යෙදුමෙන් කියවන්න

උපවානත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උපවානත්‍ථෙරගාථාවණ‍්ණනා

උපවාන ස්ථවිරගාථා වර්ණනාව

අරහං සුගතොති ආයස‍්මතො උපවාණත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයං කිර පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ දලිද‍්දකුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො භගවති පරිනිබ‍්බුතෙ තස‍්ස ධාතුං ගහෙත්‍වා මනුස‍්සදෙවනාගගරුළකුම‍්භණ‍්ඩයක‍්ඛගන්‍ධබ‍්බෙහි සත‍්තරතනමයෙ සත‍්තයොජනිකෙ ථූපෙ කතෙ තත්‍ථ සුධොතං අත‍්තනො උත‍්තරාසඞ‍්ගං වෙළග‍්ගෙ ආබන්‍ධිත්‍වා ධජං කත්‍වා පූජං අකාසි. තං ගහෙත්‍වා අභිසම‍්මතකො නාම යක‍්ඛසෙනාපති දෙවෙහි චෙතියපූජාරක‍්ඛණත්‍ථං ඨපිතො අදිස‍්සමානකායො ආකාසෙ ධාරෙන‍්තො චෙතියං තික‍්ඛත‍්තුං පදක‍්ඛිණං අකාසි. සො තං දිස‍්වා භිය්‍යොසොමත‍්තාය පසන‍්නමානසො අහොසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා උපවාණොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො ජෙතවනපටිග‍්ගහණෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනාය කම‍්මං කරොන‍්තො අරහත‍්තං පත්‍වා ඡළභිඤ‍්ඤො අහොසි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.56.122-178) –

“අරහං සුගතො” යනු ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ පෙර පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී දිළිඳු කුලයක ඉපිද තුරුණුවියට පැමිණියහ. එම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ධාතුගෙන මිනිස්, දෙවි, නා, ගරුඬ, යක්‍ෂ, කුම්භාණ්ඩ හා ගාන්ධර්වයන් විසින් සත් රුවන්මය සත් යොදුනක් පමණ වූ ස්තූපයක් සාදවන ලදි. එකල්හි එතැනට පැමිණි දිළිඳු පුද්ගලයා තම ඉතා පිරිසිදු වූ උතුරු සළුව ගෙන උණ ගසක කොඩියක් සේ බැඳ චෛත්‍යයට පූජා කළේය. දෙවියන් විසින් සෑයේ පූජාවන් ආරක්‍ෂා කිරීමට යෙද වූ අභිසම්මතක නම් යක්‍ෂයා නොපෙනෙන කයක් ඇතිව, එම කොඩිය ගෙන අහසේ සිටිමින් තෙවරක්ම සෑය ප්‍රදක්‍ෂිණා කළේය. මෙය දුටු දිළිඳු මිනිසා අතිශයින් සතුටු විය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිසුන් අතර සැරිසැරූ හෙතෙම, මේ බුද්ධෝත්පාද කාලයේදී සැවැත් නුවර බමුණු කුලයක ඉපිද “උපවාන” නමින් ප්‍රකටව තුරුණුවියට පැමිණියේය. ජේතවනාරාමය පිළිගන්නා දින අසිරිමත් බුදු සිරි දුටු උපවාන බමුණා පැහැදී ශ්‍රද්ධාවෙන් බුදුසසුනේ පැවිදි විය. විදසුන් කමටහනට සිත් යොමුකළ උපවාන තෙරණුවෝ නොබෝ දිනකින් ම ෂඩ් අභිඥා ලාභී මහතෙරනමක් බවට පත්වූහ. උන්වහන්සේ අපදාන පාළියේදී මෙසේ පැවසූහ.

“පදුමුත‍්තරො නාම ජිනො, සබ‍්බධම‍්මාන පාරගූ; ජලිත්‍වා අග‍්ගික‍්ඛන්‍ධොව, සම‍්බුද‍්ධො පරිනිබ‍්බුතො.

“සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය, පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළමින් පිරිනිවන් පෑ සේක.

