යෙදුමෙන් කියවන්න

උසභත්‍ථෙරගාථාවණ‍්ණනා අට‍්ඨකථා

උසභත්‍ථෙරගාථාවණ‍්ණනා

උසභ ස්ථවිරගාථා වර්ණනාව

අම‍්බපල‍්ලවසඞ‍්කාසන‍්ති ආයස‍්මතො උසභත්‍ථෙරස‍්ස ගාථා. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථාරං පිණ‍්ඩාය චරන‍්තං දිස‍්වා පසන‍්නමානසො කොසම‍්බඵලං අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුස‍්මිං සාකියරාජකුලෙ නිබ‍්බත‍්තිත්‍වා උසභොති ලද‍්ධනාමො වයප‍්පත‍්තො සත්‍ථු ඤාතිසමාගමෙ බුද‍්ධානුභාවං දිස‍්වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජි. සො පබ‍්බජිතකාලතො පට‍්ඨාය සමණධම‍්මං අකත්‍වා දිවා සඞ‍්ගණිකාරාමො සකලරත‍්තිං නිද‍්දායමානො වීතිනාමෙති. සො එකදිවසං මුට‍්ඨස‍්සති අසම‍්පජානො නිද‍්දං ඔක‍්කන‍්තො සුපිනෙ කෙසමස‍්සුං ඔහාරෙත්‍වා අම‍්බපල‍්ලවවණ‍්ණං චීවරං පාරුපිත්‍වා හත්‍ථිගීවායං නිසීදිත්‍වා නගරං පිණ‍්ඩාය පවිට‍්ඨං තත්‍ථෙව මනුස‍්සෙ සම‍්පත‍්තෙ දිස‍්වා ලජ‍්ජාය හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ අත‍්තානං දිස‍්වා පටිබුද‍්ධො, “ඊදිසං නාම සුපිනං මුට‍්ඨස‍්සතිනා අසම‍්පජානෙන නිද‍්දායමානෙන මයා දිට‍්ඨ”න‍්ති උප‍්පන‍්නසංවෙගො විපස‍්සනං පට‍්ඨපෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. තෙන වුත‍්තං අපදානෙ (අප· ථෙර 2.52.12-16) –

“අම්බපල්ලවසංකාසං” යනු ආයුෂ්මත් උසභ තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? උසභ තෙරුන් ද පෙර බුදුවරු හමුවේ කළ ප්‍රාර්ථනා ඇතිව ඒ ඒ භවයේදී පින් දහම් සිදුකරමින් අවුත්, සිඛි නම් භාග්‍යවතුන් වහන්සේගේ කාලයේ දී සිටුගෙයක උපන්නේ ය. වැඩිවියට පත් සිටුකුමරු දිනක් ඒ ශාස්තෲන් වහන්සේ පිඬුපිණිස හැසිරෙනු දැක පැහැදුණු සිතින් කෝසම්බ ගෙඩියක් දුන්නේ ය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරා පැමිණි ඔහු, මේ බුද්ධෝත්පාද කාලයේ දී කපිල වස්තුවේ ශාක්‍ය රජ පවුලක උසභ නමින් උපන්නේ ය. වැඩිවියට පත් උසභ කුමරු කිඹුල්වතට වැඩම වූ බුදුරදුන්ගේ උතුම් බුදුසිරි දැකීමෙන් උපන් ශ්‍රද්ධාවෙන් පැවිදි විය. පැවිදි වූ දින පටන් ම මහණ දම් නොපිරූ උසභ හිමියෝ දිවාකාලයේ සමූහ සාකච්ඡාවෙහිද මුලු රැයම නිදාගනිමින් ද කල්ගත කළහ. උන්වහන්සේ දිනක් මුලා වී අසිහියෙන් නිදාගත් කල්හි සිහිනයක් දුටු සේක. “කෙස් රවුල් බා අඹ දලු පාට වූ සිවුරක් පොරවා ගෙන ඇතකු පිට නැඟී නුවර පිඬු පිණිස පිවිසි උන්වහන්සේ මිනිස්සු පැමිණි කල්හි ලැජ්ජාවෙන් ඇතා පිටින් බසිනු “සිහිනෙන් දැක එවේලෙහිම පිබිදුණහ. පිබිද “මම මෙබඳු සිහිනයක් දුටුවේ මුළාව සිහිකල්පනාවෙන් තොරව නිදාගත් බැවිණි”යි උපන් සංවේග ඇති උසභ හිමියෝ විදසුනෙහි සිත පිහිටුවා නොබෝ වේලාවකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.

“කකුධං විලසන‍්තංව, දෙවදෙවං නරාසභං; රථියං පටිපජ‍්ජන‍්තං, කොසම‍්බං අදදිං තදා.

“කුඹුක් රුකක් මෙන් බබළන දේවාති දේව වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ මාර්ගය පිවිසි කල්හි මම කෝසම්බ ඵලයක් පිදුවෙමි.

“එකතිංසෙ ඉතො කප‍්පෙ, යං ඵලං අදදිං තදා; දුග‍්ගතිං නාභිජානාමි, ඵලදානස‍්සිදං ඵලං.

මීට කල්ප අනූ එකකට පෙර කරන ලද ඒ මහා ඵලදානයේ විපාක වශයෙන් දුගතියක නූපන්නෙමි. ඵලදානයේ විපාක මෙබඳුය.

