හත්ථාරොහපුත්තත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
හත්ථාරොහපුත්තත්ථෙරගාථාවණ්ණනා
හත්‍ථාරෝහකපුත්ත ස්ථවිරගාථා වර්ණනාව
ඉදං පුරෙ චිත්තමචාරි චාරිකන්ති ආයස්මතො හත්ථාරොහපුත්තත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සො කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයං පුඤ්ඤං උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථාරං භික්ඛුසඞ්ඝපරිවුතං විහාරතො නික්ඛන්තං දිස්වා පසන්නචිත්තො පුප්ඵෙහි පූජං කත්වා පඤ්චපතිට්ඨිතෙන වන්දිත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං හත්ථාරොහකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො හත්ථිසිප්පෙ නිප්ඵත්තිං අගමාසි. සො එකදිවසං හත්ථිං සික්ඛාපෙන්තො නදීතීරං ගන්ත්වා හෙතුසම්පත්තියා චොදියමානො “කිං මය්හං ඉමිනා හත්ථිදමනෙන, අත්තානං දමනමෙව වර”න්ති චින්තෙත්වා භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වාව චරියානුකූලං කම්මට්ඨානං ගහෙත්වා විපස්සනාය කම්මං කරොන්තො චිරපරිචයෙන කම්මට්ඨානතො බහිද්ධා විධාවන්තං චිත්තං ඡෙකො හත්ථාචරියො විය අඞ්කුසෙන චණ්ඩමත්තවරවාරණං පටිසඞ්ඛානඅඞ්කුසෙන නිග්ගණ්හන්තො “ඉදං පුරෙ චිත්තමචාරි චාරික”න්ති ගාථං අභාසි.
“ඉදං පුරෙ චිත්තමචාරි චාරිකං” යන ගාථාව ආයුෂ්මත් හත්ථාරෝහ පුත්ත තෙරුන් වහන්සේ විසින් දෙසන ලද්දකි. එහි උපත කෙසේ ද? ඒ ඒ භවයන් හි දී රැස් කරන ලද පුණ්‍ය සම්භාර ධර්ම ඇති මේ තෙරණුවෝ ද පෙර බුදුවරු හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇතිව සසර සැරි සැරූහ. විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සිටුගෙයක ඉපිද වැඩිවිය පැමිණියේ, එක් දිනක් බික් සඟන පිරිවරාගෙන විහාරයෙන් නික්ම වඩින ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් මලින් පූජා පැවැත්වීය. මල්වලින් පූජා පවත්වා පසඟ පිහිටුවා වැඳ ප්රදක්ෂිණා කොට පින් රැස්කරගත් හෙතෙම, එපින් බෙලෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත් නුවර හත්ථාරෝහක කුලයෙහි උපන්නේය. වැඩිවියට පත්ව සියලු හස්ති ශිල්පයන් හි අගතැන්පත් වූ මේ ඇත් ගොවුවාට දිනක් ඇතුන් හික්මවමින්, නදී තෙරට යන විට, පෙර පින් බෙලෙන් මෙහෙයවනු ලබනුයේ, “මම මේ ඇතුන් දමනයෙන් කවර ප්‍රයෝජනයක් ද? තමා දමනය කරගැනීම ම උතුම් වේ” යැයි සිතක් පහළ විය. හෙතෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, ධර්මය අසා ලැබූ ශ්‍රද්ධාවෙන් පැවිදි ව, සිය චරිතයට ගැලපෙන කමටහන් රැගෙන විදසුන් භාවනාවෙහි සිත යොදවා බොහෝ කලක් පුරුදු කරන ලද කමටහන් ඇති විය. ඔබිනොබ දුවන සිත; දක්ෂ හස්ත්යාචාර්යකු හෙණ්ඩුවෙන් මත් වූ මද වෑහෙන මතැතෙකු දමනය කරන්නාක් මෙන් නුවණින් සලකා බැලීම නම් හෙණ්ඩුවෙන් දමනය කරමින් “ඉදං පරෙ චිත්තමචාරි චාරිකං” යන ගාථාව උන්වහන්සේ විසින් දෙසන ලදි.