“මහාජනා සමාගම‍්ම, පූජයිත්‍වා තථාගතං; චිත‍්තං කත්‍වාන සුගතං, සරීරං අභිරොපයුං.

මහජනයා එක් රැස්ව තථාගතයන් වහන්සේ පුදා මැනවින් සෑයක් කරවා සර්වඥ දේහය එහි නැංවූහ.

“සරීරකිච‍්චං කත්‍වාන, ධාතුං තත්‍ථ සමානයුං; සදෙවමනුස‍්සා සබ‍්බෙ, බුද‍්ධථූපං අකංසු තෙ.

එහි ශරීරය ආදාහනය කොට ධාතු ගෙනවුත්, ඒ සියලු දිව්‍ය මනුෂ්‍යාදීහු බුද්ධ ස්තූපයක් සෑදුහ.

“පඨමා කඤ‍්චනමයා, දුතියා ච මණිමයා; තතියා රූපියමයා, චතුත්‍ථී ඵලිකාමයා.

ඒ උතුම් සෑයෙහි පළමු නිම් වළල්ල රන්මය වේ. දෙවැන්න මිණිමය වේ. තෙවැන්න රිදීමුවා ය. සිවුවැන්න පිළිඟු මුවාය.

“තත්‍ථ පඤ‍්චමිකා චෙව, ලොහිතඞ‍්කමයා අහු; ඡට‍්ඨා මසාරගල‍්ලස‍්ස, සබ‍්බං රතනමයූපරි.

පස්වන නිම්වළල්ල පද්මරාග මාණික්‍යමය වේ. සයවැන්න මැසිරිගල්මය වේ. වේදිකාව රන්මුවා වේ. සෑය සියලුම රත්නයන්ගෙන් කරන ලදුව යොදුනක් උස විය.

“ජඞ‍්ඝා මණිමයා ආසි, වෙදිකා රතනාමයා; සබ‍්බසොණ‍්ණමයො ථූපො, උද‍්ධං යොජනමුග‍්ගතො.

“දෙවා තත්‍ථ සමාගන‍්ත්‍වා, එකතො මන‍්තයුං තදා; මයම‍්පි ථූපං කස‍්සාම, ලොකනාථස‍්ස තාදිනො.

එවිට දෙවියෝ සාකච්ඡා කළහ. “තාදී ගුණ ඇති සර්වඥයන් වහන්සේට අපි ද සෑයක් කරමු.

“ධාතු ආවෙණිකා නත්‍ථි, සරීරං එකපිණ‍්ඩිතං; ඉමම‍්හි බුද‍්ධථූපම‍්හි, කස‍්සාම කඤ‍්චුකං මයං.

උන්වහන්සේගේ ධාතු වෙන් නොවූහ. මුළු සිරුරම එකට කැටිව තිබේ. එනිසා අපි මේ සෑයටම කඤ්චුකයක් කරමු.”

“දෙවා සත‍්තහි රත‍්නෙහි, අඤ‍්ඤං වඩ‍්ඪෙසුං යොජනං; ථූපො ද‍්වියොජනුබ‍්බෙධො, තිමිරං බ්‍යපහන‍්ති සො.

මෙසේ සාකච්ඡා කළ දෙවියෝ සත් රුවනින් යොදුනක් උස සෑයක් ඒ මත්තෙහි කරවූහ. මෙසේ යොදුන් දෙකක් උස වූ සෑයෙන් අඳුර ද දුරුකරන ආලෝකයක් නිකුත් විය.

“නාගා තත්‍ථ සමාගන‍්ත්‍වා, එකතො මන‍්තයුං තදා; මනුස‍්සා චෙව දෙවා ච, බුද‍්ධථූපං අකංසු තෙ.

නාගයෝ ද රැස්වී සාකච්ඡා කළහ. “මිනිස්සු ද දෙවියෝ ද බුදුරජාණන් වහන්සේට සෑ කරවූහ.

“මා නො පමත‍්තා අස‍්සුම‍්හ, අප‍්පමත‍්තා සදෙවකා; මයම‍්පි ථූපං කස‍්සාම, ලොකනාථස‍්ස තාදිනො.

