ඉසිදින්නත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ඉසිදින්නත්ථෙරගාථාවණ්ණනා
ඉසිදින්න ස්ථවිරගාථා වර්ණනාව
දිට්ඨා මයාති ආයස්මතො ඉසිදින්නත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි කරොන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො බීජනිං ගහෙත්වා බොධියා පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සුනාපරන්තජනපදෙ සෙට්ඨිකුලෙ නිබ්බත්තිත්වා ඉසිදින්නොති ලද්ධනාමො වයප්පත්තො සත්ථු චන්දනමාළපටිග්ගහණෙ පාටිහාරියං දිස්වා පසන්නමානසො සත්ථාරං උපසඞ්කමිත්වා ධම්මං සුත්වා සොතාපන්නො හුත්වා අගාරං අජ්ඣාවසති. තස්ස හිතානුකම්පිනී දෙවතා තං චොදෙන්තී –
“දිට්ඨා මයා” යනු ආයුෂ්මත් ඉසිදින්න තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේදී ඒ ඒ භවයේදී පින්දහම් සිදුකරමින් අවුත්, විපස්සි භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූ සමයෙහි සිටුගෙයක ඉපිද නිසිවියට පත් වූහ. දිනක් ඔහු විජිනිපතක් (වටා පතක්) ගෙන බෝධියට පූජා කළේය. ඒ පින්කමේ විපාක ලෙස දෙව්ලොව උපන් හෙතෙම; කාම සුගතීන්හි සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී සුනාපරන්ත ජනපදයේ සිටුගෙයක ඉපිද “ඉසිදින්න” නමින් ප්‍රකට විය. තුරුණුවියට පත් වූ ඔහු ශාස්තෲන් වහන්සේ සඳුන් මල් පිළිගත් අවස්ථාවෙහි වූ පෙළහර දැක පැහැදීමෙන්, උන්වහන්සේ වෙත පැමිණ ධර්මශ්රවණය කළේය. දේශනාව අවසන් හි ඉසිදින්න සෝවාන් විය. ගිහිගෙයි වසන ඔහුගේ දියුණුව කැමති දෙවියෙක් මේ ගාථා දෙකින් ඔහුට චෝදනා කළේය.
“දිට්ඨා මයා ධම්මධරා උපාසකා, කාමා අනිච්චා ඉති භාසමානා; සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු, පුත්තෙසු දාරෙසු ච තෙ අපෙක්ඛා.
“දිට්ඨා මයා ධම්මධරා උපාසකා, කාමා අනිච්චා ඉති භාසමානා, සාරත්තරත්තා මණිකුණ්ඩලෙසූ, පුත්තෙසු දාරෙසු ච තෙ අපෙක්ඛා”
“අද්ධා න ජානන්ති යතොධ ධම්මං, කාමා අනිච්චා ඉති චාපි ආහු; රාගඤ්ච තෙසං න බලත්ථි ඡෙත්තුං, තස්මා සිතා පුත්තදාරං ධනඤ්චා”ති. –
“අද්ධා න ජානන්ති යථාව ධම්මං, කාමා අනිච්චා ඉති චාපි ආහු, රාගංච තෙසං න බලත්ති ඡෙත්තුං, තස්මා සිතා පුත්තදාරං ධනඤ්චා”ති.
ගාථාද්වයමභාසි.
තත්ථ දිට්ඨා මයා ධම්මධරා උපාසකා, කාමා අනිච්චා ඉති භාසමානාති ඉධෙකච්චෙ පරියත්තිධම්මධරා උපාසකා මයා දිට්ඨා, පරියත්තිධම්මධරත්තා එව “කාමා නාමෙතෙ අනිච්චා දුක්ඛා විපරිණාමධම්මා”ති කාමෙසු ආදීනවපටිසංයුත්තං ධම්මං භාසමානා, සයං පන සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු, පුත්තෙසු දාරෙසු ච තෙ අපෙක්ඛාති සාරත්තා හුත්වා බහලරාගරත්තා මණීසු කුණ්ඩලෙසු ච, මණිචිතෙසු වා කුණ්ඩලෙසු, පුත්තෙසු පුත්තධීතාසු දාරෙසු ච අධිගතස්නෙහා, අඤ්ඤං භණන්තා අඤ්ඤං කරොන්තා දිට්ඨා මයාති අත්ථො.
