සෙලිස‍්සරියත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා
සෙලිස‍්සරියත්‍ථෙරගාථාවණ‍්ණනා
සෙලිස්සරිය ස්ථවිරගාථා වර්ණනාව
න තාව සුපිතුං හොතීති ආයස‍්මතො සොණස‍්ස පොටිරියපුත‍්තස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො සිඛිස‍්ස භගවතො කාලෙ වනචරො හුත්‍වා ජීවන‍්තො එකදිවසං සත්‍ථාරං දිස‍්වා පසන‍්නචිත‍්තො කුරඤ‍්ජියඵලං සත්‍ථුනො අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං පොටිරියස‍්ස නාම ගාමභොජකස‍්ස පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති, සොණොතිස‍්ස නාමං අහොසි. සො වයප‍්පත‍්තො භද‍්දියස‍්ස සාකියරඤ‍්ඤො සෙනාපති අහොසි. අථ භද‍්දියරාජෙ හෙට‍්ඨා වුත‍්තනයෙන පබ‍්බජිතෙ, සෙනාපති “රාජාපි නාම පබ‍්බජි, කිං මය‍්හං ඝරාවාසෙනා”ති පබ‍්බජි? පබ‍්බජිත්‍වා පන නිද‍්දාරාමො විහරති, න භාවනමනුයුඤ‍්ජති. තං භගවා අනුපියායං අම‍්බවනෙ විහරන‍්තො අත‍්තනො ඔභාසං ඵරාපෙත්‍වා තෙනස‍්ස සතිං ජනෙත්‍වා ඉමාය ගාථාය තං ඔවදන‍්තො –
“න තාව සුපිතුං හොති” යනු ආයුෂ්මත් සෝණ සෙට්ඨිපුත්ත තෙරුන්ගේ ගාථාවන් ය. එහි උපත කෙසේ ද? උන්වහන්සේ ද පෙර බුදුවරු හමුවේ කළ පැතුම් ඇතිව අවුත්; සිඛි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී වැද්දෙකු වී ජීවත් වනුයේ දිනක් ශාස්තෲන් වහන්සේ දැක පැහැදුණු සිතින් කුරුඤ්ජිය ඵලයක් ගෙන උන්වහන්සේට පිදූහ. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා අවුත්, මේ බුද්ධෝත්පාද කාලයේ දී කපිලවස්තුවේ සෙලිස්සරිය නම් ග්‍රාමභෝජකයාගේ පුතු ලෙස උපන්නේ ය. ඔහු “සෝණ” නාමයෙන් ප්‍රකට විය. තරුණවියට පැමිණි සෝණ භද්දිය ශාක්‍ය රජුගේ සේනාපති විය. ඉහතින් පැවසූ පරිදි භද්දිය ශාක්‍ය රජු පැවිදි වූ කල්හි “රජුත් පැවිදි වුණා. මම ගිහිගෙයි සිටීමෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි සිතා සෝණ පැවිදි වූ නමුත්, භාවනාවෙහි නො ඇලී, නින්දෙහිම ඇලී වාසය කළේය. භාග්‍යවතුන් වහන්සේ අනුපිය නම් අඹ වනයෙහි වැඩ වසන කල්හි සෝණ වෙත තමන් වහන්සේගේ ශරීරාලෝකය පතුරුවා ඔහුට සිහි උපදවා මේ පළමු ගාථාවෙන් අවවාද කළ සේක.
“න තාව සුපිතුං හොති, රත්ති නක‍්ඛත‍්තමාලිනී; පටිජග‍්ගිතුමෙවෙසා, රත‍්ති හොති විජානතා.
