යෙදුමෙන් කියවන්න

කුටිවිහාරිත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

කුටිවිහාරිත්‍ථෙරගාථාවණ‍්ණනා

කුටිවිහාරිය ස්ථවිරගාථා වර්ණනාව

කො කුටිකායන‍්ති ආයස‍්මතො කුටිවිහාරිත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පදුමුත‍්තරස‍්ස භගවතො ආකාසෙන ගච‍්ඡන‍්තස‍්ස “උදකදානං දස‍්සාමී”ති සීතලං උදකං ගහෙත්‍වා පීතිසොමනස‍්සජාතො උද‍්ධම‍්මුඛො හුත්‍වා උක‍්ඛිපි. සත්‍ථා තස‍්ස අජ‍්ඣාසයං ඤත්‍වා පසාදසංවඩ‍්ඪනත්‍ථං ආකාසෙ ඨිතොව සම‍්පටිච‍්ඡි. සො තෙන අනප‍්පකං පීතිසොමනස‍්සං පටිසංවෙදෙසි. සෙසං අඤ‍්ජනවනියත්‍ථෙරස‍්ස වත්‍ථුම‍්හි වුත‍්තසදිසමෙව. අයං පන විසෙසො – අයං කිර වුත‍්තනයෙන පබ‍්බජිත්‍වා කතපුබ‍්බකිච‍්චො විපස‍්සනං අනුයුඤ‍්ජන‍්තො සායං ඛෙත‍්තසමීපෙන ගච‍්ඡන‍්තො දෙවෙ ඵුසායන‍්තෙ ඛෙත‍්තපාලකස‍්ස පුඤ‍්ඤං තිණකුටිං දිස‍්වා පවිසිත්‍වා තත්‍ථ තිණසන්‍ථාරකෙ නිසීදි . නිසින‍්නමත‍්තොව උතුසප‍්පායං ලභිත්‍වා විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.11.29-35) –

“කෙ කුටිකායං” යනු ආයුෂ්මත් කුටි විහාරිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? හෙතෙම පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනු දැක, “ජල දානයක් දෙන්නෙමි”යි සීතල දිය ගෙන ප්‍රීතිසොම්නස් භාවයට පැමිණ උඩ බලා අහසට දැමීය. ඔහුගේ අදහස දැනගත් ශාස්තෲන් වහන්සේ ඔහුගේ ප්‍රසාදය දියුණු කිරීම සඳහා අහසේ වැඩ හිඳිමින් ම එම දිය පිළිගත් සේක. එය දුටු ඔහු අපමණ ප්‍රීතියක් වින්දේය. සෙසු සිදුවීම් ඉහත දැක්වූ අඤ්ජනවනිය තෙරුන්ගේ කථාවේ දැක්වූ පරිදි දත යුතුය. මෙහි ඇති විශේෂත්වය නම් - මේ රජකුමරා පැවිදිව කරන ලද පූර්‍ව කටයුතු ඇති ව, විදසුන් භාවනාවෙහි යෙදී සවස් කාලයක කෙතක් සමීපයෙන් යන කල්හි වැස්සක් හටගත්තේ ය. එවිට කෙත් රකින්නකුගේ ශූන්‍ය (හිස්) වූ කුටියක් දුටු උන්වහන්සේ ඊට ඇතුලු වී, එහි තණ ඇතිරියේ හුන්සේක. වැඩ හුන් මොහොතේ ම තමාට ගැලපෙන සෘතු ලැබීමෙන් සිරුර ප්‍රසන්න වූයේ විදසුන් වඩා, සියලු කෙලෙස් නසා රහත්බවට පත්වූහ. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දක්වා ඇත -

“සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං, ගච‍්ඡන‍්තං අනිලඤ‍්ජසෙ; ඝතාසනංව ජලිතං, ආදිත‍්තංව හුතාසනං.

