පියඤ්ජහත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
පියඤ්ජහත්ථෙරගාථාවණ්ණනා
පියඤ්ජහ ස්ථවිරගාථා වර්ණනාව
උප්පතන්තෙසු නිපතෙති ආයස්මතො පියඤ්ජහත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො ඉතො එකනවුතෙ කප්පෙ විපස්සිස්ස භගවතො කාලෙ හිමවන්තෙ රුක්ඛදෙවතා හුත්වා පබ්බතන්තරෙ වසන්තො දෙවතාසමාගමෙසු අප්පානුභාවතාය පරිසපරියන්තෙ ඨත්වා ධම්මං සුත්වා සත්ථරි පටිලද්ධසද්ධො එකදිවසං සුවිසුද්ධං රමණීයං ගඞ්ගායං පුලිනප්පදෙසං දිස්වා සත්ථු ගුණෙ අනුස්සරි – “ඉතොපි සුවිසුද්ධා සත්ථු ගුණා අනන්තා අපරිමෙය්‍යා චා”ති, එවං සො සත්ථු ගුණෙ ආරබ්භ චිත්තං පසාදෙත්වා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං ලිච්ඡවිරාජකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො යුද්ධසොණ්ඩො අපරාජිතසඞ්ගාමො අමිත්තානං පියහානිකරණෙන පියඤ්ජහොති පඤ්ඤායිත්ථ. සො සත්ථු වෙසාලිගමනෙ පටිලද්ධසද්ධො පබ්බජිත්වා අරඤ්ඤෙ වසමානො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.13.84-90) –
“උප්පතන්තෙසු නිපතෙ” යනු ආයුෂ්මත් පියඤ්ජහ තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී ඒ ඒ භවයන්හි දී කළ ප්‍රාර්ථනා ඇතිව නිවන් පතාගෙන කළ පින්දහම් ඇතිසේක්; මෙයින් කල්ප අනූ එකකට පෙර විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත එක් රැක් දෙවියෙක් ව උපන්හ. පර්වත අතර වසන එම දෙවියා දේව සමාගමයන්හි දී අල්ප ආනුභාව ඇති බැවින් පිරිස් කෙළවර හිඳ ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇති ව, එක් දිනක් ඉතා පිරිසිදු රමණීය ගංගාවක වැලි තලාවක් දැක; “ශාස්තෲන් වහන්සේගේ අප්‍රමාණ ගුණ සමූහය මෙයට ද වඩා අනන්තය. අප්රමාණයැ”යි ශාස්තෲන් වහන්සේගේ ගුණ සිහිපත් කළේය. මෙසේ ශාස්තෲ ගුණයන්හි පිහිටුවන ලද සිත් පැහැදවීම ඇති එම දෙවියා ඉන් චුතව කාම සුගතීන් හි ම සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයෙහි විශාලා මහනුවර ලිච්ඡවි රජ පවුලක ඉපිද, යුධකාමී වූ තරුණයෙක් ව නො පැරදුණු සටන් ඇතිව, සතුරන්ට මහත් හානි පමුණුවන බැවින් “පියඤ්ජහ” නමින් ප්‍රකට විය. ශාස්තෲන් වහන්සේ විශාලා මහනුවරට වැඩම වූ මොහොතෙහි ලැබූ ශ්‍රද්ධාවෙන් සසුනේ පැවිදි වී අරණ්‍යයෙහි වාසය කළ උන්වහන්සේ, විදසුන් වඩා මහරහත් ඵලයෙහි පිහිටි සේක. උන්වහන්සේ විසින් සිය චරිතාපදානය මෙසේ දැක්වූහ.
“පබ්බතෙ හිමවන්තම්හි, වසාමි පබ්බතන්තරෙ; පුලිනං සොභනං දිස්වා, බුද්ධසෙට්ඨං අනුස්සරිං.
“හිමවත් පව්වෙහි කඳු අතරෙහි වෙසෙමි. ශෝභන වූ වැලිතලාවක් දැක බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.”
“ඤාණෙ උපනිධා නත්ථි, සඞ්ඛාරං නත්ථි සත්ථුනො; සබ්බධම්මං අභිඤ්ඤාය, ඤාණෙන අධිමුච්චති.
උන්වහන්සේගේ නුවණට සැසඳීමට උපමාවක් නැත. ශාස්තෲන් වහන්සේට සංග්‍රාමයකුත් නැත. සියලු ධර්මයන් මනාව දැන නුවණින් නිශ්චයට පැමිණේ.
“නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම; ඤාණෙන තෙ සමො නත්ථි, යාවතා ඤාණමුත්තමං.
පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා. උතුම් නිවණ යම්තාක් වේ ද ඒතාක් නුවණින් ඔබවහන්සේ හා සම කෙනෙක් නැත.
“ඤාණෙ චිත්තං පසාදෙත්වා, කප්පං සග්ගම්හි මොදහං; අවසෙසෙසු කප්පෙසු, කුසලං චරිතං මයා.
මෙසේ බුද්ධ ඥානයෙහි සිත පහදවා කල්පයක් මුළුල්ලෙහි මම ස්වර්ගයෙහි සතුටු වූයෙමි. සෙසු කල්පයන් හි ද ම විසින් කුසල් කරන ලදි.
“එකනවුතිතො කප්පෙ, යං සඤ්ඤමලභිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඤාණසඤ්ඤායිදං ඵලං.
මෙයින් එක් අනූවන කල්පයේ යම් [missing trans] බුද්ධ ඥාන සංඥාවෙහි මේ විපාකයයි.
“ඉතො සත්තතිකප්පම්හි, එකො පුලිනපුප්ඵියො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් තෙසැත්තෑවන කල්පයේ සත් රුවනින් පිරි මහත් බල ඇති පුලින පුප්ඵිය නම් සක්විති රජ කෙනෙක් වූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
මම දැන් සියලු කෙලෙස් දැවුයෙමි -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා “අන්ධපුථුජ්ජනානං පටිපත්තිතො විධුරා අරියානං පටිපත්තී”ති ඉමස්ස අත්ථස්ස දස්සනවසෙන අඤ්ඤං බ්යාකරොන්තො –
රහත් බවට පත් වූ පියඤ්ජහ තෙරණුවෝ; “අද පුහුදුන් පුද්ගලයන්ගේ ප්‍රතිපත්තියෙන් ආර්යයන්ගේ ප්‍රතිපත්තිය ඉතා දුරවේ” යන මෙම අර්ථය දැක්වීම් වශයෙන් ද සියලු කෙලෙස් නසා රහත් වූ බව දැක්වීම් වශයෙන් ද මෙම ගාථාව වදාළහ.
“උප්පතන්තෙසු නිපතෙ, නිපතන්තෙසු උප්පතෙ; වසෙ අවසමානෙසු, රමමානෙසු නො රමෙ”ති. – ගාථං අභාසි;
“උප්පතන්තෙසු නිපතෙ නිපතන්තෙසු උප්පතෙ, වසෙ අවසමානෙසු රම්මානෙසු නො රමෙ”
තත්ථ උප්පතන්තෙසූති උණ්ණමන්තෙසු, සත්තෙසු මානුද්ධච්චථම්භසාරම්භාදීහි අත්තුක්කංසනෙන අනුපසන්තෙසු. නිපතෙති නමෙය්ය, තෙසඤ්ඤෙව පාපධම්මානං පරිවජ්ජනෙන නිවාතවුත්ති භවෙය්ය. නිපතන්තෙසූති ඔණමන්තෙසු, හීනාධිමුත්තිකතාය කොසජ්ජෙන ච ගුණතො නිහීයමානෙසු. උප්පතෙති උණ්ණමෙය්ය, පණීතාධිමුත්තිකතාය වීරියාරම්භෙන ච ගුණතො උස්සුක්කෙය්ය. අථ වා උප්පතන්තෙසූති උට්ඨහන්තෙසු, කිලෙසෙසු පරියුට්ඨානවසෙන සීසං උක්ඛිපන්තෙසු. නිපතෙති පටිසඞ්ඛානබලෙන යථා තෙ න උප්පජ්ජන්ති, තථා අනුරූපපච්චවෙක්ඛණාය නිපතෙය්ය, වික්ඛම්භෙය්ය චෙව සමුච්ඡින්දෙය්ය ච. නිපතන්තෙසූති පරිපතන්තෙසු, අයොනිසොමනසිකාරෙසු වීරියපයොගමන්දතාය වා යථාරද්ධෙසු සමථවිපස්සනාධම්මෙසු හාය මානෙසු . උප්පතෙති යොනිසොමනසිකාරෙන වීරියාරම්භසම්පදාය ච තෙ උපට්ඨාපෙය්ය උප්පාදෙය්ය වඩ්ඪෙය්ය ච. වසෙ අවසමානෙසූති සත්තෙසු මග්ගබ්රහ්මචරියවාසං අරියවාසඤ්ච අවසන්තෙසු සයං තං වාසං වසෙය්යාති, අරියෙසු වා කිලෙසවාසං දුතියකවාසං අවසන්තෙසු යෙන වාසෙන තෙ අවසමානා නාම හොන්ති, සයං තථා වසෙ. රමමානෙසු නො රමෙති සත්තෙසු කාමගුණරතියා කිලෙසරතියා රමන්තෙසු සයං තථා නො රමෙ නං රමෙය්ය, අරියෙසු වා නිරාමිසාය ඣානාදිරතියා රමමානෙසු සයම්පි තථා රමෙ, තතො අඤ්ඤථා පන කදාචිපි නො රමෙ නාභිරමෙය්ය වාති අත්ථො.
