සීවකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සීවකත්ථෙරගාථාවණ්ණනා
සීවක ස්ථවිරගාථා වර්ණනාව
අනිච්චානි ගහකානීති ආයස්මතො සිවකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං භගවන්තං පිණ්ඩාය චරන්තං පස්සිත්වා පසන්නමානසො පත්තං ආදාය කුම්මාසස්ස පූරෙත්වා අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ රාජගහෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්ති, සිවකොතිස්ස නාමං අහොසි. සො වයප්පත්තො විජ්ජාසිප්පෙසු නිප්ඵත්තිං ගතො නෙක්ඛම්මජ්ඣාසයතාය කාමෙ පහාය පරිබ්බාජකපබ්බජ්ජං පබ්බජිත්වා විචරන්තො සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.56.117-121) –
“අනිච්චානි ගහකානී” යනු ආයුෂ්මත් සීවක තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි දී ඒ ඒ භවයන්හි ඉපිද පින් රැස් කරමින් අවුත්, විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක උපන්හ. තුරුණුවිය පැමිණි සිටුකුමරු දිනක් පිඬු පිණිස හැසිරෙන භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතින් පාත්‍රය රැගෙන පිට්ටුවලින් පුරවා පිළිගැන්වීය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු; මේ බුද්ධෝත්පාද කාලයේ දී රහගහ නුවර බමුණු පවුලක ඉපිද සීවක නමින් ප්‍රකට විය. නිසිවියට පත්ව සියලු විද්‍යා ශිල්පයන්හි පරතෙරට ගිය සීවක ගිගි ගෙය හැර දමා පිරිවැජි අරමක පැවිදි විය. දිනක් ශාස්තෲන් වහන්සේ වෙත පැමිණි ධර්ම ශ්‍රවණය කළ ඔහු, ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදි විය. විදසුන් කමටහනෙහි සිත පිහිටුවා නොබෝ දිනකින්ම රහත් ඵලයෙහි පිහිටි සීවක තෙරණුවෝ අපදාන පාළියෙහි මෙසේ වදාරා ඇත.
“එසනාය චරන්තස්ස, විපස්සිස්ස මහෙසිනො; රිත්තකං පත්තං දිස්වාන, කුම්මාසං පූරයිං අහං.
“පිඬු සිඟා හැසිරෙන විපස්සි බුදුරජාණන් වහන්සේගේ සිස් වූ පාත්‍රය දුටු මම එය පිට්ටුවලින් පුරවා පූජා කළෙමි.
“එකනවුතිතො කප්පෙ, යං භික්ඛමදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, කුම්මාසස්ස ඉදං ඵලං.
මෙයින් කල්ප අනූ එකකට පෙර යම් පිට්ටු දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් එතැන් සිට මේ දක්වා ම දුගතියක නූපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තො –
රහත් බවට පත්ව ඒ බව ප්‍රකාශ කිරීම සඳහා සීවක තෙරණුවෝ මේ ගාථා දෙක වදාළහ.
“අනිච්චානි ගහකානි, තත්ථ තත්ථ පුනප්පුනං; ගහකාරං ගවෙසන්තො, දුක්ඛා ජාති පුනප්පුනං.
“අනිච්චානි ගහකානි තත්ථ තත්ථ පුනප්පුනං, ගහකාරකං ගවෙසන්තො දුක්ඛා ජාති පුනප්පුනං”
“ගහකාරක දිට්ඨොසි, පුන ගෙහං න කාහසි; සබ්බා තෙ ඵාසුකා භග්ගා, ථූණිකා ච විදාලිතා; විමරියාදිකතං චිත්තං, ඉධෙව විධමිස්සතී”ති. – ගාථාද්වයං අභාසි;
“ගහකාරක දිට්ඨොසි පුන ගෙහං න කාහසී, සබ්බා තෙ ඵාසුකා භග්ගා ථූණිකා ච විදාළිතා, විපරියාදිකතං චිත්තං ඉධෙව විධමිස්සතී” තී.