මෙහි “දිට්ඨා මයා ධම්මධරා උපාසකා කාමා අනිච්චා ඉති භාසමානා” මේ බුදු සසුනෙහි ඇතැම් පර්යාප්ති ධර්මය දරාගත් උපාසකයෝ මවිසින් දක්නා ලදහ. පර්යාප්තිය දරණ බැවින් ම ඔවුහු; “කාමය නම් අනිත්‍ය වූවකි. දුක් ගෙන දෙන්නකි. වෙනස්වන ස්වභාව ඇත්තකි” යනුවෙන් කාමයන්හි ආදීනව දැක්වෙන (ප්‍රතිසංයුක්ත) ධර්මය පවසති. දෙසති. නමුත් තමා ම මිණිකොඬොල් ආභරණවල ද අඹු දරුවන් කෙරෙහි ද විශේෂයෙන් ඇලී අපේක්ෂා සහිතව සිටිති. බහුල වූ රාගයෙන් යුක්තව මාණික්‍යමය වූ මිණිකොඬොල් ආදී ආභරණ කෙරෙහි ද අඹුදරුවන් කෙරෙහි ද අධික ප්‍රේමයෙන්-සෙනෙහසින් ඇලී ගැලී අනිකක් කරති. අනිකක් කියති. මෙබඳු උපාසකවරු මවිසින් දක්නා ලදි.
යතොති යස්මා තෙ උපාසකා සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු පුත්තෙසු දාරෙසු ච අපෙක්ඛවන්තො, තස්මා ඉධ ඉමස්මිං බුද්ධසාසනෙ ධම්මං යාථාවතො අද්ධා එකංසෙන න ජානන්ති. එවං භූතා ච “කාමා අනිච්චා”ඉති චාපි ආහු අහොසි, සත්තපකති විචිත්තසභාවාති අධිප්පායො. රාගඤ්ච තෙසං න බලත්ථි ඡෙත්තුන්ති තෙසං උපාසකානං යස්මා රාගං ඡෙත්තුං සමුච්ඡින්දිතුං තාදිසං ඤාණබලං නත්ථි, තස්මා තෙන කාරණෙන සිතා තණ්හාවසෙන නිස්සිතා පුත්තදාරං ධනඤ්ච අල්ලීනා න විස්සජ්ජෙන්තීති සබ්බමෙතං දෙවතා තංයෙව උපාසකං උද්දිස්ස අඤ්ඤාපදෙසෙන කථෙසි. තං සුත්වා උපාසකො සංවෙගජාතො පබ්බජිත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.48.46-50) –
“යතො” ඒ උපාසකවරු මිණිකොඬොල් ආභරණයන්හි සහ අඹුදරුවන් කෙරෙහි අපේක්ෂා සහගත වන බැවින් මේ බුදුසසුන තත්ත්වාකාරයෙන්, ඒකාන්තයෙන් අවබෝධ කර නොගනිති. එනමුත් “කාමයෝ අනිත්‍යයහ” යනාදී ලෙස පවසති. “ස්වාභාවයෙන්ම ඇලුණා වූ චිත්ත ස්වභාවයෙන් යුතු වෙති” යන අදහසයි. “රාගඤ්ච තෙසං න බලත්ථි ඡෙන්තුං” ඒ උපාසකවරුන්ට රාගය සිඳ දැමීමට සමත් වූ ඥාන බලයක් නැත. එනිසා ඔවුහු තණ්හාවෙන් ඇලී-ගැලී, බදාගෙන අඹුදරුවන් ද ධනය ද අත්නොහරිති. මේ සියල්ල ඒ දෙවියා විසින් අන්‍යාකාරයකින් ඒ උපාසකයා සඳහාම පවසන ලදි. මෙම වදන් ඇසූ ඉසිදින්න, සංවේග උපදවාගෙන සසුනේ පැවිදි වී නොබෝ දිනකින්ම රහත් විය. අපාදන පාළියේ දී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“විපස්සිනො භගවතො, බොධියා පාදපුත්තමෙ; සුමනො බීජනිං ගය්හ, අබීජිං බොධිමුත්තමං.
“ඒ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධත්වය සඳහා මහෝපකාරී වූ උතුම් බෝධියට සතුටු සිතින් වටාපතක් ගෙන මම පූජා කළෙමි.
“එකනවුතිතො කප්පෙ, අබීජිං බොධිමුත්තමං; දුග්ගතිං නාභිජානාමි, බීජනාය ඉදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර එසේ උතුම් බෝධිය පිදුවෙම් ද එතැන් පටන් මම දුගතියක නූපන්නෙමි.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මවිසින් කෙලෙස් දවන ලදි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අඤ්ඤං බ්යාකරොන්තො ඉමා එව ගාථා අභාසීති.
මෙසේ රහත්බවට පත්වූ ඉසිදින්න තෙරණුවෝ සිය අර්හත්වය ප්‍රකාශ කිරීම සඳහා එසේ දෙවියා විසින් පැවසූ ගාථාම නැවත වදාළහ.
ඉසිදින්නත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ඉසිදින්න ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.