මෙණ්ඩසිරත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
මෙණ්ඩසිරත්ථෙරගාථාවණ්ණනා
මෙණ්ඩසිර ස්ථවිරගාථා වර්ණනාව
අනෙකජාතිසංසාරන්ති ආයස්මතො මෙණ්ඩසිරත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? සොපි කිර පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි කරොන්තො ඉතො එකනවුතෙ කප්පෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා වයප්පත්තො කාමෙ පහාය ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා මහතා ඉසිගණෙන සද්ධිං හිමවන්තෙ වසන්තො සත්ථාරං දිස්වා පසන්නමානසො ඉසිගණෙන පදුමානි ආහරාපෙත්වා සත්ථු පුප්ඵපූජං කත්වා සාවකෙ අප්පමාදපටිපත්තියං ඔවදිත්වා කාලං කත්වා දෙවලොකෙ නිබ්බත්තො අපරාපරං සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාකෙතෙ ගහපතිකුලෙ නිබ්බත්ති, තස්ස මෙණ්ඩසරික්ඛසීසතාය මෙණ්ඩසිරොත්වෙව සමඤ්ඤා අහොසි. සො භගවති සාකෙතෙ අඤ්ජනවනෙ විහරන්තෙ සත්ථාරං උපසඞ්කමිත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා සමථවිපස්සනාසු කම්මං කරොන්තො ඡළභිඤ්ඤො අහොසි. තෙව වුත්තං අපදානෙ (අප· ථෙර 1.13.97-105) –
“අනෙක ජාති සංසාරං” යනු ආයුෂ්මත් මෙණ්ඩසිර තෙරුන් වහන්සේගේ ගාථාවයි. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුරජාණන් වහන්සේලා හමුවෙහි දී කරන ලද ප්‍රාර්ථනා ඇති ව ඒ ඒ භවයන් හි දී නිවන් පතාගෙන නොයෙක් පින් දහම් සිදුකරගත්හ. මෙතෙම මෙයින් කල්ප අනූ එකකට පෙර බමුණු කුලයක ඉපිද වැඩිවිය පත්ව, සසර පුරුදුතාවය නිසා ගිහිගේ හැර දමා සෘෂි පැවිද්දෙන් පැවිදිව මහත් වූ සෘෂිවරු පිරිවරාගෙන හිමවතෙහි වාසය කළේය. දිනක් එහි වැඩම වූ ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සෘෂිතුමා තම ශිෂ්‍ය ගණයා ලවා නෙලුම් මල් ගෙන්වා ඉන් උන්වහන්සේට පූජා කළේය. මල් පූජාවෙන් අනතුරුව සිය සිසුන්ට අප්‍රමාදීව කටයුතු කරන ලෙස ඔවදන් දී කළුරිය කර දෙව්ලොව උපන්නේ ය. මෙසේ දෙව් සැප විඳිමින් සසර සැරිසරා අවුත් මේ බුද්ධෝත්පාද කාලයේ දී සාකේත නුවර ගහපති පවුලක උපන්නේ ය. ඒ කුමරුගේ හිස බැටළුවකුට (මෙණ්ඩ) සමාන වූ බැවින් “මෙණ්ඩසිර” නාමයෙන් ප්‍රකට විය. භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර අඳුන් වනයෙහි වැඩ වසන සමයෙහි මෙණ්ඩසිර සිටුතුමා උන්වහන්සේ වෙත පැමිණ, ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වී සමථ හා විදර්ශනා කමටහන් වඩා, ෂඩ් අභිඥා උපදවා ගත්තේය. උන්වහන්සේගේ චරිතාපදානය මෙසේ අපදාන පාළියේ දැක්වේ -
“හිමවන්තස්සාවිදූරෙ, ගොතමො නාම පබ්බතො; නානාරුක්ඛෙහි සඤ්ඡන්නො, මහාභූතගණාලයො.
“හිමවත නුදුරෙහි නා නා වෘක්ෂයන්ගෙන් ගැවසී ගත් මහත් වූ සත්ත්ව සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්වතයක් විය.
“වෙමජ්ඣම්හි ච තස්සාසි, අස්සමො අභිනිම්මිතො; පුරක්ඛතො සසිස්සෙහි, වසාමි අස්සමෙ අහං.
එහි මැද මැනවින් මැවු අසපුවක් විය. මම තමාගේ ම ශිෂ්‍යයන් පිරිවරාගෙන එම අසපුවෙහි විසුවෙමි. දිනක් මම ඔවුන්ට මෙසේ කීවෙමි.
“ආයන්තු මෙ සිස්සගණා, පදුමං ආහරන්තු මෙ; බුද්ධපූජං කරිස්සාමි, ද්විපදින්දස්ස තාදිනො.
“මගේ ශිෂ්‍යයෝ පැමිණෙත් වා! මට පියුම් ගෙන එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ සහිත බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන්නෙමු.
“එවන්ති තෙ පටිස්සුත්වා, පදුමං ආහරිංසු මෙ; තථා නිමිත්තං කත්වාහං, බුද්ධස්ස අභිරොපයිං.
“ඔවුහු “එසේය” යි මට පිළිතුරු දී පියුම් ගෙන ආහ. මම සර්වඥයන් වහන්සේ නිමිති කොට එම මල් පිදුවෙමි.
“සිස්සෙ තදා සමානෙත්වා, සාධුකං අනුසාසහං; මා ඛො තුම්හෙ පමජ්ජිත්ථ, අප්පමාදො සුඛාවහො.