තත්ථ අනිච්චානි ගහකානි, තත්ථ තත්ථ පුනප්පුනන්ති තස්මිං තස්මිං භවෙ පුනප්පුනං නිබ්බත්තමානානි ගහකානි අත්තභාවගෙහානි න නිබ්බානි අනවට්ඨිතානි ඉත්තරානි පරිත්තකාලානි. ගහකාරං ගවෙසන්තොති ඉමස්ස අත්තභාවගෙහස්ස කාරකං තණ්හාවඩ්ඪකිං පරියෙසන්තො එත්තකං කාලං අනුවිචරින්ති අධිප්පායො. දුක්ඛා ජාති පුනප්පුනන්ති ඉදං ගහකාරකගවෙසනස්ස කාරණවචනං . යස්මා ජරාබ්යාධිමරණමිස්සතාය ජාති නාමෙසා පුනප්පුනං උපගන්තුං දුක්ඛා, න ච සා තස්මිං අදිට්ඨෙ නිවත්තති, තස්මා තං ගවෙසන්තො විචරින්ති අත්ථො.
එහි “අනිච්චානි ගහකානි තත්ථ තත්ථ පුනප්පුනං” ඒ ඒ භවයෙහි නැවත නැවත උපදවන්නා වූ ගෙවල් නම් ආත්මභාව (ශරීර) අනිත්‍ය වේ. ස්ථිරව නොපවතියි. සුලු කාලයක් පවතියි. “ගහකාරකං ගවෙසන්තො” මේ ආත්මභාව නම් ගෙය සාදන තණ්හාව නම් වඩුවා සොයමින් මෙපමණ කාලයක් හැසිරුණෙමි. “දුක්ඛා ජාති පුනප්පුනං” නැවත නැවත ඉපදීම දුකකි” යනුවෙන් ගෙය සාදන්නා සෙවීමට හේතුව දක්වයි. මේ ජරාව, ව්‍යාධිය, මරණය යන තුනින් යුක්ත ජාතිය (ඉපදීම), නැවත නැවත සිදුවීම දුකකි. මේ දුක නොදුටු කල්හි එය නොනවතියි. එනිසා ඒ දුකට හේතුව සෙවුවෙමි.
ගහකාරක දිට්ඨොසීති ඉදානි පන යෙන සො සක්කා දට්ඨුං, තෙන අරියමග්ගඤාණචක්ඛුනා ගහකාරක දිට්ඨො අසි. පුන ගෙහන්ති පුන ඉමස්මිං සංසාරවට්ටෙ අත්තභාවසඞ්ඛාතං මම ගෙහං න කාහසි න කරිස්සසි. සබ්බා තෙ ඵාසුකා භග්ගාති තව සබ්බා අනවසෙසකිලෙසඵාසුකා මයා භග්ගා. ථූණිකා ච විදාලිතාති ඉදානි තයා කාතබ්බස්ස අත්තභාවගෙහස්ස අවිජ්ජාසඞ්ඛාතා කණ්ණිකා ච භින්නා. විමරියාදිකතං චිත්තන්ති මම චිත්තං විගතන්තං කතං, ආයතිං අනුප්පත්තිධම්මතං ආපාදිතං. තතො එව ඉධෙව විධමිස්සති ඉමස්මිංයෙව භවෙ විද්ධංසිස්සති, චරිමකචිත්තනිරොධෙන නිරුජ්ඣිස්සතීති අත්ථො.
“ගහකාරක දිට්ඨොසි” දැන යමකින් ජාතියට හේතුව සෙවූයෙම් ද ඒ ආර්යමාර්ග ඤාණයෙන් ආත්මභාව නම් ගෙය සාදන වඩුවා දුටුවෙමි. “පුනගෙහං” නැවත මේ සසරෙහි ආත්මභාව නම් වූ ගෙය නොසාදන්නෙහි. “සබ්බා තෙ ඵාසුකා භග්ගා” නුඹගේ සියලු කෙලෙස් නම් පරාල (ගෙය සාදන) මවිසින් සිඳ දමන ලදි. “ථූණිකා ච පදාළිතා” දැන් නුඹ සාදන ආත්මභාව නම් ගෙදර අවිද්‍යාව නම් වූ කැණිමඬල ද බිඳින ලදි. “විපරියාදිකතං චිත්තං” යනු මගේ සිත ඉවත්වූවක් කරන ලදි. නැවත අනාගතයේ නූපදින බවට පමුණුවන ලදි. එය එසේමය. “ඉධෙව විධමිස්සති”, “මේ භවයේදී ම විධ්වංසනය කරන ලදි. අවසන් චුති සිත නිරුද්ධ වීමත් සමඟ නිවීමට පත්වෙන්නෙමි” යන අර්ථයයි.
සිවකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සීවක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.