යෙදුමෙන් කියවන්න

සුබාහුත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සුබාහුත්‍ථෙරගාථාවණ‍්ණනා

සුබාහු ස්ථවිරගාථා වර්ණනාව

ඉතරෙහි වුත‍්තගාථාසු තතියපදෙ එව විසෙසො. තත්‍ථ සුබාහුනා වුත‍්තගාථායං චිත‍්තං සුසමාහිතඤ‍්ච කායෙති මම චිත‍්තං කරජකායෙ කායගතාසතිභාවනාවසෙන සුට‍්ඨු සමාහිතං සම‍්මදෙව අප‍්පිතං. අයඤ‍්හි ථෙරො කායගතාසතිභාවනාවසෙන පටිලද‍්ධඣානං පාදකං කත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තං සන්‍ධායාහ “චිත‍්තං සුසමාහිතඤ‍්ච කායෙ”ති.

එහි සුබාහු තෙරුන් විසින් පැවසූ ගාථාවේ “චිත්තං සුසමාහිතඤ්ච කායෙ” යනු මගේ සිත, මේ කයෙහි කායගතාසති භාවනාව වැඩීම් වශයෙන් මැනවින් සමාධිගත විය. මැනවින් සිත ඇතුළට පිවිස සිටී. මේ තෙරණුවෝ කායගතාසති භාවනාව වැඩීමෙන් ලැබූ ධ්‍යානය පාදක කරගෙන ම විදසුන් වඩා රහත් වූහ. එනිසා “මගේ සිත ද කය පිළිබඳව මැනවින් සමාධිගත විය. යනුවෙන් පවසන ලදි.

සුබාහුත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුබාහු ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

වල‍්ලියත්‍ථෙරගාථාවණ‍්ණනා

වල්ලිය ස්ථවිරගාථා වර්ණනාව

වල‍්ලියත්‍ථෙරගාථායං තස‍්සං විහරාමි අප‍්පමත‍්තොති තස‍්සං කුටිකායං අප‍්පමාදපටිපත‍්තියා මත්‍ථකං පාපිතත‍්තා අප‍්පමත‍්තො අරියවිහාරූපසංහිතෙන දිබ‍්බවිහාරාදිසංහිතෙන ච ඉරියාපථවිහාරෙන විහරාමි, අත‍්තභාවං පවත‍්තෙමීති වුත‍්තං හොති.

වල්ලිය තෙරුන්ගේ ගාථාවේ “තස්සං විහරාමි අප්පමත්තො” යනු එම කුටියෙහි අප්‍රමාද ප්‍රතිපත්තියෙන් අර්හත් ඵලය මස්තක ප්‍රාප්ත කරගත් බැවින්, අප්‍රමාදීව ආර්ය විහරණයන්ගෙන් යුක්තව, දිව්‍යමය විහරණයන්ගෙන් යුක්තව ඉරියවු පවත්වමින් වෙසෙමි. ශරීරය පවත්වා ගනිමි යන අදහසයි.

වල‍්ලියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා

වල්ලිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

උත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා

උත්තිය ස්ථවිරගාථා වර්ණනාව

උත‍්තියත්‍ථෙරෙන වුත‍්තගාථායං අදුතියොති අසහායො, කිලෙසසඞ‍්ගණිකාය ගණසඞ‍්ගණිකාය ච විරහිතොති අත්‍ථො.

උත්තිය තෙරුන් විසින් දෙසූ ගාථාවෙහි “අදුතියො” යනු තනිවම, යහලුවකු නොමැතිව වෙසෙමි. “කෙලෙස් සමූහයාගෙන් ද භික්‍ෂු සමූහයාගෙන් ද වෙන්ව - දුරුව වසමි” යන අදහසයි.

උත‍්තියත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උත්තිය ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.

චතුන‍්නං ථෙරානං ගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

මේ සතර තෙරවරුන්ගේ වස්තුව යි.