ඛිතකත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
ඛිතකත්ථෙරගාථාවණ්ණනා
ඛිතක ස්ථවිරගාථා වර්ණනාව
කස්ස සෙලූපමං චිත්තන්ති ආයස්මතො නිතකත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි කරොන්තො විපස්සිස්ස භගවතො කාලෙ බන්ධුමතීනගරෙ ආරාමගොපකො හුත්වා ජීවන්තො එකදිවසං භගවන්තං ආකාසෙන ගච්ඡන්තං දිස්වා පසන්නමානසො නාළිකෙරඵලං දාතුකාමො අහොසි. සත්ථා තං අනුග්ගණ්හන්තො ආකාසෙයෙව ඨත්වා පටිග්ගණ්හි. සො තං දත්වා උළාරං පීතිසොමනස්සං පටිසංවෙදි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොසලරට්ඨෙ බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා නිතකොති ලද්ධනාමො විඤ්ඤුතං පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා කම්මට්ඨානං ගහෙත්වා අරඤ්ඤෙ විහරන්තො ඝටෙන්තො අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.51.91-99) –
“කස්ස සෙලූපමං චිත්තං” යනු ආයුෂ්මත් ඛිතක තෙරුන් වහන්සේගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කරන ලද ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී පින් කමින් අවුත් විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී බන්ධුමතී නුවර ආරාම ආරක්ෂකයෙක් ව ජීවත් විය. එක් දිනක් ඔහු භාග්‍යවතුන් වහන්සේ අහසින් වඩිනු දැක පැහැදුණු සිතින් පොල් ගෙඩියක් පූජා කරනු කැමති විය. ශාස්තෲන්වහන්සේ ඔහුට අනුග්‍රහ පිණිස අහසෙහි වැඩ හිඳම එම පූජාව පිළිගත් සේක. එය දුටු ආරාම ආරක්ෂකයා මහත් වූ ප්‍රීති ප්රමෝදයට පැමිණියේය. ඒ පින්කම නිසා දෙව් මිනිස් දෙගතියේ සැරි සැරූ හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී කොසොල් රට බමුණු පවුලක ඛිතක නමින් ඉපද වැඩිවියට පත්ව ශාස්තෲන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කළේය. ඉන් ලබන ලද ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි වූ ඔහු කමටහන් ගෙන ආරණ්‍යයට වැඩමවා උත්සාහ කර, නොබෝ දිනකින්ම රහත් ඵලය ලබා ගත්තේය. අපදාන පාළියේ දී ඛිතක තෙරණුවෝ මෙසේ පැවසූහ.
“නගරෙ බන්ධුමතියා, ආරාමිකො අහං තදා; අද්දසං විරජං බුද්ධං, ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
“එකල මම බන්ධුමතී නුවර ආරාමිකයෙක් වීමි. අහසෙහි වඩින කෙලෙස් රජස් විරහිත බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“නාළිකෙරඵලං ගය්හ, බුද්ධසෙට්ඨස්සදාසහං; ආකාසෙ ඨිතකො සන්තො, පටිග්ගණ්හි මහායසො.
මම නාළිකේර ඵලයක් (පොල් ගෙඩියක්) ගෙන උන්වහන්සේට පිදුවෙමි. මහත් යශස් ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ අහසේ වැඩහිඳ ම එය පිළිගත් සේක.
“විත්තිසඤ්ජනනො මය්හං, දිට්ඨධම්මසුඛාවහො; ඵලං බුද්ධස්ස දත්වාන, විප්පසන්නෙන චෙතසා.
මට ප්‍රීතිය උපදවන්නා වූ මෙලොවදී ම සුව එළවන්නා වූ ඵලය පහන් සිතින් බුදුරදුන්ට පූජා කළෙමි.
“අධිගච්ඡිං තදා පීතිං, විපුලඤ්ච සුඛුත්තමං; උප්පජ්ජතෙව රතනං, නිබ්බත්තස්ස තහිං තහිං.
ඉන් මහත් වූ ප්‍රීතියටද උතුම් සැපයටද පැමිණියෙමි. ඒ ඒ තැන උපන්නා වූ මා හට රුවන් පහළ වේ.
“එකනවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර යම් ඵල දානයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වාම දුගතියක නූපන්නෙමි.
“දිබ්බචක්ඛු විසුද්ධං මෙ, සමාධිකුසලො අහං; අභිඤ්ඤාපාරමිප්පත්තො, ඵලදානස්සිදං ඵලං.
ම විසින් දැන් දිවැස පිරිසිදු කරන ලදි. මම සමාධියට සම වැදීමෙහි දක්ෂ වෙමි. ෂඩ් අභිඥාවන් හි පරතෙරට පැමිණියෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත්තං පන පත්වා ථෙරෙ ඵලසුඛෙන නිබ්බානසුඛෙන විහරන්තෙ පධානපරිග්ගාහකො ථෙරො තං ආරඤ්ඤායතනං ගන්ත්වා තත්ථ වසන්තානං භික්ඛූනං පරිග්ගණ්හනත්ථං “කස්ස සෙලූපම”න්තිආදිනා පඨමං ගාථමාහ.
රහත් බවට පත් වූ ඛිතක තෙරණුවන් ඵල සමවතින් ම සැපයෙන් හා නිවන් සැපයෙන් යුක්තව වෙසෙන කල්හි ප්‍රදාන පරිග්රාහක තෙරණුවෝ එම ආරණ්යායතනයට වැඩම කළහ. එහි වසන භික්ෂූන් පිළිබඳ විමසීම සඳහා උන්වහන්සේ මේ පළමු ගාථාව වදාළහ.