අපි ද පමා නොවෙමු. දෙවියන් සහිත ලෝ වැස්සා ද පමා නොවෙති. තාදී ගුණ ඇති ලෝක නාථයන් වහන්සේට අපි ද සෑයක් කරවන්නෙමු.”

“ඉන්‍දනීලං මහානීලං, අථො ජොතිරසං මණිං; එකතො සන‍්නිපාතෙත්‍වා, බුද‍්ධථූපං අඡාදයුං.

මෙසේ කථා කළ නාගයෝ ඉන්‍ද්‍රනීල මහානීල හා ජෝතිරස යන මාණික්‍යයන්ගෙන් යොදුනක් උස කඤ්චුක සෑයක් කරවූහ.

“සබ‍්බං මණිමයං ආසි, යාවතා බුද‍්ධචෙතියං; තියොජනසමුබ‍්බෙධං, ආලොකකරණං තදා.

එවිට සියල්ල මැණිකෙන් කළ බැවින් ආලෝකය විහිදුවන එම සෑය යොදුන් තුනක් උස විය.

“ගරුළා ච සමාගන‍්ත්‍වා, එකතො මන‍්තයුං තදා; මනුස‍්සා දෙවනාගා ච, බුද‍්ධපූජං අකංසු තෙ.

ගුරුළෝ ද රැස්ව “මනුෂ්‍ය-දිව්‍ය-නාග සමූහයා නොපමාව සෑ කරවූහ. අපි ද අප්‍රමාදීව සෑයක් කරවමු”යි සාකච්ඡා කළහ. ගුරුළෝ ද ස්වර්ණමය වූ කඤ්චුකයක් කරමින් සෑයෙහි උස යොදුන් සතරක් කළහ. සිවුයොදුන් වූ එම සෑය උඩට නැගුණු සූර්යයා මෙන් සියලු දිශාවන් ආලෝක කරයි.

“මා නො පමත‍්තා අස‍්සුම‍්හ, අප‍්පමත‍්තා සදෙවකා; මයම‍්පි ථූපං කස‍්සාම, ලොකනාථස‍්ස තාදිනො.

“සබ‍්බං මණිමයං ථූපං, අකරුං තෙ ච කඤ‍්චුකං; යොජනං තෙපි වඩ‍්ඪෙසුං, ආයතං බුද‍්ධචෙතියං.

“චතුයොජනමුබ‍්බෙධො, බුද‍්ධථූපො විරොචති; ඔභාසෙති දිසා සබ‍්බා, සතරංසීව උග‍්ගතො.

“කුම‍්භණ‍්ඩා ච සමාගන‍්ත්‍වා, එකතො මන‍්තයුං තදා; මනුස‍්සා චෙව දෙවා ච, නාගා ච ගරුළා තථා.

එකල්හි කුම්භාණ්ඩයෝ ද එලෙසින්ම එක්ව සාකච්ඡා කළහ. “දිව්‍ය-මනුෂ්‍ය-නාග-ගුරුළාදීහු වෙන වෙනම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට උතුම් සෑ කළහ. අපි ද අප්‍රමාදී වෙමු. දෙවියන් සහිත ලෝ වැසියා ද පමා නොවෙති. තාදී ගුණැති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට අපි සෑයක් කරමු. උස් වූ බුද්ධස්තූපය අපි ද රත්නයන්ගෙන් වසමු.” මෙසේ කථා කළ ඔවුහු උතුම් බුද්ධ ස්තූපයේ පස්යොදුනක් කළහ. පස්යොදුන් එම සෑය අතිශයින් බබළයි.

“පච‍්චෙකං බුද‍්ධසෙට‍්ඨස‍්ස, අකංසු ථූපමුත‍්තමං; මා නො පමත‍්තා අස‍්සුම‍්හ, අප‍්පමත‍්තා සදෙවකා.

“මයම‍්පි ථූපං කස‍්සාම, ලොකනාථස‍්ස තාදිනො; රතනෙහි ඡාදෙස‍්සාම, ආයතං බුද‍්ධචෙතියං.