එහි “උප්පතන්තෙසු” යනු සත්ත්වයෝ දියුණුවන, උසස්බවට පත්වන කල්හි මාන, උද්ධච්ච, තදගති හා එකටෙක කිරීමාදියෙන් තමා හුවා දැක්වීම් (අත්තුක්කංසනයෙන්) වශයෙන් නොසන්සුන් වන අවස්ථාවෙහි; “නිපතෙ” යනු නැමෙන්නේය. ඒ පාපීධර්ම දුරින් ම දුරුකිරීම් වශයෙන් යටහත් පැවතුම් ඇත්තකු වන්නේය. “නිපතන්තෙසු” යනු පහතට නැමෙන කල්හි, හීනාධීමුක්තික වූ කුසීත බව ආදියෙන් ගුණයන්ගෙන් පිරිහෙන අවස්ථාවෙහි, “උප්පතෙ” යනු තමා උසස්බවට පත්වන්නේ ය. ප්‍රණීතාධිමුක්තික වූ වීර්යාරම්භයෙන් ගුණ මහිමයෙන් නැගී සිටින්නේය. උසස් බවට පත්වන්නේය. නැතහොත් “උප්පතන්තෙසු” යනු කෙලෙස් නැගී නැගී සිටිනා කල්හි, මැඩගෙන නැගීසිටීම් වශයෙන් කෙලෙස් හිස ඔසවන කල්හි “නිපතෙ” යනු යම්සේ එම කෙලෙස් නූපදින්නේ ද එසේ සුදුසු වූ ප්රත්යවේක්ෂාදියකින් මැඩපැවැත්වීම් වශයෙන් විෂ්කම්භනය කරන්නේය. එසේම මුලුමනින් ම සිඳ දමන්නේය. “නිපතන්තෙසු” යනු බිඳවැටෙන කල්හි, අනුවණින් මෙනෙහි කිරීමෙන් වීර්ය උත්සාහ ප්රයෝගාදිය මද වූ බැවින් හෝ එසේ ඇරඹි සමථ විදර්ශනාදී ධර්ම පිරිහෙන කල්හි; “උප්පතෙ” යනු නුවණින් මෙනෙහි කිරීමෙන් ද වීර්යාරම්භ සම්ප්‍රදායෙන් ද ඔවුහු නැගී සිටින්නේය. මාර්ග ඵල උපදවන්නෝය. ආර්ය මාර්ගය වඩන්නෝ ය. “වසෙ අවසමානෙසු” යනු සෙසු ජනයා (සත්ත්වයා) මග බඹසරෙහි ද ආර්ය වාසයෙහි ද නො හැසිරෙන කල්හි තමා එම විහරණයන්ගෙන් යුක්ත වන්නේය. බඹ සර වාසයෙහි යෙදෙන්නේය. නැතහොත් ආර්යයෝ කෙලෙස් වසඟව දෙවැනි වාසයක නො වසන්නා හු ද යම් බඹසරක විසීමෙන් ඔවුහු “අවසමාන” නම් වේ ද එසේ තමා ද එම ගුණ අනුගමනය කරයි. “රම්මානෙසු නො රමෙ” යනු සෙසු සත්ත්වයෝ කාම ගුණයන්හි ඇලී කෙලෙස්වල ගැලෙන කල්හි තමා එහි නො ඇලෙන්නේය. “නො රමෙ” යනු නො ඇලේ. නැතිනම් ආර්යයෝ නිරාමිෂව ධ්‍යානයන් හි වෙසෙසින් ඇලෙන කල්හි තමා ද එහි ඇලෙන්නේය. ඉන් අන් ආකාරයකට වෙනස් බවකට කිසිදා නොයන්නේය. පංච කාම ගුණයන් හි කිසිදු අයුරකින් නො ඇලෙන්නේය යන අර්ථයයි.
පියඤ්ජහත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
පියඤ්ජහ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.