච තුම‍්හෙහි සමානජ‍්ඣාසයානං පුරතො අයං කිරියා සොභෙය්‍යාති දස‍්සෙන‍්තො ආහ “යෙසං අත්‍ථො තහිං ගච‍්ඡථ නාරියො”ති. තත්‍ථ යෙසන‍්ති කාමෙසු අවීතරාගානං. අත්‍ථොති පයොජනං. තහින‍්ති තත්‍ථ තෙසං සන‍්තිකං. නාරියොති ආලපනං. තං සුත්‍වා ඉත්‍ථියො මඞ‍්කුභූතා පත‍්තක‍්ඛන්‍ධා ආගතමග‍්ගෙනෙව ගතා. එත්‍ථ ච “න මෙ අත්‍ථො කුමාරීහී”ති කාමෙහි අනත්‍ථිකභාවවචනෙනෙව ථෙරෙන අරහත‍්තං බ්‍යාකතන‍්ති දට‍්ඨබ‍්බං.

එහි “රමණියා මෙ කුටිකා” යනු “ස්වාමීනි! නුඹවහන්සේගේ කුටිය රමණීයවේ” යනුවෙන් නුඹලා විසින් පැවසූ දෙය සත්‍යයකි. මේ මම වසන කුටිය රමණීයයි. මනෝඥ වූ ස්වරූප ඇත. එය ශ්‍රද්ධාවෙන් දුන් ධනයෙන් සෑදුවකි. මෙවැනි ප්‍රියමනාප කර්මාන්තවලින් අලංකාරව පැවිද්දන්ට පිරිනැමු මේ කුටි දානයේ විපාක වශයෙන් මේ මේ කර්මඵල ලැබේ යැයි අදහන ශ්‍රද්ධාකාමී ජනයා විසින්, ධර්‍මය පිළිබඳ ආශාවෙන් දුන් බැවින්, ශ්‍රද්ධාවෙන් දුන් ධනයෙන් මේ කුටිය නිමවන ලදි. ඒ කුටිය එලෙස ශ්‍රද්ධාවෙන් තැන වුවන්ගේ ද මේ කුටිය බලන්නවුන්ගේ ද මෙහි වසන්නවුන්ගේ ද සිත් අලවන බැවින් “මනෝරමා” නම් වේ. නැතිනම් සද්ධා දෙය්‍ය (ශ්‍රද්ධාවෙන් දුන් දෙයින් සැදු) බැවින් ම මනෝරම වේ. ශ්‍රද්ධාවෙන් දන්නෝ සකසා පිළියෙල කොට දෙති. ශ්‍රද්ධාවෙන් දුන් දෙය වළඳන සත්පුරුෂයෝ, දායකයාට බොරු නොකර ප්‍රයෝග සම්පත්තියෙහි නියැලෙති. නුඹලා සිතන පරිදි කාමුක සැප නොසොයති යන අදහසයි. “න මෙ අත්‍ථො කුමාරීහි” යනු යම්හෙයකින් මම කාමයන්ගෙන් වෙන් වූ සිත් ඇත්තෙම් ද එනිසා මා හට කැපකරු දායිකාවන් වශයෙන් වත් කුමරියන්ගෙන්, ස්ත්‍රීන්ගෙන් ප්‍රයෝජනයක් නොමැත. රාග වශයෙන් අවශ්‍යය යන්න ගැන කියනු කිම? එනිසා “මාහට කිසිසේත් ම කුමරියන්ගෙන් ප්‍රයෝජනයක් නැත. කුමරියෝ සමූහයක් මෙහි දී අදහස් කළබව දත යුතුයි. “මා වැන්නවුන් සමීපයේ දී මෙසේ නොපිළිපදින්න. මෙසේ ක්‍රියා නොකරන්න. මෙය නුඹලා, නුඹලාට ම කරගන්නා අවැඩක්. නුඹලාට සමාන වූ ළාමක අදහස් ඇති අය ඉදිරියේදීම නුඹලාගේ මේ ලාමක ක්‍රියාව ශෝභමාන වේ.” යන අදහස දෙමින් “යෙසං අත්‍ථො තහිං ගච්ඡථ නාරියො” යන්න පැවසූසේක. එහි “යෙසං” යනු කාමයෙහි නොකළ කිරුණු, එහි ඇලී - ගැලී වසන්නක් ගේ “අත්‍ථො” යනු ප්‍රයෝජනවත් වේ. “තිහිං” යනු එහි, ඔවුන්ගේ සමීපයට “නාරියො” යනු ඇමතීමයි. ආලපන විභක්තියයි. මෙම ගාථාව ඇසූ ස්ත්‍රීහු මකුවුවා - නිහඬවුවා යටිකුරු මුව ඇතිව පැමිණි මාර්ගයෙන් ම ගියහ. මෙසේ “නමෙ අත්‍ථො කුමාරීහි” යන කාමයෙහි කිසිදු අර්ථයක් නැති බව ප්‍රකාශ කිරීම ම මේ තෙරුන් වහන්සේගේ රහත්බව ප්‍රකාශ කිරීම ලෙස දත යුතුයි.

රමණීයකුටිකත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

රමණීයකුටික ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.