“මම අහසෙහි වඩින්නා වූ රන්වන් වූ ගිනිගෙන දිලිසෙන ගිනිකඳක් වැනි වූ පූජාසත්කාරයන් ට ආසන වූ බුදුරජාණන් වහන්සේට අතින් දිය ගෙන අහසට විසි කළෙමි. මහාවීර වූ කාරුණික වූ බුදුරජාණන් වහන්සේ එය පිළිගත් සේක.

“පාණිනා උදකං ගය‍්හ, ආකාසෙ උක‍්ඛිපිං අහං; සම‍්පටිච‍්ඡි මහාවීරො, බුද‍්ධො කාරුණිකො ඉසි.

“අන‍්තලික‍්ඛෙ ඨිතො සත්‍ථා, පදුමුත‍්තරනාමකො; මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය, ඉමා ගාථා අභාසථ.

අහසෙහි වැඩහිඳිමින් ම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ, “මේ ජල දානයෙන් ද එහි ප්‍රීතිය ඉපදවීමෙන් ද මොහු කල්ප ලක්‍ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපදී.” යනුවෙන් පැවසූ සේක.

“ඉමිනා දකදානෙන, පීතිඋප‍්පාදනෙන ච; කප‍්පසතසහස‍්සම‍්පි, දුග‍්ගතිං නුපපජ‍්ජති.

“තෙන කම‍්මෙන ද‍්විපදින්‍ද, ලොකජෙට‍්ඨ නරාසභ; පත‍්තොම‍්හි අචලං ඨානං, හිත්‍වා ජයපරාජයං.

ද්විපදෝත්තම වූ ලෝක ජ්‍යෙෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරන ලද එම පින්කම නිසා මම දැන් ජය පරාජ දෙකින් දුරුව නිශ්චල වූ නිවණට පැමිණියෙමි.

“සහස‍්සරාජනාමෙන, තයො තෙ චක‍්කවත‍්තිනො; පඤ‍්චසට‍්ඨිකප‍්පසතෙ, චාතුරන‍්තා ජනාධිපා.

මෙයින් කල්ප හයදහස් පන්සීයකට පෙර මම සිවුමහා දිවයිනම ඇතුළත් පෘථිවියට අධිපති වූ සහස්සරාජ නම් වූ සක්විති රජවරු තිදෙනෙක් ව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

මවිසින් සියළු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා ථෙරෙ තත්‍ථ නිසින‍්නෙ ඛෙත‍්තපාලකො ආගන‍්ත්‍වා “කො කුටිකාය”න‍්ති ආහ. තං සුත්‍වා ථෙරො “භික‍්ඛු කුටිකාය”න‍්තිආදිමාහ. තයිදං ඛෙත‍්තපාලස‍්ස ථෙරස‍්ස ච වචනං එකජ‍්ඣං කත්‍වා –

රහත් බවට පත් වූ තෙරණුවෝ, එහි වැඩහිඳින කල් හි කෙත් රකින්නා පැමිණ, “කුටියේ කවුද? යි ඇසීය. එය ඇසූ තෙරණුවෝ “භික්ඛු කුටිකායං” යනාදිය පැවසූහ. එවිට කෙත් රකින්නාගේ ද තෙරුන්ගේ ද ප්‍රශ්න පිළිතුරු දෙක එකතු කර -

“කො කුටිකායං භික‍්ඛු කුටිකායං, වීතරාගො සුසමාහිතචිත‍්තො; එවං ජානාහි ආවුසො, අමොඝා තෙ කුටිකා කතා”ති. –

“කො කුටිකායං? භික්ඛු කුටිකායං” වීතරාගො සුසමාහිත චිත්තො එවං ජානාහි ආවුසො! අමොඝා තෙ කුටිකා කතා” යන වාක්‍ය ගාථාවට නගා සංගායනා කරන ලදි.

තථාරූපෙන සඞ‍්ගීතිං ආරොපිතං.

