යෙදුමෙන් කියවන්න

සුසාරදත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

සුසාරදත්‍ථෙරගාථාවණ‍්ණනා

සුසාරද ස්ථවිරගාථා වර්ණනාව

සාධු සුවිහිතාන දස‍්සනන‍්ති ආයස‍්මතො සුසාරදත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? සො කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විජ‍්ජාපදෙසු නිප‍්ඵත‍්තිං ගන‍්ත්‍වා කාමෙසු ආදීනවං දිස‍්වා ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තප‍්පදෙසෙ අරඤ‍්ඤායතනෙ අස‍්සමං කාරෙත්‍වා විහාසි. අථ නං අනුග‍්ගණ‍්හන‍්තො පදුමුත‍්තරො භගවා භික‍්ඛාචාරවෙලායං උපසඞ‍්කමි. සො දූරතොව දිස‍්වා පසන‍්නමානසො පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තං ගහෙත්‍වා මධුරානි ඵලානි පක‍්ඛිපිත්‍වා අදාසි. භගවා තං පටිග‍්ගහෙත්‍වා අනුමොදනං කත්‍වා පක‍්කාමි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ ධම‍්මසෙනාපතිනො ඤාතිබ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මන්‍දපඤ‍්ඤත‍්තා සුසාරදොති ගහිතනාමො අපරභාගෙ ධම‍්මසෙනාපතිස‍්ස සන‍්තිකෙ ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 1.13.75-83) –

“සාධු සුවිහිතාන දස්සනං” යනු ආයුෂ්මත් සුසාරද තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි බමුණෙක්ව උපන්හ. සියලු විද්‍යාවන් හි කෙළවරට පැමිණි ඔහු කාමයේ ආදීනව දැක ගිහිගෙයින් නික්ම තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි ආරණ්‍යයක ආශ්‍රමයක් කරවාගෙන, එහි වාසය කළේය. ඔහුට අනුග්‍රහ පිණිස පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිඬුසිඟා යන වේලාවෙහි එතැනට එළඹිසේක. උන්වහන්සේ වඩිනු දුරදීම දුටු, පැහැදුණු සිත් ඇති බමුණා පෙරගමන් කොට, පාත්‍රය ගෙන මිහිරි ඵලවැල එහි තබා පූජාකළේය. භාග්‍යවතුන් වහන්සේ එම දානය පිළිගෙන, අනුමෝදනා දේශනාව පවත්වා විහාරයට වැඩිසේක. ඒ බමුණු කරන ලද මෙම පින්කමෙහි විපාක වශයෙන් කාමසුගතීන්හි ඉපිද, සසර සැරි සරා අපගේ බුදුරජාණන් වහන්සේ පහළවන සමයෙහි ධර්‍මසේනාපති වූ සැරියුත් මහතෙරුන්ගේ ඥාති බමුණු පවුලක ඉපිද මඳ වූ නුවණැති බැවින් “සුසාරද” යන නමින් ප්‍රකට ව විසීය. පසුකලෙක හෙතෙම සැරියුත් මහතෙරුන් සමීපයේ දී ධර්‍මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදිව විදසුන් වඩා නොබෝ දිනකින් ම රහත් විය. උන්වහන්සේ සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.

“අජ‍්ඣායකො මන‍්තධරො, තිණ‍්ණං වෙදාන පාරගූ; හිමවන‍්තස‍්සාවිදූරෙ, වසාමි අස‍්සමෙ අහං.

“වේද හදාරන්නා වූ, මන්ත්‍රධාරී වූ, වේදත්‍රයෙහි පරතෙරට ගිය මම හිමවත සමීපයේ වූ අසපුවක වෙසෙමි.

“අග‍්ගිහුත‍්තඤ‍්ච මෙ අත්‍ථි, පුණ‍්ඩරීකඵලානි ච; පුටකෙ නික‍්ඛිපිත්‍වාන, දුමග‍්ගෙ ලග‍්ගිතං මයා.

මාගේ ගිනි පිදීමෙක් ද විය. ඇටඹ ඵල මල්ලක දමා ගසක් මුදුනෙහි එල්ලා තැබුවෙමි.

“පදුමුත‍්තරො ලොකවිදූ, ආහුතීනං පටිග‍්ගහො; මමුද‍්ධරිතුකාමො සො, භික‍්ඛන‍්තො මමුපාගමි.

