අඤ්ජනවනියත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
අඤ්ජනවනියත්ථෙරගාථාවණ්ණනා
අඤ්ජනවනිය ස්ථවිරගාථා වර්ණනාව
ආසන්දිං කුටිකං කත්වාති ආයස්මතො අඤ්ජනවනියත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පදුමුත්තරස්ස භගවතො කාලෙ සුදස්සනො නාම මාලාකාරො හුත්වා සුමනපුප්ඵෙහි භගවන්තං පූජෙත්වා අඤ්ඤම්පි තත්ථ තත්ථ බහුං පුඤ්ඤං කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපස්ස භගවතො සාසනෙ පබ්බජිත්වා සමණධම්මං අකාසි. අථ ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං වජ්ජිරාජකුලෙ නිබ්බත්තිත්වා තස්ස වයප්පත්තකාලෙ වජ්ජිරට්ඨෙ අවුට්ඨිභයං බ්යාධිභයං අමනුස්සභයන්ති තීණි භයානි උප්පජ්ජිංසු . තං සබ්බං රතනසුත්තවණ්ණනායං (ඛු· පා· අට්ඨ· රතනසුත්තවණ්ණනා; සු· නි· අට්ඨ· 1.රතනසුත්තවණ්ණනා) වුත්තනයෙන වෙදිතබ්බං. භගවති පන වෙසාලිං පවිට්ඨෙ භයෙසු ච වූපසන්තෙසු සත්ථු ධම්මදෙසනාය සම්බහුලානං දෙවමනුස්සානං ධම්මාභිසමයෙ ච ජාතෙ අයං රාජකුමාරො බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජි. යථා චායං එවං අනන්තරං වුච්චමානා චත්තාරොපි ජනා. තෙපි හි ඉමස්ස සහායභූතා ලිච්ඡවිරාජකුමාරා එවං ඉමිනාව නීහාරෙන පබ්බජිංසු. කස්සපසම්බුද්ධකාලෙපි සහායා හුත්වා ඉමිනා සහෙව පබ්බජිත්වා සමණධම්මං අකංසු, පදුමුත්තරස්සපි භගවතො පාදමූලෙ කුසලබීජරොපනාදිං අකංසූති. තත්ථායං කතපුබ්බකිච්චො සාකෙතෙ අඤ්ජනවනෙ සුසානට්ඨානෙ වසන්තො උපකට්ඨාය වස්සූපනායිකාය මනුස්සෙහි ඡඩ්ඩිතං ජිණ්ණකං ආසන්දිං ලභිත්වා තං චතූසු පාසාණෙසු ඨපෙත්වා උපරි තිරියඤ්ච තිණාදීහි ඡාදෙත්වා ද්වාරං යොජෙත්වා වස්සං උපගතො. පඨමමාසෙයෙව ඝටෙන්තො වායමන්තො අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.11.24-28) –
“අසාන්දිං කුටිකං කත්වා” යනු ආයුෂ්මත් අඤ්ජනවනිය තෙරුන්ගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සුදස්සන නම් මාලාකාරයෙක් ව දෑසමන් මලින් බුදුරජාණන් වහන්සේට පූජා පැවැත්වූහ. සසරේ ඒ ඒ භවයන්හි දී බොහෝ පින්දහම් රැස්කර ගෙන දෙව් - මිනිසුන් අතරෙහිම සැරිසරා, කස්සප භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදිව මහණදම් පිරූහ. අනතුරුව මේ බුද්ධෝත්පාද කාලයෙහි විශාලා මහනුවර වජ්ජි රාජකුලයේ ඉපිද වැඩිවියට පැමිණි අවස්ථාවෙහි, විශාලාවේ වැසි නොවසින බැවින් දුර්භික්ෂයක් ද රෝග බියක් ද අමනුස්ස බියක් ද යන ත්‍රිවිධ භයක් ඇතිවිය. ඒ සියලු තොරතුරු රතන සූත්‍ර වර්ණනාවෙහි කියන ලද ආකාරයෙන්ම දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ විශාලාවට වැඩම වූ කල්හි ත්‍රිවිධ භය සන්සිඳී නුවර සුවපත් වූ කල්හි, ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාවට බොහෝ දෙව් මිනිස්සු රැස්වූහ. ඒ සියල්ලන්ට ම ධර්මාභිසමය විය. මේ රජ කුමරු බුද්ධානුභාවය දැක ශ්‍රද්ධාව උපදවා සසුනේ පැවිදිවිය. ඒ සමග පසුව කියැවෙන පුද්ගලයෝ සිවුදෙන ද යහළු ලිච්ඡවි රාජ කුමාරවරු මොහු පැවිදිවන විට ම පැවිදිවූහ. මොවුහු කස්සප බුදුරජාණන් වහන්සේගේ සසුනේ පැවිදිව ප්‍රියශීලී මිත්රකමින් යුක්තව මහණදම් පිරූහ. එමෙන්ම ඒ සියලු දෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ දී කුසල් බීජ රෝපණය කිරීම් ආදිය සිදුකළහ. පැවිදිව කළ පූර්ව කටයුතු ඇති උන්වහන්සේ සාකේත නුවර අඳුන් වනයට වැඩ සුසානයක වාසය කරන සමයේ ඉතා ළංවූ වස් විසීම් ඇති බැවින්, මිනිසුන් විසින් අත්හැර දැමුණු දිරාගිය දික් සඟලා පුටුවක් දැක, එය ගල් සතරක් මත තබා මත්තෙහි තණපත් ආදියෙන් වසා, දොරක් යොදා වස් එළඹියහ. එසේ වස් සමාදන් වූ පළමු මාසයේදීම උත්සාහ කර, වෑයම් කර රහත්බවට පත් වූහ. උන්වහන්සේගේ චරිතාපදානය මෙසේ දැක්වේ -
“සුදස්සනොති නාමෙන, මාලාකාරො අහං තදා; අද්දසං විරජං බුද්ධං, ලොකජෙට්ඨං නරාසභං.
