කප්පටකුරත්ථෙරගාථාවණ්ණනා අට්ඨකථා
කප්පටකුරත්ථෙරගාථාවණ්ණනා
කප්පටකුර ස්ථවිරගාථා වර්ණනාව
අයමිති කප්පටොති ආයස්මතො කප්පටකුරත්ථෙරස්ස ගාථා. කා උප්පත්ති. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො එකදිවසං භගවන්තං විනතාය නාම නදියා තීරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං දිස්වා පසන්නමානසො කෙතකපුප්ඵෙහි පූජං අකාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං දුග්ගතකුලෙ නිබ්බත්තිත්වා යාව වයප්පත්ති, තාව අඤ්ඤං උපායං අජානන්තො කප්පටඛණ්ඩනිවාසනො සරාවහත්ථො තත්ථ තත්ථ කුරං පරියෙසන්තො විචරි, තෙන කප්පටකුරොත්වෙව පඤ්ඤායිත්ථ. සො වයප්පත්තො තිණං වික්කිණිත්වා ජීවිකං කප්පෙන්තො එකදිවසං තිණලාවනත්ථං අරඤ්ඤං ගතො තත්ථ අඤ්ඤතරං ඛීණාසවත්ථෙරං දිස්වා තං උපසඞ්කමිත්වා වන්දිත්වා නිසීදි. තස්ස ථෙරො ධම්මං කථෙසි. සො ධම්මං සුත්වා පටිලද්ධසද්ධො “කිං මෙ ඉමාය කිච්ඡජීවිකායා”ති පබ්බජිත්වා අත්තනො නිවත්ථකප්පටචොළං එකස්මිං ඨානෙ නික්ඛිපි. යදා චස්ස අනභිරති උප්පජ්ජති, තදා තං කප්පටං ඔලොකෙන්තස්ස අනභිරති විගච්ඡති, සංවෙගං පටිලභි. එවං කරොන්තො සත්තක්ඛත්තුං උප්පබ්බජි. තස්ස තං කාරණං භික්ඛූ භගවතො ආරොචෙසුං. අථෙකදිවසං කප්පටකුරො භික්ඛු ධම්මසභායං පරිසපරියන්තෙ නිසින්නො නිද්දායති, තං භගවා චොදෙන්තො –
“අයමිති කප්පටො” යනු ආයුෂ්මත් කප්පට කුර තෙරුන්ගේ ගාථාවන්ය. එහි උපත කෙසේ ද? පෙර බුදුවරු හමුවෙහි කළ ප්‍රාර්ථනා ඇති උන්වහන්සේ ද ඒ ඒ භවයේ දී පින්දහම් රැස්කරගනිමින් අවුත් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයේදී සිටුගෙයක ඉපිද වැඩිවියට පත්වූහ. දිනක් එම භාග්‍යවතුන් වහන්සේ විනතා නදී තීරයේ එක්තරා රුකක් මුල වැඩහිඳුණු දුටු ඔහු සතුටු සිතින් කේතකී මලින් බුදුන් පිදුවේය. ඒ පින්කමේ විපාක වශයෙන් දෙව් මිනිස් දෙගතියේ සැරිසරමින් සැප විඳි හෙතෙම මේ බුද්ධෝත්පාදයේදී දුප්පත් පවුලක ඉපිද තරුණවියට පත්වන තෙක්ම වෙනත් උපායක් නොදන්නේ දිරාගිය වස්ත්‍ර හැඳගෙන නෑඹිලියක් රැගෙන ඒ ඒ තැන බත් හුළු සොයමින් ඇවිද්දේය. එනිසා ඒ දරුවා “කප්පට කුර” යැයි ප්‍රකට විය. වැඩිවයසට පත් ඔහු තණ විකුණා ජීවත් විය. දිනක් තණ කැපීමට කැළයට ගිය ඔහු, එහි එක් රහතන් වහන්සේ නමක් සිටිනු දැක උන්වහන්සේ වෙත පැමිණ වැඳ එකත් පසෙක සිටියේය. රහතන් වහන්සේ ඔහුට දහම් දෙසූශ. ධර්මශ්‍රවණයෙන් ලැබූ ශ්‍රද්ධාව ඇති ඔහු “මේ දුෂ්කර ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද?”