ලෝකයාගේ පූජාවන්ට භාජන වූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මා සසරින් ගොඩගනු කැමතිව පිඬුපිණිස හැසිරෙමින් මා වෙත වැඩිසේක.

“පසන‍්නචිත‍්තො සුමනො, ඵලං බුද‍්ධස‍්සදාසහං; විත‍්තිසඤ‍්ජනනො මය‍්හං, දිට‍්ඨධම‍්මසුඛාවහො.

පහන් සිත ඇති මම, සතුටින් යුක්තව බුදුරදුන්ට එම ඵල පිළිගැන්වූයෙමි. මාගේ පුණ්‍ය ප්‍රීතිය වඩන්නා වූ මෙලොවදීම සැප ගෙනදෙන්නා වූ රන්වන් පැහැයෙන් බබලන ලෝවැසි ජනයාගේ පුද පූජා පිළිගන්නා වූ ශාස්තෲන් වහන්සේ අහසේ වැඩ හිඳ මෙසේ වදාළසේක.

“සුවණ‍්ණවණ‍්ණො සම‍්බුද‍්ධො, ආහුතීනං පටිග‍්ගහො; අන‍්තලික‍්ඛෙ ඨිතො සත්‍ථා, ඉමං ගාථං අභාසථ.

“ඉමිනා ඵලදානෙන, චෙතනාපණිධීහි ච; කප‍්පානං සතසහස‍්සං, දුග‍්ගතිං නුපපජ‍්ජසි.

“මෙම ඵලදානය හා චිත්ත ප්‍රණිධිය නිසා කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නුඹ නො පැමිණෙන්නේ ය.”

“තෙනෙව සුක‍්කමූලෙන, අනුභොත්‍වාන සම‍්පදා; පත‍්තොම‍්හි අචලං ඨානං, හිත්‍වා ජයපරාජයං.

“මෙම කුශලය නිසා මම දිව්‍ය - මනුෂ්‍ය සම්පත් වින්දනය කළ මා දැන් අචල වූ ජය - පරාජ දෙකින්ම දුරුවූ උතුම් නිවණ අවබෝධ කළෙමි.

“ඉතො සත‍්තසතෙ කප‍්පෙ, රාජා ආසිං සුමඞ‍්ගලො; සත‍්තරතනසම‍්පන‍්නො, චක‍්කවත‍්තී මහබ‍්බලො.

මෙයින් සත්වන කල්පයේ දී සත්රුවනින් පිරි, මහත් බලැති සුමංගල නම් සක්විති රජව උපන්නෙමි.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අරහත‍්තං පන පත්‍වා සප‍්පුරිසූපනිස‍්සයානිසංසකිත‍්තනාපදෙසෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

රහත් බවට පත් වූ උන්වහන්සේ සත්පුරුෂ ආශ්‍රය ප්‍රකට කිරීම් වශයෙන් සිය රහත්බව ප්‍රකාශ කරන සේක්.

“සාධු සුවිහිතාන දස‍්සනං, කඞ‍්ඛා ඡිජ‍්ජති බුද‍්ධි වඩ‍්ඪති; බාලම‍්පි කරොන‍්ති පණ‍්ඩිතං, තස‍්මා සාධු සතං සමාගමො”ති. –

“සාධු සුවිහිතාන දස්සනං කඞ්ඛා ඡිජ්ජති බුද්ධි වඩ්ඪති, බාලම්පි කරොන්ති පණ්ඩිතං තස්මා සාධු සතං සමාගමො”

ගාථං අභාසි.

යන ගාථාව වදාළ සේක.

තත්‍ථ සාධූති සුන්‍දරං, භද‍්දකන‍්ති අත්‍ථො. සුවිහිතාන දස‍්සනන‍්ති සුවිහිතානං දස‍්සනං. ගාථාසුඛත්‍ථං අනුස‍්වාරලොපො කතො. සීලාදිගුණෙහි සුසංවිහිතත‍්තභාවානං පරානුද‍්දයාය සුට‍්ඨු විහිතධම‍්මදෙසනානං අරියානං දස‍්සනං සාධූති යොජනා. “දස‍්සන”න‍්ති නිදස‍්සනමත‍්තං දට‍්ඨබ‍්බං සවනාදීනම‍්පි බහුකාරත‍්තා. වුත‍්තඤ‍්හෙතං භගවතා –