“න තාව සුපිතුං හොති රත්ති නක්ඛත්තමාලිනී, පටිජග්ගිතු මෙවෙසා රත්ති හොති විජානතා”
“හත්‍ථික‍්ඛන්‍ධාවපතිතං , කුඤ්ජරො චෙ අනුක‍්කමෙ; සඞ‍්ගාමෙ මෙ මතං සෙය්‍යො, යඤ‍්චෙ ජීවෙ පරාජිතො”ති. – ගාථාද‍්වයං අභාසි;
“හත්‍ථික්ඛන්‍ධාවපතිතං කුඤ්ජරො චෙ අනුක්කමෙ, සංගාමෙ මෙ මතං සෙය්‍යො යං චෙ ජීවෙ පරාජිතො” තී.
තත්‍ථ න තාව සුපිතුං හොති, රත‍්ති නක‍්ඛත‍්තමාලිනීති අට‍්ඨහි අක‍්ඛණෙහි වජ‍්ජිතං නවමං ඛණං ලභිත්‍වා ඨිතස‍්ස විඤ‍්ඤුජාතිකස‍්ස යාව න අරහත‍්තං හත්‍ථගතං හොති, තාව අයං නක‍්ඛත‍්තමාලිනී රත‍්ති සුපිතුං නිද‍්දායිතුං න හොති, සුපනස‍්ස කාලො න හොති. අපිච ඛො පටිජග‍්ගිතුමෙවෙසා, රත‍්ති හොති විජානතාති එසා රත‍්ති නාම මනුස‍්සානං මිගපක‍්ඛීනඤ‍්ච නිද‍්දූපගමනෙන විසෙසතො නිස‍්සද‍්දවෙලාභූතා පටිපත‍්තිං අත‍්තනි සඤ‍්ජග‍්ගිතුං ජාගරියානුයොගමනුයුඤ‍්ජිතුමෙව විජානතා විඤ‍්ඤුනා ඉච‍්ඡිතා හොතීති.
මෙහි “න තාව සුපිතුං හොති රත්ති නක්ඛත්ත මාලිනී” අයෝග්‍ය අවස්ථා අටක් බැහැරලා නව වන ක්‍ෂණය ලැබ (යෝග්‍ය අවස්ථාවට පැමිණ) සිටියත් නුවණැති පුද්ගලයා විසින් රහත් වන තෙක්ම මේ තරු ඇති රාත්‍රියෙහි නිදාගැනීම නුසුදුසුයි. නිදීමට සුදුසු කාලයක් නොවේ. මේ රාත්‍රිය වනාහි නුවණැත්තන් විසින් පිළිවෙත් රැකීමට ම යෝග්‍ය වූවකි. මේ රාත්‍රිය නම් මිනිසුන්ගේ ද මෘගපක්‍ෂීන්ගේ ද නින්දට යෑමෙන් විශේෂයෙන්ම නිශ්ශබ්ද වූ නිසසල රාත්‍රියකි. එනිසා පිළිවෙතින් තමා මනාව ආරක්‍ෂා කර ගැනීම සඳහා නුවණැත්තන් විසින් මේ රාත්‍රියේ නිදි වැරීම ඉතා කැමතිවූවකි.