යි සිතා පැවිදිව තමා එතෙක් හැඳ සිටි කිළිටි කඩමාල්ල එක් තැනක සැඟවීය. යම් විටෙක උන්වහන්සේට පැවිද්ද පිළිබඳ නො ඇල්මක් උපදීද එවිට ඒ කිලිටි කඩ බලා සංවේග උපදවා ගනියි. මෙසේ සංවේග උපදවා ගත්විට නො ඇලීම දුරු වේ. මෙසේ කරමින් සිටි කප්පට කුර තෙරණුවෝ සත් වරක් උපැවිදි වූහ. මෙම කරුණ සෙසු භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්හ. දිනක් කප්පරකුර භික්ෂුව ධර්ම සභාවේ පිරිස කෙළවර හිඳ නිදාසිටිනු දුටු භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා දෙකින් චෝදනා කළ සේක.
“අයමිති කප්පටො කප්පටකුරො, අච්ඡාය අතිභරිතාය; අමතඝටිකායං ධම්මකටමත්තො, කතපදං ඣානානි ඔචෙතුං.
“අයමීති කප්පටො කප්පටකුරො අච්ඡාය අතිභරිතාය, අමතඝටිකායං ධම්මකතමත්තො කතපදං ඣානානි ඔචෙතුං”
“මා ඛො ත්වං කප්පට පචාලෙසි, මා ත්වං උපකණ්ණම්හි තාළෙස්සං; න හි ත්වං කප්පට මත්තමඤ්ඤාසි, සඞ්ඝමජ්ඣම්හි පචලායමානො”ති. –
“මා ඛො ත්වං කප්පට පචාලෙසි මා තං උපකණ්ණකම්හි තාළෙස්සං, නහ ත්වං කප්පට මත්තමඤ්ඤාසි සංඝ මජ්ඣම්හි පචලායමානො”
ගාථාද්වයං අභාසි.
තත්ථ අයමිති කප්පටො කප්පටකුරොති කප්පටකුරො භික්ඛු “අයං මම කප්පටො, ඉමං පරිදහිත්වා යථා තථා ජීවාමී”ති එවං උප්පන්නමිච්ඡාවිතක්කො අච්ඡාය අතිභරිතාය අමතඝටිකායං මම අමතඝටෙ තහං තහං වස්සන්තෙ “අමතමධිගතං අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි” (මහාව· 12; ම· නි· 1.286; 2.342). “අන්ධීභූතස්මිං ලොකස්මිං, ආහඤ්ඡං අමතදුන්දුභි”න්තිආදිනා (මහාව· 11; ම· නි· 1.285; 2.341) ඝොසෙත්වා මයා ධම්මාමතෙ පවස්සියමානෙ කතපදං ඣානානි ඔචෙතුං ලොකියලොකුත්තරජ්ඣානානි උපචෙතුං භාවෙතුං කතපදං කටමග්ගවිහිතභාවනාමග්ගං ඉදං මම සාසනං, තථාපි ධම්මකටමත්තො මම සාසනධම්මතො උක්කණ්ඨචිත්තො අපගතමානසො කප්පටකුරොති තං චොදෙත්වා පුනපිස්ස සහොඩ්ඪං චොරං ගණ්හන්තො විය පමාදවිහාරං දස්සෙන්තො “මා ඛො ත්වං, කප්පට, පචාලෙසී”ති ගාථමාහ.
