නිසභත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
නිසභත්ථෙරගාථාවණ්ණනා
නිසභ ස්ථවිරගාථා වර්ණනාව
පඤ්ච කාමගුණෙ හිත්වාති ආයස්මතො නිසභත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං සත්ථාරං පිණ්ඩාය චරන්තං දිස්වා පසන්නචිත්තො කපිත්ථඵලමදාසි. සො තෙන පුඤ්ඤකම්මෙන සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ කොලියජනපදෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා නිසභොති ලද්ධනාමො වයප්පත්තො සාකියකොලියානං සඞ්ගාමෙ බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා තදහෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.52.7-11) –
“පඤ්චකාම ගුණෙ හිත්වා” යනාදී ගාථා ආයුෂ්මත් නිසභ තෙරුන් විසින් පවසන ලදි. එහි උපත කෙසේ ද? නිසභ තෙරුන් ද පෙර බුදුවරු හමුවේ කරන ලද පුරුදුතා හා ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේ දී පින්දහම් රැස් කරමින් පැමිණ විපස්සි නම් භාග්‍යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි කුලගෙයක උපන්නේ ය. වැඩිවියට පත් හෙතෙම දිනක් ශාස්තෲන් වහන්සේ පිඬු පිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් දිවුල් ගෙඩියක් පූජා කළේය. ඒ පින්කම නිසා කාමසුගතීන්හිම සැරිසැරූ ඔහු; මේ බුද්ධෝත්පාද කාලයෙදී කෝලිය ජනපදයේ සිටුගෙයක ඉපිද නිසභ නමින් ප්‍රකට විය. තුරුණු වියට පත් නිසභ කුමරු ශාක්‍ය කෝලිය යුද්ධාවස්ථාවෙහි දී උතුම් බුද්ධශ්‍රීය දැක, ලැබූ ශ්‍රද්ධා ඇතිව සසුනේ පැවිදි ව, එදිනම රහත් විය. අපදාන පාලියේදී නිසභ තෙරණුවෝ මෙසේ පවසා ඇත.
“සුවණ්ණවණ්ණං සම්බුද්ධං, ආහුතීනං පටිග්ගහං; රථියං පටිපජ්ජන්තං, කපිත්ථං අදදිං ඵලං.
“ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ වීථියට පිළිපන් සම්බුදු රජාණන් වහන්සේ දුටු මම එක් දිවුල් ගෙඩියක් පිදුවෙමි.
“එකනවුතිතො කප්පෙ, යං ඵලං අදදිං තදා; දුග්ගතිං නාභිජානාමි, ඵලදානස්සිදං ඵලං.
එකල මීට කල්ප අනූ එකකට පෙර යම් ඵලයක් දුන්නෙම් ද එහි විපාක වශයෙන් මම දුගතියක නූපන්නෙමි. ඵල දානයේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”
සො අරහත්තං පන පත්වා අත්තනො සහායභික්ඛූ පමාදවිහාරෙන කාලං වීතිනාමෙන්තෙ දිස්වා තෙ ඔවදන්තො –
රහත් බවට පත්වූ උන්වහන්සේ තම සහායක භික්ෂූහු ප්රමාදීව වසනු හා කල් යවනු දැක, මේ පළමු ගාථාවෙන් ඔවුන්ට අවවාද කළහ.
“පඤ්ච කාමගුණෙ හිත්වා, පියරූපෙ මනොරමෙ; සද්ධාය ඝරා නික්ඛම්ම, දුක්ඛස්සන්තකරො භවෙ”ති. –
“පඤ්චකාම ගුණෙ හිත්වා පියරූපෙ මනොරමෙ, සද්ධාය අභිනික්ඛම්ම දුක්ඛස්සන්තකරො භවෙ”
පඨමං ගාථං අභාසි.
තස්සත්ථො – බාලපුථුජ්ජනස්ස පියායිතබ්බසභාවතාය පියරූපෙ මනුඤ්ඤසභාවතාය මනොරමෙ රූපාදිකෙ පඤ්ච කාමගුණෙ කාමකොට්ඨාසෙ හිත්වා පහාය පරිච්චජිත්වා කම්මඵලසද්ධාය රතනත්තයසද්ධාය ච වසෙන ඝරා ඝරබන්ධනතො නික්ඛම්ම නික්ඛමිත්වා පබ්බජ්ජං උපගතො විඤ්ඤුජාතිකො පබ්බජිතකාලතො පට්ඨාය ඝටෙන්තො වායමන්තො වට්ටදුක්ඛස්ස අන්තකරො භවෙ භවෙය්‍යාති. එවං තෙ භික්ඛූ ඔවදිත්වා “අයං පරෙ එව සඤ්ඤාපෙන්තො විහරති, “සයං පන අකාරකො’ති මා චින්තයිත්ථා”ති තෙසං අත්තනො පටිපන්නභාවං පකාසෙන්තො –
එහි අර්ථ මෙසේය- “බාල පුහුදුන් පුද්ගලයාගේ ඇලිය යුතු ස්වභාව ඇති, ප්රියරූපාදියෙහි මනෝඥ ස්වභාව ඇති, මනරම් වූ රූපාදී පංචකාමයන්, කාම ලෝක පැවැත්මට හේතුවන ධර්මතා අත්හැරියෙමි. ඒවා අත්හැර කර්මඵල පිළිබඳ විශ්වාසයෙන් ද රත්නත්‍රය පිළිබඳ ශ්‍රද්ධාවෙන් ද ගිහිගෙයින් නික්ම පැවිදි වූ නුවණැති පුද්ගලයා පැවිදි වූ දින සිටම උත්සාහ කරමින්, වෑයම් කරමින් සංසාර දුකින් මිදෙන්නේ ය. සසර දුක කෙළවර කරන්නේ ය” මෙසේ භික්ෂූන්ට අවවාද දුන් නිසභ තෙරණුවෝ, “මෙතෙම අනුන්ටම අවවාද දෙමින් සිටී. තමා වනාහි එය නො කරන්නෙකියි නො සිතාවා” යනුවෙන් සිතා තමන් වහන්සේ අර්හත් මාර්ගයට පිළිපන් බව ප්‍රකාශ කරමින් මේ දෙවන ගාථාව වදාළහ.