“එකල් හි සුදස්සන නම් මාලාකාරයෙක් වූ මම, ලෝක ජ්‍යෙෂ්ඨ වූ නර ශ්‍රේෂ්ඨ වූ පහකළ කෙලෙස් මල ඇති බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“ජාතිපුප්ඵං ගහෙත්වාන, පූජයිං පදුමුත්තරං; විසුද්ධචක්ඛු සුමනො, දිබ්බචක්ඛුං සමජ්ඣගං.
දෑසමන් මල් රැගෙන මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිදුවෙමි. ඒ හේතුවෙන් පිරිසිදු ඇස් ලැබූ මම සතුටු වූයෙම් දිවැස පිරිසිදු කළෙමි.
“එතිස්සා පුප්ඵපූජාය, චිත්තස්ස පණිධීහි ච; කප්පානං සතසහස්සං, දුග්ගතිං නුපපජ්ජහං.
මම මේ පුෂ්ප පූජාව හේතුවෙන් ද චිත්ත ප්‍රණිධිය නිසා ද කල්ප ලක්ෂයක් මුලුල්ලෙහි දුගතියක නූපන්නෙමි.
“සොළසාසිංසු රාජානො, දෙවුත්තරසනාමකා; ඡත්තිංසම්හි ඉතො කප්පෙ, චක්කවත්තී මහබ්බලා.
මීට කල්ප තිස් හයකට පෙර, මම මහත් බල ඇති “දේවුත්තර” නමින් සක්විති රජවරු දාසය දෙනෙක් ව උපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මවිසින් සියලු කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා විමුත්තිසුඛං පටිසංවෙදෙන්තො සමාපත්තිතො වුට්ඨාය යථාලද්ධං සම්පත්තිං පච්චවෙක්ඛිත්වා පීතිවෙගෙන උදානෙන්තො “ආසන්දිං කුටිකං කත්වා”ති ගාථං අභාසි .
රහත්බවට පත්ව විමුක්ති සුව විඳින්නා වූ උන්වහන්සේ, සමාපත්තියෙන් නැගිට, එම සමාපත්ති සුවය ම නැවත සිහිපත් කර බලා හටගත් ප්‍රීතිවේගයෙන් උදන් අනන සේක්, “ආසන්දිං කුටිකං කත්වා” යන ගාථාව වදාළහ.