එහි “අයමිති කප්පටො කප්පටකුරො” කප්පටකුර මහණ “මේ මාගේ දිරාගිය වස්ත්රයයි. එය පොරවාගෙන පෙර සේම ජීවත්වෙමි”යි උපන් මිථ්‍යා කල්පනා ඇත්තෙකි. අතිශයින් පවිත්‍ර වූ පරිපූර්ණ වූ අමත ඝටය (කළය) ඇති කල්හි, මගේ අමෘත ඝටයෙන් ඒ ඒ තැන්හි දහම් වැසි වස්වන කල්හි ඒ අමෘතය අවබෝධ කරගත යුතුයි. මම අනුශාසනා කරමි. මම දහම් දෙසමි. මේ අඳබාල ලෝකයේ කෙලෙස් නැමති ග්‍රීෂ්මය නසමින් අමාබෙර වයමින් මවිසින් දහම් වැසි වස්වන කල්හි; මේ සස්නේ ධ්‍යාන වැඩීමට මාර්ග ඇතිව ලෞකික ලෝකෝත්තර ධ්‍යාන වැඩීමට කරන ලද මාර්ග හෙළිකිරීම්, වැඩිය යුතු මාර්ග දක්වා ඇති කල්හි; කප්පටකුරය නුඹ ඉන් වැළකී සිටියි. කරන ලද දහම් මග ඇති මගේ ශාසනය පිළිබඳ කළකිරුණු සිතැති, ඒ ආර්‍ය්‍ය මාර්ගයෙන් පහ වූ සිතැතිව නුඹ වෙසෙන්නෙහිය. මෙසේ නැවතත් බඩුත් සමගම සොරා අල්ලා දක්වන්නාක් මෙන් පමා වී වාසය කිරීමේ දොස් දක්වන භාග්‍යවතුන් වහන්සේ “මා ඛො ත්වං කප්පට පචාලෙසී” යන ගාථාව වදාළහ.
තත්ථ මා ඛො ත්වං, කප්පට, පචාලෙසීති ත්වං, කප්පටකුර, “මම ධම්මං සුණිස්සාමී”ති නිසීදිත්වා මා ඛො පචාලෙසි මා පචලාහි මා නිද්දං උපගච්ඡි. මා ත්වං උපකණ්ණම්හි තාළෙස්සන්ති තං නිද්දායමානං උපකණ්ණම්හි කණ්ණසමීපෙ දෙසනාහත්ථෙන අහං මා පතාළෙස්සං. යථා ඉතො පරං කිලෙසප්පහානාය අහං තං න ඔවදෙය්යං, තථා පටිපජ්ජාහීති අත්ථො. න හි ත්වං, කප්පට, මත්තමඤ්ඤාසීති ත්වං, කප්පට, සඞ්ඝමජ්ඣම්හි පචලායමානො මත්තං පමාණං න වා මඤ්ඤසි, “අයමතිදුල්ලභො ඛණො පටිලද්ධො, සො මා උපජ්ඣගා”ති එත්තකම්පි න ජානාසි, පස්ස යාව ච තෙ අපරද්ධන්ති චොදෙසි.
එහි “මා ඛො ත්වං කප්පට පචාලෙසි” යනු “එම්බා කප්පරකුරය! නුඹ මාගේ දම් අසන්නෙමි”යි මෙහි හිඳ නිදා නොගනුව. නින්දට නොයව. නිකරුණේ කල් ගත නොකරව. “මා තං උපකණ්ණකම්හි තාළෙස්සං” මෙසේ නිදා සිටින නුඹගේ කන් මුල, කණ සමීපයේ දේශනා නැමැති අතින් මම නුඹට නො තළන්නෙමි. එහි අරුත නම් - “මින් පසුවවත් මගේ අවවාද අනුව පිළිපදව” යන්නයි. “නහ ත්වං කප්පට මත්තමඤ්ඤාසි” කප්පටකරය! නුඹ සග මැද නිදමින් නුඹ තමාගේ ප්‍රමාණය නොදැන සිටින්නෙහිය. “මේ ක්ෂණ සම්පත්තිය ඉතා දුර්ලභ වූවකි. ඒ ක්ෂණ සම්පත්තිය මට ලැබුණි” යන මෙකරුණවත් නුඹ නො දන්නෙහිය. “නුඹගේ මේ මහත් අපරාධය දෙස නැවත හැරී බලව”යි චෝදනා කළහ.