තත්ථ ඉදන්ති වුච්චමානස්ස චිත්තස්ස අත්තපච්චක්ඛතාය වුත්තං. පුරෙති නිග්ගහකාලතො පුබ්බෙ. අචාරීති විචරි, අනවට්ඨිතතාය නානාරම්මණෙසු පරිබ්භමි . චාරිකන්ති යථාකාමචරියං. තෙනාහ “යෙනිච්ඡකං යත්ථකාමං යථාසුඛ”න්ති. තන්ති තං චිත්තං. අජ්ජාති එතරහි. නිග්ගහෙස්සාමීති නිග්ගණ්හිස්සාමි, නිබ්බිසෙවනං කරිස්සාමි. යොනිසොති උපායෙන. යථා කිං? හත්ථිප්පභින්නං විය අඞ්කුසග්ගහො. ඉදං වුත්තං හොති – ඉදං මම චිත්තං නාම ඉතො පුබ්බෙ රූපාදීසු ආරම්මණෙසු යෙන යෙන රමිතුං ඉච්ඡති, තස්ස තස්ස වසෙන යෙනිච්ඡකං, යත්ථ යත්ථ චස්ස කාමො, තස්ස තස්ස වසෙන යත්ථකාමං, යථා යථා විචරන්තස්ස සුඛං හොති, තථෙව චරණතො යථාසුඛං දීඝරත්තං චාරිකං අචරි, තං අජ්ජපාහං භින්නමදමත්තහත්ථිං හත්ථාචරියසඞ්ඛාතො ඡෙකො අඞ්කුසග්ගහො අඞ්කුසෙන විය යොනිසොමනසිකාරෙන නිග්ගහෙස්සාමි, නාස්ස වීතික්කමිතුං දස්සාමීති. එවං වදන්තො එව ච ථෙරො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං සච්ඡාකාසි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 1.13.91-96) –
එම ගාථාවෙහි “ඉදං” යනු ගාථාව පවසන්නාගේ සිතේ ආත්ම ප්රත්යක්ෂ සඳහා කියන ලද්දකි. “පුරෙ” පෙර සිත දමනය කිරීමට, නිග්රහකිරීමට පෙර “අචාරී” යනු හැසිරුණේය, දමනය නොවූ අස්ථිර චඤ්චල වූ සිත නොයෙක් අරමුණුවල හැසිරුණේය. “චාරිකං” යනු කැමති සේ හැසිරුණේය. එනිසා “යෙහිච්ඡකං යත්ථකාමං යථාසුඛං” යනාදිය කියන ලදි. රිසිසේ, කැමති තැනක, සුවසේ සිත හැසිරුණේය. “තදජ්ජහං” යන්නෙහි (තං + අජ්ජ + අහං) “තං” යනු ඒ සිතයි. “අජ්ජ” යනු දැන් - අද “අහං” මම “නිග්ගහෙස්සාමි” යනු නිග්‍රහ කරන්නෙමි. කළකිරෙමි. දමනය කරන්නෙමි. “යොනිසො” යනු උපායෙන් - නුවණින් “යථා” යනු යම්සේ. අංකුසයෙන් ඇතුන් බිඳලන්නාක් - දමනය කරන්නාක් මෙනි. මෙහි අදහස මෙසේ දතයුතුයි. - මේ මගේ සිත මීට පෙර රූපා දී විවිධ අරමුණුවල ඇලීමට කැමති වූයේ ද ඒ ඒ රිසි තැන්හි ඇලුණේය. යම් තැනක හැසිරීමෙන් සැපයක් - සුවයක් ලැබේ ද එබඳු සුව ඇති තැන්හි බොහෝ කාලයක් හැසිරුණේය. එබඳු වූ සිතට අද මම, දක්ෂ ඇත් ගොවුවෙකු හෙණ්ඩුවකින් මද වෑහෙන ඇතුන් දමනය කරන්නාක් මෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් දමනය කරන්නෙමි. සිතට නිග්‍රහ කරන්නෙමි. මම මගේ සිතට විසිරීයාමට, අවුල්ව යෑමට අවසර නොදෙමි.” මෙසේ පවසත් පවසත් ම තෙරුන් වහන්සේ විදසුන් වඩා රහත් ඵලය සාක්ෂාත් කරගත් සේක. උන්වහන්සේගේ චරිතාපදානය අපදානපාළියේ මෙසේ දැක්වේ -
“සුවණ්ණවණ්ණො සම්බුද්ධො, විපස්සී දක්ඛිණාරහො; පුරක්ඛතො සාවකෙහි, ආරාමා අභිනික්ඛමි.
“දක්ෂිණාවන්ට සුදුසු වූ රන්වන් වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන් පෙරටු කරගෙන තම ආරාමයෙන් නික්මුණු සේක.
“දිස්වානහං බුද්ධසෙට්ඨං, සබ්බඤ්ඤුං තමනාසකං; පසන්නචිත්තො සුමනො, ගණ්ඨිපුප්ඵං අපූජයිං.
මොහඳුර දුරු කරන්නා වූ සර්වඥ වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ දුටු මම; පහන් සිත් ඇතිව සතුටින් සුවඳ මල් පූජා කළෙමි.
“තෙන චිත්තප්පසාදෙන, ද්විපදින්දස්ස තාදිනො; හට්ඨො හට්ඨෙන චිත්තෙන, පුන වන්දිං තථාගතං.
ද්විපදෝත්තම වූ තාදී ගුණ සහිත බුදුරදුන් කෙරෙහි හටගත් සිත් පැහැදීම නිසා අතිශය සන්තෝෂයට පත් මම, තථාගතයන්ට නැවත නැවත වැන්දෙමි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද ඒ හේතුවෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාකය මෙබඳුය.
“එකතාලීසිතො කප්පෙ, චරණො නාම ඛත්තියො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මීට කල්ප සතලිස් එකකට පෙර සත් රුවනින් හෙබි - මහබලවත් “වරණ” නම් සක්විති රජ වූයෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අයමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණගාථා අහොසීති.
මෙම ගාථාවම තෙරණුවන්ගේ රහත්බව ප්‍රකාශ කරන ගාථාව ද විය.
හත්ථාරොහපුත්තත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
හත්ථාරෝහ පුත්ත ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.