“නාභිනන්දාමි මරණං, නාභිනන්දාමි ජීවිතං; කාලඤ්ච පටිකඞ්ඛාමි, සම්පජානො පතිස්සතො”ති. –
“නාභිනන්දාමි මරණං - නාභිනන්දාමි ජීවිතං, කාලඤ්ච පටිකංඛාමී - සම්පජානො පතිස්සතො” තී.
දුතියගාථාය අඤ්ඤං බ්යාකාසි.
තත්ථ නාභිනන්දාමි මරණන්ති මරණං න අභිකඞ්ඛාමි. නාභිනන්දාමි ජීවිතන්ති ඉදං පන තස්ස කාරණවචනං, යස්මා නාභිනන්දාමි ජීවිතං, තස්මා නාභිනන්දාමි මරණන්ති. යො හි ආයතිං ජාතිජරාමරණාය කිලෙසාභිසඞ්ඛාරෙ ආචිනොති උපචිනොති, සො පුනබ්භවාභිනිබ්බත්තිං අභිනන්දන්තො නාන්තරියකතාය අත්තනො මරණම්පි අභිනන්දති නාම කාරණස්ස අප්පහීනත්තා, ඛීණාසවො පන සබ්බසො ආචයගාමිධම්මෙ පහාය අපචයගාමිධම්මෙ පතිට්ඨිතො පරිඤ්ඤාතවත්ථුකො සබ්බසො ජීවිතං අනභිනන්දන්තො මරණම්පි අනභිනන්දති නාම කාරණස්ස එව සුප්පහීනත්තා. තෙනාහ – “නාභිනන්දාමි මරණං, නාභිනන්දාමි ජීවිත”න්ති. යදි එවං ඛීණාසවස්ස පරිනිබ්බානාභිකඞ්ඛා, යාව පරිනිබ්බානා අවට්ඨානඤ්ච කථන්ති ආහ “කාලඤ්ච පටිකඞ්ඛාමි, සම්පජානො පතිස්සතො”ති, කිලෙසපරිනිබ්බානෙ සිද්ධෙ සතිපඤ්ඤාවෙපුල්ලප්පත්තියා සතො සම්පජානො කෙවලං ඛන්ධපරිනිබ්බානකාලං පටිකඞ්ඛාමි, තං උදික්ඛමානො ආගමයමානො විහරාමි, න පන මෙ මරණෙ ජීවිතෙ වා අභිනන්දනා අත්ථි අරහත්තමග්ගෙනෙව තස්ස සමුග්ඝාටිතත්තාති.
මෙහි “නාභිනන්දාමි මරණං” යනු මම මරණය නොකැමැත්තෙමි. මරණය නො පතමි. “නාභිනන්දාමි ජීවිතං” මෙය වනාහි ඊට හේතු දැක්වීමකි. යම්හෙයකින් මම ජීවිතය පිළිබඳ ආශාවක් නොමැත්තෙම් ද එනිසාම මරණය ද නො පතමි. එහි ද ආශාවක් නැත. යමෙක් අනාගත ජාති-ජරා-මරණාදී කිලිටි දහම් නැවත නැවත සංස්කරණය කරයිද රැස්කරයි ද ඔහු නැවත නැවත ඉපදීම කැමති වේ. ප්‍රාර්ථනා කරයි. ජීවිතය අවසන් කරන මරණය නො කැමති වේ. නොපතයි. ඒ කෙලෙස් දහම් ප්‍රහීන නොකළ බැවිනි. රහතන් වහන්සේ සියලුම ආකාරයෙන් රැස්කිරීම් ස්වභාව අත්හැර දමා රැස් කළ දේ වැනසීමෙහි (නිවන් මගෙහි) පිහිටි සේක. සියලුම ආකාරයෙන් ජීවිතය පිළිබඳ පිරිසිඳ දත් බැවින් ජීවිතයද මරණය ද උන්වහන්සේ නො පතති. කැමති නො වෙති. ඒ කෙලෙස් දහම් මනාව ප්‍රහීන කළ බැවින් මෙසේ වදාළහ. – “ජීවිතය ද නො පවතමි. මරණය ද නො පතමි” මෙසේ රහතන් වහන්සේගේ පිරිනිවීමේ කැමැත්තන්, පිරිනිවන දක්වා වැඩ සිටීමෙන් කියන ලදි. “කාලඤ්ච පටිකංඛාමි සම්පජානො පතිස්සතො” කෙලෙස් පිරිනිවීම සිදු වූ කල්හි, ප්‍රඥාවේ විපුලත්වයට පැමිණ, සිහි ඇතිව කල්පනාකාරී වූ මම හුදෙක් ස්කන්ධ පිරිනිවීමේ අවස්ථාව කැමති වෙමි. අපේක්ෂා කරමි. එය පැමිණෙනු බලමින් සිටිමි. මාහට මරණයේ හෝ ජීවිතයේ හෝ විශේෂ ඇලීමක් නැත. අර්හත් මාර්ගයෙන් ඒ සියලු ආශාවන් මුලුමනින්ම සිඳ දැමුවෙමි.
නිසභත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
නිසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.