“කස්ස සෙලූපමං චිත්තං ඨිතං නානුපකම්පතී, විරත්තං රජනීයෙසූ කුප්පනීයෙ න කුප්පතී, යස්සෙවං භාවිතං චිත්තං කුතො තං දුක්ඛමෙස්සතී”
තත්ථ කස්ස සෙලූපමං චිත්තං, ඨිතං නානුපකම්පතීති ඉමස්මිං අරඤ්ඤායතනෙ වසන්තෙසු කස්ස භික්ඛුනො චිත්තං අග්ගඵලාධිගමෙන එකඝනසිලාමයපබ්බතූපමං සබ්බෙසං ඉඤ්ජනානං අභාවතො වසීභාවප්පත්තියා ච ඨිතං සබ්බෙහිපි ලොකධම්මෙහි නානුකම්පති න වෙධති. ඉදානිස්ස අකම්පනාකාරං සද්ධිං කාරණෙන දස්සෙතුං “විරත්ත”න්තිආදි වුත්තං. තත්ථ විරත්තං රජනීයෙසූති විරාගසඞ්ඛාතෙන අරියමග්ගෙන රජනීයෙසු රාගුප්පත්තිහෙතුභූතෙසු තෙභූමකධම්මෙසු විරත්තං, තත්ථ සබ්බසො සමුච්ඡින්නරාගන්ති අත්ථො. කුප්පනීයෙති පටිඝට්ඨානීයෙ, සබ්බස්මිම්පි ආඝාතවත්ථුස්මිං. න කුප්පතීති න දුස්සති න විකාරං ආපජ්ජති. යස්සෙවං භාවිතං චිත්තන්ති යස්ස අරියපුග්ගලස්ස චිත්තං මනො එවං වුත්තනයෙන තාදිභාවෙන භාවිතං, කුතො තං දුක්ඛමෙස්සතීති තං පුග්ගලං කුතො සත්තතො සඞ්ඛාරතො වා දුක්ඛං උපගමිස්සති, න තාදිසස්ස දුක්ඛං අත්ථීති අත්ථො.
මෙහි “කස්ස සෙලූපමං චිත්තං ඨිතං නානුපකම්පතී” යනු මේ අරණ්යායතනයේ වෙසෙන කවර භික්ෂුවකගේ සිත මගඵල අවබෝධයෙන් ඒකඝන වූ ගල් පර්වතයක් මෙන් පවතී ද? සියලු ආශාවන්ගේ අභාවයෙන් වශීභාවයට පත් වූ බැවින් ද සියලුම ආකාරයේ ලෝක ධර්මතාවන්ගෙන් (අටලෝ දහමින්) කම්පා නොවී නොසැලී පවතීද? දැන් එවැනි භික්ෂුවගේ අකම්පිත බවට හේතු දැක්වීම් වශයෙන් “විරත්තං” යනාදිය වදාළහ. “විරත්තං රජනීයෙසු” විරාග නම් වූ ආර්ය මාර්ගයෙන් සිත් අලවන රාගය ඉපදීමට හේතුවන ත්‍රෛභූමික ධර්මයන්හි නොඇලුණු, “ආර්ය මාර්ගයෙන් මුලුමනින්ම සිඳ දැමූ රාග ඇති” යන අර්ථයයි. “කුප්පනීයෙ” හැපීම්-ගැටීම් ඇති සියලු ක්‍රෝධ සහිත වස්තූන්හි නොකිපේ. සිත දූෂ්‍ය නොවේ. විකාරයට-වෙනසට නොපැමිණේ. “යස්සෙවං භාවිතං චිත්තං” යම් ආර්ය පුද්ගලයෙකුගේ සිත, මනස මෙසේ තාදි භාවයෙන් (කෙළෙස් දුරුකර) වඩන ලද ද “කුතො තං දුක්ඛමෙස්සතී” ඒ උතුම් පුද්ගලයාට ඇලීම් වශයෙන් හෝ සංස්කාර වහයෙන් හෝ කෙසේ නම් දුකක් පැමිණෙන්නේද? “මෙවන් පුද්ගලයන්ට දුකක් නොමැත” යන අරුතයි.
එවං අනියමවසෙන පුච්ඡිතමත්ථං නිතකත්ථෙරො අත්තූපනායිකං කත්වා විස්සජ්ජෙන්තො “මම සෙලූපමං චිත්ත”න්තිආදිනා දුතියගාථාය අඤ්ඤං බ්යාකාසි. තං වුත්තත්ථමෙව.
මෙසේ අනියම් වශයෙන් විචාළ අර්ථය ඛිතක තෙරණුවෝ තමා වෙත සමීප කරගනිමින් පිළිතුරු දීම් වශයෙන් මේ දෙවන ගාථාව වදාරා සිය රහත් බව ප්‍රකාශ කළහ.
“මම සෙලූපමං චිත්තං ඨිතං නානුකම්පතී, විරත්තං රජනීයෙසු කුප්පනීයෙ න කුප්පතී, මමෙවං භාවිතං චිත්තං කුතො මං දුක්ඛමෙස්සතී” ති
මෙම ගාථාවේ අර්ථ ඉහතින් ද පැවසෙන බැවින් ඉතා ප්‍රකට ය.
නිතකත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
ඛිතක ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.