“යොජනං තෙපි වඩ‍්ඪෙසුං, ආයතං බුද‍්ධචෙතියං; පඤ‍්චයොජනමුබ‍්බෙධො, ථූපො ඔභාසතෙ තදා.

“යක‍්ඛා තත්‍ථ සමාගන‍්ත්‍වා, එකතො මන‍්තයුං තදා; මනුස‍්සා දෙවනාගා ච, ගරුළා ච කුම‍්භණ‍්ඩකා.

මෙලෙසින්ම සාකච්ඡා කළ යක්‍ෂයෝ ඒ උතුම් බුද්ධ ස්තූපය සය යොදුනක් උස්වන සේ තැනූහ.

“පච‍්චෙකං බුද‍්ධසෙට‍්ඨස‍්ස, අකංසු ථූපමුත‍්තමං; මා නො පමත‍්තා අස‍්සුම‍්හ, අප‍්පමත‍්තා සදෙවකා.

“මයම‍්පි ථූපං කස‍්සාම, ලොකනාථස‍්ස තාදිනො; ඵලිකා ඡාදයිස‍්සාම, ආයතං බුද‍්ධචෙතියං.

“යොජනං තෙපි වඩ‍්ඪෙසුං, ආයතං බුද‍්ධචෙතියං; ඡයොජනිකමුබ‍්බෙධො, ථූපො ඔභාසතෙ තදා.

“ගන්‍ධබ‍්බා ච සමාගන‍්ත්‍වා, එකතො මන‍්තයුං තදා; මනුජා දෙවතා නාගා, කුම‍්භණ‍්ඩා ගරුළා තථා.

ගාන්‍ධර්වයෝ ද එසේම සාකච්ඡා කොට, වේදිකා සතක් කරවා මතුයෙහි ඡත්‍රයක් ද නැංවූහ. ගාන්‍ධර්වයෝ එම සෑය සර්ව ස්වර්ණමය (මුලුමනින්ම රත්තරනින් වැසූහ) කළහ.

“සබ‍්බෙ අකංසු බුද‍්ධථූපං, මයමෙත්‍ථ අකාරකා; මයම‍්පි ථූපං කස‍්සාම, ලොකනාථස‍්ස තාදිනො.

“වෙදියො සත‍්ත කත්‍වාන, ධජං ඡත‍්තං අකංසු තෙ; සබ‍්බසොණ‍්ණමයං ථූපං, ගන්‍ධබ‍්බා කාරයුං තදා.

“සත‍්තයොජනමුබ‍්බෙධො, ථූපො ඔභාසතෙ තදා; රත‍්තින්‍දිවා න ඤායන‍්ති, ආලොකො හොති සබ‍්බදා.

එකල රෑ දාවල් වෙනස් නොපෙනෙන සේ සත් යොදුන් සෑය බබලයි.

“අභිභොන‍්ති න තස‍්සාභා, චන්‍දසූරා සතාරකා; සමන‍්තා යොජනසතෙ, පදීපොපි න පජ‍්ජලි.

තරු සහිත සඳ හිරු දෙදෙන ද ඒ චෛත්‍යයේ ශෝභාව මැඩලීමට නොහැකි වේ. හාත්පස යොදුන් සීයක් පමණ තැන්හි පහනකුදු නොදැල්වුණි.

“තෙන කාලෙන යෙ කෙචි, ථූපං පූජෙන‍්ති මානුසා; න තෙ ථූපං ආරුහන‍්ති, අම‍්බරෙ උක‍්ඛිපන‍්ති තෙ.

එකල යම් මනුෂ්‍යයෙක් සෑයට කිසිවක් පූජා කරයි නම් ඒ මතට නොනැඟ, එම පූජාව අහසෙහි දමයි.

“දෙවෙහි ඨපිතො යක‍්ඛො, අභිසම‍්මතනාමකො; ධජං වා පුප‍්ඵදාමං වා, අභිරොපෙති උත‍්තරිං.