තං සුත්‍වා සොණො සංවිග‍්ගතරමානසො හිරොත‍්තප‍්පං පච‍්චුපට‍්ඨපෙත්‍වා අබ‍්භොකාසිකඞ‍්ගං අධිට‍්ඨාය විපස‍්සනාය කම‍්මං කරොන‍්තො “හත්‍ථික‍්ඛන්‍ධොව පතිත”න‍්ති දුතියං ගාථමාහ. තත්‍ථ අවපතිතන‍්ති අවමුඛං පතිතං උද‍්ධංපාදං අධොමුඛං පතිතං. කුඤ‍්ජරො චෙ අනුක‍්කමෙති කුඤ‍්ජරො අනුක‍්කමෙය්‍ය චෙ. ඉදං වුත‍්තං හොති – යදාහං හත්‍ථිමාරුහිත්‍වා සඞ‍්ගාමං පවිට‍්ඨො හත්‍ථික‍්ඛන්‍ධතො පතිතො, තදාහං සඞ‍්ගාමෙ තෙන හත්‍ථිනා මද‍්දිතො මතො අහොසිං චෙ, තං මෙ මරණං සෙය්‍යො, යඤ‍්චෙ ඉදානි කිලෙසෙහි පරාජිතො ජීවෙය්‍යං, තං න සෙය්‍යොති. ඉමං ගාථං වදන‍්තොයෙව විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.52.1-6) –
ඒ ඇසූ සෝණ තෙරණුවෝ සංවේග උපදවාගෙන, ලැජ්ජා බිය පෙරටු කරගෙන, අබ්භෝකාසිකංගය නම් ධුතාංගය අධිෂ්ඨාන කරගෙන නිදිවරා විදසුන් කමටහන වඩමින් ම “හත්‍ථික්ඛන්‍ධාව පතිතං” යන දෙවන ගාථාව වදාළ සේක. එහි “අවපතිතං” යනු යටිකුරුව වැටේ. පා උඩට සිටින සේ මුව යටට සිටින සේ වැටුණි. “කුඤ්ජරො චෙ අනුක්ක මෙ” ඉදින් ඇතා පෑගුවේ නම්. මෙහි අදහස මෙසේ දත යුතුයි. – “යම් කලෙක මම ඇති පාට නැගී සංග්‍රාමයට පිවිසියෙම්. ඉදින් සටනේදී ඇත් කදින් වැටුණහොත්, එකල්හි මම ඒ සංග්‍රාම භූමියේදී ඇතාටම පැගී මිය යන්නෙමි. එම මරණය මා හට උතුම් වේ. දැන් මෙසේ කෙලෙසුන්ට පැරදී “කෙලෙස් බරිතව ජීවත්වීම නොහොබී.” මේ ගාථාව දේශනා කරද්දීම විදසුන් වැඩූ සෝණ තෙරණුවෝ රහත් බව ලබාගත්හ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
“මිගලුද‍්දො පුරෙ ආසිං, විපිනෙ විචරං අහං; අද‍්දසං විරජං බුද‍්ධං, සබ‍්බධම‍්මාන පාරගුං.
“පෙර මම වනයේ හැසිරෙන මුව වැද්දෙක් වීමි. එකල සියලු දහම්හි පරතෙරට පත්වූ කෙලෙස් දූවිලි ඉවත ලූ බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
“කුරඤ‍්ජියඵලං ගය‍්හ, බුද‍්ධසෙට‍්ඨස‍්සදාසහං; පුඤ‍්ඤක‍්ඛෙත‍්තස‍්ස තාදිනො, පසන‍්නො සෙහි පාණිභි.
පහන් සිත් ඇති මම කුරඤ්ජිය ඵලයක් ගෙන, වීර වූ පින්කෙතක් වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදුවෙමි.
“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.
එදා මීට කල්ප තිස් එකකට පෙර යම් ඵලදානයක් දුනිම් ද එහි විපාක වහයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.
දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
අරහත‍්තං පන පත්‍වා “සත්‍ථාරා වුත‍්තං, අත‍්තනා වුත‍්ත”න‍්ති උභයඤ‍්හි ගාථං “හත්‍ථික‍්ඛන්‍ධාවපතිත”න‍්තිආදිනා පච‍්චුදාහාසි. තෙන ඉදමෙව අඤ‍්ඤාබ්‍යාකරණං අහොසීති.
රහත්බවට පත් සෝණ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේ වදාළ ගාථාව සහ තමන් වහන්සේ වදාළ ගාථාව යන දෙකම “හත්‍ථික්ඛන්‍ධාවපතිතං.....” යනාදී වශයෙන් නැවත වදාළහ. එයම උන්වහන්සේගේ රහත් බව ප්‍රකාශ කිරීම විය.
සොණපොටිරියපුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.
සෝණ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.