“කිලෙසා ඣාපිතා මය‍්හං…පෙ… කතං බුද‍්ධස‍්ස සාසන”න‍්ති.

දැන් මම සියලු කෙලෙස් දැවූයෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉටුකළෙමි.”

අථ ථෙරො යථාදිට‍්ඨං සුපිනං අඞ‍්කුසං කත්‍වා අරහත‍්තස‍්ස අධිගතත‍්තා තස‍්සෙව සුපිනස‍්ස කිත‍්තනවසෙන අඤ‍්ඤං බ්‍යාකරොන‍්තො –

ඉක්බිති උසභ තෙරණුවෝ තමා දුටු සිහිනයම අංකුසයක් කරගනිමින් රහත් බවට පත්වූ හෙයින්, ඒ සිහිනය ප්‍රකාශ කරමින් සිය රහත්භාවය මෙසේ ගාථා දෙකකින් දැක්වූහ.

“අම‍්බපල‍්ලවසඞ‍්කාසං, අංසෙ කත්‍වාන චීවරං; නිසින‍්නො හත්‍ථිගීවායං, ගාමං පිණ‍්ඩාය පාවිසිං.

“අම්බපල්ලවසඞ්කාසං අංසෙ කත්‍වාන චීවරං, නිසින්නො හත්‍ථිගීවායං ගාමං පිණ්ඩාය පාවිසිං”

“හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ, සංවෙගං අලභිං තදා; සොහං දිත‍්තො තදා සන‍්තො, පත‍්තො මෙ ආසවක‍්ඛයො”ති. – ගාථාද‍්වයමාහ;

“හත්‍ඛික්ඛන්‍ධතො ඔරුය්හ සංවෙගං අලභිං තදා, සොහං දිත්තො තදා සන්තො, පත්තො මෙ ආසවක්ඛයො”

තත්‍ථ අම‍්බපල‍්ලවසඞ‍්කාසං, අංසෙ කත්‍වාන චීවරන‍්ති අම‍්බපල‍්ලවාකාරං පවාළවණ‍්ණං චීවරං ඛන්‍ධෙ කරිත්‍වා උත‍්තරාසඞ‍්ගං කරිත්‍වා. ගාමන‍්ති අත‍්තනො රාජධානිං හත්‍ථික‍්ඛන්‍ධෙ නිසින‍්නො පිණ‍්ඩාය පාවිසිං, පවිට‍්ඨමත‍්තොව මහාජනෙන ඔලොකියමානො හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ ඨිතො පටිබුජ‍්ඣිං, පබුද‍්ධොව සංවෙගං අලභිං තදා “මුට‍්ඨස‍්සති අසම‍්පජානො හුත්‍වා නිද‍්දායොක‍්කමනෙන එතං ජාත”න‍්ති. අපරෙ පන “රාජාව හුත්‍වා රත‍්තිභාගෙ එවරූපං සුපිනං දිස‍්වා විභාතාය රත‍්තියා හත්‍ථික‍්ඛන්‍ධං ආරුය‍්හ නගරවීථියං චරන‍්තො තං සුපිනං සරිත්‍වා හත්‍ථික‍්ඛන්‍ධතො ඔරුය‍්හ සංවෙගං ලභිත්‍වා සත්‍ථු සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අරහත‍්තං පත්‍වා උදානං උදානෙන‍්තො ඉමා ගාථා අභාසී”ති වදන‍්ති. දිත‍්තොති තස‍්මිං රාජකාලෙ ජාතිමදභොගමදාදිපරිදප‍්පිතො සමානො සංවෙගමලභින‍්ති යොජනා.

එහි “අම්බපල්ලවසංකාසං අංසෙ කත්‍වාන චීවරං” යනු අඹ දළු පාට මෙන් පබළු වන් සිවුරක් උතුරු සළුවක් ලෙස පොරවාගෙන, “ගාමං” ඇතුල් නුවරට ඇතුපිට නැගී පිඬු පිණිස පිවිසියෙමි. පිවිසි කල්හිම මහජනයා විසින් බලනු ලබන්නේ ඇත් කඳෙන් බසින ලද මම නින්දෙන් පිබිදියෙමි. පිබිදි කෙණෙහිම සංවේගයට පත්වීමි. එකල මුලා වී අසිහියෙන් නින්දට පිවිසීම නිසා මෙම සිහිනය දුටුවෙමි. ඇතැමෙක් වනාහී උසභ රජකුමරකුව සිටියදී මේ සිහිනය රාත්‍රියේදී දැක, උදෑසන ඇතුපිට නැගී නුවර වීථියෙහි හැසිරෙමින් රෑ දුටු සිහිනය සිහිකොට, ඇතුපිටින් බැස සංවේග උපදවා ගෙන ශාස්තෲන් වහන්සේ සමීපයේ පැවිදි වී, රහත් බවට පත්ව උදන් අනමින් මේ ගාථා දෙක වදාළ බව පවසති. “දිත්තො” ඒ රජ කුමරකුව සිටි කාලයේ ජාති මදයෙන් භෝග මද ආදියෙන් ආඩම්බරව සිටියෙම්. ඒ පිළිබඳව සංවේගයට පැමිණියෙමි.

උසභත්‍ථෙරගාථාවණ‍්ණනා නිට‍්ඨිතා.

උසභ ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.