සෑයෙහි ආරක්ෂාවට දෙවියන් විසින් යෙදවූ අභිසම්මත යක්‍ෂ සෙන්පති එසේ දැමූ වස්ත්‍රය හෝ මල්දම රැගෙන සෑ මුදුනෙහි තබයි.

“න තෙ පස‍්සන‍්ති තං යක‍්ඛං, දාමං පස‍්සන‍්ති ගච‍්ඡතො; එවං පස‍්සිත්‍වා ගච‍්ඡන‍්තා, සබ‍්බෙ ගච‍්ඡන‍්ති සුග‍්ගතිං.

එම යක්‍ෂයා නොපෙනේ. ඔහු ගෙන යන පූජාව පමණක් දකින සැදැහැවත්හු සිත පහදවා දෙව් ලොව ඉපිදෙති.

“විරුද‍්ධා යෙ පාවචනෙ, පසන‍්නා යෙ ච සාසනෙ; පාටිහීරං දට‍්ඨුකාමා, ථූපං පූජෙන‍්ති මානුසා.

ත්‍රිපිටක සද්ධර්මයෙහි සැදැහැ නැත්තෝ ද සසුනෙහි පහන් සිත් ඇත්තෝ ද යන සියලු මිනිස්සු ප්‍රාතිහාර්ය දකිනු කැමැත්තෙන් ස්තූපය මල්දමින් පුදති.

“නගරෙ හංසවතියා, අහොසිං භතකො තදා; ආමොදිතං ජනං දිස‍්වා, එවං චින‍්තෙසහං තදා.

මම එදවස හංසවතී නුවර මෙහෙකරුවෙක් වූයෙමි. සතුටු සිතැති මම එසේ සෑ පූජාවෙහි නිරත ජනයා දැක මෙසේ සිතුවෙමි.

“උළාරො භගවා නෙසො, යස‍්ස ධාතුඝරෙ දිසං; ඉමා ච ජනතා තුට‍්ඨා, කාරං කුබ‍්බං න තප‍්පරෙ.

“මේ පුද ලබන බුද්ධ ස්තූපයෙහි ධාතු අයත් ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතා උදාර අයෙක් වෙති. මේ ජන සමූහයා සතුටින් ඊට පූජා කරති.

“අහම‍්පි කාරං කස‍්සාමි, ලොකනාථස‍්ස තාදිනො; තස‍්ස ධම‍්මෙසු දායාදො, භවිස‍්සාමි අනාගතෙ.

මම ද තාදී ගුණැති ලෝකනාථයන් වහන්සේට පූජාවක් කරන්නෙමි. අනාගතයේ උන්වහන්සේගේ ධර්මයෙහි කොටස්කරුවෙක් වන්නෙමි”

“සුධොතං රජකෙනාහං, උත‍්තරෙය්‍යං පටං මම; වෙළග‍්ගෙ ආලග‍්ගෙත්‍වාන, ධජං උක‍්ඛිපිමම‍්බරෙ.

මෙසේ සිතූ මම රජකයකු විසින් මැනවින් සෝදා පිරිසිදු කළ මාගේ උතුරු සලුව උණ දඬුවක අග එල්ලා ධ්වජයක් කොට අහසේ ඔසවා තැබුවේය.

“අභිසම‍්මතකො ගය‍්හ, අම‍්බරෙ හාසි මෙ ධජං; වාතෙරිතං ධජං දිස‍්වා, භිය්‍යො හාසං ජනෙසහං.

අභිසම්මත යක්ෂයා මගේ ධජය ගෙන අහසෙහි එල්ලා තැබීය. සුළඟින් සෙලවෙන ධජය දුටු මම බොහෝ සේ සතුටු වූයෙමි.

“තත්‍ථ චිත‍්තං පසාදෙත්‍වා, සමණං උපසඞ‍්කමිං; තං භික‍්ඛුං අභිවාදෙත්‍වා, විපාකං පුච‍්ඡහං ධජෙ.

එහි සිත පහදවා ගත් මම භික්‍ෂූන්ට වැඳ ධජ දානයේ ආනිසංස ඇසූවෙමි.

