යෙදුමෙන් කියවන්න

දුතියකුටිවිහාරිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

දුතියකුටිවිහාරිත්‍ථෙරගාථාවණ‍්ණනා

දුතියකුටිවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව

අයමාහු පුරාණියාති ආයස‍්මතො කුටිවිහාරිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පදුමුත‍්තරස‍්ස භගවතො පසන‍්නමානසො පරිළාහකාලෙ නළවිලීවෙහි විරචිතං බීජනිං අදාසි. තං සත්‍ථා අනුමොදනගාථාය සම‍්පහංසෙසි. සෙසං යදෙත්‍ථ වත‍්තබ‍්බං, තං අඤ‍්ජනවනියත්‍ථෙරවත්‍ථුම‍්හි වුත‍්තසදිසමෙව. අයං පන විසෙසො – අයං කිර වුත‍්තනයෙන පබ‍්බජිත්‍වා අඤ‍්ඤතරාය පුරාණකුටිකාය විහරන‍්තො සමණධම‍්මං අචින‍්තෙත්‍වා, “අයං කුටිකා ජිණ‍්ණා, අඤ‍්ඤං කුටිකං කාතුං වට‍්ටතී”ති නවකම‍්මවසෙන චිත‍්තං උප‍්පාදෙසි. තස‍්ස අත්‍ථකාමා දෙවතා සංවෙගජනනත්‍ථං ඉමං උත‍්තානොභාසං ගම‍්භීරත්‍ථං “අයමාහු”ති ගාථමාහ.

“අයමාහු පුරාණියා” යනු ආයුෂ්මත් දෙවැනි කුටි විහාරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ සිදුවී ද? හෙතෙම පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රසන්න වූ සිතින් දැඩි ග්‍රීෂ්ම කාලයේ බට මලකින් සෑදු විජිනිපතක් පූජාකළේය. එය පිළිගත් ශාස්තෲන් වහන්සේ අනුමෝදනා ගාථාවකින් ඔහු සතුටු කළ සේක. ඉන්පසු සිදුවූ තොරතුරු අඤ්ජනවනිය තෙරුන්ගේ කථා පුවත අනුව දත යුතුයි. මෙහි ඇති විශේෂය මෙසේය. - මේ රාජ කුමරු ද කියූ පරිදි ම පැවිදි වී එක්තරා පැරණි කුටියක වසමින් මහණදම් පිළිබඳව නොසිතා, “මේ කුටිය දිරාගියේ ය. මෙවන් පැරණි කුටියක වසමින් මහණදම් පිළිබඳව නොසිතා, “මේ කුටිය දිරාගියේ ය. වෙනත් කුටියක් සෑදීමට සුදුසුයැ”යි නවකම් පිළිබඳව සිතක් ඉපදවීය. උන්වහන්සේගේ දියුණුව කැමති එක් දේවතාවෙක්, සංවේග ඉපදවීම සඳහා ඒ මොහොතේ ම මේ වහා වැටහෙන නමුත් ගැඹුරු අර්ථ ඇති “අයමාහු පුරාණියා” යන ගාථාව පැවසීය.

තත්‍ථ අයන‍්ති ආසන‍්නපච‍්චක‍්ඛවචනං. ආහූති අහොසීති අත්‍ථො. ගාථාසුඛත්‍ථඤ‍්හි දීඝං කත්‍වා වුත‍්තං. පුරාණියාති පුරාතනී අද‍්ධගතා. අඤ‍්ඤං පත්‍ථයසෙ නවං කුටින‍්ති ඉමිස‍්සා කුටියා පුරාණභාවෙන ජිණ‍්ණතාය ඉතො අඤ‍්ඤං ඉදානි නිබ‍්බත‍්තනීයතාය නවං කුටිං පත්‍ථයසෙ පත්‍ථෙසි ආසීසසි. සබ‍්බෙන සබ‍්බං පන ආසං කුටියා විරාජය පුරාණියං විය නවායම‍්පි කුටියං ආසං තණ‍්හං අපෙක‍්ඛං විරාජෙහි, සබ‍්බසො තත්‍ථ විරත‍්තචිත‍්තො හොහි. කස‍්මා? යස‍්මා දුක‍්ඛා භික‍්ඛු පුන නවා නාම කුටි භික‍්ඛු පුන ඉදානි නිබ‍්බත‍්තියමානා දුක‍්ඛාවහත‍්තා දුක‍්ඛා, තස‍්මා අඤ‍්ඤං නවං දුක‍්ඛං අනුප‍්පාදෙන‍්තො යථානිබ‍්බත‍්තායං පුරාණියංයෙව කුටියං ඨත්‍වා අත‍්තනා කතබ‍්බං කරොහීති. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො – ත්‍වං, භික‍්ඛු, “අයං පුරාණී තිණකුටිකා ජිණ‍්ණා”ති අඤ‍්ඤං නවං තිණකුටිකං කාතුං ඉච‍්ඡසි, න සමණධම‍්මං, එවං ඉච‍්ඡන‍්තො පන භාවනාය අනනුයුඤ‍්ජනෙන පුනබ‍්භවාභිනිබ‍්බත‍්තියා අනතිවත‍්තනතො ආයතිං අත‍්තභාවකුටිම‍්පි පත්‍ථෙන‍්තො කාතුං ඉච‍්ඡන‍්තොයෙව නාම හොති. සා පන නවා තිණකුටි විය කරණදුක‍්ඛෙන තතො භිය්‍යොපි ජරාමරණසොකපරිදෙවාදිදුක‍්ඛසංසට‍්ඨතාය දුක‍්ඛා, තස‍්මා තිණකුටියං විය අත‍්තභාවකුටියං ආසං අපෙක‍්ඛං විරාජය සබ‍්බසො තත්‍ථ විරත‍්තචිත‍්තො හොහි, එවං තෙ වට‍්ටදුක‍්ඛං න භවිස‍්සතීති. දෙවතාය ච වචනං සුත්‍වා ථෙරො සංවෙගජාතො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො නචිරස‍්සෙව අරහත‍්තෙ පතිට‍්ඨාසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.11.36-46) –