එහි “සාධු” යනු සුන්දර වූ, යන අර්ථයයි. “සුවිහිතාන දස්සනං” යනු මනාව පිහිට වූ සිත් ඇත්තන්ගේ (සුවිහිතානං) දර්ශනය - දැකීම. ගාථාව පහසුවෙන් පැවසීම සඳහා සුවිහිතානං යන තැන බින්දුව ලොප් කරන ලදි. සීලාදී ගුණ ධර්‍මයන්ගෙන් මනාව සංවර වූ ස්වභාව ඇති, අනුන් කෙරෙහි අනුකම්පාවෙන් මනාව දෙසන දම් දෙසුම් ඇති ආර්යයන් වහන්සේලාගේ දර්ශනය - දැකීම ඉතා යහපත් වූවකි. “දස්සනං” යනු ශ්‍රවණාදියෙහි ද බොහෝ උපකාර ඇති බැවින් දැකීම යනු නිදසුනක් පමණ යැයි දතයුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ -

“යෙ තෙ භික‍්ඛූ සීලසම‍්පන‍්නා සමාධිසම‍්පන‍්නා පඤ‍්ඤාසම‍්පන‍්නා විමුත‍්තිසම‍්පන‍්නා විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නා ඔවාදකා විඤ‍්ඤාපකා සන්‍දස‍්සකා සමාදපකා සමුත‍්තෙජකා සම‍්පහංසකා අලංසමක‍්ඛාතාරො සද‍්ධම‍්මස‍්ස, දස‍්සනම‍්පාහං, භික‍්ඛවෙ, තෙසං භික‍්ඛූනං බහූපකාරං වදාමි, සවනං…පෙ… උපසඞ‍්කමනං…පෙ… පයිරුපාසනං…පෙ… අනුස‍්සරණං…පෙ… අනුපබ‍්බජ‍්ජම‍්පාහං, භික‍්ඛවෙ, තෙසං භික‍්ඛූනං බහූපකාරං වදාමී”ති (ඉතිවු· 104).

“යම් භික්‍ෂු පිරිසක් සීල, සමාධි, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන ආදියෙන් සමන්විත වූ සේක් ද අවවාද දෙන, අවබෝධ කරවන, නිවන් මග දක්වන, එහි සමාදන් කරවන, ආර්ය මාර්ගයෙහි උත්සාහවත් කරවන, සතුටු කරවන ප්‍රමාණවත් සද්ධර්‍ම දේශනාවක් පවත්වන්නෝ වෙත් ද; මහණෙනි, එබඳු භික්‍ෂූහු බොහෝ උපකාර ඇත්තෝ යැයි මම කියමි.” දැකීම මූලික වූ බැවින් හේ අන්‍යයන්ගේ දැකීම් පමණින් ම “මේ ගුණ ඔවුන්ට විද්‍යමාන වේ” යැයි කියන ලදි. එය හේතු දක්වන වචනයකි. මෙබඳු වූ ස්වරූප ඇති කලණ මිතුරන්ගේ දැකීම් පමණින් ම නුවණ ඇති තමාට වැඩ කැමති කුල පුත්‍රයා උන්වහන්සේලා වෙත පැමිණේ, ඇසුරු කරයි. “ස්වාමීනි! කුසල් යනු කුමක් ද? අකුසල් යනු කුමක් ද?” යි ආදී ප්‍රශ්න විමසයි.

