යෙදුමෙන් කියවන්න

පියඤ‍්ජහත්‍ථෙරගාථා

1. 8. 6.

1. 8. 6.

76. උප‍්පතන‍්තෙසු නිපතෙ නිපතන‍්තෙසු උප‍්පතෙ වසෙ අවසමානෙසු රමමානෙසු නො රමෙ’ති.

76. (සත්ත්‍වයන් මානාදීන්) නැඟී සිටුනා කල්හි (තෙමේ) බැසැ සිටුනේ යැ, (සත්ත්‍වයන් ගුණයෙන් හෝ සමථවිදර්‍ශනාධර්‍මයෙන්) බැසැ සිටුනා කල්හි තෙමේ නැඟී සිටුනේ යැ, නොහොත් (කෙලෙසුන්) නැඟී සිටුනා කල්හි (අනුරූප ප්‍රත්‍යවේක්‍ෂණයෙකින්) විෂ්කම්භණය කරන්නේ යැ, (සමථවිදර්‍ශනාධර්‍මයන්) බැසැ සිටුනා කල්හි නඟාලන්නේ යැ, (සත්ත්‍වයන්) බඹසරැ නො වස්නා කල්හි (තෙමේ) වස්නේ යැ, (සත්ත්‍වයන්) පස්කම්ගුණයෙහි ඇලෙන කල්හි (තෙමේ) නො ඇලෙන්නේ ය යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පියඤ‍්ජහො ථෙරො ගාථං අභාසිත්‍ථා’ති.

මෙසේ ... පියඤ්ජහ ස්ථවිරයන් වහන්සේ ...

පියඤ‍්ජහත්‍ථෙරගාථා.

පියඤ්ජහ ස්ථවිරගාථා යි.