තත්‍ථ කො කුටිකායන‍්ති, “ඉමිස‍්සං කුටිකායං කො නිසින‍්නො”ති ඛෙත‍්තපාලස‍්ස පුච‍්ඡාවචනං. තස‍්ස භික‍්ඛු කුටිකායන‍්ති ථෙරස‍්ස පටිවචනදානං. අථ නං අත‍්තනො අනුත‍්තරදක‍්ඛිණෙය්‍යභාවතො තං කුටිපරිභොගං අනුමොදාපෙත්‍වා උළාරං තමෙව පුඤ‍්ඤං පතිට‍්ඨාපෙතුං “වීතරාගො”තිආදි වුත‍්තං. තස‍්සත්‍ථො – එකො භින‍්නකිලෙසො භික‍්ඛු තෙ කුටිකායං නිසින‍්නො, තතො එව සො අග‍්ගමග‍්ගෙන සබ‍්බසො සමුච‍්ඡින‍්නරාගතාය වීතරාගො අනුත‍්තරසමාධිනා නිබ‍්බානං ආරම‍්මණං කත්‍වා සුට‍්ඨු සමාහිතචිත‍්තතාය සුසමාහිතචිත‍්තො, ඉමඤ‍්ච අත්‍ථං, ආවුසො ඛෙත‍්තපාල, යථාහං වදාමි, එවං ජානාහි සද‍්දහ අධිමුච‍්චස‍්සු. අමොඝා තෙ කුටිකා කතා තයා කතා කුටිකා අමොඝා අවඤ‍්ඣා සඵලා සඋද්‍රයා, යස‍්මා අරහතා ඛීණාසවෙන පරිභුත‍්තා. සචෙ ත්‍වං අනුමොදසි, තං තෙ භවිස‍්සති දීඝරත‍්තං හිතාය සුඛායාති.

එහි “කො කුටිකායං” යනු මේ කුටියේ සිටිනුයේ කවුද? කෙත් රකින්නාගේ ප්‍රශ්නයයි. ඊට දුන් පිළිතුර “කුටියේ භික්‍ෂුවකි” යන්න තෙරුන්ගේ ප්‍රකාශයයි. ඉක්බිති ඒ කෙත් රකින්නා තමන් වහන්සේගේ අනුත්තර දක්‍ෂිණෙය්‍යභාවයට පත් වූ කුටි පරිභෝගය අනුව සතුටු කරවා, මහත් වූ පුණ්‍ය සම්පත්තියක පිහිටුවීමට “වීතරාගො” යනාදිය කියන ලදි. එහි අර්ථ මෙසේ ය. – “එක් කෙලෙස් සිඳ දැමූ භික්‍ෂුවක් නුඹගේ කුටියෙහි හුන්නේ ය. එසේම උන්වහන්සේ අග්‍රමාර්ගයේ ගමන් කිරීමෙන් සියලුම ආකාරයෙන් රාගය සිඳදමන ලද බැවින් වීතරාගී නම් වේ. ඉතා උතුම් වූ සමාධියෙන් නිර්වාණය අරමුණු කර වහා සමාධිගත වූ සිත් ඇති බැවින් මනාව සන්සුන් වූ සිත් ඇත්තෙක් වේ. පින්වත් කෙත රකින්න! මෙහි අර්ථ මා පවසන පරිදි දැනගන්න. අදහන්න. ස්ථිරව පිළිගන්න නුඹගේ කුටිය හිස් නොවූවක් කරන ලදි. නුඹවිසින් සෑදු කුටිය හිස්නොවූ, වඳ නොවූ, ඵල සහිත, සැප ගෙනදෙන්නකි. අර්හත් වූ ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ කෙනෙකු විසින් පරිභෝග කළ බැවිනි. ඉදින් මෙය නුඹ අනුමෝදන් වේනම් එය නුඹට ඉතා බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වේ.”