එහි “අයං” යනු ආසන්නයේ බව හඟවන පඨමා විභක්ති පදයකි “ආහු” යනු “විය” යන අර්ථයයි. ගාථාව සුඛෝච්චාරණය පිණිස දීර්ඝ කරන ලදි. “පුරාණියා” යනු පැරණි වූ දිරාගිය “අඤ්ඤං පත්‍ථයසෙ නවං කුටී” යනු මේ කුටිය පැරණි, දිරාගිය නිසා මෙයින් අනික් කුටියක් දැන් සැදියයුතු බැවින්. අලුත් කුටියක් පතන්නෙහි? කැමතිවෙහි? සියල්ලෙන් සියල්ල කැමතිවෙහි? “ආසං කුටියා විරාජය පුරාණියා” යනු පැරණි වූවක් මෙන් නව කුටිය පිළිබඳ ආශාව, තණ්හාව, අපේක්‍ෂාව දුරු කරව! සියලු ම ආකාරයෙන් එහි නො ඇලුණු සිත් ඇති වන්න. කුමක් නිසා ද? නව කුටියෙන් මහණ! නුඹට දුක් ගෙන දේ. මහණ! දැන් නැවත ඉපදීමෙන් දුක් ගෙනදෙන බැවින් දුකයි. එනිසා අනික් නව දුකක් නූපදවා මේ උපන් පැරණි කුටියෙහි ම සිට තමා විසින් කළ යුතු දේ කරන්න. මෙහි අදහස මෙසේ දත යුතුයි. – “මහණ! නුඹ මේ පැරණි තණ කුටිය දිරාගියේ යැයි අනික් නව තණ කුටියක් කරනු කැමැත්තෙහිය. ශ්‍රමණ ධර්‍ම පිරීමට කැමැත්තක් නැත. මෙසේ කැමති පුද්ගලයා භාවනාවෙහි නිරත නොවීම් වශයෙන් අලුත් භවයක් ඉපිදවීමෙන් නො ඉක්මවීමෙන් අනාගත ශරීර කුටියක් ප්‍රාර්ථනා කිරීම “කුටියක් කරනු කැමතිවීම” නම් වේ. ඒ නව කුටියක් සැදීමට යෑමෙන් වන දුකට වඩා වැඩි වූ ජරාමරණ, ශෝක, පරිදේව ආදී අනේක දුක්ඛයන් ගෙන් මිශ්‍ර වූ බැවින් දුක් සහගත වූ, එනිසා නව තණ කුටියේ මෙන් නව ශරීර කුටියකට ඇති ආශාව, අපේක්‍ෂාව, දුරුකරව. සියලුම ආකාරයෙන් එහි නො ඇලුණු සිත් ඇති වන්න. මෙසේ නුඹට සසර පැවතුම් දුක නො වන්නේ ය.” මේ දෙවියාගේ වචනය ඇසූ තෙරණුවෝ සංවේග උපදවා ගත්සේක්, විදසුනෙහි සිත පිහිටුවා වෑයම් කර, උත්සාහ කර නොබෝ කලකින් ම රහත්ඵලයෙහි පිහිටියහ. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ -

“පදුමුත‍්තරබුද‍්ධස‍්ස , ලොකජෙට‍්ඨස‍්ස තාදිනො; තිණත්‍ථරෙ නිසින‍්නස‍්ස, උපසන‍්තස‍්ස තාදිනො.

“තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ තණ ඇතිරියක වැඩහුන් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට බට මලක් ගෙන විජිනිපතක් බැඳ පිළිගැන් වූයෙමි.

“නළමාලං ගහෙත්‍වාන, බන්‍ධිත්‍වා බීජනිං අහං; බුද‍්ධස‍්ස උපනාමෙසිං, ද‍්විපදින්‍දස‍්ස තාදිනො.

“පටිග‍්ගහෙත්‍වා සබ‍්බඤ‍්ඤූ, බීජනිං ලොකනායකො; මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, ඉමං ගාථං අභාසථ.

ලෝක නායක වූ බුදුරජාණන් වහන්සේ විජිනිපත පිළිගෙන මා අදහස දැනගත්සේක් මෙසේ පැවසූහ.

“යථා මෙ කායො නිබ‍්බාති, පරිළාහො න විජ‍්ජති; තථෙව තිවිධග‍්ගීහි, චිත‍්තං තව විමුච‍්චතු.

“යම් සේ මගේ සිරුර නිවේ ද පරිළාහයක් නො වන්නේ ද එසේ ම ඔබගේ සිත ත්‍රිවිධ අග්නියෙන් නිවේවා! කෙලෙසුන්ගෙන් මිදේවා!”

“සබ‍්බෙ දෙවා සමාගච‍්ඡුං, යෙ කෙචි වනනිස‍්සිතා; සොස‍්සාම බුද‍්ධවචනං, හාසයන‍්තඤ‍්ච දායකං.

වනය ඇසුරු කළ යම් දේවතා කෙනෙක් වූවාහු ද ඒ සියලු දෙවිවරු, “දායකයාහට දේශනා කරන බුද්ධ වචනය අසමු” යි රැස්වූහ.

“නිසින‍්නො භගවා තත්‍ථ, දෙවසඞ‍්ඝපුරක‍්ඛතො; දායකං සම‍්පහංසෙන‍්තො, ඉමා ගාථා අභාසථ.

එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරා ගෙන වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරමින් මෙසේ වදාළ සේක.

“ඉමිනා බීජනිදානෙන, චිත‍්තස‍්ස පණිධීහි ච; සුබ‍්බතො නාම නාමෙන, චක‍්කවත‍්තී භවිස‍්සති.

“මොහු මේ විජිනිපත පිදීම නිසාත් චිත්තප්‍රණිධිය නිසාත් සුබ්බත නම් වූ සක්විති රජ වන්නේය.”

“තෙන කම‍්මාවසෙසෙන, සුක‍්කමූලෙන චොදිතො; මාලුතො නාම නාමෙන, චක‍්කවත‍්තී භවිස‍්සති.

කුශල මූලයෙන් මෙහෙයූ මොහු පසුව මාලුත නම් සක්විති රජ වේ.

“ඉමිනා බීජනිදානෙන, සම‍්මානවිපුලෙන ච; කප‍්පසතසහස‍්සම‍්පි, දුග‍්ගතිං නුපපජ‍්ජති.

මේ විජිනිපත් දානය නිසාත්, මහත් වූ සත්කාරය නිසාත් කල්ප ලක්‍ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපදින්නේය.”

“තිංසකප‍්පසහස‍්සම‍්හි, සුබ‍්බතා අට‍්ඨතිංස තෙ; එකූනතිංසසහස‍්සෙ, අට‍්ඨ මාලුතනාමකා.

එසේ විවරණ ලද මම මෙයින් කල්ප තිස් දාහකට පෙර සුබ්බත නමින් සක්විති රජවරු අටක් වූයෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මවිසින් සියලු කෙලෙස් නසන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තෙ පන පතිට‍්ඨිතො “අයං මෙ අරහත‍්තප‍්පත‍්තියා අඞ‍්කුසභූතා”ති තමෙව ගාථං පච‍්චුදාහාසි. සායෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථා අහොසි. කුටිඔවාදෙන ලද‍්ධවිසෙසත‍්තා චස‍්ස කුටිවිහාරීත්‍වෙව සමඤ‍්ඤා අහොසීති.

රහත් බවෙහි පිහිටි තෙරණුවෝ, “මෙය මාහට රහත් වීමට අංකුසයක් වූයේ ය” යි එම ගාථාව ම නැවත දේශනා කළහ. එයම උන්වහන්සේගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව විය. කුටිය පිළිබඳ අවවාදයෙන් ලැබූ ගුණ විශේෂ ඇති බැවින් එම තෙරණුවෝ “කුටිවිහාරිය” නාමයෙන් ප්‍රසිද්ධ වූහ.

දුතියකුටිවිහාරිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

දෙවැනි කුටිවිහාරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.