සම්බුලකච්චානත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
සම්බුලකච්චානත්ථෙරගාථාවණ්ණනා
සම්බුලකච්චායන ස්ථවිරගාථා වර්ණනාව
දෙවො චාති ආයස්මතො සම්බුලකච්චානත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි කරොන්තො ඉතො චතුනවුතිකප්පමත්ථකෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සතරංසිං නාම පච්චෙකබුද්ධං නිරොධා වුට්ඨහිත්වා පිණ්ඩාය චරන්තං දිස්වා පසන්නමානසො තාලඵලං අදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ මගධරට්ඨෙ ගහපතිකුලෙ නිබ්බත්තිත්වා “සම්බුලො”ති ලද්ධනාමො කච්චානගොත්තතාය සම්බුලකච්චානොති පඤ්ඤායිත්ථ.
“දෙවො වා” යනු ආයුෂ්මත් සම්බුල කච්චායන තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවෙහි කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයන්හිදී පින් රැස් කරමින් අවුත්, මීට කල්ප අනූ හතරකට පෙර දී සිටුගෙයක උපන්හ. නුවණැති බවට පත්වූ ඔහු දිනක් සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිට, පිඬු පිණිස හැසිරෙනු දුටුවේය. දැක තල්ගෙඩියක් උන්වහන්සේට පූජා කළේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියෙහි සැරි සැරූ හෙතෙම මේ බුද්ධෝත්පාද කාලයේදී මගධ රට ගහපති කුලයක ඉපිද සම්බුල යන නම ලැබීය. කච්චායන ගෝත්‍රයේ වූ බැවින් සම්බුලකච්චායන යැයි ඔහු ප්‍රකට විය.
සො වයප්පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා හිමවන්තසමීපෙ භෙරවාය නාම පබ්බතගුහායං විපස්සනාය කම්මං කරොන්තො විහරති. අථෙකදිවසං මහා අකාලමෙඝො සතපටලසහස්සපටලො ථනෙන්තො ගජ්ජන්තො විජ්ජුල්ලතා නිච්ඡාරෙන්තො ගළගළායන්තො උට්ඨහිත්වා වස්සිතුං ආරභි, අසනියො ඵලිංසු. තං සද්දං සුත්වා අච්ඡතරච්ඡුවනමහිංසහත්ථිආදයො භීතතසිතා භීතරවං විරවිංසු. ථෙරො පන ආරද්ධවිපස්සනත්තා කායෙ ජීවිතෙ ච නිරපෙක්ඛො විගතලොමහංසො තං අචින්තෙන්තො විපස්සනායමෙව කම්මං කරොන්තො ඝම්මාපගමෙන උතුසප්පායලාභෙන සමාහිතචිත්තො තාවදෙව විපස්සනං උස්සුක්කාපෙත්වා සහ අභිඤ්ඤාහි අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.85-90) –
වැඩිවියට පත්ව ශාස්තෘෘන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළ සම්බුල කච්චායන තෙමේ ශ්‍රද්ධාවෙන් පැවිදිව හිමවත සමීපයේ භේරව නම් පර්වත ගුහාවෙහි වසමින් විදසුන් කමටහන වැඩුවේය. එක් දිනක් මහත් වූ අකාල මේඝයක් සිය දහස් වර ගුගුරමින්, ගර්ජනා කරමින් විදුලිය ගසමින් ගඩ ගඩ හඬින් පහලට වසින්නට පටන් ගත්තේය. හෙන පිපිරුවේය. ඒ ශබ්දය ඇසූ දිවි, වලස්, වන මී, ඇත් ආදී සත්තු බියපත්ව මහ හඬින් ශබ්ද කළහ. තෙරුන් වහන්සේ අරඹන ලද විදසුන් භාවනා ඇතිව කයේත් සිතේත් අපේක්ෂාවක් නොමැති හෙයින් දුරු වූ ලොමුඩැහැ ගැනීම් ඇති වූහ. වැස්ස පිළිබඳ නොකැමතිව විදසුනෙහි සිත පිහිටුවා ගත් උන්වහන්සේගේ ශරීරය ග්‍රීෂ්මය දුරු වී යෝග්‍ය සෘතු ලැබීමෙන් සංයම විය. සන්සුන් වූ සිත එකෙණෙහිම විදසුනට නංවා ෂඩ් අභිඥා සහිතව රහත් ඵලයෙහි පිහිටියේය. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“සතරංසී නාම භගවා, සයම්භූ අපරාජිතො; විවෙකා වුට්ඨහිත්වාන, ගොචරායාභිනික්ඛමි.
“තමන් වහන්සේ විසින් සත්‍යාවබෝධ කරගත් අපරාජික වූ සතරංසි නම් පසේ බුදුරජාණන් වහන්සේ සමවතින් නැගිට පිඬු පිණිස හැසිරුණු සේක.
“ඵලහත්ථො අහං දිස්වා, උපගච්ඡිං නරාසභං; පසන්නචිත්තො සුමනො, තාලඵලං අදාසහං.