තං සුත්‍වා ඛෙත‍්තපාලො “ලාභා වත මෙ, සුලද‍්ධං වත මෙ, යස‍්ස මෙ කුටිකායං එදිසො අය්‍යො පවිසිත්‍වා නිසීදතී”ති පසන‍්නචිත‍්තො අනුමොදන‍්තො අට‍්ඨාසි. ඉමං පන තෙසං කථාසල‍්ලාපං භගවා දිබ‍්බාය සොතධාතුයා සුත්‍වා අනුමොදනඤ‍්චස‍්ස ඤත්‍වා තම‍්භාවිනිං සම‍්පත‍්තිං විභාවෙන‍්තො ඛෙත‍්තපාලං ඉමාහි ගාථාහි අජ‍්ඣභාසි –

එය ඇසූ කෙත රකින්නා “මට ඒකාන්තයෙන් ලාභයක් විය, මට වාසනාවක් විය, මේ මගේ කුටියෙහි මෙවැනි වූ ආර්‍ය්‍යයන් වහන්සේ නමක් පිවිස හිඳගත්තේ ද එය මහත් ලාභයකි.” යි පැහැදුණු සිතින් අනුමෝදන් විය. මේ කථා සල්ලාපය දිව කණින් ඇසූ භාග්‍යවතුන් වහන්සේ, කෙත් රකින්නාගේ අනුමෝදන් වීම ද දැන එහි විපාක දැක්වීම් වශයෙන් සැප සම්පත් දක්වන සේක්, කෙත් රකින්නාට මේ ගාථාවන් වදාළසේක.

“විහාසි කුටියං භික‍්ඛු, සන‍්තචිත‍්තො අනාසවො; තෙන කම‍්මවිපාකෙන, දෙවින්‍දො ත්‍වං භවිස‍්සසි.

“විහාසි කුටිකායං භික්ඛු සන්ත චිත්තො අනාසවො, තෙන කම්ම විපාකෙන දෙවින්‍දො ත්‍වං භවිස්සසි.

“ඡත‍්තිංසක‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජං කරිස‍්සසි; චතුත‍්තිංසක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී, රාජා රට‍්ඨෙ භවිස‍්සසි; රතනකුටි නාම පච‍්චෙකබුද‍්ධො, වීතරාගො භවිස‍්සසී”ති.

ඡත්තිංසක්ඛත්තුං දෙවින්‍දො දෙවරජ්ජං කරිස්සසි, ඡත්තිංසක්ඛත්තුං චක්කවත්ති රාජා රට්ඨෙ භවිස්සසි, රතනකුටිකො පච්චෙක බුද්ධො වීතරාගො භවිස්සසි”

නුඹගේ මේ කුටියේ ශාන්ත වූ සිත් ඇති රහතන් වහන්සේ නමක් වැඩ සිටියේ ය. එහි විපාක වශයෙන් නුඹ ශක්‍ර දේවේන්‍ද්‍රව උපදින්නේහිය. නුඹ තිස්හයවරක් දෙව් රජව දෙව්රජය කරන්නෙහිය. එමෙන් ම තිස් හය වරක් චක්කවත්ති රජකම කරන්නෙහිය. පසුව රතනකුටික නම් පසේබුදුව වීතරාගී ව පිරිනිවන් පාන්නෙහිය.”

කුටිකායං ලද‍්ධවිසෙසත‍්තා පන ථෙරස‍්ස තතො පභුති කුටිවිහාරීත්‍වෙව සමඤ‍්ඤා උදපාදි. අයමෙව ච ථෙරස‍්ස අඤ‍්ඤාබ්‍යාකරණගාථාපි අහොසීති.

කුටියෙහි දී ලබන ලද ගුණ විශේෂ ඇති බැවින් එම තෙරණුවෝ එතැන් පටන් “කුටිකා විහාරී” කුටිවිහාරිය තෙරුන් නාමයෙන් ප්‍රකට වූහ. මෙම ගාථාවම එම තෙරුන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව විය.

කුටිවිහාරිත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

කුටිවිහාරිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.