එවං භගවතා ද්වීහි ගාථාහි ගාළ්හං තං නිග්ගය්හ චොදනාය කතාය අට්ඨිවෙධවිද්ධො විය චණ්ඩගජො මග්ගං ඔතරන්තො විය ච සඤ්ජාතසංවෙගො විපස්සනං පට්ඨපෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. තෙන වුත්තං අපදානෙ (අප· ථෙර 2.52.17-22) –
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ගාථා දෙකකින් ඉතා දැඩිව ඒ තෙරුන්ට නිග්‍රහ කර චෝදනා කළ සේක්, අට්ඨිවේධ දුන්නෙන් විද චණ්ඩ ඇතෙකු මාර්ගයට බස්වන්නාක් මෙන් කප්පටකුර තෙරුන්ට සංවේග ඉපද වූ සේක. වහා විදසුනෙහි සිත පිහිට වූ කප්පටකුර තෙරණුවෝ නොබෝ කලකින්ම රහත් වූහ. අපදාන පාළියේදී උන්වහන්සේ මෙසේ පැවසූහ.
“විනතානදියා තීරෙ, විහාසි පුරිසුත්තමො; අද්දසං විරජං බුද්ධං, එකග්ගං සුසමාහිතං.
“පුරුෂෝත්තම වූ බුදුරජාණන් වහන්සේ විනතා නදී තීරයේ වැඩ හුන් සේක. මනාව සන්සුන් වූ එකඟ සිත් ඇති කෙලෙස් දූවිලි හැර ලූ බුදුරදුන් දුටුවෙමි.
“මධුගන්ධස්ස පුප්ඵෙන, කෙතකස්ස අහං තදා; පසන්නචිත්තො සුමනො, බුද්ධසෙට්ඨමපූජයිං.
උන්වහන්සේ දැක පහන් සිත් ඇති වූ මම සතුටින් මධු සුවඳ වැගිරෙන වැටකේ මලින් බුදුපියාණන් වහන්සේට පූජා පැවැත්වීමි.
“එකනවුතිතො කප්පෙ, යං පුප්ඵමභිපූජයිං; දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
මීට කල්ප අනූ එකකට පෙර යම් මල් පූජාවක් කළෙම් ද එහි විපාක වශයෙන් මේ දක්වා දුගතියක නූපන්නෙමි. බුද්ධ පූජාවේ විපාක මෙබඳුය.
“කිලෙසා ඣාපිතා මය්හං…පෙ… කතං බුද්ධස්ස සාසන”න්ති.
දැන් මම කෙලෙස් දැවූයෙමි. -පෙ- බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.”
අරහත්තං පන පත්වා සත්ථාරා වුත්තගාථාද්වයමෙව අත්තනො අරහත්තාධිගමනස්ස අඞ්කුසභූතන්ති පච්චුදාහාසි. තෙනස්ස තදෙව අඤ්ඤාබ්යාකරණං අහොසීති.
රහත් වූ උන්වහන්සේ ශාස්තෲන් වහන්සේ වදාළ ගාථා දෙකම තමාගේ රහත්වීමට අංකුසයක් වූ බැවින් නැවත එම ගාථා වදාළහ. ඉන් උන්වහන්සේ තමන් වහන්සේ නිර්වාණය අවබෝධ කරගත් බව ප්‍රකාශ කළහ.
කප්පටකුරත්ථෙරගාථාවණ්ණනා නිට්ඨිතා.
කප්පටකුර ථේරගාථා අර්ථ වර්ණනාව නිමියේය.
චතුත්ථවග්ගවණ්ණනා නිට්ඨිතා.
සිවුවන වර්ගයේ අර්ථවර්ණනාව සමාප්තයි.