“සො මෙ කථෙසි ආනන්‍දී, පීතිසඤ‍්ජනනං මම; තස‍්ස ධජස‍්ස විපාකං, අනුභොස‍්සසි සබ‍්බදා.

එක් භික්‍ෂුවක් මහත් ප්‍රීතියෙන් කරන ලද මාගේ පූජාව බලා “නුඹ සසර සැම කල්හිම ධජ දානයේ විපාක විඳින්නෙහිය.

“හත්‍ථිඅස‍්සරථාපත‍්තී, සෙනා ච චතුරඞ‍්ගිනී; පරිවාරෙස‍්සන‍්ති තං නිච‍්චං, ධජදානස‍්සිදං ඵලං.

ඇත්, අස්, රිය, පාබල යන සිවුරඟ සේනාවෝ නිතර ඔබ පිරිවරා සිටිති.

“සට‍්ඨිතූරියසහස‍්සානි, භෙරියො සමලඞ‍්කතා; පරිවාරෙස‍්සන‍්ති තං නිච‍්චං, ධජදානස‍්සිදං ඵලං.

සැට දහසක් තූර්යයෝ ද මනාව අලංකාර කළ බෙර ද නිතර ඔබ පිරිවරා සිටිති.

“ඡළසීති සහස‍්සානි, නාරියො සමලඞ‍්කතා; විචිත‍්තවත්‍ථාභරණා, ආමුක‍්කමණිකුණ‍්ඩලා.

සැරසුණු අසූ දහසක් ස්ත්‍රීහු විසිතුරු අබරණ පැළඳ, මිණිකොඬොල් ඇතිව දිගු ඇසිපිය ඇතිව ඉතා මොළොක් අබරණ පැළඳ, මිණිකොඬොල් ඇතිව දිගු ඇසිපිය ඇතිව ඉතා මොළොක් ශරීරාවයව ඇතිව, සිහිනිඟ සහිත වූවාහු නිතර නුඹ පිරිවරා සිටිති.

“අළාරපම‍්හා හසුලා, සුසඤ‍්ඤා තනුමජ‍්ඣිමා; පරිවාරෙස‍්සන‍්ති තං නිච‍්චං, ධජදානස‍්සිදං ඵලං.

“තිංසකප‍්පසහස‍්සානි, දෙවලොකෙ රමිස‍්සසි; අසීතික‍්ඛත‍්තුං දෙවින්‍දො, දෙවරජ‍්ජං කරිස‍්සසි.

කල්ප තිස් දහසක් පුරා දෙව්ලොව වෙසෙන නුඹ අසූවරක් ශක්‍ර දේවේන්ද්‍රව උපදියි.

“සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච, චක‍්කවත‍්තී භවිස‍්සති; පදෙසරජ‍්ජං විපුලං, ගණනාතො අසඞ‍්ඛියං.

දහස් වරක් සක්විති රජ වන්නේය. නුඹ ලබන මහත් වූ ප්‍රදේශ රාජ්‍ය සම්පත් ගිණිය නොහැක. මේ ධජ දානයේ විපාකයයි.

“කප‍්පසතසහස‍්සම‍්හි, ඔක‍්කාකකුලසම‍්භවො; ගොතමො නාම ගොත‍්තෙන, සත්‍ථා ලොකෙ භවිස‍්සති.

මෙයින් කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින ගෞතම නම් ශාස්තෲන් වහන්සේ ලොව පහළ වෙති.

“දෙවලොකා චවිත්‍වාන, සුක‍්කමූලෙන චොදිතො; පුඤ‍්ඤකම‍්මෙන සඤ‍්ඤුත‍්තො, බ්‍රහ‍්මබන්‍ධු භවිස‍්සසි.

මේ කුශල මූලයෙන් මෙහෙයූ නුඹ දෙව්ලොවින් චුතව බ්‍රාහ්මණයෙක් ව, අසූ කෙළක් ධනය ද දැසි කම්කරුවන් ද හැරදමා ගෞතම බුදුසසුනෙහි පැවිදි වන්නෙහි ය.