තල් ගෙඩි අතේ තබාගෙන සිටි මම ඒ නර ශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක, සමීපයට ගියෙමි. මම පැහැදුණු සිතින් තල් ගෙඩියක් පූජා කළෙමි.
“චතුන්නවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප අනූ හතරකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳු ය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා අත්තනො පටිපත්තිං පච්චවෙක්ඛිත්වා සොමනස්සජාතො උදානවසෙන අඤ්ඤං බ්යාකරොන්තො –
මෙසේ රහත් බවට පත් වූ උන්වහන්සේ තම පිළිවෙත සිහිපත් කර බලා සතුටට පත් වූසේක්, ප්‍රීතිය පහළ කරමින් සිය රහත් බව මෙම ගාථා දෙකෙන් වදාළහ.
“දෙවො ච වස්සති, දෙවො ච ගළගළායති, එකකො චාහං භෙරවෙ බිලෙ විහරාමි; තස්ස මය්හං එකකස්ස භෙරවෙ බිලෙ විහරතො, නත්ථි භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා.
“දෙවො ච වස්සති දෙවො ච ගළගළා යති, එකකොචාහං භෙරවෙ බිලෙ විහරාමි, තස්ස මය්හං එකකස්ස භෙරවෙ බිලෙ විහරතො, නත්ථි භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා”
“ධම්මතා මමෙසා යස්ස මෙ, එකකස්ස භෙරවෙ බිලෙ; විහරතො නත්ථි භයං වා, ඡම්භිතත්තං වා ලොමහංසො වා”ති. –
“ධම්මතා මමෙසා යස්ස මෙ, එක්කස්ස භෙරවෙ බිලෙ විහරතො, නත්ථි භයං වා ඡම්හිතත්තං වා ලොමහංසො වා”
ගාථාද්වයං අභාසි.
තත්ථ දෙවො ච වස්සති, දෙවො ච ගළගළායතීති දෙවො මෙඝො වස්සති ච, “ගළගළා”ති ච කරොන්තො ගජ්ජතීති අත්ථො. ගජ්ජන්තස්ස හි අනුකරණමෙතං. එකකො චාහං භෙරවෙ බිලෙ විහරාමීති අහඤ්ච එකකො අසහායො සප්පටිභයායං පබ්බතගුහායං වසාමි, තස්ස මය්හං එවංභූතස්ස මෙ සතො නත්ථි භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වාති චිත්තුත්රාසසඤ්ඤිතං භයං වා තංනිමිත්තකං සරීරස්ස ඡම්භිතත්තං වා ලොමහංසනමත්තං වා නත්ථි.
මෙහි “දෙවො ච වස්සති දෙවො ච ගළගළා යති” යනු වර්ෂාව, මේඝය වසියි. ගළ ගළ හඬින් ගලා යයි. ඒ ගර්ජනාවෙහි අනුකරණය දැක්වීමයි. “එකකොචාහං භෙරවෙ බිලෙ විහරාමි” මම ද හුදෙකලාව, තනිව, බියක් නොමැතිව මේ පර්වත ගුහාවෙහි වසමි. මෙසේ වූ සිහිය ඇතිව වෙසෙන මා හට “නත්ථි භයං වා ඡම්හි තත්තං වා ලොමහංසො වා” සිතේ තැතිගැනීම්, භයක් ආදියක් හෝ ඒ නිමිති කරගෙන ශරීරයේ තැති ගැනීමක්, ලොමු දහ ගැනීමක් හෝ නැත.
කස්මාති තත්ථ කාරණමාහ “ධම්මතා මමෙසා”ති. අපරිඤ්ඤාතවත්ථුකස්ස හි තත්ථ අප්පහීනච්ඡන්දරාගතාය භයාදිනා භවිතබ්බං, මයා පන සබ්බසො තත්ථ පරිඤ්ඤාතං, තත්ථ ච ඡන්දරාගො සමුච්ඡින්නො, තස්මා භයාදීනං අභාවො ධම්මතා මමෙසා මම ධම්මසභාවො එසොති අඤ්ඤං බ්යාකාසි.
“තස්මා” යනුවේ ඒ කාරණය - හේතුව දක්වයි. “ධම්මතා මමෙසා” මේ භය පිළිබඳ පිරිසිඳ නොදත් තැනැත්තාට ප්‍රහීන නොවූ ඡන්ද රාග ඇති බැවින් භය විය යුතුයි. මම වනාහි සියලු අයුරින්ම භය පිරිසිඳ දත්තෙමි. එහි ඡන්දරාගය මුළුමනින්ම සිඳ දැමුවෙමි. භයවීම් ආදිය නොමැති හෙයින් “මෙය මාගේ ධර්මතාවකි. මෙය මාගේ ධර්ම ස්වභාවයකි” යනුවෙන් රහත් බව ප්‍රකාශ කරයි.
සම්බුලකච්චානත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
සම්බුල කච්චායන ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.