තත්ථ ආසන්දිං කුටිකං කත්වාති ආසන්දී නාම දීඝපාදකං චතුරස්සපීඨං, ආයතං චතුරස්සම්පි අත්ථියෙව, යත්ථ නිසීදිතුමෙව සක්කා, න නිපජ්ජිතුං තං ආසන්දිං කුටිකං කත්වා වාසත්ථාය හෙට්ඨා වුත්තනයෙන කුටිකං කත්වා යථා තත්ථ නිසින්නස්ස උතුපරිස්සයාභාවෙන සුඛෙන සමණධම්මං කාතුං සක්කා, එවං කුටිකං කත්වා. එතෙන පරමුක්කංසගතං සෙනාසනෙ අත්තනො අප්පිච්ඡතං සන්තුට්ඨිඤ්ච දස්සෙති. වුත්තම්පි චෙතං ධම්මසෙනාපතිනා –
එහි “ආසන්දිං කුටිකං කත්වා” යන්නෙහි ‘ආසන්දි’ නම් දිගු පා ඇති චතුරස්රාකාර ඇඳ පුටුවකි. දිග පළල සමාන වේ මය. එහි හිඳීමට පමණක් ම හැකිය. සයනය කිරීමට නොහැක, එබඳු ආසන්දි නම් පුටුවෙන් කුටියක් කර, වාසය කිරීම සඳහා ඉහතින් කියූ පරිදිම කුටියක් සාදා, යම් තැනක හිඳ සෘතු විපර්යාස ආදියෙන් පීඩාවක් නොවී සුවසේ මහණදම් පිරිය හැකි ද එබඳු වූ කුටියක් සාදාගෙන, මෙයින් ඉතා උසස් සෙනසුනක් සාදාගත් බව තමන් වහන්සේගේ අල්පේච්ඡ හා ලද දෙයින් සතුටුවන ගුණ මහිම නිසා දක්වයි. ධර්මසේනාපති සැරියුත් තෙරණුවෝ මෙසේ පවසා ඇත.
“පල්ලඞ්කෙන නිසින්නස්ස, ජණ්ණුකෙනාභිවස්සති; අලං ඵාසුවිහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”ති. (ථෙරගා· 985; මි· ප· 6.1.1);
“පල්ලඞ්කෙන නිසින්නස්ස, ජන්නුකෙනාභිවස්සති, අලං ඵාසු විහාරාය, පහිතත්තස්ස භික්ඛුනො”තී.
“පලඟින් හුන්නා වූ වීර්ය වඩන භික්ෂුවට දණ මඬලින් ඔබ්බෙහි තෙමෙන කුටියේ වුවත් පහසුවෙන් වාසය කළ හැකි වේ.”
අපරෙ “ආසන්දිකුටික”න්ති පාඨං වත්වා “ආසන්දිප්පමාණං කුටිකං කත්වා”ති අත්ථං වදන්ති. අඤ්ඤෙ පන “ආසනනිසජ්ජාදිගතෙ මනුස්සෙ උද්දිස්ස මඤ්චකස්ස උපරි කතකුටිකා ආසන්දී නාම, තං ආසන්දිං කුටිකං කත්වා”ති අත්ථං වදන්ති. ඔග්ගය්හාති ඔගාහෙත්වා අනුපවිසිත්වා. අඤ්ජනං වනන්ති එවංනාමකං වනං, අඤ්ජනවණ්ණපුප්ඵභාවතො හි අඤ්ජනා වුච්චන්ති වල්ලියො, තබ්බහුලතාය තං වනං “අඤ්ජනවන”න්ති නාමං ලභි. අපරෙ පන “අඤ්ජනා නාම මහාගච්ඡා”ති වදන්ති, තං අඤ්ජනවනං ඔග්ගය්හ ආසන්දිකං කුටිකං කත්වා තිස්සො විජ්ජා අනුප්පත්තා, කතං බුද්ධස්ස සාසනන්ති විහරතා මයාති වචනසෙසෙනෙව යොජනා. ඉදමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසීති.
ඇතැම්හු “ආසන්දි කුටිකං” යන පාඨය දක්වා “ආසන්දියක් පමණ කුටියක් සාදා” යනුවෙන් අර්ථ කියති. සෙසු සම්ප්‍රදායන් හි “අසුන් ගැනීම්, හිඳගැනීම් ආදියට යෝග්‍යව මිනිසුන් සඳහා කරන ලද ඇඳක් මත සැදු කුටිය ආසන්දි නම් වේ” යැයි පවසා “ඒ ආසන්දි නම් කුටියක් සාදා” යනුවෙන් අර්ථ කියයි. “ඔගය්හ” යනු ඇතුළු වී, පිවිස “අඤ්ජනවනං” යනු මෙබඳු නමක් ඇති වනයට, අඳුන්වන් හෙවත් කළු පාටින් යුතු මල් වලින් බබලන අඤ්ජන නම් වූ වැල් බහුල ව ඇති බැවින් එම වනය “අඤ්ජනවනය” යන නම ලබා ඇත. ඇතැම් හු “අඤ්ජන යනු විශාල පැලෑටි වර්ගයක් ය” යි කියති. එම පැලෑටි බහුල වූ අඤ්ජන වනයට ඇතුළු වී, ආසන්දි කුටියක් කර (සාදා), “තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං” යනු මවිසින් ත්‍රිවිද්‍යා ලබන ලදි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකර වාසය කරන්නෙමි. මෙසේ පද පිළිවෙල ගලපා ගත යුතුයි. මෙම ගාථාවම තෙරුන් වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම වේ.
අඤ්ජනවනියත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
අඤ්ජනවනිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.