දස‍්සනමූලකත‍්තා වා ඉතරෙසං දස‍්සනමෙවෙත්‍ථ වුත‍්තං, කඞ‍්ඛා ඡිජ‍්ජතීතිආදි තත්‍ථ කාරණවචනං. තාදිසානඤ‍්හි කල්‍යාණමිත‍්තානං දස‍්සනෙ සති විඤ‍්ඤුජාතිකො අත්‍ථකාමො කුලපුත‍්තො තෙ උපසඞ‍්කමති පයිරුපාසති “කිං, භන‍්තෙ, කුසලං, කිං අකුසල”න‍්තිආදිනා (ම· නි· 3.296) පඤ‍්හං පුච‍්ඡති. තෙ චස‍්ස අනෙකවිහිතෙසු කඞ‍්ඛාට‍්ඨානීයෙසු කඞ‍්ඛං පටිවිනොදෙන‍්ති, තෙන වුත‍්තං “කඞ‍්ඛා ඡිජ‍්ජතී”ති. යස‍්මා ච තෙ ධම‍්මදෙසනාය තෙසං කඞ‍්ඛං පටිවිනොදෙත්‍වා පුබ‍්බභාගෙ කම‍්මපථසම‍්මාදිට‍්ඨිං විපස‍්සනාසම‍්මාදිට‍්ඨිඤ‍්ච උප‍්පාදෙන‍්ති, තස‍්මා තෙසං බුද‍්ධි වඩ‍්ඪති. යදා පන තෙ විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා සච‍්චානි පටිවිජ‍්ඣන‍්ති, තදා සොළසවත්‍ථුකා අට‍්ඨවත්‍ථුකා ච විචිකිච‍්ඡා ඡිජ‍්ජති සමුච‍්ඡිජ‍්ජති, නිප‍්පරියායෙන පඤ‍්ඤා බුද‍්ධි වඩ‍්ඪති. බාල්‍යසමතික‍්කමනතො තෙ පණ‍්ඩිතා හොන‍්ති. සො තෙහි බුද‍්ධිං වඩ‍්ඪෙති, බාලම‍්පි කරොන‍්ති පණ‍්ඩිතන‍්ති. තස‍්මාතිආදි නිගමනං, යස‍්මා සාධූනං දස‍්සනං වුත‍්තනයෙන කඞ‍්ඛා ඡිජ‍්ජති බුද‍්ධි වඩ‍්ඪති, තෙ බාලං පණ‍්ඩිතං කරොන‍්ති, තස‍්මා තෙන කාරණෙන සාධු සුන්‍දරං සතං සප‍්පුරිසානං අරියානං සමාගමො, තෙහි සමොධානං සම‍්මා වඩ‍්ඪනන‍්ති අත්‍ථො.

ඒ සත්පුරුෂ තෙරවරු ද ඔහුගේ නානාවිධ වූ සැක ඇති තැන් හි ඇති සැකය දුරුකරති. එනිසා “කඞ්ඛා ඡිජ්ජති” යනුවෙන් “සැක සිඳින ලදි” යැයි කියන ලදි. ඒ සත්පුරුෂ තෙරවරු ධර්‍මදේශනාවෙන් සැක සහිත පුද්ගලයන්ගේ සැක දුරුකරවා, පූර්වභාග වූ කර්මපථ සම්මා දිට්ඨිය ද විදර්ශනා සම්මා දිට්ඨිය ද උපදවති. එනිසා ඒ පුද්ගලයන්ගේ බුද්ධිය වැඩේ. (බුද්ධි වඩ්ඪති) යම් කලෙක ඔවුහු විදසුන් වඩා චතුරාර්ය සත්‍යධර්‍ම අවබෝධ කරගනිත් ද එකල් හි සොළොස් වස්තුක වූ ද අට වස්තුක වූ ද සැකය සිඳෙයි. සම්පූර්ණයෙන් ම වැනසෙයි. වෙනස් කළ නොහැකි ලෙසම ඔවුන්ගේ ප්‍රඥාව වැඩේ. බාල, මෝඩ බව ඉක්ම වූ ඔවුහු පණ්ඩිතයෝ වෙති. ඔවුන්ගේ බුද්ධිය වැඩෙයි. එනිසා “බාලම්පි කරොන්ති පණ්ඩිතං” යනුවෙන් බාලයෝ ද නුවණැත්තෝ කරති යන නිගමනය ගන්නා ලදි. ඉහත පැවසූ ලෙසම සත්පුරුෂයන් දැකීමෙන් හා සැක සංකා දුරුකරගැනීමෙන් බුද්ධිය වැඩෙයි. එනිසා ඔවුහු සැක සහිත බාලයෝ නුවණැති බවට පමුණුවති. මෙම කාරණය - හේතවු නිසා සත්පුරුෂයෝ ඉතා යහපත් වෙති. සුන්දර වෙති. එබඳු ආර්‍ය්‍ය උතුමන්ගේ එක්වීම යහපත වර්ධනය කරන්නකි. මෙසේ ගාථාවේ අර්ථ දතයුතුයි.

සුසාරදත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

සුසාරද ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.