“අසීතිකොටිං ඡඩ‍්ඩෙත්‍වා, දාසෙ කම‍්මකරෙ බහූ; ගොතමස‍්ස භගවතො, සාසනෙ පබ‍්බජිස‍්සසි.

“ආරාධයිත්‍වා සම‍්බුද‍්ධං, ගොතමං සක්‍යපුඞ‍්ගවං; උපවාණොති නාමෙන, හෙස‍්සසි සත්‍ථු සාවකො.

ශාක්‍ය කුල ජ්‍යෙෂ්ඨ වූ ගෞතම බුදුහු සතුටු කරන නුඹ උපවාන නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නෙහි ය.”

“සතසහස‍්සෙ කතං කම‍්මං, ඵලං දස‍්සෙසි මෙ ඉධ; සුමුත‍්තො සරවෙගොව, කිලෙසෙ ඣාපයිං මම.

මෙසේ කල්ප ලක්‍ෂයකට පෙර මවිසින් කරන ලද කුසල කර්මය මට විපාක දුන්නේය. මැනවින් මිදුණු හීයක වේගය මෙන් මගේ කෙලෙස් දවන ලදි.

“චක‍්කවත‍්තිස‍්ස සන‍්තස‍්ස, චාතුද‍්දීපිස‍්සරස‍්ස මෙ; තීණි යොජනානි සාමන‍්තා, උස‍්සීයන‍්ති ධජා සදා.

සිවු මහා දිවයිනට අධිපති වූ සක්විති රජ වූ මා හට හැම කල්හි හාත්පස යොදුන් තුනක් ධජ ඔසවති.

“සතසහස‍්සිතො කප‍්පෙ, යං කම‍්මමකරිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ධජදානස‍්සිදං ඵලං.

එදා සිට මේ දක්වා එම කුශල කර්මයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ධජ දානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියළු කෙලෙස් දැවූවෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටු කළෙමි.”

අථායස‍්මා උපවාණො භගවතො උපට‍්ඨාකො අහොසි. තෙන ච සමයෙන භගවතො වාතාබාධො උප‍්පජ‍්ජි. ථෙරස‍්ස ච ගිහිසහායො දෙවහිතො නාම බ්‍රාහ‍්මණො සාවත්‍ථියං පටිවසති. සො ථෙරං චතූහි පච‍්චයෙහි පවෙදෙසි. අථායස‍්මා උපවාණො නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස නිවෙසනං උපගච‍්ඡි. බ්‍රාහ‍්මණො “කෙනචි අඤ‍්ඤෙන පයොජනෙන ථෙරො ආගතො”ති ඤත්‍වා, “වදෙය්‍යාථ, භන‍්තෙ, කෙනත්‍ථො”ති ආහ. ථෙරො තස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පයොජනං ආචික‍්ඛන‍්තො –

ඉක්බිති ආයුෂ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් වූහ. එ සමයේ භාග්‍යවතුන් වහන්සේට වාතාබාධයක් උපන්නේය. තෙරුන්ගේ ගිහිකල යහලු වූ දේවහිත නම් බමුණෙක් සැවැත් නුවර වසයි. ඔහු තෙරුන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කරයි. රෝගය හටගත් කල්හි උපවාන හිමියෝ පාසිවුරු ගෙන ඒ බමුණාගේ ගෙදරට වැඩියහ. බමුණා “තෙරුන් වහන්සේ කිසියම් ප්‍රයෝජනයක් සඳහා වැඩම කරන ලදැ”යි දැන; “ස්වාමීනි! වැඩම කරන ලද්දේ කුමක් නිසාද?”යි ඇසීය. තෙරණුවෝ තමා පැමිණි කරුණ දක්වමින් මේ ගාථා දෙක වදාළහ.

“අරහං සුගතො ලොකෙ, වාතෙහාබාධිකො මුනි; සචෙ උණ‍්හොදකං අත්‍ථි, මුනිනො දෙහි බ්‍රාහ‍්මණ.