ඉන් පසුව ශිෂ්‍යයන් කැඳවා මැනවින් අවවාද කළෙමි. “නුඹලා නොපමාවවු! අප්රමාදී වීම, සැප ගෙන දෙන්නේය.”
“එවං සමනුසාසිත්වා, තෙ සිස්සෙ වචනක්ඛමෙ; අප්පමාදගුණෙ යුත්තො, තදා කාලඞ්කතො අහං.
මෙසේ පැවසූ මගේ වදන් වචනක්ෂම වූ මට කීකරු වූ සියලු සිසුහු පිළිගත්හ. මෙසේ අවවාද කළ මම ද නොපමාව ම වාසය කොට කළුරිය කළෙමි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිරොපයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එතැන් පටන් දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවෙහි විපාකය මෙබඳුය.
“එකපඤ්ඤාසකප්පම්හි , රාජා ආසිං ජලුත්තමො; සත්තරතනසම්පන්නො, චක්කවත්තී මහබ්බලො.
මෙයින් කල්ප පනස් එකකට පෙර සත්රුවනින් පිරි මහ බලවත් සක්විති රජෙක්ව “ජනුත්තම” නාමයෙන් ප්‍රකට වීමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවුයෙමි. -පෙ- බුද්ධානුශාසනය මනාව ඉටුකළෙමි.”
සො අත්තනො පුබ්බෙනිවාසං අනුස්සරන්තො –
පසුව උන්වහන්සේ සිය පෙර ආත්මභාව සිහිපත් කරන සේක්;
“අනෙකජාතිසංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං; තස්ස මෙ දුක්ඛජාතස්ස, දුක්ඛක්ඛන්ධො අපරද්ධො”ති. – ගාථං අභාසි;
“අනෙක ජාති සංසාරං, සන්ධාවිස්සං අනිබ්බිසං, තස්ස මෙ දුක්ඛජාතස්ස, දුක්ඛක්ඛන්ධො අපරද්ධො” යන ගාථාව වදාළසේක.
තත්ථ අනෙකජාතිසංසාරන්ති අනෙකජාතිසතසහස්සසඞ්ඛ්යං ඉදං සංසාරවට්ටං, අද්ධුනො අධිප්පෙතත්තා අච්චන්තසංයොගෙකවචනං. සන්ධාවිස්සන්ති සංසරිං, අපරාපරං චවනුප්පජ්ජනවසෙන පරිබ්භමිං. අනිබ්බිසන්ති තස්ස නිවත්තකඤාණං අවින්දන්තො අලභන්තො. තස්ස මෙති එවං සංසරන්තස්ස මෙ. දුක්ඛජාතස්සාති ජාතිආදිවසෙන උප්පන්නදුක්ඛස්ස, තිස්සන්නං වා දුක්ඛතානං වසෙන දුක්ඛසභාවස්ස. දුක්ඛක්ඛන්ධොති කම්මකිලෙසවිපාකවට්ටප්පකාරො දුක්ඛරාසි. අපරද්ධොති අරහත්තමග්ගප්පත්තිතො පට්ඨාය පරිබ්භට්ඨො චුතො න අභිනිබ්බත්තිස්සති. “අපරට්ඨො”ති වා පාඨො, අපගතසමිද්ධිතො සමුච්ඡින්නකාරණත්තා අපගතොති අත්ථො. ඉදමෙව ච ථෙරස්ස අඤ්ඤාබ්යාකරණං අහොසි.
එම ගාථාවෙහි “අනෙකජාති සංසාරං” යනු නොයෙක් සිය දහස් ගණන් වූ ජාති වල, මේ සංසාර සාගරයේ නොයෙක් භාවයන් හි, මාර්ගයක් (අද්ධා) අදහස්වන බැවින් මෙතැන අත්‍යන්ත සංයෝගයේ දුතියා විභක්තියෙහි ඒකවචනය යෙදී ඇත. “සන්ධාවිස්සං” යනු හැසිරුණෙමි. ඒ ඒ භවයන් හි ඉපිදෙමින් මැරෙමින් නැවත ඉපිදෙමින් සැරිසැරුවෙමි. “අනිබ්බිසං” යනු එම සැරි සැරීම නවතන ඥානය නොලැබුයෙමි. සසර පැවැත්ම නවතන චතුරාර්ය සත්‍යාවබෝධය නොමැතිව. “තස්ස මෙ” මෙසේ හැසිරුණු මා හට “දුක්ඛජාතස්ස” යනු ඉපදීම් වශයෙන් උපන් දුක් ඇති, දුක් සහිත භවයන් හි ඉපදීම නිසා උපන් දුක් ස්වභාව ඇති. “දුක්ඛක්ඛන්ධො” යනු කර්ම ක්ලේශ විපාක වශයෙන් කියැවෙන මහත් වූ දුක් රුස්. “අපරද්ධො” යනු අර්හත් ඵලය ලබාගැනීමේ සිට සසර සැරීම නතරවිය. ඉන් මිදුණි. දැන් මගේ සසර පැවැත්මක් නැත. “අපරට්ඨො” යන පාඨය ද ඇතැම් තැනක යෙදේ. නොපවත්නා සංසිද්ධියෙන් සසර පැවැත්ම මුලිනුපුටා දැමූ බැවින් “සසරින් පහව” යන අර්ථයයි. මෙම ගාථාවම මෙණ්ඩසිර තෙරණුවන්ගේ රහත් බව ප්‍රකාශ කිරීම ද විය.
මෙණ්ඩසිරත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
මෙණ්ඩසිර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.