“අරහං සුගතො ලොකෙ වාතෙහාබාධිකො මුනී, සචෙ උණ්හොදකං අත්‍ථි, මුනිනො දෙහි බ්‍රාහ්මණ”

“පූජිතො පූජනෙය්‍යානං, සක‍්කරෙය්‍යාන සක‍්කතො; අපචිතොපචෙය්‍යානං, තස‍්ස ඉච‍්ඡාමි හාතවෙ”ති. – ගාථාද‍්වයං අභාසි;

“පූජිතො පූජනීයානං සක්කරෙය්‍යාන සක්කතො, අපචිතො අපචනීයානං තස්ස ඉච්ඡාමි හාතවෙ” තී.

තස‍්සත්‍ථො – යො ඉමස‍්මිං ලොකෙ පූජනෙය්‍යානං පූජෙතබ‍්බෙහි සක‍්කාදීහි දෙවෙහි මහාබ්‍රහ‍්මාදීහි ච බ්‍රහ‍්මෙහි පූජිතො, සක‍්කරෙය්‍යානං සක‍්කාතබ‍්බෙහි බිම‍්බිසාරකොසලරාජාදීහි සක‍්කතො, අපචෙය්‍යානං අපචායිතබ‍්බෙහි මහෙසීහි ඛීණාසවෙහි අපචිතො, කිලෙසෙහි ආරකත‍්තාදිනා අරහං, සොභනගමනාදිනා සුගතො සබ‍්බඤ‍්ඤූ මුනි මය‍්හං සත්‍ථා දෙවදෙවො සක‍්කානං අතිසක‍්කො බ්‍රහ‍්මානං අතිබ්‍රහ‍්මා, සො දානි වාතෙහි වාතහෙතු වාතක‍්ඛොභනිමිත‍්තං ආබාධිකො ජාතො. සචෙ, බ්‍රාහ‍්මණ, උණ‍්හොදකං අත්‍ථි, තස‍්ස වාතාබාධවූපසමනත්‍ථං තං හාතවෙ උපනෙතුං ඉච‍්ඡාමීති. තං සුත්‍වා බ්‍රාහ‍්මණො උණ‍්හොදකං තදනුරූපං වාතාරහඤ‍්ච භෙසජ‍්ජං භගවතො උපනාමෙසි. තෙන ච සත්‍ථු රොගො වූපසමි. තස‍්ස භගවා අනුමොදනං අකාසීති.

එහි අර්ථ මෙසේ ය. “යමෙක් මේ ලෝකයෙහි පිදිය යුත්තන් විසින්, ශක්‍ර දේව බ්‍රහ්මාදීන් විසින් පුදන ලද්දාහු ද, සත්කාර ලබන්නාහු බිම්බිසාර කෝසල ආදීන් විසින් සත්කාර කරන ලද්දාහු ද, වැඳිය යුතු වූ ක්‍ෂීණාශ්‍රව රහතන් වහන්සේලා විසින් වඳින ලද්දාහු ද කෙලෙස් දුරලූ “අරහං” නම් වූ ද, සෝභන වූ ගමන් ඇති හෙයින් සුගත නම් වූ ද ඒ සර්වඥයන් වහන්සේ මාගේ ශාස්තෘෘවරයා වෙති. දෙවියන්ට දෙවි වූ ශක්‍රයනට ශක්‍ර වූ බ්‍රහ්මයන්ට බ්‍රහ්ම වූ උන්වහන්සේ දැන් වාතය නිසා, වාතය කිපීමෙන් වූ ආබාධයකින් පෙළෙන සේක. ඉදින් බමුණ! උණුදිය වේ නම්; ඒ ආබාධය සන්සිඳවීමට, නැසීමට උණුදිය ගෙනයනු කැමැත්තෙමි.” එය ඇසූ බමුණා උණුදිය ද ඒ වාතාබාධයට යෝග්‍ය බෙහෙත් ද්‍රව්‍යය ද රැගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වීය. එයින්ම ශාස්තෲන් වහන්සේගේ රෝගය සන්සිඳුණි. භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණාට පුණ්‍යානුමෝදනාවක් සිදු කළ සේක.

උපවාණත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උපවාන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.